අද අරගෙන එන්නේ බොලිවුඩ් ක්‍රියාදාම සහ ත්‍රාසය පිරිපුන් චිත්‍රපටියක්. අටුවාටිකා නම් ලියන්න ඕනේ නැති වෙයි, මොකද බොලිවුඩ් රසිකයෝ හැමෝම මේ චිත්‍රපටය ගැන දන්න නිසා. ඉතින් දැන් මම කියන්න හදන්නේ ඔයාලා ඒ දන්න චිත්‍රපටිය ගැන නොදන්නා කථා ටිකක් තමයි මේ කියන්න හදන්නේ. ඉන්දියානු රු. බිලියනයක් නැතිනම් ඇමරිකානු ඩ…

අද අරගෙන එන්නේ බොලිවුඩ් ක්‍රියාදාම සහ ත්‍රාසය පිරිපුන් චිත්‍රපටියක්. අටුවාටිකා නම් ලියන්න ඕනේ නැති වෙයි, මොකද බොලිවුඩ් රසිකයෝ හැමෝම මේ චිත්‍රපටය ගැන දන්න නිසා. ඉතින් දැන් මම කියන්න හදන්නේ ඔයාලා ඒ දන්න චිත්‍රපටිය ගැන නොදන්නා කථා ටිකක් තමයි මේ කියන්න හදන්නේ. ඉන්දියානු රු. බිලියනයක් නැතිනම් ඇමරිකානු ඩොලර් මිලියන 16 ක බරපැණ දරා නිපදවන ලද මේ චිත්‍රපටිය 2009 දී මේ නමින්ම තිරගත වුණු තෙලිගු චිත්‍රපටියේ නැවත නිපැයුමක්. ඉතින් එහෙම වුනා කියලා මේ චිත්‍රපටිය ඒකෙ නිෂ්පාදන වියදම අපතේ යන්න නම් දීලා නෑ. මොකද මේ චිත්‍රපටිය මේ වන විට ඉන්දියානු රු, බිලියන 3.8 ක් නැත්නම් ඇමරිකානු ඩොලර් මිලියන 62 ක් උපයගෙන ආදායම් වාර්ථා රැසක් පිහිටවපු නිසා. ලෝකය පුරා තිරගත කොට ඉන්දියානු රු. කෝටි 395ක අදායමක් ලබා ගනිමින් ඒ අංශයෙන් තුන් වන තැන අරගනිද්දී ඉන්දියාවේ තිරගත කොට ඉන්දියානු රු.කෝටි 213 ක් ලබා ගනිමින් ඒ අංශයෙන් දෙවන තැනට එන්න මේ සළරුව සමත් වුණා. ඒවගේම Sajid Nadiadwala කියන කෙනා බොහොම මෑතකදී තිරගත වුනු Heropanti, 2 States, Highway වගේ චිත්‍රපටි වලට නිෂ්පාදන බර පැන දැරුවත් අධ්‍යක්ෂවරයෙක් විදියට මේ ඔහුගේ පළමු වෑයම.
ඉතින් මේ චිත්‍රපටිය අපිටත් ටිකක් වැදගත්. මොකද අපේ කියන නමකුත් මේකට ඈඳිලා තියන නිසා. ඒ තමයි ජැක්ලීන් ෆ්නෑන්ඩසන් කියන නිළිය. ඒ වගේම ඇය සමඟ රංගනයට දායක වෙලා තියෙන්නේ බොලිවුඩයේ ඉහළින්ම වැජඹෙන ඛාන් තුන් කට්ටුවේ එක නමක් වන සල්මන් ඛාන්.ඉතින් මේ දෙපල විසින් මේ චිත්‍රපටිය තිරගත වෙන කාලය අතරතුර මවපු කතා නිසාද මන්දා මේකට තවත් ප්‍රසිද්ධිය වැඩි වුණා.
ඉතින් මේ කතාවේ එන විදියට ශයිනා (ජැක්ලීන්) පෝලන්තයේ ජීවත් වන මනො චිකිත්සිකාවක්. ඉතින් ඇයගේ තාත්තා විසින් රැගෙන එන යෝජනාවක් අනුව හිමන්ශු ත්‍යාගි (රන්දීප් හූඩා) මේ දෙන්නා දුම්රියකදී මුණගැහෙනවා. එතනදී තමයි ඇය හිමන්ශුට අයගේ කලින් පෙම්වතා වන දේවි ලාල් සින්ග් (සල්මන්) ගැන කියන්නේ. දේවි කියන්නේ ගොඩක් බුද්ධිමත්, ඕනෙම වැඩක් පුළුවන් ඒත් රණ්ඩු වලට බර දඟකාර තරුණයෙක්. ඔහුට ඕනේ නිතරම “කික් එකක්-නව පණක්” නැත්නම් මොනවහරි අලුත් දෙයක් කරන්න. ඉතින් ඔහු මේ වන විට සමාගම් 32 ක වැඩ කරපු තරුණයෙක්. ඉතින් ශයිනා ඇයගේ යාලුවට පැනලා යන්න උදව් කරන්න හදද්දී තමයි දේවි මුණගැහෙන්නේ, මොකද දේවිගේ යාළුවා එක්ක තමයි ශයිනාගේ යාලුවා පැනලා යන්න හදන්නේ. ඉතින් දේවි මේ දෙන්නා බන්දන්න දේවාලෙකට එක්කගෙන යනගමන් පොඩි කික් එක්කටත් එක්ක කියලා ඇයගේ අම්මටත් දේවාලෙට එන්න පාර හදලා දෙනවා. ඒත් ඉතින් අපේ කතා නායිකාව නම් දේවි කරන මේ වැඩ වලට වැඩි කැමැත්තක් පෙන්නන්නේ නෑ. ඉතින් ඇය කරන්නේ ඩේවි පොලීසියට අල්ලලා දෙන්න ප්ලෑන් එකක් හදන එක. ඔන්න එහෙනම් ඔයාලට බාරයි ඉතුරු ටික……..ජයවේවා!!
“ ‘කික් එකක්’ නැති ජීවිතය, විවරය ඇති තැන දන්නා එහෙත් ගොඩ එන හැටි නොදන්නා වළක් මෙන් වනු ඇත”
680 MB (BR) කොපිය මෙතනින් බාගන්න
02C9B6DFF01C5D4DC65E7E27C914D1476FFBBB7E700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
9F65E303DDF9DA6A8E07966E239EF31E666124081.09 GB (BR) කොපිය මෙතනින් බාගන්න
52A447A8E7FA31BC5C2FAC406D0CB0A4BE69762D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
26,349 downloadsDownload Kick-2014-BR.zip356 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
135 comments
Deshan
Nuwan
Video quality eka hodai da machan ???
thilina
thanx saho
wajira
thanks meka dipu akata mechchara ikmanata .....welldone
prasad
onna mamath bewa.. niyamai saho
නලින්
ස්තුතියි සැමියෝ.. මෙක එනකල් බලාගෙන නොවැ කස්‍ටියම හිටියේ..
ජය වේවා!
iduwara
patta shahoooooooooooo.. mru wedak.... jaya wewa...
dushan
ela
Sam
thnks sahooo...sub eka denakn baln hitiyee..superrrb..
elzzzz...sachi
thnko saho enkm balgena htye... :*
ලක්ෂාන් නිලංක
අම්මට සිරි බඩු ඉක්මනට දීලනෙ.....සබට බොහොම තුති සමීර සහෝ....ජය වේවා.....!
era
superb. Enakan hitiyeee patta !
lakshan fernando
thanks sahoo jaya wewa.....
Kumara
බොහොම ස්තුතියි උපසිරසියට
Lakshan
thnx sahooo
Saketha Pulasthi
මේ තියෙන්නේ නියම ෆිලුමක්. උපසිරසියට බොහොම ස්තූතියි :)
man
720 p nweida??
Aviya
hamme thanks machanlaaaaaaaaaaaa
ishara
එල එල සමීර සහෝ ඔය දිලා තියෙන්නේ භාන්ඩේ තැන්ක් යු සහෝ සබ් එකට
sanka
niyamai kollo eye torrent eka dakke ada sub dila thanks
චාරුක අයියා
පට්ට............
බොහොම ස්තුතියි උපසිරසියටgayan wilkinson
gud job man !!
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමෙටම නියමයි අයියේ.
කිකේ කික් අයියේ.
හොද කොපිය ආපූ ගමන්‍ම දුන්‍නා නේ.
ගොඩාක් ඉක්‍මනටමත් සබ් දුන්‍නා.
ඒක නම් සුපිරි වැඩක්.
මෙන්‍න සබ ගන්‍නවා.
HD Rip එක බාගෙන හිටියේ.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!AloneBoy[තනිකඩ කොලුවා]
සබ් එකේ කික් එකට තැන්කූ පොඩි සැමී.
Oshadha
Good job bro (Y)
Reshan
ELA....
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සමීර කොල්ලෝ උපසිරසට
බලමුකෝ සද්දේ වගේමද කියල කික් එක ;)Chanaka Hasitha Naveendra
elaz jaya wewaaaa
ලසා
දැක්ක ගමන් මට මාර කික් එකක් ආවනේ.
මාර පාර!
එළ හොඳේ.ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල කිකේ කික් කිව්වලු..
ඔන්න එහෙනම් මමත් ගන්නවා...
කැමර කොපිය බැලුවට මොකෝ හොඳ කොපියත් බලන්න එපයි..
එහෙනම් ජය වේවා..Tharindu
Thanks saho..............
Enakan dalagena hitiye.........Ashan ravihansa
ela machan patta baddak genallane apu gaman sub ekata godak thankz
ujitha
ela ela.... balamu kick weyda kiyal
ඉසු ඩිපි (Isu DP)
නියමයි සමීර අයියේ..
මම හිතුවා කාලයක් යනකම් ඔයාගේ සබ් එකක් බලන්න වෙන්නෙ නැතිවෙයි කියලා.
ඒත් මේ තියෙන්නෙ සුපිරි එකක් ලඟ නවලා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Nelson
Good Work Friend, Thanks!
කැලුම් ගුණසේකර
ඔන්න මාත් ගත්තා .ස්තූතියි උපිසරැසියට. ඊළග උපසිරැසියෙන් මුණගැහෙමු.
kavi
sub danna gattha mahansiyata godak sthuthi sameera .god bless !!!!!!!!!!!!
indika
thnq :)
Ama
බොහොම ස්තූතියි සහෝ :) :) :)
yasitha
mello rahak na..thawath tamil copiyak..me telugu ekakai tamil ekakai copy ekakne..telugu eke inne ravi teja..tamil eke inne jayam..
kattiya balalath athi....
http://en.wikipedia.org/wiki/Kick_%282009_film%29
http://en.wikipedia.org/wiki/Thillalangadidarshana
meka enakan balagena hitiye. sub ekata thanks saho.
good luck..pathum chathuranga
මෙන්න සුපිරි ෆිලුමක් ගෙනල්ලා.
නියමයි සහෝ.
එල...
ස්තුතියි සබට..
ජය වේවා.. :)මධුසංක නියෝමාල්
ela ela .sub eka denakam tamai bagena hitiye.godaak tnxxx.
Nimantha
niyamai machan.thankz a lot
Sanjaya
Thanks Saho……
kumar - DOHA
කොහොම ස්තුති කරත් මදි මම දැනගෙන හිටියා ඔයාලම තමයි මේ ෆිල්ම් එක මට බලන්න අවස්ථාව උදා කර දෙන්නේ කියලා .. ඉතිං එක එහෙමම උනා ... thanks bro ..
SaDuN dAnUsHkA
එල එල පට්ට පට්ට
උපසිරැසියට ජය....dev
bohoma stuti saho.... .
LAHIRU SAMPATH
සමාවෙන්න ඕන අදහසක් පල කරන්න පරක්කු උනාට.
කොල්ලා එළි වෙනකන්ම එක දිගට වැඩේ කරලා කියලා තමයි ආරංචිය .
කොහොම හරි උදෙන්ම දුන්නා නේද ?
දහසක් වැඩ අස්සේ මේකත් ඉක්මනට දීපු එකනම් මාර වටිනවා අයියේ.
බලන්න ඕනම ෆිල්ම් එකක් තමයි.
හැබැයි කොම්පියුටර් එකෙන් තනියම නෙමෙයි.
මේක සාලේ ටීවී එකට දාලා බලන්න ඕන සුපිරි ෆිලුමක්.
අද රෑ බලන්න කියලා තමයි හිතන් ඉන්නේ සහෝ.
ඔයාට පින් අපි වෙනුවෙන් මේකට ඉක්මනට sub ලබා දුන්නට .Dushantha
sabata thank . 24 denna kiyala team ekata kiyanawanam loku deyak
Kalindu
Tnx Bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අද මම එක :-D බොහොම ස්තූතී සහෝ :-) ;-)