සාමාන්‍ය මිනිහෙක් වෙච්චි උඹට මෙච්චර ලොකු කමක් තියේ නම්.! ඉන්දියාවේ අඟමැති තෝරන ඡන්දේ තියන්න පවා සුදුසුකම තියෙන මම කොච්චර ලොකු කමකින් ඉන්න ඕනෙද? ආයුබෝවන් හැමෝටම, අද සිංහල උපසිරැසි අරන් ආවේ ටිකක් පරණ දෙමළ චිත්‍රපටියකට, මේකේ තියෙන කතාව හොඳ නිසා සිංහල උපසිරැසි හදන්න ගත්තමයි දැක්කේ අන්තර්ජාලයේ මේ වෙනතුර…

සාමාන්‍ය මිනිහෙක් වෙච්චි උඹට මෙච්චර ලොකු කමක් තියේ නම්.!
ඉන්දියාවේ අඟමැති තෝරන ඡන්දේ තියන්න පවා සුදුසුකම තියෙන
මම කොච්චර ලොකු කමකින් ඉන්න ඕනෙද?
ආයුබෝවන් හැමෝටම,
අද සිංහල උපසිරැසි අරන් ආවේ ටිකක් පරණ දෙමළ චිත්‍රපටියකට, මේකේ තියෙන කතාව හොඳ නිසා සිංහල උපසිරැසි හදන්න ගත්තමයි දැක්කේ අන්තර්ජාලයේ මේ වෙනතුරුත් කිසිම භාෂාවක උපසිරැසියක් නැති බව, කෙසේ හෝ කාලරාමුත් හදාගෙන සිංහල උපසිරැසිය හදපු නිසා ප්‍රමාදත් උනා.
2007 වසරේ සැප්තැම්බර් මාසයේ 07 වෙනිදා තිරගත කරපු මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නට අන්තර්ජාලයේ සඳහන් වෙන පරිදි ඉන්දියන් රුපියල් කෝටි 12 ක් විදයම් වෙලා තියෙනවා. චිත්‍රපටය තිරගත කිරිමෙන් පසු බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව ලෙස ඉන්දියන් රුපියල් කෝටි 56 ක අදායමක් ලබාගෙන ඇති බවටත් දැක්වෙනවා. පැය දෙකයි විනාඩි හතලිස් පහක් පුරාවට දිවයන Action සහ comedy චිත්‍රපටයේ කතාව සහ අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන Suraj විසින්, දමිළ සුපිරි නළු Action King Arjun සමඟින් Meera Chopra සහ Raghuvaran, Vadivelu ප්‍රධාන චරිතයන් රඟදක්වනවා.
කතාව මෙහෙමයි නාච්චියාර්පුරම් කියලා ගමක් තියෙනවා මේ ගමේ අවුරුදු 16 කින් මැතිවරණයක් තියලා නෑ. මේ අතරම(Arjun) මරදමලෙයි පියාගේ දැඩි ඉල්ලිම මත රැකියාව සඳහා පොලීසිය තෝරාගෙන කොස්තාපල්වරයෙකු ලෙස නාච්චියාර්පුරම් වෙත පවුලෙ අයත් සමඟින් පිටත් වෙනවා. මේ අතරම අලුතින් පත්වෙලා එන මැතිවරණ කොමසාරිස්වරයා විසින් නාච්චියාර්පුරම් වල මැතිවරණයක් පසුගිය අවුරුදු 16 පුරාවටම නොපැවැත්වීම පිළිබඳව විමතියට පත්වෙන අතරම,ඔහු කෙලෙසකින් හෝ මැතිවරණයක් පවත්වා එහි සිටින ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් හිමිගැන්වීමට අදිටන් කරගෙන නාච්චයාර්පුරම් වෙතට ඔහුම පැමිණෙනවා. එහිදි ඔහුට අසන්නට ලැබුන දේවල් ගැන බොහෝ සෙයින් කණගාටුවට පත්වන අතරම තමන් මුලින් අදිටන් කර ගත් පරිදි මැතිවරණය කෙසේ හෝ පැවැත්වීමට ඔහු අවශ්‍යය කටයුතු සූදානම් කරනවා. අවුරුදු 16 ක් පුරාවට මැතිවරණයක් නොපැවැත්වූයේ ඇයි.? නව මැතිවරණ කොමසාරිස්වරයාට නාච්චියාර්පුරම් හි මැතිවරණයක් පවත්වන්නට හැකිවෙයිද.? මේ සේරම දේවල් දැනගන්නට පැය දෙකයි විනාඩි හතලිස්පහක් පුරාවට දිවයන කිසිදු කම්මැලි කමකින් තොරව එක දිගට බලන්නට පුලුවන් ක්‍රියාදාම සහ විකට ජවනිකා වලද අඩුවක් නැති මේ සිනමාපටය නරඹන ලෙස ඔබ සැමට ආරාධනා කර සිටිනවා.
ලබා දී ඇති සිංහල උපසිරැසි ගොනු නිවැරදිව දර්ශණය වීම සඳහා උපසිරැසි ගොනුවේ නම යූටියුබ්හි සෙවිමක් කර Tamil Movies HD නම් වන යූටියුබ් චැනලයේ ඇති පැය දෙකයි විනාඩි හතලිස් පහේ (02.45.00) වීඩියෝව බාගත කරගන්න.
සුභ දවසක්!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි YouTube පිටපත් සඳහා අදාළ වේ.
1,422 downloadsDownload Marudhamalai-2007.zip93 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “>දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට සහ “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
22 comments
Kushan
sunny
thankz
Gihan
උපසිරසියට ස්තුතියි
harsha
මේ වගේ මගහැරුනු සුපිරි ෆිල්ම් වලට සබ් දෙන එක නම් නියමයි...තව මේ වගේ මගහැරුනු ෆිල්ම් වලට සබ් දෙන්න බලන්න
Anonymous
Meka tv eke pennuwa wage mathakai
Khomawunth thanks dennatamaKavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
Arjun sarja,kamal hasan,sarathkumar wage naluwange parana tamil action movie tikak denna
Me movie ekatath thanksSamith
Thanks both
Anonymous
තැන්කු වේවා
jeevan
thanks machi
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Me filume copye qualitya komada??
indika 75
thanks..
මයිකි
තැන්ක්ස් සබ් එකට තව පරන පට්ට ෆිල්ම් වලට සබ් කරන්න යාලු. මමනම් ආසයි හිංදි , දෙමල , තෙලිගු පරන එවට
Anonymous
Arjun ge aluth movie eka Friendship-2021 ekatath sub ona
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Lasantharathnasirirox
බොහෝම ස්තූතියි දදෙදෙනාටම උපසිරැසිය වෙනුවෙන් ..බුදු සරණයි.!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sub akta thanks