“ලොව තිබෙනා භායනකම ආයුධය මිනිස් මනසයි..!” බසිස්කෝප් රසික ඔබ සැමට ආයුබෝවන්! කියා ප්‍රර්ථනා කරනවා. අදත් ඔබගේ රසවින්දනය උදෙසා මාගේ 6 වන සිංහල උපසිරසිය විදිහට වෙනස්ම කතා තේමාවක් තියන තෙළිගු සිනමා සිත්තමක් වන MADHA (2020) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඔබ වෙත ඉදිරිපත් කරනවා. ප්‍රථමයෙන්ම මෙම සිනමා සිත්තමට සි…

බසිස්කෝප් රසික ඔබ සැමට ආයුබෝවන්! කියා ප්‍රර්ථනා කරනවා. අදත් ඔබගේ රසවින්දනය උදෙසා මාගේ 6 වන සිංහල උපසිරසිය විදිහට වෙනස්ම කතා තේමාවක් තියන තෙළිගු සිනමා සිත්තමක් වන MADHA (2020) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඔබ වෙත ඉදිරිපත් කරනවා. ප්‍රථමයෙන්ම මෙම සිනමා සිත්තමට සිංහල උපසිරැසිය කිරීම සදහා මා වෙත වෙන් කර දුන් බසිස්කෝප් වෙබ් අඩවියේ ඇඩ්මින්වරයෙකු වන අශාන් විමුක්ති සොයුරා වෙත මාගේ ගෞරව පුර්වක ස්තුතිය පිරිනමනවා. මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක ගනයට අයත් වන MADHA (2020) චිත්‍රපටය Prashanth Sagar Atlluri විසින් රචනා කර කාන්තා අධ්‍යක්ෂකවරියක් වන Srividya Basawa විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි.මෙම චිත්‍රපටය තිරගත කර ඇත්තේ 2020 මාර්තු 13 වෙනි දින වන අතර මෙහි ප්‍රධාන චරිතයන් සදහා Trishna Mukherjee නිශා ලෙසත් Rahul Venkat අර්ජුන් ලෙසත් රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටයේ තිර රචනය,පසුබිම් සංගීතය සහ අද්විතීය රංඟනය යන දෑ සුවීශේෂි ලෙස නිර්මාණය කර ඇති අතර විශේෂයෙන්ම කිවයුතු කරුණක් නම් Srividya Basawa තෙලඟු සිනමා අධ්‍යක්ෂකවරිගෙ ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන්නේ MADHA සිනමාපටයයි. ලන්ඩනයේ පැවති London International Motion Picture Awards සම්මාන උළෙලේද ලොවපුරා අපේකෂකයින් අටදහස අභිබවමින් ඇයට හොඳම ජාත්‍යන්තර චිත්‍රපට අධ්‍යක්ෂක කාන්තා සම්මානය හිමිවූවා. MADHA සිනමාපටයේ අධ්‍යක්ෂකවරිය Srividya Basawa එහි රූගත කිරීම් අතරතුර!
මෙහි ප්‍රධාන චරිතය හොබවන Trishna Mukherjee ගේ අද්විතීය රංඟනය ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම විචාරයකයන්ගේ සහ සම්මාන උළෙලයන්හිද පැසසුමට ලක්වුනා. ඇයගේ රංඟන ප්‍රතිභාසය කෙතරම් තාත්විකද යන්න ඔබටත් මේ චිත්‍රපටය නරඹන විටදි දැකගන්නට හැකිවේවි. සමස්ථයක් ලෙස ගත්කල ඩිජිටල් නිකුතුවට පෙරාතුව වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමිකරගත් චිත්‍රපටයක් විදියටද MADHA 2020 සිනමාපටය හැදින්විය හැකි අතර ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලයන් හි නාමයෝජනා හතලිහකින් සම්මාන තිස්පහක් ලබාගැනීමට චිත්‍රපටය සමත්ව ඇති අතරම එහි විශේෂිත සම්මානයන් වනුයේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සඳහා සම්මාන අටක්ද තාක්ෂණික ශිල්පීන් සඳහා සම්මාන හතක් සහ හොඳම නිලියට සහ හොඳම චිත්‍රපටයට ලැබෙන සම්මායන් තුන බැගින් ලබාගෙන ඇත.
චිත්‍රපටය සඳහා ලැබුන සම්මානයන් කිහිපයක්!
වැඩි කාළයක් නොගෙනම මෙම චිත්‍රපටයේ කතාව දෙසට හැරෙන්නම්, නිශා කියන්නේ තමන්ගේ අම්මා තාත්තා කවුද දන්නැති අනාථ නිවාසෙක හැදුනු තරුණියක් මෙයා එයාගේ යාළුවොත් එක්ක සමාජ ශාලාවකට ගිය අවස්ථාවකදී අර්ජුන් මුණගැහෙනවා පසුකාලීනව දෙන්නගේ යාළුකම ආදරයකට පෙරලෙනවා. ඒත් හදිස්සියෙම අර්ජුන් රාජකාරි වැඩකට රටෙන් බැහැරවීමත් සමග නීශාට ඇතිවන තනිකම පාළුව එක්ක මෙයාගේ මානසික තත්වය බිද වැටෙනවා. අර්ජුන් ගියදා ඉදලම නිශාට කතාකරන්නෙත් නෑ. මේනිසා ඇයට මානසික රෝගයක් වැලදිලා කියල ප්‍රධාන පෙලේ මහාචාර්යවරයෙකුත් සහතිකයක් දෙනවා මේ මහාචාර්යවරයයි නිශායි අතරෙ යම් කිසි සම්බන්දයක් තියනවා.ඊට පස්සේ මෙයාව මානසික රෝහලකට අරන් යනවා. මේ මානසික රෝහලත් ලේසි පාසු තැනක් නෙමේ කියලා ඔයාට මේ චිත්‍රපටිය බලද්දි තේරෙයි.අර්ජුන්ට මොකද උනේ ? මානසික රෝහලේ මොකද වෙන්නේ? නිශාට මොකද වෙන්නේ ? කියන ප්‍රශ්න වලට පිලිතුරු චිත්‍රපටය නරඹා සොයාගන්න කියල ආරාධනා කරමින් මෙම චිත්‍රපටය පිළිබද විස්තර කිරීම මින් අවසන් කරනවා.
හැකිතාක් නිවසටම වී සිට මාරන්තික වෛරසය රටින් තුරන් කිරීමට සෞඛ්‍යය, ආරක්ෂක හා අනෙකුත් අංශයන්ට සහය දෙමින් අපගේ වගකීම ඉටුකරමු.! සම්මා සම්බුදු සරණයි !!!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත සඳහා අදාළ වේ.
12,030 downloadsDownload www.1TamilMV.org-MADHA-2020-Telugu-HDRip.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමික මධුෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-03-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමික මධුෂාන්
Subtitles
28 comments
Isuru Madusanka
Sachinthaka
මචන් සබ් එක හරියට වැඩ කරන්නෙ නෑනෙ සබ් එක වෙනුවට ( a^s^ +_ s>> ) ඔන්න ඔහොම අමුතු එවා වගයක් වැටෙන්නෙ. Km player එක
මෙ ඇයි කියල දන්න කෙනෙක් එන්නවන්ම් උදවු කරනකෝ. මේ විදිහට උනු 2 වෙනි film එක මේ. අනිත් අයට මේ විදිහේ අවුලක් නැද්ද? Plz helpAnonymous
Mageth e vidiyata una.
Font eka nathi nisada?Anonymous
ow e wdyata enne
Anonymous
Mageth ohoma away
km player eka update karapuwama hari gi
ya
Anonymous
godak sthithi mahansiyata...
Anonymous
thank youuuu
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
nish47
ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
* Birbal (2019) Kannada
* Valayam (2020) Telugu
මේ දෙකටත් සබ් දෙන්න බ්‍රෝ :)Lakshan Suranga Munasinghe
Thanks
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට කාලකින් බලපු අමුතුම ෆිල්ම් එකක්.! සුපිරියක්..!
Anonymous
Thanks
kasun
sub wada karanne nane.mokadda wena font ekak enna,help me
Anonymous
ow matath
Anonymous
ටොරන්ට් සයිට් එක දාන්නේ නැතුව ෆිල්ම් එකක් දාන්න පුලුවන් නම් මෙම වෙබ් අඩවිය ඉතා සාර්ථකයි
Anonymous
sub eka wena language ekakin enne.. mokada karanna one??
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nipun NipunMadusanka
meka ganna vidiyak nane torrent vala nane
punsara
tnx sahoo sub ekta
-චානක ඉඳුනිල්-
thanks for sub!
thanks mchan
pradeep Piyasiri
it's great job.
all the best!Anonymous
thanks mchn
ශසිත් සඳරුවන්
සබට තුති වේවා සහෝ...
තව තෙලුගු ටිකක් බස්සමු...
දිගටම සබ් දෙමු ආ... ජය!Ravisara Dharmapala
Supiri film ekk aaa patta mn hituwe ne me wage awsanyk athe kila..mn hituwema arjunge boruwak kila..patta meka nm balndama oni ekk thma thnksbro sub ekta digtama sub krnda..
Prabodha Jayakody
Thanks.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Madha (2020) Sinhala Subtitles | බිහිසුනු අභිරහසේ සුලමුල [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/MADHA-2020.jpg)
Thank your bro