ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න මං තවත් ස්පාඤ්ඤ ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන ආවා. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මට මේක බාර දීපු සිසිල ප්‍රසාද් සහෝදරයා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමට. ඉතින් මේක 2014 වර්ෂයේ La isla mínima නමින් ස්පාඤ්ඤයේ තිරගතවීම ආරම්භ වුණු Crime, Thriller වර්ගයට අයිති චිත්‍රපටියක්. ඉංග්‍රීසි නම…

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න මං තවත් ස්පාඤ්ඤ ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන ආවා. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මට මේක බාර දීපු සිසිල ප්‍රසාද් සහෝදරයා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමට.
ඉතින් මේක 2014 වර්ෂයේ La isla mínima නමින් ස්පාඤ්ඤයේ තිරගතවීම ආරම්භ වුණු Crime, Thriller වර්ගයට අයිති චිත්‍රපටියක්. ඉංග්‍රීසි නම තමයි Marshland. එහෙමත් නැත්නම් “වගුරුබිම”. Alberto Rodríguez කියන අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයක් වුණු මේකට ලැබිල තියන IMDB අගය 7.3 ක්. අවුරුදු 3ක් ගිහිල්ලත් තවමත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න මේක පහුගිය කාලයේ විවිධ සම්මාන උළෙලවල් වලදී සම්මාන 44ක් දිනගන්නත් තවත් 41ක් සඳහා නිර්දේශ වෙන්නත් සමත් වෙලා තියනවා.
ඉතින් මේක 2014 වර්ෂයේ නිර්මාණය වුණාට කතාවට පසුබිම් වෙන්නේ 1980 වර්ෂය. ඉතින් ඒ කාලය, ඒ කියන්නේ 1975-1982 වගේ අතරතුර කාලයේ ස්පාඤ්ඤයේ තිබුණේ ටිකක් වියවුල් තත්ත්වයක්. 1939 ඉඳල ඒකාධිපති පාලනයක් ගෙනගිය Francisco Franco 1975 දී මියගියාට පස්සේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමත්, පාලන ක්‍රමය වෙනස්වීම එක්කම කැරලි ගැසීම්, වැඩ වර්ජන රටේ ඇතිවීමත් මේ තත්වයට හේතු වුණා. ඒක ඇත්තටම මේ කතාවට අදාළ නැතත් තියන සමහරක් දේවල් තේරුම් ගන්න ඒ කාලය ගැන දැනගෙන ඉන්න එකත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතුණ නිසා මං ඒ ටික කිව්වේ. හරි දැන් අපි මේකෙ කතාව පොඩ්ඩක් බලමු.
ස්පාඤ්ඤයේ දකුණු කෙළවර පැත්තට වෙන්න තියන හුදෙකලා නගරයක් තමයි කතාවට පාදක වෙන්නේ. නගරය අවට ප්‍රදේශය ගංගාව හා වගුරුබිම් වලිනුත්, ලොකු කෙත්වතු වලිනුත් පිරුණු පාළු ප්‍රදේශයක්. දුරින් දුරින් තියන ගොවිපොළවල් හා සතුන් දඩයම් කරන කාලෙට පිටින් එන අයට නවාතැන් දෙන තැන් කිහිපයක් හැරෙන්න වෙන මොනවත් මේ ප්‍රදේශයේ නෑ. ඉතින් මේ නගරයේ එක පවුලේ ඉන්න නවයොවුන් වියේ සොහොයුරියන් දෙන්නෙක් හදිසියේම අතුරුදහන් වෙනවා. මේ ගැන හොයන්න පරීක්ෂකයෝ දෙන්නෙක් මේ නගරයට එනවා.
ඉතින් මේ තරුණියන්ට අත්වුණු ඉරණම මොකක්ද, හැම වසරකම සැප්තැම්බර් වල නගරයේ තියන පොළ, වෙළඳ ප්‍රදර්ශනය එහෙමත් නැත්නම් කානිවල් එකට මේකෙ සම්බන්ධයක් තියේද, රටේ තියන තත්වයත් එක්ක ප්‍රදේශයේ නිළධාරීන්ගෙන් ප්‍රමාණවත් සහයකුත් නැතිව මේක විසඳගන්න මේ පරීක්ෂකයන්ට හැකි වෙයිද?
මේ ප්‍රශ්නවලට උත්තර ෆිල්ම් එක අරගෙන බැලුවොත් දැනගන්න පුළුවන්. ඉතින් වෙනද වගේම හැමෝටම සුබ දවසක් පතන ගමන් ඉල්ලීමක් කරනවා අඩුපාඩු ගැනත් පොඩ්ඩක් මතක් කරගෙනම යන්න කියලා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.
4,622 downloadsDownload Marshland-2014-1.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/දිල්ෂාන්-මධුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් මධුරංග
Subtitles
27 comments
Sajith Anthony
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
wiki
Thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Palitha de Silva
බොහොම ස්තූතියි ...
හසිත මධුෂාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ........
Kalpajith
Ela mchn
rashmika
THANKS SAHO!!!!!!!!!!!!!
Dimuthu
Meke torrent hoda seed thiyena torrent link ekek hoyaganna be. baiscopedownloads.com ekewath thawama dala ne. puluwanam meka ganna hoda link ekek denna. thank you.
Prasad Kandamulla
බොහෝම 'ස්තුතියි' සහෝ සබ් ඒකට....
Dilshan Maduranga
සබ් එකේ තැන් දෙකක පොඩි අඩුපාඩු දෙකක් පස්සේ අහුවුණා. සමාවෙන්න ඒ ගැන. කතාව රසවිඳින්න නම් ඒක බාධාවක් වෙන එකක් නෑ මං හිතන්නේ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත්
බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට දිල්ෂාන් සහෝ.
ජයෙන් ජය.අසිත
හොද ෆිලුමක්
බලලා තියෙනවා
elama saho thankspraneeth madu
බොහෝම ස්තූතියි සහෝ
Wicki
බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට
Chulender kasun
බොහොම ස්තුතියි සහෝදරයා ....
Amila Mudalige
සබ් එකට ස්තූතියි
thanks mchan
HIRANLASITHA
Thanks bro...
Maduwa306
Thanks
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!Gayan Chathuranga
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ!!
Saranga J. Liyanagama
Thanks
Anonymous
උපසිරැසියට බොහෝම ස්තූතියි, ජයෙන් ජයම වේවා....!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!