Watch Trailer

28 Degree Celsius (2025) Sinhala Subtitles | සෙල්සියස් අංශක 28 මත රැදුනු ජිවිතයක් [සිංහල උපසිරැසි සමඟ]

28 Degree Celsius (2025) Sinhala Subtitles ඔන්න අයෙමත් අවා ලස්සන තෙළුගු චිත්‍රපටියකට උපසිරුසියක් අරගෙන 28 Degree Celsius කියන්නේ Romance/Thriller ගණයට අයිති වෙන තෙළුගු චිත්‍රපටියක් මේ ෆිල්ම් එක ගැන කතාකළොත් එහෙම කතාවෙන් මුලින්ම ප්‍රේෂකයාට තේරුම් කරවන අදහස තනිකරම උඩුයටිකුරු කරනවා කතාව අන්තිමේදි. ඒක…

28 Degree Celsius (2025) Sinhala Subtitles

ඔන්න අයෙමත් අවා ලස්සන තෙළුගු චිත්‍රපටියකට උපසිරුසියක් අරගෙන 

28 Degree Celsius කියන්නේ Romance/Thriller ගණයට අයිති වෙන තෙළුගු චිත්‍රපටියක් මේ ෆිල්ම් එක ගැන කතාකළොත් එහෙම කතාවෙන් මුලින්ම ප්‍රේෂකයාට තේරුම් කරවන අදහස තනිකරම උඩුයටිකුරු කරනවා කතාව අන්තිමේදි. ඒක නිසා මුල ඉඳලම බැලුවනම් සුපිරියක් වෙයි. ෆිල්ම් එක මුලින් රොමෑන්ටික් වෙලා , මැද භාගය හොරර් පැත්තට හැරිලා , අන්තිමේදි ත්‍රිලර් ගතියක් අරන් එනවා. ඒකෙන්ම තේරෙනවනෙ කතාව කො⁣හොම එකක් වෙන්න ඇතිද කියලා… “කාර්තික්” සහ “අංජලී” කියන්නෙ ආදරේ කරල කසාද බැඳපු , වෘත්තියෙන් වෛද්‍යවරු වෙන දෙන්නෙක්. මේ දෙන්නගෙන් අංජලීට දුලභ රෝගයක් තියෙනව කියල හොයාගන්නවා. ඒ තමයි අංජලීව සෙල්සියස් අංශක 28 ක නියත උෂ්ණත්වයක් ඇතුලෙ තමයි තියන්න ඕනෙ කියන එක. ඒ කියන්නෙ එයාට ජීවත්වෙන්න පුළුවන් උෂ්ණත්වය ඒක. එහෙම නැති වුනොත් එයාගෙ මුළු ඇඟම අංශභාග තත්වයට ඇවිත් පැය භාගයක් ඇතුළත මියයනවා. ඉතින් මේ ලෙඩේට බෙහෙත් කරන්න කාර්තික් අංජලීවත් අරගෙන ජෝර්ජියාවට යනවා. එහෙදි ටික කාලයක් දෙන්නත් එක්ක රැකියාවත් කරන ගමන් සතුටින් ජීවත් වුණත් කවුරුත් නොහිතපු දේකට මුහුණ දෙන්න මේ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් එහෙනම් ඔතනින් එහාට කතාව ගැන දැනගන්න ඔයාලටම බාරකරනවා අඩුපාඩුවක් තිබුනෙත් සමාවෙන්න ඕනේ. පහලින් කමෙන්ට් කරගෙන යන්න  තවත් උපසිරුසියකින් හමුවෙමු නැවතත් ජයවේවා..

28 Degree Celsius (2025) Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

895 downloadsDownload 28-Degree-Celsius-2025.zip28 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “K.A නුවන් අසේල අරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-03-16

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

28 Degree Celsius Sinhala Subtitles

Subtitles

895 downloadsDownload Subtitles28 KB

1 comment

  1. Buddhika laKMal

    බලපු ලස්සන තෙලිගු මූවි එකක්...
    ස්තූතියි සහෝ උපසිරැසියට....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.