Watch Trailer

Masthishka Maranam: A Frankenbiting of Simon’s Memories (2026) Sinhala Subtitles | දරුවෙක් වෙනුවෙන් කරන මතකයේ සෙල්ලමක් !’ [සිංහල උපසිරැසි]

Masthishka Maranam (2026) Sinhala Subtitles නියෝ කොචි වල පියෙක් වෙච්ච බිමල් තමන්ගේ නැති වුනු දුවව හොයාගන්න වර්චූවල් මතක සෙල්ලමක් කරනවා. මේ සෙල්ලමේදී නියෝ කොචි වල ප්‍රසිද්ධ මලයාලි නිලියක් වුනු ෆ්‍රීඩා සෝමන් කියන නිළියගේ අතීත කතාන්දරය සහ ඇයගේ සැගවුණු චරිතය ගැන එයා හෙලිදරව් කරනවා. මේක වෙන්නේ කොහොමද? ක…

Masthishka Maranam (2026) Sinhala Subtitles

නියෝ කොචි වල පියෙක් වෙච්ච බිමල් තමන්ගේ නැති වුනු දුවව හොයාගන්න වර්චූවල් මතක සෙල්ලමක් කරනවා. මේ සෙල්ලමේදී නියෝ කොචි වල ප්‍රසිද්ධ මලයාලි නිලියක් වුනු ෆ්‍රීඩා සෝමන් කියන නිළියගේ අතීත කතාන්දරය සහ ඇයගේ සැගවුණු චරිතය ගැන එයා හෙලිදරව් කරනවා. මේක වෙන්නේ කොහොමද? කතාව ස්පොයිල් කරන්නේ නෑ.. බලන්න..

ක්‍රිෂාන්ඩ් නැත්නම් ක්‍රිෂාන්ඩ් R.K.. මේ නම නොනෑහුන කෙනෙක් ඉදියොත් ලෝක පුදුමයක්. මොකද මෙයාගේ වැඩ නම් ඉතින් ලෝක පුදුම වැඩ නොවැ කරන්නේ. උදාහරණයක් විදිහට Purusha Pretham, Aavasavyuham වගේ චිත්‍රපටි බලපු අයට නම් මෙයාගේ වැඩ කිඩ තේරුම් ගන්න පුළුවන්. මේ වෙද්දී Aavasavyuham චිත්‍රපටයේ උපසිරැසි බන්දුල අයියා දීලා තියෙන්නේ. සයිට් එකේ තියෙනවා, හොයලා බලන්නකෝ.

ඉතින් මේ අරන් එන්නේ මගේ උපසිරැසි කාලසිමාවේ වැඩිම කාලයක් ගත්තු උපසිරැසිය. ඉතින් අහන්නත් දෙයක් නෙවෙයි. මොකද අනිත් ඒවට සාපේක්ෂව මේකට කාලය සෑහෙන්න වැය කලේ වෙනස්ම ගනයේ ෆිල්ම් එකක් නිසාමද මන්දා. නමුත් ඔයිට වැඩිය ඉක්මනින් කරන්න ඉඩක් තිබ්බා, නමුත් කාලය හරස් වුණා හැමදේකටම. ඉතින් ‘සමාවෙන්න!’ පරක්කු වූවා නම්!

මලයාලම් සිනමාව එහෙම නැත්නම් මොලිවුඩ් වලින් එලියට පැනපු තවත්, ඒත් කාටවත් හසූ නොවුණු ෆිල්ම් එකක් තමයි මේක. ඇත්තෙන්ම ප්‍රථම වතාවට මේක ඇහුනු වෙලේ ඉදන් ටිසර් ට්‍රේලර් ඔක්කොම වගේ බැලුවත් මේ ලෝක දෙයක් තේරුනේ නෑ කියලා කිව්වොත්? ඇත්තටම ඔව්! කොහෙවත් යන එකෙක්, නිලියක්, ඒ දෙකම එකට සම්බන්ධ වෙලා ලස්සනට ඔලුව කුරුවල් වෙන විදිහේ ෆිල්ම් එකක් මොකක්ද කියලා ඇහුවොත් මෙන්න මේක තමයි උත්තරේ.

එහෙනම් යමු විස්තරේට.

Masthishka Maranam (මලයාලමෙන්: മസ്തിഷ്‌ക മരണം) නැත්නම් Masthishka Maranam – A Frankenbiting of Simon’s Memories කියන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි 27 වෙනිදා නිකුත් කරපු චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය, රචනය, සංස්කරණය සහ සම-නිෂ්පාදනය කරන්නේ ක්‍රිෂාන්ඩ් මයි. නිෂ්පාදනය විනායකන් අජිත්. සංගීත අධ්‍යක්ෂණය Varkeyගෙන්.

රංගනයෙන් නිරංජ් මනියන්පිල්ලා රාජු, රජිෂා විජයාන් (මෙයා කලින් මං දීපු කාලම්කාවල් එකෙත් ඉන්නවා), විෂ්ණු අගස්තයා, ජගදිෂ්, දිව්‍යා ප්‍රභා, සුරේෂ් ක්‍රිෂ්ණා, සන්ටි බාලචන්ද්‍රන්, නන්ධු, රාහුල් රාජගෝපාල් වගේ අය රංගනයෙන් දායක වෙනවා.


                                                             මස්තිෂ්ක මරනම් චිත්‍රපටයේ නළු නිලියන්.

ආදායම සහ පිරිවැය ගැන කොහෙවත් සදහනක් නැතත්, මේ චිත්‍රපටයට ගොඩක් හොද ප්‍රතිචාර ලබාගෙන තියෙනවා.


                                                         මස්තිෂ්ක මරනම් චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර.

විශේෂයෙන් රජිෂා විජයාන්ට විශේෂ තැනක් ලැබිලා තියෙනවා. ඒකට හේතුව එයා මේ චිත්‍රපටය පුරාවටම කරන ඒ විශිෂ්ඨ රංගනය.


රජිෂා විජයාන් වෙනුවෙන් මස්තිෂ්ක මරනම් චිත්‍රපටයෙන් නිර්මානය වූ පෝස්ටර.

බැසිල් ජෝසප්, නිම්ෂා සජයාන්, ලෝකා චිත්‍රපටි අධ්‍යක්ෂක ඩොමිනික් අරුන් සහ දමිල නළු සිද්ධාර්ත් ද මේ චිත්‍රපටය සම්බන්ධයෙන් හොද ප්‍රතිචාර ලබාදීලා තිබුණා.


බැසිල් ජෝසප්, නිම්ෂා සජයාන්, ලෝකා චිත්‍රපටි අධ්‍යක්ෂක ඩොමිනික් අරුන් සහ දමිල නළු                                                 සිද්ධාර්ත් මස්තිෂ්ක මරනම් චිත්‍රපටයට ලබා දුන් ප්‍රතිචාර.

මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 6.8/10කුත්, ගුගල් පරිශීලක අගය 56% කුත් ලබා දීලා තියෙනවා. මේ චිත්‍රපටයේ OTT අයිතිය Netflix විසින් අයිති කර ගනිද්දී එහෙන් මාර්තු 27 වෙනිදා පිටපත් නිකුත් කළා.

මේක ඇත්තෙන්ම කැමරා කොපියකට සබ ගහලා අවසානයේදී සින්ක් කරපු එකක්. ඔයාලා කැමරා කොපිය බලපු කෙනෙක් නම් මේකේ තියෙන සමහර දෙබස් වෙනස් වෙන්න පුලුවන්.

මේ චිත්‍රපටයේ තිරයේ පිටුපස දර්ශනයන් කිහිපයක්.


මස්තිෂ්ක මරනම් චිත්‍රපටයේ තිරය පිටුපස දර්ශනයන්.

* පුළුවන් නම් කමෙන්ටුවක් දාගෙනම යන්න. මොකද ඔයාලගේ කමෙන්ටුව අපිට කරන දිරිගැන්වීමකට හා සමානයි. මොකද මං දන්නා සමහර උපසිරැසිකරුවන් දැන් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ නැත්තේ ඔයාලගේ දිරිගැන්වීම නැති හින්දම. මට වුනත් කමෙන්ට් නැතිනම් කරන්න හිතෙන්නේ නෑ. ඒ හින්දා කමෙන්ටුවක් දාගෙනම යන්ඩ ඈ.

එහෙනම් තව සබකින් ආයේ හමුවෙමු. එහෙනම් ලබන්නා වූ සිංහල දමිල අලුත් අවුරුද්ද ප්‍රේක්ෂක ඔබ සැමටත් බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් සයිට් එකේ උපසිරැසි ලබාදෙන මිත්‍රයින්ටත් පවුලේ හැමෝටමත් ජය සතුට සපිරෙන සුබම සුබ නව අවුරුද්දකට ආසිරි පතන ගමන් එහෙනං ආයේ එන්නං ඈ..!

Masthishka Maranam (2026) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

904 downloadsDownload Masthishka-Maranam-A-Frankenbiting-of-Simons-Memories-2026.zip79 KB

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඕෂද එරංග (Era Boy)” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-12-30

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Masthishka Maranam: A Frankenbiting of Simon’s Memories (2026)  Sinhala Subtitles

Subtitles

904 downloadsDownload Subtitles79 KB

4 comments

  1. Buddhika laKMal

    මේක සුපිරි...
    සබ් දුන්නට තෑන්ක්ස්

    1. Oshada Eranga

      ආදරෙයි බොසා..

  2. Anonymous

    බොහොම ස්තූති උපසිරැසියට සහෝදරයා... ❤️

  3. Isuru

    Ela