Watch Trailer

Maximum Risk (1996) Sinhala Subtitles | නිවුන් සොහොයුරාගේ මරණයට හේතුව සොයා… [සිංහල උපසිරසි] (18+)

Maximum Risk (1996) Sinhala Subtitles කොහොමද යාළුවනේ? ඔන්න අද මම අරන් ආවේ 90 දශකයේ අපේ “ඇක්ෂන් වීරයා” වුණු ජීන් ක්ලෝඩ් වැන් ඩෑම්ගේ තවත් සුපිරි වැඩක්. වැන් ඩෑම්ගේ ෆිල්ම් කිව්වම ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ, ගුටි කෙළියයි වෙඩි තැබීම්වලයි අඩුවක්ම නැහැ. හැබැයි මේක ඒ හැම එකකටම වඩා ටිකක් වෙනස්,…

Maximum Risk (1996) Sinhala Subtitles

කොහොමද යාළුවනේ? ඔන්න අද මම අරන් ආවේ 90 දශකයේ අපේ “ඇක්ෂන් වීරයා” වුණු ජීන් ක්ලෝඩ් වැන් ඩෑම්ගේ තවත් සුපිරි වැඩක්. වැන් ඩෑම්ගේ ෆිල්ම් කිව්වම ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ, ගුටි කෙළියයි වෙඩි තැබීම්වලයි අඩුවක්ම නැහැ. හැබැයි මේක ඒ හැම එකකටම වඩා ටිකක් වෙනස්, කුතුහලය පිරුණු කතාවක්.

විචාරක ප්‍රතිචාර,

  • IMDb අගය: 5.6/10
  • Rotten Tomatoes: 35% 

සිනමාපටයේ තොරතුරු,

  • අධ්‍යක්ෂණය : Ringo Lam
  • ප්‍රධාන නළු නිළියන් : 

  1. Jean-Claude Van Damme (Alain Moreau/Mikhail Suverov)
  2. Natasha Henstridge (Alex Bartlett)
  3. Jean-Hugues Anglade (Sebastien)
  4. Ivan Dzasokhov (Zach Grenier)
  • වර්ගය : Action | Thriller | Crime 
  • ධාවන කාලය : පැය 1 මිනිත්තු 40
  • වියදම : $25 Million
  • මුළු ආදායම : $51.7 Million

​කතාව ගැන පොඩ්ඩක්:

​ප්‍රංශයේ පොලිස් නිලධාරියෙක් විදිහට වැඩ කරන ඇලයින් මොරෝ දවසක් අහම්බෙන් දකිනවා පාරේ සිද්ධ වුණු අනතුරකින් මියගිය කෙනෙක්ව. පුදුමය කියන්නේ, මේ මියගිය කෙනා හරියටම ඇලයින් වගේමයි!

​තමන්ට නිවුන් සහෝදරයෙක් ඉන්නවා කියලා ඒ වෙනකල් දැනගෙන හිටපු නැති ඇලයින්, තමන්ගේ සහෝදරයාට වුණු දේ ගැන හොයන්න තීරණය කරනවා. ඒත් ඒ පස්සේ පන්නද්දී තමයි මෙයාට තේරෙන්නේ තමන්ගේ සහෝදරයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලා. එයා රුසියානු මාෆියාවත් එක්ක පැටලුණු කෙනෙක්.

​මියගිය සහෝදරයාගේ අනන්‍යතාවය අරගෙන ඇලයින් මේ අභිරහස පස්සේ යද්දී, රුසියානු මාෆියාව විතරක් නෙමෙයි, දූෂිත FBI නිලධාරීන් පවා මෙයා පස්සේ පන්නන්න ගන්නවා. ඉතිං ඇලයින්ට තමන්ගේ ජීවිතය බේරගෙන මේ ප්‍රහේලිකාව විසඳන්න පුළුවන් වෙයිද?

නරඹන්නන්ගේ අවධානයට,

​මෙම සිනමාපටය R-Rated ගණයට අයත් වන නිසා, මේකේ පහත දේවල් ඇතුළත් වෙනවා,

  • නිරුවත් සහ ලිංගික දර්ශන
  • දරුණු ප්‍රචණ්ඩත්වය
  • අසභ්‍ය වචන

(මෙය කුඩා දරුවන් සමඟ නැරඹීමට නිර්දේශ නොකරන අතර, වයස අවුරුදු 18න් ඉහළ පුද්ගලයන් සඳහා වඩාත් සුදුසු වේ.)

​එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!

Maximum Risk (1996) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.

363 downloadsDownload Maximum-Risk-1996.zip30 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Maximum Risk Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

363 downloadsDownload Subtitles30 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි නිෂාන් සහෝ සබ්එකට

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!