Watch Trailer

Jeepers Creepers (2001) Sinhala Subtitles | රාක්ෂයාගෙන් ප්‍රවේසම් වෙන්න! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාලට? හොඳින් ඇති කියලා හිතනවා හැමෝම. සැප්තැම්බර් 6 වගේ බාර ගත්ත උපසිරැසිය ඉවර කර ගත්තෙ අද තමයි. බාගෙට කරගෙන යද්දී පොඩි අනතුරක් හේතුවෙන් කල් දමන්න සිද්ද වුණත් කොහොම හරි ඉවර කරගන්න පුළුවන් වුණා. වෙනදා වගේම මේ උපසිරැසියත් ඔයාලට ගෙනල්ලා දෙන්න සිසිල සහෝ ගෙ අවසරය ලැබුණා. ඉතින් වෙන අටුවා ට…

කොහොමද යාළුවනේ ඔයාලට? හොඳින් ඇති කියලා හිතනවා හැමෝම. සැප්තැම්බර් 6 වගේ බාර ගත්ත උපසිරැසිය ඉවර කර ගත්තෙ අද තමයි. බාගෙට කරගෙන යද්දී පොඩි අනතුරක් හේතුවෙන් කල් දමන්න සිද්ද වුණත් කොහොම හරි ඉවර කරගන්න පුළුවන් වුණා. වෙනදා වගේම මේ උපසිරැසියත් ඔයාලට ගෙනල්ලා දෙන්න සිසිල සහෝ ගෙ අවසරය ලැබුණා. ඉතින් වෙන අටුවා ටීකා නැතුව අපි movie එක පැත්තට යමු.

ඔයාලා මේ movie එක බලලා ඇති අනිවාර්යයෙන්ම. Jeepers Creepers 2ටයි, 3ටයි සිංහල උපසිරැසි වෙබ් අඩවියේ තිබුණට මේ කතා මාලාවේ පළමුවැන්න වන Jeepers Creepers 1 වෙනුවෙන් උපසිරැසියක් තිබුණෙ නෑ. ඉතින් මං හිතුවා ඒ අඩුපාඩුව පුරවන්න. පරණ movie එකක් වුණාට මේ movie එකේ 2යි 3යි බලපු අය දන්නවා මේක කොච්චර සුපිරිද කියලා. අනෙක් එක තමයි මේක මගේ 4වන උපසිරැසි නිර්මාණය. අඩුපාඩු තිබුණොත් මාව දැනුවත් කරන්න හොඳේ. හොඳයි යාළුවනේ එහෙනම් අපි movie එක පොඩ්ඩක් මොන වගේද කියලා බලමු.

අක්කයි මල්ලියි දෙන්නෙක් එයාලගෙ දෙමව්පියන් බලන්න දුර ඈතක තියෙන එයාලගෙ ගෙදරට කාර් එකකින් යනවා. මේ යන්නෙ ටිකක් පාළු හයි වේ එකක. ඔහොම යනකොට මහ අමුතු ට්‍රක් එකක් මෙයාලගෙ කාර් එක පිටිපස්සෙන් පන්නනවා. ඒක හෝන් කර කර මෙයාලව බය කර කර පිටිපස්සෙන්ම එනවා. ඊට පස්සෙ ඒක මෙයාලගෙ කාර් එක පහු කරන් වේගෙන් ඉස්සරහට යනවා. ඉතින් මේ අක්කයි මල්ලියි හිමීට හිමීට ඉස්සරහට යනකොට අර ට්‍රක් එක පාළුවට ගිය පරණ පල්ලියක නවත්තලා තියෙනවා දකිනවා. එතන කලු තොප්පියක් දාපු, කලු ලෝගුවක් ඇඳපු උස හාදයෙක් යම් කිසි දෙයක් කර කර ඉන්නවා. ඒ මොනාද කලේ කියලා ඔයාලා movie එක බලන කොට දැන ගනීවි. කොහොම කොහොම හරි මේ අක්කටයි මල්ලිටයි මේ අද්භූත හාදයාගෙන් ගැලවීමක් නම් ලැබෙන්නෙ නෑ. මේ හාදයා නම් මනුස්සයෙක් නෙවෙයි. එහෙනම් මොකෙක්ද? හරිම අද්භූතයි. බලලම දැනගන්න.

මේ movie එක එන්නෙ 2001 අවුරුද්දෙදි. IMDb අගය 6.1ක් ලබා ගත්තා කියන්නෙ movie එක සුපිරියි කියලා ආයෙත් කියන්න ඕනෙ නෑනෙ. කුණු තක්කාලි අගය 46%ක් ලබාගන්නකොට google එකෙන් 87%ක අගයක් ලබාගන්න මේ movie එක සමත් වුණා. පැය 1යි විනාඩි 43ක් දිවෙන මේ movie එක mystery/horror කාණ්ඩයට අයති වෙනවා. Jonathan Breck කියන නළුවා තමයි මේ movies තුනේම creeper හැටියට රඟපාන්නෙ. Victor Salva ගේ අධ්‍යක්ෂනයෙන් බිහිවන මේ movie එකේ ජනප්‍රියත්වය නිසා 2003දී දෙවෙනි movie එකත්, 2017දී තුන්වන movie එකත් release වුණා. එහෙනම් මේක බලලා අඩුපාඩු කියලා comment එකක් දාගෙනම යන්න කියලා ඔක්කොමගෙන්ම ඉල්ලා හිටිනවා. නැවත හමුවෙනකම් ජය වේවා! මම දර්ශන සමරවීර.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත සඳහා වලංගු වේ.

5,447 downloadsDownload Jeepers.Creepers.2001.Baiscopelk.com_.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-18
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,447 downloadsDownload Subtitles32 KB

19 comments

  1. gihan perera

    මේකේ අනිත් ෆිල්ම් දෙකම බැලුවා..කියලා වැඩක් නෑ..පට්ට...ස්තුතියි පළමු ෆිලුමටත් උපසිරැසි දුන්නට මචෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා.....

  2. යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. kavinuweerakkody

    thnkq mchn

  5. Dara777

    කමෙන්ට් වලට, ස්තූති කිරීම් වලට හැමෝටම බොහෝමත්ම ස්තූතියි.

  6. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  7. Kulanjana Maduranga

    subata thanks saho...

  8. scsamanjith

    PLEASE GIVE JEEPERS CREEPERS 3 SUB

  9. බොබී

    මේ කතාව නම් ඇත්තටම බය හිතෙනවා. මම හිතන්නේ වැඩි හරියක්ම කතාව පුරාවටම තියෙන පාළු ගතිය තමයි ඒකට හේතුව. බැලුවට පාඩුවක් නෑ. සබ් එකට ස්තූතියි සහෝ.

  10. Dara777

    කමෙන්ට්ස් වලට බොහෝමත්ම ස්තූතියි.

  11. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. ranga11112

    thank darshana saho

  13. sasala

    thanks

  14. Naveen Rangana

    Thank you very much for Subtitle...............

  15. Udara Damith Dissanayaka

    එල
    මරු වැdak

  16. Udara Damith Dissanayaka

    නියමයි

  17. AsithaDilruwan

    Ela saho thanks

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.