Watch Trailer

Mrs. Serial Killer (2020) Sinhala Subtitles | වියරු දාම ඝාතන පෙලක තවත් පැතිකඩක්! [සිංහල උපසිරැසි ]

“කසාද ජීවිතේ කියෙන්නෙ හරියට දැලි පිහියෙන් කිරි කනව වගේ දෙයක්.! අපේ වැඩිහිටියන් කියන්නෙ එහෙම. ජීවිතයේ කාලයක් ආදරේ කරපු කෙනා පිටුපාල යද්දි දෙමව්පියන් තමන්ට ජෝඩු කරන කෙනාව කසාද බදින්න බොහොමයක් කාන්තාවට අද සිද්ධ වෙනවා.. එහෙම උනාට පස්සෙ ටික කාලයක් ගිහින් කසාද බැදපු මනුස්සයා තමන්ගේ ජීවිතේ කරගන්නවා. ශෝනා…

“කසාද ජීවිතේ කියෙන්නෙ හරියට දැලි පිහියෙන් කිරි කනව වගේ දෙයක්.! අපේ වැඩිහිටියන් කියන්නෙ එහෙම. ජීවිතයේ කාලයක් ආදරේ කරපු කෙනා පිටුපාල යද්දි දෙමව්පියන් තමන්ට ජෝඩු කරන කෙනාව කසාද බදින්න බොහොමයක් කාන්තාවට අද සිද්ධ වෙනවා.. එහෙම උනාට පස්සෙ ටික කාලයක් ගිහින් කසාද බැදපු මනුස්සයා තමන්ගේ ජීවිතේ කරගන්නවා. ශෝනා කියන්නෙත් අන්න ඒ වගේ කෙනෙක්. තමන්ගෙ පෙම්වතා තමන්ට පිටුපාල යද්දි, කසාද ජීවිතේට එන්න බෑ කියද්දි, අම්මලා තාත්තලා කියන දේට හා කියන්න සිද්ධ වෙනවා. එතකොට නිරායාසයෙන්ම කසාද බදින මනුස්සයා තමන්ගේ ජීවිතේ වෙනවා.. ඒත් එක පාරටම ඒ කෙනා අපරාදකාරයෙක් කියල මිනිස්සු කියන්න ගත්තොත් ? එයාව සමාජයෙන් පිලිකුල් කරන්න ගත්තොත්? ඒ කෙනා වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ වෙනුවෙන් ඔයා ඕනෙම දෙයක් කරන්නෙ නැද්ද..? ඕනෙම දෙයක්…? මරන්න උනත්..? මැරෙන්න උනත්.? ශෝනා කියන්නෙ අන්න ඒ වගේ කෙනෙක්..! නැතිවෙන්න හදන තමන්ගෙ කසාද ජීවිතේ රැකගන්න හදන කෙනෙක්. තමන්ගෙ ස්වාමි පුරුෂයා නිර්දෝශීයි කියල ඔප්පු කරන්න හදන කෙනෙක්…

 

මේකත් Netflix ලා ගහපු ෆිල්ම් එකක්. ගොඩක් අය බලාපොරොත්තු තියාගත්තු ෆිල්ම් එකක්. අපේ සුරූපී ජැකලීන් නගා ඉන්න ෆිල්ම් එකක්.! එහෙනම් අනිවාර්‍යෙන්ම බලනව නේද.? Netflix ඉන්දියන් ආක්‍රමණය ගැන මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේද? ඒත් මේ ෆිල්ම් එක ගැන පොඩ්ඩක් විස්තර කරන්න ඕනෙ කියල හිතුනා.. අපේ ජිවිතේ වෙන සමහර සිද්ධි තියෙනව ඒක අපේ ජීවිතේ පුරාම බැදිල තියෙනව. සමහර අය ඒ දේවල් ආයෙ වෙනවට බයයි. සමහර අය ඒ දේවල් වෙන අයට වෙනවට බයයි. තවත් සමහරක් ඒ දේවල් හිතන්නත් බයයි.ඉතින් ඔයාගෙ ජීවිතේ අසරණ කරපු, ඔයාව තනිකරපු දෙයක් වෙන අයට වෙනවට ඔයා කැමති ද? එහෙම නැත්නම් ඔයා මොනවද ඒ වෙච්ච දේට  කරන්නෙ? මේ අවුරුද්ද හරිම අමුතු අවුරුද්දක් අපට විතරක් නෙවෙයි මුළු ලෝකයටම, එහෙම කියන්න හේතුව මොකක්ද කියලා ඔබ දැනටමත් දන්නවා ඇතිනේ.?

 

ඉතින් ලොකයක් එකතැන නවත්තපු ලෝකයක් එක තැනකටම හිරකරපු ලෝකයේ හැමදෙයක්ම ප්‍රමාද කරපු කාලේ සිනමා කර්මාන්තයට මොකද උනේ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.! ඉතින් ඒ වගේ වෙලාවක Netflix ලා විසින් ඉදිරිපත් කරපු සිනමා නිර්මාණයක් තමයි Mrs Serial Killer 2020 කියන්නේ, crime thriller වර්ගීකරණයට අයති වෙන මේ සිනමා පටය නිෂ්පාදනය කර තිබෙන්නෙ  බොලිවුඩ් සිනමාවේ විශේෂ කෙනෙක් වෙන Farah Khan විසින් වන අතර මෙහි අධ්‍යක්ෂණය ඇයගේ සැමියා වන Shirish Kunder විසින් සිදුකර තිබෙනවා.බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු නිලි දෙපලක් වන Manoj Bajpayee සමඟින් ලාංකේය සම්භවයක් තිබෙන නිලියක වන Jacqueline Fernandez විසින් මෙහි ප්‍රධාන චරිතයන් රඟදක්වනවා.

 

එසේ නම් වැඩි කතාවක් නැතුවම මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරිමට වෙන් කර දුන් අප වෙබ් අඩවියේ සංස්කාරකවරයෙක් වන ආසිරි ප්‍රියන්ත සොයුරාට විශේෂ ස්තුතිය පිරිමන අතරම, මේ දිනවල පවතින ව්‍යසනකාරි වසංගත තත්වයෙන් ඔබත් ආරක්ෂා වී රටත් ආරක්ෂා කරගන්නට රජය සහ සෞඛ්‍ය සේවා මෙන්ම ආරක්ෂක අංශයන් වෙතින් ලබාදී තිබෙන උපදෙස් පිලිපදිමින් හැකිතාක් නිවෙස්වලට වී සිටින ලෙසටත් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම වෙනුවෙන් බයිස්කෝප් සිංහලෙන් ප්‍රේක්ෂක ඔබ සැමට මතක් කර සිටිනවා.

 

ඔබ  සැමට කඳසුරිඳු පිහිටයි.!

 

සැලකිය යුතු – මෙම උපසිරැසි සඳහා ගැලපෙන පිටපත් බයිස්කෝප් ඩවන්ලෝඩ්ස් අඩවියෙන්ම ලබාගන්න. අන්තර්ජාලයෙ ඇති අනිකුත් Multi Audio පිටපත් සඳහා උපසිරැසිය නිවැරදිව සහය දැක්වීමට නම් (Hin) හින්දි භාෂාව තෝරාගෙන සිදුවන අපහසුතාවය වලක්වා ගන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB  පිටපත් සඳහා අදාළ වේ.

25,140 downloadsDownload Mrs.Serial-Killer2020.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

25,140 downloadsDownload Subtitles42 KB

43 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. ඔෂද ධනංජය

    ස්තූතියි සහෝ

    1. Chamal Ruwantha

      Pissu hedena sadak kiyannakooo..hithan gitapu widiha okkoma wens una..patta film ekak..welldone netflix..e wagema thank sub ekata broooo...❤️❤️❤️

  3. Pasindu Madumal

    සබට තුති දසන් අයියා...!

  4. Chethiya

    Films walata subz dena hemotama ස්තූතියි.Digatama me website eka karagena yanna.....

  5. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  6. MUDITHA

    diatama yamu ruka
    thanks sub ekata

  7. indika75

    thanks..

  8. Shaggie

    සබට බොහොම ස්තූතියි සහෝ

  9. raviz

    Thank you...!

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  11. Suranjan

    Thanks.....jayawewa.....!

  12. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. Anonymous

    Thanks bro

  14. punsara

    tnx bro supiriyak genawata

  15. sooriyapatabadige

    Thanks for sub bro.....(salaam Ae ishq 2007) movie eke sub denna bro please...............

  16. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...

  17. Chandima Prasad

    thankz mekata sub dunnata..enakan balan hitiya film ekak....jayawewa..

  18. R_deshan

    ෆිල්ම් එක නරකම නෑ...ගැබිණි කාන්තාවන්ට හිරිහැර කිරීම් ගැන තියන නිසාද දන්නෙ නෑ රේටින් අඩු.සබ් එකට තෑන්ක්ස් සහෝ!

  19. Chandima Prasad

    supiri film ekak.netflix nam ithin supiri.sub ekath fatta.kisi awlk nathuwa thibba.
    Manoj Bajpayee ge acting .no words.sub dunnata ayeth sthuthi.......

  20. Anonymous

    බැලුවා.. සුපිරිම ෆිලුමක්.. තෑන්ක්ස් බ්‍රෝ.. ජැකලින්ගේ ඇක්ටින් කියලා වැඩක් නෑ...

  21. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  22. CHAMIKA MADUSHAN

    Thanks for sub and thriple gem bless for u and ur family

  23. Asitha.pramoth

    බොහොම ස්තූතියි සහෝදරයා

  24. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

  25. Ramesh

    Thank'u kootiyai bro meeka enakal balan hitiye

  26. sahangayantha

    thanks a lot saho sub ekata

  27. D.Chamara

    bohoma sthuthi sahoo

  28. Jeewantha77

    Thanks for the Sub Tharindu..
    Film 8/10

  29. muditha gayan

    Thankzzzzzzzz

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Pramukmili

    Thanx bro........................

  32. chinthaka.max4

    thankx machan

  33. Rumesh Dhanushka

    Thanks Brother

  34. Anonymous

    thanks brother

  35. prageeth

    thanks machoo

  36. sanjaya madusanka palihakoon

    Thanks machan..

  37. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි තරිඳු සහෝදරයා සිංහල උපසිරැසි නිර්මාණයට..ඔබට ජය.

  38. MAALnath

    Thanks .................good luck .......................

  39. thodamaduwe samitha

    thanks good luck

  40. ranga

    jack LIN akka inna nisa maath baagatta . sub ekata TNX

  41. melinda

    thank you

  42. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!