Watch Trailer

Midnight Sun (2006) with Sinhala Subtitles | සදට පෙම්බැදි මා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 17 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේකත් ජපන් – චිත්‍රපටියක්. මේක 2006 තිරගත උණු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ Norihiro Koizumi විසින්. මේ චිත්‍රපටියේ රගපාන ගැහැනු ළමයා වන්නේ ජපානයේ දක්ෂ ගායිකාවක් වන Yui තරුණියයි. මේ චිත්‍රපටියේ ඉතා ලසන්න සින්දු…

Midnight Sun (2006)

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 17 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේකත් ජපන් – චිත්‍රපටියක්. මේක 2006 තිරගත උණු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ Norihiro Koizumi විසින්. මේ චිත්‍රපටියේ රගපාන ගැහැනු ළමයා වන්නේ ජපානයේ දක්ෂ ගායිකාවක් වන Yui තරුණියයි. මේ චිත්‍රපටියේ ඉතා ලසන්න සින්දු 3ක් තියෙනවා. මේ හා බැදුණු ජපානයේ ඉතා ජනප්‍රිය managa කතා මාලාවකුත් තියෙනවා. (Manga යනු ජපානයේ ඉතා ජනප්‍රිය කාටුන් මාලාවක්). ඊට අමතරව මේ චිත්‍රපටියේ සාර්ථකත්වය හා තේමාව අනුව ඇමෙරිකාවෙත් Mid Night Sun යන නමින්ම චිත්‍රපටියක් නිර්මාණය කරලා තියෙනවා. එක තිරගත්වන්නේ 2016 වර්ශයේදී. මේ චිත්‍රපටියේ සින්හල උපසිරසි කොටස් දෙකකට තියෙන්නේ, හේතුව චිත්‍රපටිය කොටස් 2 කට තියෙන නිසා. මම direct link එකක් විදියටත් චිත්‍රපටිය upload කරලා link එක දාලා ඇති. මේකේ torrent file එක download කරගන්න පුළුවන් www. torrentfunk.com එකේ තියෙන Mid Night Sun 2006 (1.4 Gb) ලින්ක් එකෙන්. කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දුන් සියලු දෙනාටම ස්තුති වෙනවා. මගේ සියලු චිත්‍රපටිවල තියෙන සින්දු අන්තර්ජාලයේ සොයාගන්න පුළුවන්.

මේහි ඉන්න තරුණියට හිරු එලියට නිරාවරණය වීමේ හැකියාවක් නැහැ. ඊට හේතුව ඇයට උපතින්ම රෝගයක් හටගෙන තිබීමයි. ඇයගේ සියලු ගමන් තියෙන්නේ රැ කාලයේදී විතරයි. ඇය ඉතාමත් කැමති ගිටාර් එකත් එක්ක සින්දු ගායනා කිරීමයි. දහවල් කාලයේදී ඇය නිදාගන්නවා. මේ අතරේ ඇය කලින් ඉදන්ම බලාගෙන හිටිය උසස් පාසලේ ඉගෙන ගන්නා තරුණයෙක් ඇයට රැ කාලයේදී මුණගැහෙනවා. ඊට පසු මේ දෙදෙනා ආදරය කරනවා. නමුත් තරුණයා ඇයගේ රෝගය ගැන දැනගන්නේ කාලයකට පස්සේ. ඔහු ඇයගේ ගායනා හැකියාවන් වලට උදව් කරනවා. අපි එහෙනම් බලමු, ඔහුන්ගේ ආදරයට කුමක් ද වෙන්නේ, තරුණියගේ ගායනා හැකියාවන්ට මොකක්ද වෙන්නේ, දෙදෙනාගේ ආදරය ජයගනිවිද? වෙන දෙයක් සිදුවේවිද? එහෙනම් ඉක්මනින් තව චිත්‍රපටියකින් හමුවෙමු. ජයවේවා.

Miracle of Giving Fool (2008)_YouTube

Midnight Sun (2006) on IMDb

Midnight_Sun_(2006)_(Wikipedia)

 

 

1.40 MB (DVDRip) Direct Link කොපිය මෙතනින් බාගන්න 1.40 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න A6A1299254AD02292C6F5370F3F959EA82E27867 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles

1,625 downloadsDownload Midnight-Sun-2006.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/559926_10151470234816259_1563765772_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලසන්ත W.C

Subtitles

1,625 downloadsDownload Subtitles30 KB

29 comments

  1. Kulanjana Maduranga

    niayamai…menna banawa...thanks LASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. iNdu

    uba dena movies supiri bng.mama okkama bawa uba dipuwa.digtama japan/korian ewama damu jaya wewa

    1. w.c.lasantha

      thx ... v vil hv som new movies by next week..

    2. Tarzan

      නියමයි මචෝ... කොයි ලෝකෙන්ද මේවා හොයා ගන්නේ? :O උඹ දුන්න ෆිල්ම් දෙකක් බැලුව, පට්ට :D තව ෆිල්ම් සෙට් එකක්ම තියනවා නෙහ්.. ඒටිකත් බාන්න කියල තමා හිතාගෙන ඉන්නේ :D

  3. Soori

    බොහොම ස්තුතියි ලසන්ත සහෝ මේ ලස්සන චිත්‍ර‍පටයටත් උපසිරැසි දුන්නට....
    ඔබගේ කාලය හා ශ්‍ර‍මය අප වෙනුවෙන් කැප කිරීම වෙනුවෙන් නැවත නැවතත් මාගේ ස්තුතිය....!!!

  4. nion

    බොහොම ස්තූතියි! මෙක නම් දෙයි කියලා හිතනකොටම තමයි දුන්නෙ. සුපිරි !!

  5. kavinda

    . අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්ර යෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    සුබපැතුම්

    නියම කතාවක් මේක ඔන්න ගත්තා. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . වේගෙන්ම දෙමු.
    . සදා ජය පතනවා. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
    මුලින්ම thnxz අන්තිම sub එක ඉක්මනට දුන්නට. . මෙක හරිම ලස්සන කතාවක්.. තව ලස්සනම ලස්සන Korean love story එකක් ඉක්මනටම ඕනා.. අපිට දිගටම sub දුන්නට ගොඩාක් ස්තූතී.. බුදුසරණයි

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. රොයිලි

    බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. pabasara

    thaxx sub ekata.aith digatama sub denawata thaxx karanawa.

  9. pabasara

    download wenne nah ne.

    1. w.c.lasantha

      u can try now.... or u can try the direct link......

  10. Sanath Perera

    සුපිරිම තමා ඉතින්...
    බොහොම ස්තූතියි සහෝ සබ් එකට...
    ජපන් ෆිල්ම් නම් ඉතින් අනිවා තමා..

    ප.ලි.
    "මේක 2006 තිරගත උණු චිත්‍රපටියක්." - උණු උණුවෙම ආපු එකක් වගේ නේ... පිච්චෙන එකක් නෑ මගෙ හිතේ...
    හෙ හෙ හේ... ;) (විහිලු විතරයි ආ...) :) :) :)

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. shan

    නියමයි!
    බොහොම ස්තුතියි සබ් එකට ලසන්ත සහෝ.. :D
    Parasyte Part 1, 2
    මේ කොටස් දෙකම ගොඩක් හොඳයි.
    1 කොටස ආව‍ෙ 2014 දි, අනිත් කොටස 2015 අවුරුද්දෙ තමයි release කලේ.
    දැනට ජපානයෙ විතරක් නෙමෙයි ලෝකෙම අවධානය දිනාගත්ත film 2ක් කිව්වොත් හරි.
    මේකේ manga series එකත් ගොඩක් ජනප්‍රියයි..
    එහෙනම් ඉතින් පුලුවන්නම් මේ japan film දෙකට sub කරන්න try 1ක් දෙන්න. ;)
    මගේ අනිත් request ගැනත් අමතක නෑනෙ.. :)
    ජය වේවා!!

    1. w.c.lasantha

      elaz

  13. janith

    Thanks saho..

  14. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    එලස්
    නියමයි නියමයි සහෝ
    එල කතාවක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයනේ ජයම වේවා !

  15. Ras

    බොහොම ස්තූතියි!

  16. Tharindu Randika

    Thankz bro uba sub denakan balahena inne

  17. නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි ලසන්ත අයියා. ජය වේවා෴

  18. Ishan Madusha

    saho digatama manga movies walata sub demu.

  19. Tharanga

    Thanx bro

  20. malith

    Ela ela

  21. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  22. Anonymous

    zip eka open karann ba bro poddak balann

    1. Nirmal Vimukthi

      ඒ ප්‍රශ්නය හරිගැස්සුවා සහෝ...

  23. Bigumal

    zip eka open wenee na bro poddak balann

    1. Nirmal Vimukthi

      ඒක හරිගැස්සුවා සහෝ...