Watch Trailer

Mother/Android (2021) Sinhala Subtitles | බිහිසුනු යකුන් මැදින් දරුවකු කුසින් දරා.. [සිංහල උපසිරැසි] 18+

“අම්මා” යනු ලොව ඇති උතුම්ම වචනයයි. ඒ අකුරු තුන යම් ගැහැණියකට ලැබෙන්නෙ යම්සේක් ද, ඈ මෙලොව ඇති උතුම්ම පදවිය ලබන්නීය.” සබ් එක බාර අරගෙන මම හිතන්නෙ සති දෙකකටත් වැඩිද කොහෙද? ඔන්න දෙයියනේ කියල දැන් තමා සබ කරල ඉවරයක් කර ගත්තෙ. කොහෙද ඉතිත්, සාමාන්‍ය පෙල විභාගෙට තියෙන්නෙ තව මාස තුනයි නේ. එක පැත්තකින් උපකාරක…

“අම්මා” යනු ලොව ඇති උතුම්ම වචනයයි. ඒ අකුරු තුන යම් ගැහැණියකට ලැබෙන්නෙ යම්සේක් ද, ඈ මෙලොව ඇති උතුම්ම පදවිය ලබන්නීය.”

සබ් එක බාර අරගෙන මම හිතන්නෙ සති දෙකකටත් වැඩිද කොහෙද? ඔන්න දෙයියනේ කියල දැන් තමා සබ කරල ඉවරයක් කර ගත්තෙ. කොහෙද ඉතිත්, සාමාන්‍ය පෙල විභාගෙට තියෙන්නෙ තව මාස තුනයි නේ. එක පැත්තකින් උපකාරක පංති, තව පැත්තකින් ඉස්කෝලෙ, තව පැත්තකින් පාඩම් වැඩ. ඉතිං සබ් කරන්න හම්බ වෙන්නෙ පැය දෙකක් වගේ පොඩි කාලෙයක්. ඒ කාළය ඇතුලේ සබ කරල දැන් තමා ඔන්න ඉවර කරගත්තෙ.

ඉතින් චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියල ඉන්නම්. ඇත්තම කිව්වොත් මේක ඇත්තටම අයත් වෙන්නෙ මොන ගනේට ද කියල මට තාම හිතා ගන්න අමාරුයි. මොකද එක පැත්තකින් හොරර්, තව පැත්තකින්, ඉතා සංවේදි කතා පුවතක්, තව පැත්තකින් ත්‍රාසය මුසු එකක්. ඒ නිසා පොදුවෙ මම ඒ තුනටම අයත් එකක් කියල කියන්නම් කෝ.

“ඇන්ඩ්‍රොයිඩ් “කියල කියන්නෙ ලේඛකයෙක් විසින් ලෝකෙට හදුන්වල දුන්න අලුත් තාක්ෂණයක්. ඒත්, අවාසනවාට ඒ තාක්ෂණය මුළු ලෝකෙටම තර්ජනයක් වන විදියට මුළු ලෝකෙම ආක්‍රමණය කරන්න හදනවා. වැඩේ පටන් ගන්නෙ නිව්‍ යෝක් නගරයෙන්. ඉතින් ඒ කරදරෙන් බේරෙන්න සෑම් සහ දරුවෙකුත් කුස දරා ගත් එයාගෙ පෙම්වතිය ජෝජියා, ආසියාතික රටකට යන්න. ඒ ඇන්ඩ්‍රොයිඩ් කියල කියන්න බිහිසුණු යකුන් මැදින් යන අතිශය මාරක ගමනක් තමා චිත්‍රපටයේ අන්තර්ගත වෙලා තියෙන්නෙ.

ඉතිං මේ චිත්‍රපටය Hulu කියන අපි කවුරුත් දන්න ආයතනයක් විසින් කරන ලද නිර්මාණයක්. අද වෙනකොට imdb අගය 4.8 ක් සහ රොටන් ටොමෑටෝස් අගය 32% පමණ ලබාගන්න සමත් වෙලා තියෙනව. ඉතිං චිත්‍රපටය ටිකක් අමුතු විදියෙ හොද නිර්මාණයක් කියල කියන්න පුළුවන්. පොඩ්ඩක් එපා වෙන ගතියක් තියෙයි. ඒත් කතාවනම් ලස්සනයි.

එහෙනම්, හැමෝටම ෆිල්ම් එක බලන්න කියල ආරාදනා කරමින් තවත් ෆිලුමකින් හම්බ වෙමු. හැමෝටම,සුභ දවසක්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,110 downloadsDownload Mother.Android.2021.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

4,110 downloadsDownload Subtitles40 KB

15 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ... සාමාන්‍ය පෙල විභාගෙ පාඩම් කරල හොඳට ගොඩදාගන්න... සුබ පතනවා

  2. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  3. Kushan

    Sub akta thanks

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. KSC

    thanks malli

  6. ranga

    hoda athi akanm.thanks malli...jayaweva

  7. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  8. Anonymous

    Thanks jayawewa....!

  9. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  10. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  11. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
    සාපෙළ හොදට ලියන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.. ජයවේවා

  12. Dewadithya

    Thanks for Sub!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  15. Malith samarawickrama

    Thanks malli sub ekata.