Watch Trailer

Mortal Kombat: Annihilation (1997) | මාරක යුද්ධය: සමූල ඝාතනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දෙවැනි සබ් එකත් එක්ක ආයෙත් ඔයාල හම්බවෙන්න ආවා. මේක සුප්‍රසිද්ධ Mortal Kombat කියන වීඩියෝ ක්‍රීඩාව ඇසුරෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. මේ වෙනකොට Mortal Kombat ෆිල්ම් 03 ක් නිකුත් වෙලා තියෙනවා. මේක දෙවැනි එක. අනිත් දෙකටම සබ් බයිස්කෝප් එකේ දීලා තියෙනවා. ඒ නිසයි මම මේක තෝරගත්තෙ. මේ ෆිල්ම් එක…

mortal kombat annihilation

ඔන්න මගේ දෙවැනි සබ් එකත් එක්ක ආයෙත් ඔයාල හම්බවෙන්න ආවා. මේක සුප්‍රසිද්ධ Mortal Kombat කියන වීඩියෝ ක්‍රීඩාව ඇසුරෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. මේ වෙනකොට Mortal Kombat ෆිල්ම් 03 ක් නිකුත් වෙලා තියෙනවා. මේක දෙවැනි එක. අනිත් දෙකටම සබ් බයිස්කෝප් එකේ දීලා තියෙනවා. ඒ නිසයි මම මේක තෝරගත්තෙ.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ John R. Leonetti. මේක 1997 දි තිරගත වෙච්ච Action, Adventure, Fantacy වර්ගයට අයිති ෆිල්ම් එකක්. මේකට IMDB වල රේටින්ග්ස් ලැබිලා තියෙන්නෙ 3.6 ක් විතරක් වුණාට ඒ කාලෙ හැටියට ‍මේකෙ Graphics වල එහෙම වරදක් නෑ.

මේකෙ කතාව තියෙන්නෙ වෙනත් ලෝකෙක ඉඳලා පෘථිවිය ආක්‍රමණය කරන්න හදන කණ්ඩායමකින් පෘථිවිය ආරක්ෂා කරන්න උත්සාහ කරන ආත්මාරක්ෂක සටන් කලාව ප්‍රගුණ කරපු කණ්ඩායමක් ගැනයි. Mortal Kombat කියන්නෙ ආත්මාරක්ෂක සටන් තරඟාවලියක්. Mortal Kombat මුල්ම ෆිල්ම් එකේදි ලියූ-කෑන්ග් කියන සටන්කරුවා විසින් Mortal Kombat තරඟාවලිය දිනලා පෘථිවිය ආක්‍රමණය කරන්න හදපු ෂෑන්ග් ත්සුන්ග්ව පරාජය කරලා එහෙ ඉඳලා අපේ ලෝකෙට එන්න තියෙන දොරටු වහල දානවා. මේ ෆිල්ම් එක පටන්ගන්නෙ ඒ දොරටු විවෘත කරගත්ත ෂැවෝ-ඛාන් කියන සාහසිකයා පෘථිවිය ආක්‍රමණය කරන්න හදන එකෙන්. දවස් 06 ක් ඇතුළත ඔහුව නැවැත්තුවෙ නැත්තන් පෘථිවියෙ පාලනය ෂැවෝ-ඛාන්ට නතු වෙනවා. ලියූ-කෑන්ග්, රෙයිඩන්, සොන්යා, කිටානා, ජැක්ස් ඇතුළු කණ්ඩායමට සිද්ධ වෙනවා දින 06 කට ඉස්සෙල්ලා ෂැවෝ-ඛාන්ගෙ මැරයින්ව නවත්තන්න. ඔවුන්ට ඒක කරන්න හැකිවෙයිද? ෂැවෝ-ඛාන් පෘථිවිය අල්ල ගනියිද? මේවට උත්තර හොයාගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. දැන් ඉතින් සිංහල සබ් එකකුත් තියෙන නිසා බලන්නත් පුළුවන්නෙ.

මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න. ඒ වගේම ඔයාලගේ පොඩි පොඩි කමෙන්ට් අපිට හරියට වටිනවා. එකෙන් අපි තවත් මේ වගේ වැඩ කරන්න ධෛර්යමත් වෙනවා. ඒ නිසා සබ් එක එක්ක ෆිල්ම් එක බැලුවට පස්සෙ ඔයාලගෙ අදහස් දාන්නත් අමතක කරන්න එපා. මොකද අපේ මහන්සියට ලැබෙන එකම ලාභය ඒක විතරක් නිසා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකටත් ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

Mortal Kombat: Annihilation (1997) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

ad56e8f97948c9fc5144d3d3c86bba072ac0e989

1.4 GB කොපිය මෙතනින් බාගන්න

b59206de02d2922e0bec768e238a94084cd6759a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,375 downloadsDownload Mortal.Kombat.A.1997.baiscopelk.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/එන්.විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

1,375 downloadsDownload Subtitles53 KB

22 comments

  1. ශාන් විමුක්ති [විමා]

    නියමයි
    බොහොම ස්තුතියි උපසිරසට සහෝ :)

  2. sf

    මට හිතෙන විදිහට ට්කක් අලුත් ෆිල්ම් වලට සබ් දෙමු නෙද

    1. එන්.විජිත අසංක

      අළුත් ඒවට ගොඩක් කට්ටිය සබ් දෙන නිසයි ඒවගේම ඒව ඉක්මනට දෙන්නත් වෙන නිසයි මම පරණ ඒව දැම්මෙ. ඒත් ඉදිරියෙදි අළුත් ඒව දෙන්න බලන්නම්. දැනට 2011 දි නිකුත් වෙච්ච ෆිල්ම් එකක් කරන්න භාරගෙන තියෙනවා. කොහොම වෙතත් අදහසට ස්තූතියි.

  3. කැලුම් ගුණසේකර

    ගේම් එක සෙල්ලම් කරාට මේක බලලා නෑ නේ? ස්තූතියි උපිසරැසියට. ඊළග උපසිරැසියෙන් මුණගැහෙමු.

  4. hasitha

    pattta bro

  5. dilshan

    ela,thanks

  6. nishan

    patta macho

  7. sam

    ele ele

  8. Kulanjana Maduranga

    niyamai...subata thanks VIJITHA saho...digatama sub denn.jaya wewa.............

  9. ඉසු ඩිපි (Isu DP)

    නියමයි විජිත සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  10. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  11. Jack

    ස්තුතියි මචෝ.

  12. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. අදිත ප්‍රවීන්

    නියමයි සහෝ !
    දිගටම උපසිරැසි දෙන්න
    සුභ පතනවා !
    :D

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  15. රොයිලි

    බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

  17. chamika dilhara

    නියමයි මචං......එල

  18. Prabhasoft

    thanks bro....

  19. Dewadithya

    Thanks for Sub!

  20. Anonymous

    Thanks bro..

  21. Shaggy

    බොහොම ස්තූතියි