Watch Trailer

Next Gen (2018) Sinhala Subtitles | රොබෝ කෙනෙක් තමයි.. හැබැයි මනුස්ස හදවතක් තියෙන..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! එකදිගට දීගෙන දීගෙන ගියපු සීරීස් ටික නිසා කට්ටිය දැන් හොල්මං වෙලා ඇත්තෙ නේහ්.. එහෙම තමයි බයිස්කෝප්.. ඒකනෙ අපි හැමෝගෙන්ම එක වෙන්නෙ.. කොහොමහරි ඔන්න ඉතිං ටීවී සීරීස් වලටම දායක වෙන්න ගිහින් සෑහෙන අමාරුවේ වැටුණු මමත් යන්තං සීරීස් ටික දීල පොඩ්ඩක් නිදහස් වුණා විතරයි. නිදහස් වුණා කියල හි…

ආයුබෝවන් යාළුවනේ..! එකදිගට දීගෙන දීගෙන ගියපු සීරීස් ටික නිසා කට්ටිය දැන් හොල්මං වෙලා ඇත්තෙ නේහ්.. එහෙම තමයි බයිස්කෝප්.. ඒකනෙ අපි හැමෝගෙන්ම එක වෙන්නෙ.. කොහොමහරි ඔන්න ඉතිං ටීවී සීරීස් වලටම දායක වෙන්න ගිහින් සෑහෙන අමාරුවේ වැටුණු මමත් යන්තං සීරීස් ටික දීල පොඩ්ඩක් නිදහස් වුණා විතරයි. නිදහස් වුණා කියල හිතුවට එහෙම වුණේ නෑ.. මම මේ අද අරගෙන ආව සජීවීකරණ සිනමා කෘතිය විකාශනය වෙන්නත් කලින්ම හසා අයිය මට වෙන් කරල දුන්න. ඒ අස්සෙ තමා Terror, Castle Rock, Luke Cage, Iron Fist ඔන්න ඔය සීරීස් ටිකට හිර වුණේ. කොහොමහරි ඒ ටික ඉවර කරන්න කලින් මේකත් විකාශනය වුණා. ඒත් සීරිස් එකක් කියන්නෙ එකකට පස්සෙ එකක් අනිවාරෙන් කතාංගය ලබා දෙන්න ඕන එකක්. ඒ නිසා ඒ ටිකට මූලිකත්වය දීල ඉවර කරල තමයි මේකට අතගහන්න වුණේ. කොහොමනමුත් මේක විකාශය වුණේ සැප්තැම්බර් 07. ඒ කියන්නෙ මීට සතියකට කලින්. ඉතිං මේකෙ උපසිරැසිය අරගෙන එන්න සතියක් ප්‍රමාද වුණේ සීරීස් ටික ඉවර කරන්න වුණු නිසා. කොහොමහරි සතියකට පස්සෙ ඔන්න Next Gen 2018 සඳහා උපසිරැසිය අරගෙන එන්න මට හැකි වුණා. ඉතිං මේක මට වෙන් කරල දුන්නු හසා අයියව මේ වෙලාවෙ ගෞරවයෙන් සිහිපත් කරන්න සහ ස්තූතිවන්ත වෙන්න ඕනෙ.

එහෙනම් කතාව පැත්තට ටිකක් හැරිල බලමු. “මේයි” කියන්නෙ පුංචි කාලෙම එයාගෙ තාත්ත දාල ගියපු කෙනෙක්. ඒ සිදුවීමෙන් පස්සෙ මේයිගෙ අම්මත් පාලුව මකා ගන්න රොබෝල එක්ක තමයි ජීවිතේ වැඩි කාලයක් ගත කළේ.. ඉතිං මේයි ටිකක් ලොකු මහත් වෙනකොට මේයි ලඟ ඉන්න එකම හිතවතා “මොමෝ” කියන බලු පැටිය විතරයි. දවසක් මේයි අම්ම එක්ක යනව IQ රොබටික් කියල ලොකු රොබෝල හදන ස්ථානයකට. එතනදි තමයි මේයිගෙ ජීවිතේ හැරවුම් ලක්ෂය සනිටුහන් වෙන්නෙ. ඒ යම් සිදුවීමකින් ඇයට “මෝඩ රොබෝ” හමුවෙන නිසා. ඒ හමුවීම හරි අපූරු හමුවීමක්. බලන්නකො ඒක වෙන විදිය. කොහොමහරි මෝඩ රොබෝ එක්ක මේයි ගිවිසුමක් ගහ ගන්නව. හැබැයි මේ දෙන්නගෙ සංයෝජනය නම් ටිකක් විනාශකාරීයි. කාලෙත් එක්ක ජස්ටින් පින් කියන අර මම මුලින් කිව්ව රොබෝල හදන තැන අයිතිකාරය ලෝකෙට ලොකු විනාශයක් ගෙනල්ල ලෝකය රොබෝ පාලනය යටතට ගන්න උත්සාහ කරනව.. ඒ විතරක් නෙවෙයි ඔහු ඒකට දරුණු සැලසුමක් දියත් කරනව. ඒ සැලසුම මොකද්ද? ඒ සැලසුමට එරෙහිව ඒ ආයතනයේම වැඩ කරපු රොබෝලව නිෂ්පාදනය කරන විද්‍යාඥයෙක් රහස් සැලසුමක් හදල තියෙනව. ඒ සැලසුම මොකද්ද? ඒක ක්‍රියාත්මක කරන්නෙ කොහොමද? හැබැයි මේ හැමදේකම අවසානය ආපහු මුලටම එන්න වෙන සිදුවීමකින් අවසන් වීම තමයි ඇත්තටම කණගාටුවට කරුණ.. ඔය ඔක්කොටම උත්තර මේ අපූරු සිනමා කෘතිය ඇතුළෙ අන්තර්ගතයි.

IMDb හි ප්‍රේක්ෂක මනාප 3500කට ආසන්න ප්‍රමාණයකින් 6.8/10ක ඉහළ ප්‍රතිචාර ලබාගත් Animation, Action, Adventure, Comedy වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටිය විකාශය කලේ අපි හැමෝම බොහොම ආදරේ කරන Netflix ආයතනය. පැය 1 විනාඩි 46ක ධාවන කාලයක් පුරා එක හුස්මට බලල ඉවර කරන්න හිතෙන විදියට මේක නිර්මාණය කරල තියෙනව. ඉතිං තව එක සජීවීකරණ සිනමාවක් හසා අයිය මට බාර දුන්න.. ඒකත් ඉක්මනට අරගෙන එනවා කියන පොරොන්දුව ලබා දෙමින් මම ගිහින් එන්නම්..

ජය වේවා..!

“Friendship is the ultimate upgrade”

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

11,058 downloadsDownload Next-Gen-2018.zip43 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදයංග සම්පත්

Subtitles

11,058 downloadsDownload Subtitles43 KB

61 comments

  1. bgiprasad

    Thnx bro

    1. bgiprasad

      Bad cat sub eka ona

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් ඉක්මනට හමුවෙමු...
    ජය

    පුලුවන්නම් මචෝ Lucifer S03E25,26 සබ් කරලා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්..

  3. Ravindu Rukshan

    Thx

  4. kapilakumara

    Thanks machan

  5. Hiran Eranda

    Tnx

  6. sunilmadu

    Fatta film ekk wage ...man asama animation walata
    .me wage thawath godak animation walata sub genna puluwan wenna kiyala subapathanawa....bs bro

  7. Shan

    බොහොම ස්තූතියි උදයංග සහෝ සිංහල උපසිරැසියට.. ;)
    ජයවේවා!

  8. පැතුම් ඉෂාර

    ස්බට තුති!!! ඔබට ජය!!!

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. NuwanK

    Thank u bro...

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..BR ආව ගමන් බලමු..බුදුසරණයි..ජය වේවා!

  12. saduhiru1

    thanks saho........

  13. Milind@

    Thanks saho

  14. Kulanjana Maduranga

    subata thanks ....

  15. Ayesh Prashan

    Thank You

  16. Suresh Madhusanka

    Thanks shodaraya........

  17. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  18. Chanu mikhail

    thank you , bro , jaya...!!

  19. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මේක download කරලා හිටියේ සබ් එක එනකම්...
    TV series ටිකනම් සුපිරි වේගෙන් සබ් දුන්නේ...

  20. aks

    Thanks...

  21. harshani11112

    Niyamai...ස්තුති සබ් එකට

  22. Nilush Angana

    Sub ekata thanx

  23. D.Chamara

    niyamai sahooo niyamai . sub ekata bohoma sthuthi

  24. Thilina Jayarathna

    Scooby Doo and the Gourmet Ghost (2018) 720p WEB-DL menna mekath dpan macan

  25. Lahiri

    thankz saho

  26. tharindu jayasekara

    thanx boss good job

  27. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියිබොහොම ස්තූතියි

  28. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  29. Anton priyahantha

    Thank you!

  30. Jana

    Thanks saho!

  31. PasinduDeshan

    Thnx saho sub ekata

  32. චරිත් අකලංක

    Ft brother

  33. Randi

    ස්තූතියි උදය... ජය වේවා!

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Sanath Indika

    thx broo

  36. kaweesha kalyana

    එලම සහෝ...

  37. Chamodvishwantha

    Thanks bro✌️✌️✌️

  38. Waruna Dasun

    thank you very much...

  39. Rashmika dumidu

    Thanks bro

  40. nalin.kumara0510

    Thanks bro good luck.

  41. lighthouse american

    සබට ගොඩක් පිං සහෝ.. වෙබ් සයිට් එකේ අවුලක්ද කිසිම නමක් කොපි කරන්න බැහැ.. ඇයි ඒ?

  42. Eranda Malith 2.0

    Thanks mcn sub akata

  43. futureomega

    thanks for the sub

  44. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......

  45. ashan445537

    Elama bro

  46. Sajithlakshan

    thanks bro ..................

  47. joh

    digatama karagena yanna...thanks a lot..

  48. Janithsapugoda

    Thanks bro

  49. yeshu

    tnx

  50. Damru Ravihara

    සබට ස්තූතියි

Load more comments