Watch Trailer

Marvel Rising: Secret Warriors (2018) Sinhala Subtitles | තරුණ වීරයින්ගේ පිබිදීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං කාලෙකින් ෆිල්ම් එකක් අරගෙන තමයි මේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නෙ. දැන් නම් ඉතිං උපසිරැසි නොකෙරෙන තරම්. ඉතිං අද මං අරගෙන ආවෙ සැප්තැම්බර් 30 නිකුත් වුන මාවල් ඇනිමේෂන් චිත්‍රපටයක්. DC ඇනිමේෂන් එක්ක බැලුවාම මාවල් විසින් නම් ඇනිමේෂන් පැත්ත ගැන හිතන්නෙම නැති තරම්. DC ලා වසරකට ඇනිමේෂන් දුසිමක් විතර…

ඔන්න ඉතිං කාලෙකින් ෆිල්ම් එකක් අරගෙන තමයි මේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නෙ. දැන් නම් ඉතිං උපසිරැසි නොකෙරෙන තරම්. ඉතිං අද මං අරගෙන ආවෙ සැප්තැම්බර් 30 නිකුත් වුන මාවල් ඇනිමේෂන් චිත්‍රපටයක්. DC ඇනිමේෂන් එක්ක බැලුවාම මාවල් විසින් නම් ඇනිමේෂන් පැත්ත ගැන හිතන්නෙම නැති තරම්. DC ලා වසරකට ඇනිමේෂන් දුසිමක් විතර එළියට දාද්දි මාවල් විසින් අතේ ඇගිලි ගානටත් අඩුවෙන් තමයි ඇනිමේෂන් එකක් නිකුත් කරන්නෙ. ඉතිං එහෙම නිකුත් කරපු ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි Marvel Rising: Secret Warriors කියන්නෙ. දැනැට ආරංචි වෙන විදිහට නම් මේක Franchise එකක්. එහෙම නැත්නම් චිත්‍රපට මාලාවක්. Marvel Rising: Secret Warriors කියන්නෙ එහි පළමු චිත්‍රපටය. ඉදිරියට Initiation, Chasing Ghosts, Heart of Iron වගේ චිත්‍රපට එන්න නියමිතයි.

Marvel Rising: Secret Warriors චිත්‍රපටයට පදනම් වෙලා තියෙන්නෙ මාවල් විශ්වයේ ඉන්න ඉන්හියුමන් වරු. දැන් නම් ගොඩක් අය ඉන්හියුමන්ලා ගැන දන්නවා ඇතිනෙ. මොකද මේ වෙනකොට Marvel’s Agents of S.H.I.E.L.D සහා Marvel’s Inhumans යන කතා වලින් මෙයාලව ගොඩක් හොඳට හදුන්වලා දීලා ඉවරයි. ඉතිං ටෙරිජන් දුමාරය නිසා තමන්ට බලයන් ලැබුන පොඩි ළමයි හොයාගෙන ක්‍රීලා එනවා අවුරුදු දහස් ගානකට පස්සෙ ඔවුන්ව තමන්ගෙ හමුදාවට බදවගන. හාලා (Hala the accuser) තමයි මෙතන ප්‍රධානියා වෙන්නෙ. හාලා නියෝජිත එක්සයිල් කියන ඉන්හියුමන් එවනවා තරුණ ඉන්හියුමන්ලව හොයාගෙන. ඉතිං මේ පැහැරගැනීම් නතර කරන්න ඉදිරිපත් වෙන්නෙ මිස් මාවල්, ස්කුරල් ගල් සිංහලෙන් කිව්වොත් ලේන් කෙල්ල. මේ දෙන්න නම් කට්ටියට එහෙමට සුපුරුදු නැතුව ඇති.

ඒ වගේම තමයි අපි හොදටම දන්න කියන ඩේසි ජොන්සන් AKA ක්වෙක් මේකෙදි ඔයාලට දැක ගන්න පුළුවන්. ඒ වගේම ශීල්ඩ් බලපු අයට මතක ඇති සීසන් 4 වල ෆ්රේම්වර්ක් එකේදි ජෙෆ්රි මේස් පේට්‍රියට් එහෙමත් නැත්නම් දේශප්‍රේමියා කියන චරිතයක් හිටියා. අන්න ඒ චරිතය Secret Warriors තුලින් දකින්න පුළුවන්. ඒ වගේම ඇමරිකා චාවේස්, ඉන්ෆෙන්රෝ සහා කැප්ටන් මාවල් අන්තිමට කැප්ටන් ඇමරිකාවත් දකින්න පුළුවන්.

  • ඒ වගේම තමයි හඬ කැවීම් පැත්ත ගැන කතා ක්ලොත්, අපි දන්න කියන අය ගොඩක් හඬ කැවීමෙන් දායක වෙලා තියෙනවා. *ඩේසි ජොන්සන් AKA ක්වෙක් – සුපුරුදු පරිදි ශීල්ඩ් හි ක්වෙක් චරිතය රගපාන Chloe Bennet හඩ කැවීමෙන් දායක වෙලා තියෙනවා.
  • ඩන්ටේ AKA ඉන්ෆෙන්රෝ – ටීන් වුල්ෆ් කතා මාලාවෙ ස්කොට්ගෙ චරිතය රග පෑ Tyler Posey හඩ කැවීමෙන් දායක වෙලා තියෙනවා.
  • හාලා – ශීල්ඩ් කතා මාලාවෙ නියෝජිත මේ ගෙ චරිතයට පන පොවන Ming-Na Wen හඩ කැවීමෙන් දායක වෙලා තියෙනවා.
  • කැරොල් ඩැන්වර්ස් AKA කැප්ටන් මාවල් – 24 කතා මාලාවෙ රග පෑ Kim Raver හඩ කැවීමෙන් දායක වෙලා තියෙනවා. ඔය වගේ අපි හදුනන ගොඩ දෙනෙක් Marvel Rising: Secret Warriors හි හඬ කැවීම් වලට දාකය වෙලා තියෙනවා.

මාවල් විශ්වයේ එන චරිත එකතු කරලා නිර්මාණය කල Marvel Rising: Secret Warriors හි අධ්‍යක්ෂණය Alfred Gimeno වන අතර නිෂ්පාදනය Marvel Animation මගින් වෙනවා. ඒ වගේම බෙදා හැරීමේ කටයුතු කරන්නෙ Disney Channel සහා Disney XD ආයතන දෙක විසින්.

ඉතිං ඔය තමයි කතාව පිළිබඳව කියන්න තියෙන අටුවාටිකා ටික. එහෙනම් ඉතිං කැමති අය බාගෙන බලන්න. හැබැයි ඉතිං රේටිං බලලා කතා බලන අය නම් කියන්න තියෙන්නෙ මහ ලොකු රේටින් මේකට නෑ. එහෙනම් මම ගිහින් එන්නම්.

Hail Marvel!

 

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,075 downloadsDownload Marvel-Rising-Secret-Warriors-2018.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

3,075 downloadsDownload Subtitles46 KB

29 comments

  1. Shiromal

    elama saho..
    Animation ekak denakan balan idye..
    Thanks for sub..
    Good Luck..

  2. Damru Ravihara

    Thanks for subs

  3. Kulanjana Maduranga

    subata thanks saho...

  4. Ayesh Prashan

    Marvel nam aniwa balano.Thank You

  5. Kavinda

    sub akata thanks saho

  6. Ara N Madhu

    Ela ban meka nam..Hithuwe nee dei kiyalaa...thanks alot

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  8. nishannw

    ස්තූතියි සහෝ.ජයම වේවා

  9. subodha

    thanks

  10. kavintha

    thanks!!!!

  11. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  13. aks

    Thanks ...

  14. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  15. ranga11112

    thanzz saho...

  16. Thisara Neo

    thanks

  17. Cj

    තැන්කුයි වේවා

  18. sasala

    thanks sub dunnata

  19. Naveen Rangana

    Thank you very much for Subtitle................

  20. Udara Damith Dissanayaka

    සෙට් එකක්ම තියෙනවා බලන්ඩ
    මාවල් ලා ඉති ඉදලා ඉදලා දෙන ඇනිමේෂන් නියමයිනේ

  21. Dilruk

    Niyamai saho. Elakiri...

  22. sayuru_tharanga

    Godak sthuthi saho

  23. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  24. Sandeepmadushan

    Thanx saho

  25. Amalka Himeshan

    Thanks sub ekata

  26. AsithaDilruwan

    Ela saho thanks

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. amchaminda1996

    nice thanks

  29. scrooge

    ane mata me secret wars eka download karaganna puluwan web site eheka link ekak dannako hoyaganna nane meka
    plz help!!!