ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආපහු උපසිරසියක් අරගෙන ආවේ. ඇත්තටම මේ චිත්‍රපටයට උපසිරැසිය කරන්න ඕන කියල සෑහෙන කාලෙක ඉඳන් හිතේ තිබුනත් පැය තුනයි විනාඩි පහක් දිග ඒවගේම යුගල ලයින් වලින් සමන්විත උපසිරසියකට අතගහන්න, අත ගැහුවත් වැඩේ කරන්න පුලුවන් වේවිද කියන බය හිතේ තිබ්බ හින්ද වැඩේ පස්සට ගියා.…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආපහු උපසිරසියක් අරගෙන ආවේ. ඇත්තටම මේ චිත්‍රපටයට උපසිරැසිය කරන්න ඕන කියල සෑහෙන කාලෙක ඉඳන් හිතේ තිබුනත් පැය තුනයි විනාඩි පහක් දිග ඒවගේම යුගල ලයින් වලින් සමන්විත උපසිරසියකට අතගහන්න, අත ගැහුවත් වැඩේ කරන්න පුලුවන් වේවිද කියන බය හිතේ තිබ්බ හින්ද වැඩේ පස්සට ගියා. ඒවගේම හින්දි සිනමාවේ ලස්සනම මෙන්ම ජනප්‍රියම ගීත තුනක් අඩන්ගුවෙන හින්ද ඒවගේ සින්දුවක් උපසිරසි කරනවා නම් ඒ සිංදුවල ලස්සන එහෙම්මම තියෙන්න ඕන කියන අදහසේත් මම හිටියා. හින්දි දැනුම තිබ්බත් මේ ගැටළු දෙකට හින්ද කල් අරිමින් ඉන්නකොට බයිස්කෝප් හින්දි කිංග් ගේ සහය ලැබුන හින්දා වැඩේ කරගන්න පුළුවන් උනා. ඒ වෙන කවුරුවත් නෙවි. මාතර රාසන්දෙනියේ මැද කොරටුවේ පදිංචි හේවාලුනුවිලගේ ආසිරි ප්‍රියන්ත අයියා. ඉතින් එයාගේ තමා මේකේ තියෙන ඔක්කොම සින්දු වල පරිවර්තන. ඒවගේම උපසිරසියේ බාගෙකුත්.

ඉතින් චිත්‍රපටය ගැන කියනවා නම් මම මේ චිත්‍රපටය බලල මේවෙනකොට අවුරුදු 21 ක්. ඒකාලේ ITN එකේ දවස් දෙකට එක ෆිල්ම් එක බාගේ බාගේ දෙනකොට තමා ඉස්සරවෙලාම බැලුවේ. චිත්‍රපටයේ චුරකේ දිල් මෙරා, සරා සරා  වැනි ගීතත් සමග ජනප්‍රිය සින්දු තුනක් ඇතුළුව සින්දු පහක් තියේ. ඒවගේම අක්ශේ කුමාර්, සයිෆ් අලි කාන්, ශිල්පා ශෙට්ටි වැනි අදටත් ජනප්‍රිය නළු නිලියන් විශාල ප්‍රමානයක් මේකේ රඟපානවා. IMDb 6.9 රේටින්  ලැබිල තියෙන මේ චිත්‍රපටය ඒකාලේ හැටියට මිලියන 32 ක් වියදම් කරලා මිලියන 135 ක් හොයල තියෙන එකෙන්ම ඒකාලේ මේක කොතරම් ජනප්‍රිය උනාද කියල ඔයාලට අදහසක් ගන්න පුළුවන් නේ.

චිත්‍රපටයේ කතාව අනුව ඉන්නවා ගොඩක් නීතියට අනුවම වැඩ කරන පොලිස්කාරයෙක්. ඒවගේම රොමැන්ටික් චරිත විතරක් කරන ජනප්‍රිය නළුවෙක්. ඉතින් මේ නළුවට ඕනා වෙනවා ඇක්ෂන් චිත්‍රපටයක රඟපාන්න. ඒ සඳහා එයා රෝල් මොඩල් නැත්නම් අනුකරණය කරන්න තෝරාගන්නේ අර කලින් කිව පොලිස් කාරයා. ඉතින් එයාගේ රාජකාරිය අතරේ මේ වගේ නළුවෙක් පුහුණු කරන එක ලෙහෙසි නැහැ. ඒවගේම ඒ නළුවා පොලිස් කාරයාගේ නංගි එක්ක ආදර සම්බන්දයක් පටන් ගන්නා එක වගේම පොලිස් කාරයටත් කෙල්ලෙක්ට පටලවන වගේ සිද්දීත් තියෙනවා. ඉතින් Action, Comedy, Drama ගනයේ මම චිත්‍රපටය බලන්න කියල ඔයාලට ආරාධනා කරනවා. 

එහෙනම් අපි යනවා.  සියල්ලන්ටම බුදු සරණයි.

ලිපිය – අසංක

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DVD පිටපත සඳහා අදාළ වේ.

2,192 downloadsDownload Main-Khiladi-Tu-Anari-1994.zip57 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට හා “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,192 downloadsDownload Subtitles57 KB

20 comments

  1. IshanMaduranga271

    Sub ekata sthuthi.mekatath sub eka denda jeena sirf mere liye

  2. Mayura

    වාව් ආසිරි අය්ය ආයෙ ගේමට බැහැලෑ වගේ නේ.. අසංක අය්යටත් තූ..ති

  3. Kulanjana Maduranga

    subata thanks sahola.....keep it up....

  4. ශසිත් සඳරුවන්

    අංකල්ටයි අයියාටයි ගොඩක් ස්තූතියි සබ් එකට. :P
    මේකෙ සිද්දිය මතක නෑ. ආපහු බලන්න ඕන.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. Priyantha Dayakeerthi

    අසංක සොයුර,
    උපසිරසියට ස්තුතියි! ගොඩක් කාලයකින් ඔබේ සිංහල සබ් එකක් දැක්කේ. ඒ කාලයේ ඔබ සබ් කළ ගොඩක් ෆිල්ම් මම නැරඹුවා. දැනටත් සුරක්ෂිතව තිබෙනවා. මම කළ ඉල්ලීම්ද විශාල ප්‍රමාණයක් ඉටුකළා. අදටත් ඒ මෙහෙය මතකයි. ඔබට ජය!!!

  7. Kantha_DLA

    Request::

    Jeena Sirf Merre Liye (2002)

    Thanks.....

  8. බොබී

    සබ් එකට තුති සහෝ. Raajneeti (2010) ෆිල්ම් එකටත් කවුරුහරි සබ් දෙන්න බලන්න.

  9. Udara Damith Dissanayaka

    elaaaaaaaa

  10. TharakaWAS

    Sub 1akata bohomatma stutui...
    Jaya wewa...!!!

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. shanuka900

    සිංහල උපසිරැසියට ස්තූතියි. Junoon (1992) ෆිල්ම් එකටත් සිංහල උපසිරැසි ලබා දෙන්න.

  14. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  15. Eranda Malith 2.0

    Thanks saho

  16. Anonymous

    Thank u bn supiri

  17. Anonymous

    Supiriyi bro sub eka thanks

  18. Anonymous

    supiri bro

  19. Anonymous

    thank u bro sub ekata

  20. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි දෙන්නටම සිංහල උපසිරැසිය වෙනුවෙන්..ජයවේවා...