ආයුබෝවන් හැමෝටම. ඔන්න තවත් අළුත් සිනමාපටයකට උපසිරැසියක් අරන් මම අදත් ආවා. මේ මගේ හත්වැනි උපසිරැසිය. ඒ වගේම පළමු දමිළ උපසිරැසිය. මට මේ අවස්ථාව ලබා දුන්න සිසිල සහෝට ස්තූතිවන්ත වෙන ගමන් අපි චිත්‍රපටියට අවධානය යොමු කරමු. ලෙනින් භාරතී කියලා අළුත් අධ්‍යක්ෂකවරයෙක් තමයි මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඒ වගේම…

ආයුබෝවන් හැමෝටම. ඔන්න තවත් අළුත් සිනමාපටයකට උපසිරැසියක් අරන් මම අදත් ආවා. මේ මගේ හත්වැනි උපසිරැසිය. ඒ වගේම පළමු දමිළ උපසිරැසිය. මට මේ අවස්ථාව ලබා දුන්න සිසිල සහෝට ස්තූතිවන්ත වෙන ගමන් අපි චිත්‍රපටියට අවධානය යොමු කරමු.
ලෙනින් භාරතී කියලා අළුත් අධ්‍යක්ෂකවරයෙක් තමයි මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඒ වගේම නිෂ්පාදනය කරලා තියෙන්නේ ජනප්‍රිය දමිල නළු විජේ සේදුපති විසින්. ඉන්දියානු සිනමාවේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ඨ සංගීතවේදියෙක් වන ඉලෙයිරාජා විසින් සංගීතවත් වූ මේ චිත්‍රපටියට IMDB දර්ශකයේ 9.3/10 ක් වගේ ඉතා ඉහල අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටියට කිසිදු ජනප්‍රිය නළුවෙක් හෝ නිළියක් රගපෑමෙන් දායක වෙලා නෑ. රගපාන හැමෝම අළුත් අය. දමිල වුණාට සිංදු 5යි, ගුරුත්වාකර්ෂණ බලය අඩු සටන් ජවනිකා තියෙන චිත්‍රපටියක් නම් නෙමෙයි මේ. ඒ සාම්ප්‍රදායි රාමුවෙන් පිට තනපු සිනමාපටියක් තමයි මේක. හැබැයි එහෙමයි කියලා මේ චිත්‍රපටියට ලැබිලා තියෙන ඇගයීම් වල නම් කිසිම අඩුවක් වෙලා නෑ. සම්මාන උලෙළ රාශියකදී සම්මානයට පාත්‍ර වෙන්න මේ චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා. 2016දී රූ ගත කිරීම් කරලා ඉවරවුණත් 2018 අගෝස්තු වෙනකම් ඉන්න වුණා මේ චිත්‍රපටියේ නිෂ්පාදන කණ්ඩායමට මෙය ප්‍රදර්ශනය කරන්න.
කථාව ගැන කියනවානම් තමිල්නාඩු සහ කේරල ප්‍රාන්ත අතර කදු පන්තියේ ජීවත්වෙන කම්කරු ජනතාවගේ ජීවිත ගැන තමයි මේ චිත්‍රපටියෙන් අවධානය යොමු කරන්නේ. තම ජීවිතය ගැටගහගන්න ඔවුන් කෙතරම් දුක් කම්කටොලු වලට මුහුණ දෙනවාද යන්න මේ සලරුවෙන් මනාව කථා කරනවා. අපේ රටේ කදුකරේ කම්කරුවත් මේ වගේ නේද කියලා මට හිතුණා චිත්‍රපටිය බලද්දී.
ඉතින් වැඩි විස්තර අවශ්‍ය නැහැ. මේ ලස්සන චිත්‍රපටිය බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම සමුගන්නවා තවත් අලුත් උපසිරැසියක් අරන් එන බලා පොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා….!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-HD පිටපත් සඳහා අදාළ වේ.
3,963 downloadsDownload Merku-Thodarchi-Malai-2018.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මේනක හේරත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මේනක හේරත්
Subtitles
21 comments
පැතුම් ඉෂාර
Bandaramudiyansi
අන්න ඔව තම බන් මල්ලි ෆිල්ම් කියන්නෙ ...ඔය කියන එක සුපර්ස්ටර්ල ඉන්න එකක්වත් හරිහමන් කතාවක් නැ... එක්කො ඇග පෙන්වයි.. නැත්නම්... එකෙක් ගහයි 100කට විතර... මොනවද අප්පෙ ඒ ෆිල්ම් .... මෙවගෙ ලස්සන ෆිල්ම් එකක් ගෙනාවට ස්තුතිය ...
big dog
Mara 2018 Move ekata sub dennako please
kapilakumara
Thanks machan
Lalani Maduwanthi
Godaaak pin
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
subata thanks...keep it up...
Thilina Chamara
Thank you
Saranga J. Liyanagama
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
Suresh Madhusanka
උපසිසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ....
harshani11112
ස්තුති සහො
Bandara 1976
ගුරුත්වාකර්ෂණ බලය අඩු සටන් ජවනිකා තියෙන චිත්‍රපටියක් නම් නෙමෙයි..උපසිසිරැසියට ගොඩාක් ස්තූතියි
Navee
thanks bro.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavinuweerakkody
thankq aiye sub ekt!!
jaya wewa!!Indika_Indika
Chal mohan ranga film eke sub denna puluwanda???
supun priyanath
bohoma Thanks Sub eka Laba Dunnata
Digata Tamil Film Walata Sub DennaN_R
Thank You..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති යාලුවා...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබට තුති!!! ඔබට ජය!!!