Watch Trailer

Manithan (2016) with Sinhala Subtitles|මුදල්ද ජය ගන්නේ නැතිනම් යුක්තියද? [සිංහල උපසිරසි සමඟ]

ගොඩ කාලෙකින් තමයි මේ පැත්තේ එන්න පුළුවන් වුනේ, මොනවා කරන්නද වැඩ වැඩි අෆ්ෆා… මටත් ආසයි දිගට අරහට සබ් එහෙම දාන්න, මොනවා කරන්නද වෙලාවක් නැති එකනේ තියෙන්නේ. ඉතින් මම අද අරගෙන ආවේ 2016 අවුරුද්දේ අප්‍රේල් 29 වෙනිදා තිරගත වීමට ආරම්භ වූ “Manithan” කියන චිත්‍රපටය අරගෙනය, එහි සිංහල තේරුම “පුද්ගලයෙකු” යන වගයි…

Manithan (2016)

ගොඩ කාලෙකින් තමයි මේ පැත්තේ එන්න පුළුවන් වුනේ, මොනවා කරන්නද වැඩ වැඩි අෆ්ෆා… මටත් ආසයි දිගට අරහට සබ් එහෙම දාන්න, මොනවා කරන්නද වෙලාවක් නැති එකනේ තියෙන්නේ. ඉතින් මම අද අරගෙන ආවේ 2016 අවුරුද්දේ අප්‍රේල් 29 වෙනිදා තිරගත වීමට ආරම්භ වූ “Manithan” කියන චිත්‍රපටය අරගෙනය, එහි සිංහල තේරුම “පුද්ගලයෙකු” යන වගයි.

මෙය අධ්‍යක්ෂණය කරන්නේ 2013 අවුරුද්දේ ප්‍රධාන චරිතය රඟපෑ ජීවා කියන නළුවාගේ Endrendrum Punnagai චිත්‍රපටය සහ 2009 අවුරුද්දේ තිරගත වුන Vaamanan චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු I. Ahmed විසිනි. ඒ චිත්‍රපට බලපු උදවිය දන්නවා ඇති මොහුගේ චිත්‍රපට වල ගුණාත්මක භාවය ගැන. ඉතින් මෙම චිත්‍රපටයට සංගීතය සපයන්නේ Santhosh Narayanan විසිනි. මෙය Chennai City Box Office හි Hit Verdict එකත් ලබාගෙන තියෙනවා. මෙයට Imdb Rating එකත් 7.2 ක් අරන් තියෙනවා, ඉතින් තව මොනවාද අවශ්‍ය මේ චිත්‍රපටය බලන්න කියන්න, කට්ටියට තේරෙනවා ඇතිනේ සුපිරි චිත්‍රපටයක් කියලා.

කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකො, මෙම චිත්‍රපටය පටන් ගන්නේ රාහුල් දිවාන් කියන කොටි පතියෙකු විසින් රාත්‍රී වරුවේ හොඳටම බීලා වාහනය හය්යෙන් පදවාගෙන ගිහින් පදික වේදිකාව උඩ නිදාගෙන ඉන්න දුප්පත් මිනිසුන් හය දෙනෙකු බිලි ගැනීමේ සිද්ධියකිනි, ඉන් පසු මේ නඩුව රාහුල් දිවාන්ට එරෙහිව මාස හයක් විතර උසාවියේ කෙරීගෙන යනවා, පස්සේ එම නඩුව රාහුල් දිවාන් ජය ගන්නවා (මෙම අනතුර සිදු වන්නේ චෙන්නායි වල). මෙහි ප්‍රධාන චරිතය රඟදක්වන ශක්තිවේල්  (Udhayanidhi Stalin) ගමේ හැදුන නීතිඥ්ඥක් වනවා, ඉතින් මොහුට ගමේ ඉන්නකොට තරඟ කිරීමට කිසිම නඩුවක් නොලැබුණ නිසා චෙන්නායි වලට එනවා. ඉතින් ශක්තිටයි රාහුල් දිවාන්ගේ නඩුවටයි තියෙන සම්බන්ධය මොකක්ද,  එම නඩුව ශක්තිගේ අතට ලැබෙන්නේ කොහොමද, මෙම නඩුවේ අවසන් තීන්දුව ලැබිලත් මොහුට පුළුවන් වෙයිද නඩුව ජය ගැනීමට. මෙම ප්‍රශ්න වලට උත්තර සොයා ගැනීමට ඕනේ නම් මේ චිත්‍රපටය නරඹන්නම වෙනවා.

මෙම චිත්‍රපටයේ දුප්පත් මිනිසුන්ගේ ඕනෑ එපා කම්, ඔහුන් විඳින පීඩාවන්, සමාජයෙන් ඔහුන්ට සිදු වන අසාධාරණ කම් සේරම මෙහි අධ්‍යක්ෂක වරයා හොඳින් විදහා දක්වා පෙන්නා තිබෙනවා, තව සල්ලි වලින් ඕනෙම දෙයක් මිලට ගෙන සාධාරණය සල්ලි වලට ගන්නා විදිය අපූරුවට පෙන්නා දී තිබෙනවා. ඉතින් මම නම් කියන්නේ මේක චිත්‍රපටයක් නෙවෙයි, ඊට එහා ගිය දෙයක් කියලා, ඇත්තටම දුප්පත් මිනිසුන්ට වන අසාධාරණකම් තමයි හොඳට හරි අපූරුවට පෙන්නා දී තිබෙන්නේ, ඉතින් මම නම් කියන්නේ මේ වගේ සලරුවක් නොබලා යන එක නම් අපරාදයක් කියලා. මම එහෙම කිව්වේ ඇයි කියලා ඔයාලා චිත්‍රපටය නරඹා තේරුම් ගනීවි.

එහෙනම් මේ සලරුව බලන්න කියා ආරාධනා කරන අතර ඊළඟ සලරුවෙන් හමු වෙමු…

ඔබට ජය…!!!

 

....

Size Zero (2015)

 

 

 

මෙම උපසිරැසිය සියලුම HD පිටපත් සඳහා අදාළ වේ.

7,495 downloadsDownload Manithan.2016.Baiscopelk.com_.rar56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු සංදීප

Subtitles

7,495 downloadsDownload Subtitles56 KB

22 comments

  1. Shanaka Chathuranga

    ජයවේවා... ඔන්න බෑව එහෙනම්...

  2. Chami.S

    Thanks...

  3. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    සුපිරියි සහෝ.
    ගොඩ කාලෙකට පස්සේ වගේ.
    ඒකත් එල ෆිලුමක් අරගෙ ඇවිත් වගේ.
    උපසිරැසියට ගොඩාක් තුති.
    ජය වේවා!!!

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  5. Kasun Upeksha

    උපසිරැසියට ගොඩාක් තුති.

  6. buddhika

    thanx macho sub ekata..ko2,srimanthudu,pencil,rocky handsome,24, me tike hoda copy dala saho..puluwannam sub denna..thawa kannda film wagayakath hoda copy dala..puluwannm search karala poddak sub denna balanna..jaya wewa..

  7. Lincon Burrows

    499DD5CA842277DFA63BFF4F1094DA6909EBA276
    oken baganna

    1. Randil sandesh

      thnx bn

  8. sahan

    mb 400 link ekak dennako

  9. sahan

    dan meken sub bana ekath epa vela thiyenne dawnlod link eka denne nathuva..

  10. Kulanjana Maduranga

    niayamai…tamil nm ithin...bamak thama.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Jack

    ස්තුතියි මචන් සබ් එකට.
    ජය..

  12. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. කලු සජිත්

    thanks sub ekata.jayawewa!!!

  15. Amila Manoj Kumara

    ස්තුතියි මචන් සබ් එකට.
    ජය..

  16. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Duminda

    Kohomada ban torrent eka ba ganneee,, mata thama me .. aluth seeeeen eka therenne nene

  18. Hivin Aßeywanshe

    Thanks saho sub eka

  19. shane

    ane danna kauruhari kiyannako mewage sub file folder ekak widiyata ganne kohomada kiyala
    ]

  20. shane

    torrent eken download wenne eka not available kiyala wetenne

  21. dharshana...

    Thanks..