හැමෝටම සුබ දවසක්! ගොඩ කාලෙකට පස්සේ සබ් එකක් අරන් එන්න පුළුවන් වුණා. මේක මගේ 5 වෙනි උපසිරැසිය. අද අරන් ආවේ වෙනස් ම ඇමරිකානු ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක හරියන්නේ “නාට්‍යමය” (Dramatic) ඝනයේ චිත්‍රපට බලන අයට. ටිකක් විඳින්න පුළුවන් අයට හොඳ ෆිල්ම් එකක් කිව්වොත් මං වැරදි නෑ. (ඒ කිව්වේ ගහ මරාගන්න ඒවා විතරක්…

හැමෝටම සුබ දවසක්! ගොඩ කාලෙකට පස්සේ සබ් එකක් අරන් එන්න පුළුවන් වුණා. මේක මගේ 5 වෙනි උපසිරැසිය. අද අරන් ආවේ වෙනස් ම ඇමරිකානු ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක හරියන්නේ “නාට්‍යමය” (Dramatic) ඝනයේ චිත්‍රපට බලන අයට. ටිකක් විඳින්න පුළුවන් අයට හොඳ ෆිල්ම් එකක් කිව්වොත් මං වැරදි නෑ. (ඒ කිව්වේ ගහ මරාගන්න ඒවා විතරක් ම බලන කෙනෙක් නම් මේ ෆිල්ම් එක ටිකක් බෝරින් වෙයි.) මං ඉස්සෙල්ල කිව්වා වගේ මේක නාට්‍යමය ෆිල්ම් එකක්. හරිම ලස්සන කතාවක් යන්නේ. හිත සංවේදී කරන ජාතියේ එකක්. ඇත්තටම කිව්වොත් මේක “Melodrama” කියන කැටගරියටත් අයිති වෙන ෆිල්ම් එකක්.
ඇත්තටම Melodrama කියන්නේ 19 වන ශත වර්ෂයේ (ඒ කියන්නේ 1800 ගණන් වල) යුරෝපයේ අතිශය ජනප්‍රිය වෙච්ච නාට්‍ය රීතියක්. ඒකෙන් තමයි මේ Melodrama කියන වචනේ එන්නේ. ඇත්තටම Melodrama කියන්නේ හැඟීම් උද්දීපනය කිරීමට සමත් අතිශයෝක්තියෙන් යුත් චරිතයන් සහ ආකර්ෂණීය සිදුවීම් සහිත සංවේදීමය නාට්‍යමය කොටස් ඇතුළත් කියන එක. සරල ව කිව්වොත් අපේ හිත සංවේදී කරන හැඟීම් ඇති කරවන ලස්සන කතාවක් කියන එක. (මේ ටික කිව්වේ දැනුමට හොඳේ. මේ ටික අහල බය වෙන්න එපා. මේක ලස්සන කතාවක් කියන එකයි මට කියන්න ඕන වුණේ.)
මේ ෆිල්ම් එක Mark Spragg කියන ලේඛකයාගේ An Unfinished Life කියන නවකතාව ඇසුරෙන් තමයි 2005 දී An Unfinished Life යන නමින්ම සිනමා කෘතියක් බවට පත්වෙලා තියන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියන්නේ Safe haven (2013), Hachi: A Dog’s Tale (2009), What’s Eating Gilbert Grape 1993 (මගේ දෙවැනි උපසිරැසිය මම දුන්නේ මේ ෆිල්ම් එකට), Dear John (2010) වගේ ලස්සන ජනප්‍රිය චිත්‍රපට රැසක්ම අධ්‍යක්ෂණය කරපු Lasse Hallstrom කියන දක්ෂ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා. Leslie Holleran තමයි මේක නිෂ්පාදනය කරලා තියන්නේ. ඒ වගේම Robert Redford, Jennifer Lopez, Morgan Freeman, Josh Lucas, Camryn Manheim, Damian Lewis, Becca Gardner වගේ අතිශය ජනප්‍රිය දක්ෂ නළුනිළියන් රැසකගේ දායකත්වය ලැබිල තියනව. ඒ වගේම Bart the Bear යන නමින් ප්‍රසිද්ධ චිත්‍රපට, ටීවී සීරියස් ගොඩක රඟපාපු වලස් පැංචාත් මේකේ දකින්න ලැබෙනවා.
කතාව පැත්තට හැරුනොත් Jennifer Lopez රංගනයෙන් දායකවන ජීන් ගිල්කිසන් කාලෙකට කලින් හදිස්සි අනතුරකින් මිය ගිය ග්‍රිෆින් ගිලිකිසන් කියන එයාගේ ස්වාමිපුරුෂයාගේ ගෙදරට එනවා. ඒ ග්‍රිෆ් කියන එයාගේ අවුරුදු 11 ටිකක් ඇට්ටර හුරතල් දුවත් අරගෙන. ග්‍රිෆින් ගිල්කිසන් මැරෙන්නේ ජීන්ට නින්ද ගිහින් කාරෙක පෙරලිලා. ඒ අනතුරෙන් පස්සේ ගම හැරලා ගිය ජීන් ආය ගමට එන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි ගැරී කියන එයාගේ දැන් ඉන්න මනුස්සයගේ කරදරෙන් ගැලවෙන්න. ගමේ ගොවිපලේ ගෙදර ජිවත් වෙන්නේ අයිනර්. අයිනර් ගිල්කිසන් කියන්නේ මැරුණ ග්‍රිෆින්ගේ තාත්ත. එයා එයාගේ ගොවිපොළෙන් දිවි රැකගෙන ජිවත් වෙන්නේ. ඒ වගේම මැරුණ පුතා ගැන කණගාටු වෙමින් ඉන්න කෙනෙක්. ඒවගේම අවුරුද්දකට කලින් වලහෙක්ගෙන් පහර කාල එකතැන් වෙලා ඉන්න අයිනර්ගේ යාළුවා අසල්වැසිය සහ එකම නෑදෑය තමයි මිච්. මිච්ට පන දෙන්නේ Morgan Freeman රංගවේදියා. තව කතාව කිව්වොත් මේකේ රසය නැතුව යනවා. ඉතින් හදිස්සියේ ගෙදරට එන මිණිබිරී සහ ලේලි එක්ක ගොවිපොළේ ජිවිතේ මොකක් වෙයිද? ඒකට ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා.
“ඔයා හිතන විදියට මැරුණු අය ඇත්තටම අපේ ජිවිත දිහා බලන් ඉන්නවද?”
“ඔව්. මං හිතන්නේ ඒ ගොල්ලෝ බලන් ඉන්නව. මං හිතන්නේ ඒ ගොල්ලෝ අපේ පව් වලට සමාව දෙනවා. මං හිතන්නේ ඒක ඒ ගොල්ලන්ටත් ලේසි.”
මේ ෆිල්ම් එකේ තියන දෙබසක්. මේක හිතේ තියාගෙන බලන්න ෆිල්ම් එක බැලුවම මේ දෙබස මොකද්ද කියල තේරේවි. ඔය මදැයි එහෙනම්. විනාඩි 108 පුරා ගලා යන ලස්සන කතාවක්.
මේකට මාව උනන්දු කරලා, උදව් කරපු තාරුකා නංගිවත් ආදරෙන් මතක් කරනවා. ඉතින් ලිපියේ හරි සබ් එකේ හරි මොනවා හරි අඩුපාඩුවක් තියනව නම් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා කියල කියන ගමන් මම සමුගන්නවා. 6 වන උපසිරසියෙන් හමුවෙමු. හැමෝටම ජය!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
3,043 downloadsDownload An.Unfinished.Life_.2005.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චතුර සුපුන්
Subtitles
12 comments
Supun Kaushalya
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Mohotti H
Thanks sub ekata
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
indika 75
thanks..
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishan
Thanx bro
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
Thanks Brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් සබ් එකට සහෝ