Watch Trailer

Annanukku Jai (2018) with Sinhala Subtitles | ගේම දෙන්නේ සීරුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

අද ගෙනාවේ මේ අගෝස්තු මාසේ තිරගත වුණු අලුත්ම දමිළ සිනමා නිර්මාණයක්. මේ කාලෙට ගැළපෙනම කොමඩියක්. කොමඩි කිවුවට ඇක්ෂන් සීනුත් හොඳටම තියෙනවා. වෙන විදිහකට කිවුවොත් කම්මැලිකමේ ඉන්න වෙලාවක පැයක් දෙකක් හිනා වෙවී ජොලියේ බලන්න පුලුවන් චිත්‍රපටියක්. කතාව යන්නේ සේකර් කියන තරුණ කොල්ලා වටා. සේකර් කියන්නේ ගමේ රා වි…

අද ගෙනාවේ මේ අගෝස්තු මාසේ තිරගත වුණු අලුත්ම දමිළ සිනමා නිර්මාණයක්. මේ කාලෙට ගැළපෙනම කොමඩියක්. කොමඩි කිවුවට ඇක්ෂන් සීනුත් හොඳටම තියෙනවා. වෙන විදිහකට කිවුවොත් කම්මැලිකමේ ඉන්න වෙලාවක පැයක් දෙකක් හිනා වෙවී ජොලියේ බලන්න පුලුවන් චිත්‍රපටියක්. කතාව යන්නේ සේකර් කියන තරුණ කොල්ලා වටා.

සේකර් කියන්නේ ගමේ රා විකුණන මිනිහගේ පුතා. පුතා කරන්නෙත් තාත්තගේ රස්සාවමයි. මේ සේකර් අවුරුදු ගාණක් පස්සෙන් ගියත් කැමති වෙන්නේ නැති කෙල්ලෙක් ඉන්නවා. කොච්චර කල් ගියත් මේ යකාත් තාම ඒ කෙල්ල පස්සේ කැරකෙනවා. දෙයියෝ බලලා වගේ කෙල්ල සේකර්ට කැමති වෙන්නේ ඔන්න ඔය වගේ වෙලාවකදී. ඒ විතරක් නම් මදෑ. සේකර්ට ඕනේ හොරෙන් කසාද බඳින්න. ඒත් කෙල්ල ඒකට කැමති නෑ. ඔය අස්සේ තවත් මරාලයක් මිනිහගේ ඔළුවට කඩන් වැටෙනවා. නොකරපු වැරැද්දකට මාස ගාණක් හිරේට යන සේකර් අන්තිටම නවතින්නේ ඇමති කෙනෙක් වෙලා. මේකා කෙල්ලව බැඳගන්න වගේම ඇමති කෙනෙක් වෙන්නත් දෙන ගේම තමයි මේ චිත්‍රපටයේ කතා තේමාව. කියලා වැඩක් නෑ! බලන්නම ඕනේ ඒ ගුණ්ඩු ටික. බලපුවාම මෙහෙ විතරක් නෙමෙයි. එහෙත් ඒ වගේමයි. දෙගොල්ලොම එකයි. J

තිර ගත වුණේ පහුගිය අගෝස්තු මාසේ. වෙට්‍රිමාරන් හා ධනුෂ් එකතු වෙලා කරපු නිෂ්පාදනයක්. රාජ්කුමාර් තමයි අධ්‍යක්ෂණය කරලා තියනනේ. 2014 දෙසැම්බර් මාසේ ධනුෂ් සහ වෙට්‍රිමාරන් සඳහන් කරනවා ඔවුන් හවුලේ කරන්න යන චිත්‍රපටයක් ගැන. නළු නිළියන් ප්‍රකාශයට පත් කරාටත් පස්සේ යම් යම් ප්‍රශ්න වගයක් නිසා විත්‍රපටය නොකෙරෙන තැනට වැඩ සැලැස්වෙනවා. ඒත් 2016 වසරේ අග කාර්තුවෙදී නැවතත් චිත්‍රපටයේ රෑගත කිරීම් පටන් ගන්නවා. ඒ උත්සාහයේ ප්‍රතිඵලය තමයි 2018 අගෝස්තු 31 වෙනිදා ඉන්දියාව පුරා මේ සලරුව ප්‍රදර්ශනය වීම.

ප්‍රධාන නලුවා අපි හැමෝම දන්න දිනේෂ්. ප්‍රධාන නිළිය මහිමා. ඊට අමතරව රාධා රවී,බාලාජී, හරි ක්‍රිෂ්ණන් වැනි වැනි දක්ෂ පිරිසක් තමයි එකතු වෙලා ඉන්නේ. Arrol Corelliගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩු වුණු තවත් නිර්මාණයක්. Fox Stars Studios ආයතනයත් මේ චිත්‍රපටය හා එකතු වෙලා තියෙනවා.

කූඹියෝ බැලුවද? ජෙහාන්ගේ ගේම මතකද? මේ කතාවත් අන්න ඒ වගේ. කොහේවත් ඉන්න කොල්ලෙක් මළාට එකතු වෙන්නේ නැති, පට්ට හතුරු දේශපාලන පක්ෂ 2ක් එකට සන්ධානගත කරවන ගේම් එක තමයි Annanukku Jai කියන්නේ.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

5,552 downloadsDownload Annanukku-Jai-2018-2.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

5,552 downloadsDownload Subtitles56 KB

37 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sub ekata..

  2. kelumchathuranga

    thanks

  3. gihan perera

    මේ කාලෙට ගැලපෙනවා වගේ ෆිල්ම් එක...ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. zero123@123

    Thanks for the sub bro but its already in ******* (Name Deleted). please dont cheat the baiscopelk.com admins. they are doing great jop to the sri lankan entertainment industry. everyone appreciate that please don't ruin there reputation by stealing others sub.

    1. කවිශල් රසින්ත (කවී)

      How are you say that? You can't explain like this. We are don't stealing others sub. Because we are create sub with our knowledge and our hard work. So check this sub and other sub you can see their difficult.

    2. benukanimsena

      Hey brother,
      Very sorry to say this because you are a baiscope fan, but remember this as a friend of his, I can assure you that he did this by himself.
      He didn't steal any subtitle from any website.
      Please don't insult these valuable people, they sacrifice their valuable time for your entertainment , anyway thank u so much for your feedback .

    3. විමා

      We are kindly refuse your copyright complaint. I can assure you that. This is not a stolen subtitle from your web site. If you can prove it, we will definitely remove this. Can you ?
      Thnak you.
      Admin.

    4. kavinuweerakkody

      මචන් මෙහෙමයි. උඹ කියපු කතාව නිසාම මම මේ දැන් වෙබ් එකේ සර්ච් කරලා බැලුවා. එක්තරා බ්ලොග් අඩවියක් දැනට දවස් 3කට කලින් Annukku Jay(පොරක් වෙන්න දේශපාලනෙන්) කියන නමින් මේ චිත්‍රපටියේ උපසිරැසිය නිකුත් කරලා තියෙනවා. ඒ නිසා වෙන්නැති උඹ හිතුවේ මේක මම උස්සලා දාපු සබ් එකක් කියලා.

      මම මේ උපසිරැසිය වෙන් කරගත්තේ දැන් සතියකටත් කලින්. මේ සයිට් එක මේක දාන්නේ දවස් 03කට කලින්. ඉතින් කොහොමටවත් මේකෙන් උස්සලා දැම්මා වෙන්න බෑ නේහ් මචන්? විභාග කටයුතු නිසායි අවසන් කරන්න මෙච්චරවත් කල් ගියේ. ඔයාට ඒත් විශ්වාස කරන්න බැරිනම් අපේ ඇඩ්මින් මඬුල්ලෙන් ඒ ගැන තොරතුරු ගන්න. ඒත් විශ්වාස නැත්නම් උඹේ මේල් ඇඩ්‍රස් එක දෙන්න. මම ම එවන්නම් මේක ඉල්ලගත්තු වෙලේ SS එක. එහෙම නැතිව මෙතන බොරුවට චෝදනා කරන එක හරි නෑනේ. වෙන සයිට් එකක් දාන සබ් එකක් උස්සලා දාන්නනම් කිසිම අවශ්‍යතාවයක් නෑ බං!

      මෙච්චරවත් කියන්න ඇඟේ අමාරුවට නෙමෙයි. දවස් ගාණක් මහන්සි වෙලා සබ් එකක් කරපුවාම කිසිම හොයා බැලීමක් නැතිව මොන්ටිසෝරි ළදරුවෝ වගේ හද්ද ගොන් විදිහට චෝදනා කරපු හින්දා. ඔයාට පුලුවන්නම් මේක අදාළ සයිට් එකෙන් උස්සපු සබ් එකක් කියලා ඔප්පු කරන්න...සාක්ෂිත් එක්ක මේල් එකක් දාන්න. එච්චරයි! නැතුව ගොන්පාට් දාපුවාම අපිටත් ඉබේම හිනා යනවා මචන්.

      ජය වේවා!!
      ස්තූතියි.

  6. Nilush Angana

    Sub ekata thanx

  7. Asanke

    Thanks for sub

  8. Amalka Himeshan

    Thanks sub ekata

  9. andru

    ජයවේවා සහෝදරයා

  10. dsdkavishka

    Thenks ...

  11. Milindapriyalal

    නියමයි

  12. supun priyanath

    එල එල ...
    ෆිල්ම් එක සුපිරි ..
    ස්තූතියි සබ් එකට ...
    දිගටම ෆිල්ම් වලට සබ් දෙමු.
    ජය වේවා ...

  13. IndunilN

    Thanks for sub

  14. Kulanjana Maduranga

    niyamai...bamak thama...subata thanks saho..keep it up...

  15. harshani11112

    කවිනු මල්ලි ස්තුති හොදේ...
    තෙරැවන්සරණයි

  16. WijeN

    Veda Chennai Sinhala Sub eka Hadala Dapnko Bro

  17. santhusha319

    thanks saho

  18. Haritha245

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  19. RK

    ela thnkzzzzzzz broooooo!!!!!!!!!!!!!!!

  20. erangahgt

    Thank you

  21. TharakaWAS

    Subata thanks saho...
    Jaya wewa...!!!

  22. Lahiri

    thankz saho

  23. බොබී

    බොහොම තුති සහෝ. මේ වගේ තවත් ෆිල්ම් දෙන්න ශක්තිය ලැබේවා.

  24. N_R

    Thanks.

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. NuwanK

    Thank u bro...

  27. Milindapriyalal

    Thanks bro එල

  28. oshanda

    thanx sahoo

  29. D.Chamara

    bohoma sthuthi sahoooo jaya ...

  30. ukdhananjaya

    Thanks you
    Fun2shh movie eke sub denawanam loku deyak

  31. Dimuth

    Thanks bro

  32. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  33. lahiru22131

    ස්තූතියි සහෝදරය

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.