ජීවිතය කියන්නේ අසාමාන්‍ය අත්දැකීමක් සමහර අයට ඒක කැමති ආකාරයට තියෙනව සමහරක් අයට එය බර අඩු වීමක් වගේ දැනෙනවා මේ ලෝකයේ හොදින් ජීවත් වෙන අයට වඩා විශ්වාස කරන්න බැරි අය තමයි වැඩි මගේ ජීවිතයේ සිද්දවුණ සිදුවීම් තමයි … ….කිසිවෙකු විශ්වාස කරන්න එපා කියන පාඩමක් කියල දුන්නෙ මම අකමැති වුණ මේ ජීවිතය….මගේ දරුවා ව…

ජීවිතය කියන්නේ අසාමාන්‍ය අත්දැකීමක්
සමහර අයට ඒක කැමති ආකාරයට තියෙනව
සමහරක් අයට එය බර අඩු වීමක් වගේ දැනෙනවා
මේ ලෝකයේ හොදින් ජීවත් වෙන අයට වඩා විශ්වාස කරන්න බැරි අය තමයි වැඩි
මගේ ජීවිතයේ සිද්දවුණ සිදුවීම් තමයි …
….කිසිවෙකු විශ්වාස කරන්න එපා කියන පාඩමක් කියල දුන්නෙ
මම අකමැති වුණ මේ ජීවිතය….මගේ දරුවා වෙනුවෙන් දැන් ජීවත් කරවන්නේ
බිරිඳ…. මිත්‍රකම….නෑදෑකම්….
මේ ද්‍රෝහීකම් මධ්‍යයේ තමයි ….මෙච්චර කාලයක් මම ජීවත් වුණේ
හැම වෙස් මුහුණක්ම පිටුපසම මුහුණක්
ඒ මුහුණ පිටුපස කතාවක්
ඒ කතාවේ අපි සියල්ලෝම අතරමැදියෙක් (නඩුවන්)

ඔන්න ඉතින් ඉක්මනින්ම ආයෙත් උපසිරැසියක් අරන් එන්න ලැබුණා. Bharath Srinivasan ගේ අලුත්ම චිත්‍රපටය IMDb අගය 6.4ක් අගයක් අරගෙන තියෙනව ලිපිය ලියන අවස්ථාව වෙනකොටත්. Simba (2019), Pottu (2019), Kaalidas (2019), Radhe (2021) යන චිත්‍රපටවලින් පස්සේ Action, Thriller වර්ගීකරණය යටතේ ආව Sharran Kumar අධ්‍යක්ෂණය කරන ලද Bharath ට අමතරව Aparna Vinod හා Gokul Anand රංගනයෙන් දායක වෙනවා. 2021 සැප්තැම්බර් මස 24 වන දින නිකුත් කරන ලද මේ චිත්‍රපටයේ කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු.

කාර්තික් කියන්නේ ලස්සන බිරිදක් සහ කටකාර දියනියක් ඉන්න තේ කර්මාන්ත ශාලාවක් තම මිත්‍රයෙක් සමග හවුලේ කරගෙන යන පුද්ගලයෙක්, පොඩි ගොත ගැහිල්ලකුත් තියෙනව. යාළුවගෙ නම ශිවා, මත් වතුරට ගිජු වුණ කෙනෙක්. කාර්යය බහුල ජීවිතයක් ගත කරන කාර්තික්ට හුගක් වෙලාවට බිරිඳ උයන කෑම එකවත් කන්න වෙලාවක් එන්නෙ නෑ, රැස්වීම් තිබ්බාම ඒවට එළියට යන්නයි ගත්තාම හුඟක් වෙලාවට ස්වාමියෙක් විදියට යම් යම් දේවල් මග හැරෙනවා. ඉතින් ඔහොම කාළේ ගෙවෙද්දි කාර්තින් අදුනන දුරින් නෑ වෙන අයිය කෙනෙක් කතා කරල එයාගෙ පුතාටත් කාර්තික්ගෙ කර්මාන්ත ශාලාවෙම රස්සාවක් දෙන්න කියල ඉල්ලීමක් කරනව. ඉතින් කලගුණ දන්න පුද්ගලයෙක් විදියට ඒක පිළිගෙන එයාගෙ ගෙදරම නවත්තගෙන ගුරූ ට රස්සාවකුත් දෙනවා. දවසක් කාර්තික්ට රැස්වීමක් තියෙන දවසක ගෙදර ෆයිල් වගයක් අමතක වෙලා ගුරූව යවනව ඒව අරගෙන එන්න. ගුරූ ගෙදර ගිහින් ෆයිල් ටික අරගෙන එන්න හදනකොට කාර්තික්ගේ නිදන කාමරයෙන් පිරිමි කෙනෙකුයි ගැහැණු කෙනෙකුයි කතා කරන සද්දෙ නිසා හොරෙන් ගිහින් බලනව මොකද්ද ඒ කියල. දැකපු දෙයින් ගුරූට ඇස් අදහාගන්න බැරිව යනවා. කාර්තික්ගෙ ෆයිල් ගෙනැත් භාර දුන්නත් අර දැකපු දෙයින් ගුරූ තුස්නිම්භූත වෙලා දවස් කීපයකට පස්සේ කාර්තික්ට ලියුමක් ලියල තියල යාලුවෙක්ගෙ උපන්දිනේ දවසක පාටියකුත් දාල ගමට යන්න පිටත් වෙනවා. ඒ යන්නෙ යාළුවෙක්ගෙ මාමා කෙනෙක්ගෙ ජිප් එකක් ඉල්ලගෙන යාලුවෝ 4 දෙනා අරක්කුත් අරගෙන ගිහින් රෑ වෙනකම් බොනව. බීල වෙරි මතේම වාහනේ අරගෙන යන්න පිටත් වෙනවා. පහුවදා පාන්දර කැළයක් අයිනට එළියට පහලියට යන්න එන මනුස්සයෙක් දකිනව බාගෙට පිච්චෙන මළ සිරුරක්. මොනවද මේ වෙන්නෙ ? කාගෙද ඒ පිච්චෙන මළ සිරුර? වෙරි මතෙන් යාළුවෝ 4 දෙනාට මොකද වුණේ? කාර්තික්ගෙ ගෙදරදි ගුරු දැක්කේ මොකද්ද? මේ සිද්ධි අතරේ සම්බන්ධයක් තියෙනවද? එහෙනම් දැන් ඔයාලගෙ වාරේ. ආයෙත් මුණ ගැහෙමු.

හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි True WEB පිටපත් සඳහා අදාළ වේ.

7,787 downloadsDownload Naduvan-2021.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,787 downloadsDownload Subtitles48 KB

30 comments

  1. චතුර

    Title එක සිංහලෙන් දැම්මම Google search කරලා හොයාගන්න අමාරුයි සහෝ.. පොඩ්ඩක් ඒ ගැන බලන්න.. සබ් එකට ස්තුතියි...

    1. oshanda

      N a d u v a n (2021) සහෝ මේ වචන එකට කරල සර්ච් කරන්න.

  2. Anonymous

    Patta

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Naveen

    උපසිරසියට තුති

  5. Anonymous

    good work bro..keep going

  6. indika 75

    thanks..

  7. Nilush Angana

    Sub ekata thanx

  8. Kushan

    Sub akta thanks

  9. Gihan

    උපසිරසියට ස්තුතියි

  10. Anonymous

    thanks saho

  11. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  12. Anonymous

    thanks

  13. Sheron

    Thanks brother
    Keep going

  14. Samith

    Thanks brother

  15. Anonymous

    thnaks

  16. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ … !!

  17. Anonymous

    තැන්කු වේවා

  18. Anonymous

    Elazzzz

  19. jeevan

    thanks machi

  20. Anonymous

    ela jayawewa saho

  21. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  22. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  23. Anonymous

    Bharath ge paran action tikakuth demu

  24. Anonymous

    Thank you bro

  25. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  26. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  27. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.