කවුද අහල නැත්තේ ඊශ්‍රායෙලයේ මොසාඩ් සංවිධානය ගැන? ගොඩක් අය අනිවා අහල ඇති. හැබැයි කවුද අහලා තියෙන්නේ Operation Wrath of God කියන අතිශය රහසිගත මොසාඩ් මෙහෙයුම ගැන? මේ දවස් වල ආපහු ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම් ඇවිලිලා තියෙන වෙලාවෙ මමත් හිතුවා තැටිය රත්වෙච්ච වෙලාවේ රොටියක් පුච්ච ගන්න. 😛 මේ දවස් වල මේ ඊශ්‍රා…
කවුද අහල නැත්තේ ඊශ්‍රායෙලයේ මොසාඩ් සංවිධානය ගැන? ගොඩක් අය අනිවා අහල ඇති. හැබැයි කවුද අහලා තියෙන්නේ Operation Wrath of God කියන අතිශය රහසිගත මොසාඩ් මෙහෙයුම ගැන? මේ දවස් වල ආපහු ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම් ඇවිලිලා තියෙන වෙලාවෙ මමත් හිතුවා තැටිය රත්වෙච්ච වෙලාවේ රොටියක් පුච්ච ගන්න. 😛
මේ දවස් වල මේ ඊශ්‍රායෙලය කියන පුංචි රට බිහිවුණේ කොහොමද, ඒකට මුහුණ දෙන්න වෙච්ච විවිධ යුද්ධ ගැන, පල්ස්තීනයට තියෙන ප්‍රශ්න ගැන එහෙම බොහොම විස්තර සහිත කතා ඔයාලා කියවලා/අහලා ඇතිනේ. ඉතින් 1972 වෙද්දි ජර්මනිය තිබ්බෙ ලෝක යුද්ධ පරාජයෙන් පස්සෙ නැගෙනහිර හා බටහිර ලෙස දෙකට බෙදිලා. නැගෙනහිර ස්ටාලින් ගේ සෝවියෙට් දේශය විසිනුත්, බටහිර කොටස ඇමරිකාව ප්‍රමුඛ ජාතින් විසින් බටහිර ජර්මානු රජයෙනුත් පාලනය වුණා. මේ අතර 1972 අවුරුද්දේ පවත්වන්න නියමිත වෙච්ච ඔලිම්පික් උලෙළ පැවැත්වුණේ මේ කියපු බටහිර ජර්මනියේ මියුනිච් නුවරයි. ඔවුන්ට අවශ්‍ය වුණා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙනුම ලෝකයටම පෙන්වන්න. ඒත් සිදුවුණේ වෙනත් දෙයක්. මේ වෙද්දි ඊශ්‍රායලය කියන රට ලෝක සිතියෙමෙන් අයින් කරන්න අදටත් සපථ කරල ඉන්න පලස්තීනයට සම්බන්ධ කලු සැප්තැම්බරය කියන සංවිධානය විසින් ඊශ්‍රායෙල් ක්‍රීඩා කණ්ඩායමේ 11 දෙනෙක්ව ප්‍රාණ ඇපකරුවන් කරගන්නවා. ඒ ගැන වැඩි විස්තර මෙන්ම ඒ කාලයේ සැබෑ දර්ශන ඔයාලට මේ චිත්‍රපටිය තුළදි දකින්න ලැබෙයි. ඒ කාලේ තිබ්බ නීති අනුව ජර්මානු හමුදාවට තිබ්බ විවිධ බාධක හමුවේ බේරාගැනීමේ මෙහෙයුම කරන්න සිදුවුණේ අත්දැකීම් වලින් අඩු සාමාන්‍ය ආරක්ෂක අංශ වලටයි. මේ ඛේදවාචකය නිමා වෙන්නේ ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනාවත්, තස්ත්‍රවාදීන්ගෙන් දෙදෙනෙක් ඇරෙන්න අනික් පස් දෙනාත් එක් පොලිස් භටයකුත් මරණයට පත්වුණා.
ඉතින් මේ ක්‍රීඩා කණ්ඩායමේ මළ සිරුරු ඊශ්‍රායෙලයට රැගෙන එන මොහොත වෙද්දීත් මොසාඩ් සංවිධානය විසින් මෙම ප්‍රහාරයේ මහ මොලකාරයෝ අඳුනාගෙන අවසන්. ඉතින් 4 වැනි ඊශ්‍රායෙල් අගමැති තනතුර හෙබවූ ගෝල්ඩා මියෙර්ගේ අනුමැතියෙන් ඔවුන් හොර රහසේ දඩයම අරඹනවා. Operation Wrath of God නමින් හැඳින්වෙන මෙම සුප්‍රසිද්ධ හා තවමත් අභිරහස් පවතින මෙහෙයුමේ ආරම්භය හා ගලායෑම මෙම චිත්‍රපටයෙන් පෙන්නුම් කරනවා. හැබැයි මේක ස්‍ටීවන් ස්පිල්බර්ග් විසින් Vengeance: The True Story of an Israeli Counter-Terrorist Team නම් George Jonas විසින් Yuval Aviv නම් මොසාඩ් නියෝජිතයාගේ මෙහෙයුමක් ගැන රචිත පොත ආශ්‍රය කොට (සත්‍ය සිද්ධීන් ආශ්‍රයෙන්) නිර්මාණය කෙරූවක් මිස සත්‍යම සිද්ධිම යැයි කියන්න අමාරුයි. කොටින්ම මේ මෙහෙයුම 1992 දක්වාම ඇදීගෙන ආව බවක් කියවෙනවා. මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ ඉන් එක් කොටසක් පමණයි. ජයග්‍රහණ, පරාජයන් වගේම තවත් බොහෝ දේ මෙමඟින් කතා වෙනවා.
කලින් කිව්වා වගේම Steven Spielberg ගේ අධ්‍යක්ෂණයෙන් හා නිෂ්පාදන දායකත්වයෙන්ද, Black Hawk Down (2001), Hulk (2003) හා Troy (2004) වගේ චිත්‍රපට වල සුපිරි චරිත රඟපාපු Eric Bana, 2006 සිට ජේම්ස් බොන්ඩ් චරිතයට- Casino Royale (2006), Quantum of Solace (2008), Skyfall (2012)– පණපොවන Daniel Craig, There Will Be Blood (2007), Harry Potter and the Deathly Hallows – Part 2 (2011), The Woman in Black (2012), Tinker Tailor Soldier Spy (2011) හා Game of Thrones හී මෑන්ස් රෙයිඩර් චරිතයට පණපොවන Ciarán Hinds, The King’s Speech (2010), The Book Thief (2013) හා Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003), Dead Man’s Chest (2006), At World’s End (2007) හා On Stranger Tides (2011) කියන චිත්‍රපටිවල කැප්ටන් හෙක්ටර් බර්බොසා ගේ චරිතය රඟපෑ Geoffrey Rush මෙන්ම Mathieu Kassovitz, Hanns Zischler, Mathieu Amalric, Michael Lonsdale කියන නළුවන් ප්‍රධාන චරිතවලට පණ පොවනවා.
ක්‍රියාදාම වලින් සපිරුණ මේ චිත්‍රපටිය කට්ටිය මඟ අරින එකක් නෑ කියලා හිතනවා. එහෙනම් මම 2009 අගෝස්තු 4 වෙනිදා ලියපු ලිපියත් ආපහු කියවන්ගෙනම බාගන්න කියලා ඉල්ලනවා.
මීට කලින් පලකල ලිපිය.
මෙන්න තවත් ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කල, සත්‍ය කතාවක් මත පදනම් වූ සුපිරි චිත්‍රපටයක්. අපි හැමෝම දන්නා පරිදි 1972 දි මියුනිච් නුවරදි ඔලිම්පික් ගම්මානයේ රැදී සිටි ඊශ්‍රායෙල් ක්‍රීඩකයන්ව තස්ත්‍රවාදින් කණ්ඩායමක් විසින් ඝාතනය කරනු ලබනවා. හෝව් හෝව් මේක ඒ ගැන නිපද වූ තවත් එක කතාවක් නෙවෙයි.
ඇත්තටම මේකේ කතාව වන්නේ කලු සැප්තැම්බරය කියන පලස්තීන සංවිධානය විසින් සිදු කරපු මෙම සිද්ධියෙන් පසු එම රජය තීරණය කරනු ලබනවා ” ඇසට ඇස – දතට දත “න්‍යායට අනුව ක්‍රියාත්මක වීමට. ලොව ප්‍රබලම ඔත්තු සේවාවලින් එකක් වන ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය සොයාගනු ලබනවා මෙම පහරදීම සැලසුම කල 11 දෙනෙකුගේ නම්. අගමැතිනී ගෝල්ඩා මියර් විසින් අනුමැතිය ලබාගන්නා ඔත්තු සේවය ඔවුන්ව හඹා යෑම සඳහා වඩා ප්‍රසිද්ධ නැති සහ පහල මට්ටමේ ඔත්තු සේවා නිලධාරියෙක්ව තෝරාගනු ලබනවා. ඔහුගේ පියා යුධ විරුවෙක් වන අතර තම බිරිඳ මේ වන විට ගැබිනියෙක්ව සිටිනත් මෙම කාර්ය්‍ය සඳහා ඔහු කැමති වෙනවා. මේ සඳහා ඔහුට මුලින්ම මොසාඩ් සංවිධානයෙන් ඉවත් වීමට සිදුවන අතර මෙම ක්‍රියාන්විතය සිදුවන්නේ එම සංවිධානයේ හෝ ඊශ්‍රායෙල් රජයේ කිසිම සම්බන්ධයක් නොමැති ආකාරයෙනුයි. මේ සඳහා ඔහුට තවත් 4දෙනෙක් පමනක් ලබාදෙන අතර ඔවුන්ට අරාබි රටවල ක්‍රියාත්මක වීම තහනම් වන අතර යූරෝපයේ පමනක් ක්‍රියාත්මක විය හැකියි.
මෙම ෆිල්ම් එකේ විශේෂ සිදුවීම් වලින් කිහිපයක් නම් එක්තරා අවස්ථාවක ඔවුනට සිදුවෙනවා ලෙබනනයේ බීරූට් වල සිටිනා තිදෙනෙක්ව විනාශ කිරීමට. නමුත් අරාබි රටවල ඔවුනට ක්‍රියාත්මක වීම තහනම් වුවත් IDE කෝමාන්ඩෝවරුන්ගේ සහය ඇතිව ඒ සඳහා ඔහුට අවසර ලැබෙනවා. එම IDE කෝමාන්ඩෝවරුන් අතර සිටිනවා පසුව ඊශ්‍රායලයේ අගමැතිවරයෙක් බවට පත්වූ Ehud Barak මහතාත්. තවත් විශේෂ ලක්ෂනයක් නම් මෙම ෆිල්ම් එක සඳහා 1972 දි සමූලඝාතනය සිදුවූ දිනවල කැමරාවල සඳහන් වූ සත්‍ය දර්ශන නැරඹීමට හැකිවීම..
ඉතිහාසයේ සිදුවූ එම අදුරු මතකය නැවත අවධි කිරීමටත් එම හඹා යෑමේදි සිදුවෙන සංවේදි ස්ථාන ස්පර්ශ කිරීමටත්, හොඳ සිනමා නිර්මාණයක් රසවිඳිමටත් අනිවා කට්ටියම බාගෙන බලන්න..
IMDB 7.8 / 10 ලබා ඇති අතර ඔස්කාර් සම්මාන 5ක් ඇතුලු සම්මාන 21කට නිර්දේශ වී ඉන් 7ක් දිනා තිබෙනවා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Due to copyright issues, we do not provide any torrent links.
Munich_2005_720p_scOrp_sujaidr
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
9,444 downloadsDownload Munich.2005.Sinhala1.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
101 comments
මල්ෂාන්
DragonD
elaa , mama baanwa
Uraj Deemantha
එළ එළ...... ;) හැබැයි තව ෆිල්ම් දෙක තුනක් ගුරා දැම්මාට පස්සේ තමා සෙට් එකම එකට බාන්න දාන්නේ...........:P හික්ස්........... :D
chamila
කෝ මේ රොයිලියා ඕකව අහුවෙනකම් තමයි ඉන්නේ.... :O
ඒජන්ට් එක්ස්
ස්තූතියි..නමුත් ඔබට පුලුවන්ද චිත්‍රපටි වල ඩිරෙක්ට් ලින්ක් ලබාදෙන්න??
පිටස්තරයා
බොහෝම ස්තූතියි මේ ෆිල්ම් එකට.
පික්චර් පිස්සා
ස්ටීවන් ස්පිල්බර්ග් ගෙ නම් ඉතින් අහන්න දෙයක් නැ. මරු ඇති.
පික්චර් පිස්සා
මම ඊයෙ 3 වෙනි පාරටත් The Condemned බලුවා.
එක ගැනත් විස්තරයක් දාන්න. මරු film එක.පික්චර් පිස්සා
අනේ සොරි වෙන්න ඔනෙ. එක ගැන විස්තරයක් දාලා නෙ. මන් දැන් දැක්කෙ. එල වැඩක් පොතේ ගුරා ...
සුභාෂ්
මේ ෆිල්ම් එකෙ ඩීවීඩී එක මගේ ලඟ තියෙනවා . . මම හිතාගෙන හිටියේ බෝරින් ෆිල්ම් එකක් කියලයි . . මෙච්චර ලස්සන කතාවක් හියෙනවා කියලා දන්නවනම් . . . මෙලහකට 5 - 6 පාරක්ම බලල . . . දැන් ඉතින් හොයපල්ලකෝ ඒ ෆිල්ම් එක . . .!
nelantha herath
machanla. danna ekek sinhalen liyan vidiya kiyapallko. mamadanne nehene.
mkr
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
ඔය ලින්ක් 1කට ගිහින් ස්ලින්ග්ලිශ් වලින් ටයිප් කරන්න.
Ex : Ammaa = අම්මා
kolla
බොහෝම ස්තූතියි බානvoooooo
kolla
රොයිලියා sinhala sub 1kka film 1kak denne naddoooo
රොයිලි
@ chamila
අනේ ඒ මොකෝ මාව අහුවෙනකම් ඉන්නේ? පොතේ ගුරා තමයි මම එවන ලිපි පල කරන්නේ. වැරැද්ද මගේ නෙවෙයි උගේ තමයි.
ලයිට් බිල්, රවුටර්, මේන් බෝර්ඩ්, එටකොට විභාග ෆේල් වීම්, 18+ පෙන්වීම් ඔය ඕනා එකකට ඕනා වෙලාවක එයාව අල්ල ගන්න බෙල්ලෙන්ම. :)
රොයිලි
@ සුභාෂ්
හරි පුදුමයි බෝරින් කියලා හිතුවා කිව්වම. මම මේ ෆිල්ම් එක ලංකාවේ ඉන්න කාලේ හෙව්වට හම්බ උනේ නැහැ. ඊට පස්සේ මේ ටොරන්ට් ගැන දැන ගත්තු කාලේ මුලින්ම බාපු ෆිල්ම් එකක් තමයි මේක. මේකේ තියෙන සිදුවීම් ගැන විකියේ තියෙනවා හොඳ විස්තරයක්. කියවලා බලන්න. තියෙන චරිත වල ඇත්ත මූනු එහෙම.
@ පොතේ ගුරා
අම්මෝ මම ලංකාවට එන්නෙ එහෙනම් අපේ කොල්ලෝ මෙහෙට එන විධියට තමයි. නැවේ :-P
අකිල
ගුරාගේ film බැම අගොස්තු 15 වන දින දක්වා කල් දමන ලදී. ජුනි 25 වනදා වන විට මගේ 6GB ම ඉවරකිරීමට වැඩ කටයුතු සැලැස්වීම පිලිබඳව ගුරාට මගේ අවංක ආදර ස්තූතිය පිරිනමමි. :D
බුධාජීව
බාමි !
Pasindu
බොහොම පින්... :)
AL1717
Thanks Mathak kalata...
Den Nam HDD Eda Ne...
Sorry thamai.nelantha herath
machan gura. thanks. mama try karannam.
Samitha
Maxxa film 1... But story 1 tikak boring. Mannam oka balala dan godak kal...
පොතේ ගුරා
@රොයිලි ! එහෙනම් අපි උබව පිලිගන්න සෙට් වෙලා ඉන්නම්කො වරායට..
@අකිල !අයියොooo..හරි අපරාධයක්නෙ..වෙන කනෙක්ශන් එකක් ගත්ත නම් හොදයි නේ? :D
@බුධාජීව! එළ ස හෝ..
@Pasindu! බලල කියන්නකො කොහොම්ද කියල.. :)
@AL1717! අෆොයි..ප‍්රණ ෆිල්ම් ඩීවීඩී එකකට ගහල අලුත් ඒවා බාපන්.. :)
@nelantha herath! එළ මචෝ..
@Samitha! නාට්යමය විදියට යන නිසා වෙන්න ඇති එහෙම හිතුනෙ.. :)
Anonymous
Bewa Bewa machan Ada Thamai Beluwe...
DVD Walata Gahala Den Cd Case 2k Ma Thiyanawa.
Thawa Ekak Ganna One.. Aluth Thika Danna.
:D :D :DAL1717
Bewa Bewa machan Ada Thamai Beluwe…
DVD Walata Gahala Den Cd Case 2k Ma Thiyanawa.
Thawa Ekak Ganna One.. Aluth Thika Danna.
:D :D :DPra
maxxa file eka....mama baluwa....kiyala wadak na machan........
Danu
මම බානවෝ…බානවෝ…බානවෝ…බානවෝ…බානවෝ…බානවෝ…බානවෝ…බානවෝ…බානවෝ…බානවෝ…බානවෝ…
Tharindu Chat
බාන්න දැම්මා මචන්...... තැන්කූ කිව්වා......
blackcorde
onna banawa thnxxxxx....banney parakku wela..
Harsha
Apith banawa menna!
Nuwan
machan me film eke sinhala sub file ne ne... pls give it to me....
nayana manjula
thanks..... where is sub file... tell me..
Anil
ko meke sinhala subtitle file ekak nadda :(
Thilina
මෙච්චර කාලයක් ගිහිනුත් මේකෙ සිංහල සබ් නෑනෙ.... දුක තමයි..
රවිඳු නිපුන්
ammee yantham sub eka deelaa...
thanks royly ayyee...
aniwa balanawaa,,Kulanjana Maduranga
meka sub dunna 1ka loku deyak.elazzzzzzzzzzzzzz.subata thanks ROYLI aiye.digu gamanak ymu.jaya wewa..........
sajeevi
thanks sub ekata.
sub nathuwa kalin baluwa.
dan apahu balamu“චූටී මල්ලි”
ස්පීල්බර්ග්ගෙ එකක් කියන්නෙ ඉතින් අනිවා හොදා
ඒ වගෙම ර්යිලිගෙ සබක් කියන්නෙ අනිවා පට්ට පහරක්
බලමුකො එහෙනම් තැටිය රත්වෙච්ච වෙලෙ
පුච්ච ගත්ත රොටියෙ රස කොහොමද කියලා :D
සබට තුති
ඔබට ජය..............ලක්ෂාන් නිලංක
meka supiri kathawak...me wage ewa atharin na aniwa balanawa...sabata bohoma thuthi....
ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
සහෝ පුළුවන් නම් Legend of the Seeker එකේ ඉතුරු ටිකටත් sub දාන්නන ක්‍රමයක් සෙට් කරන්න....Cyan Perera
Legend of the Seeker එකේ ඉතුරු ටිකටත් sub දාන්නන plz......................
Jack
ස්පීල්බර්ග්ගෙ ෆිල්ම් එකක් රොයිලි සහෝගේ සබක් එක්ක.
නියමයි නියමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.Ayesh
Thank You..
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මෙන්න ආයෙත් සුපිරි බඩ්ඩක් අරග්හෙන ඇවිල්ලා අපේ අලුත් පොර...
එල එල..ඇක්ෂන් නම් මෙන්න මේ වගේ වෙන්න ඕනා..
අනිඅවා බැලීමක් තමා ඉතිං..
බොහොම පිං රොයිලි අයියේ..
ජය වේවා..asitha
meka nam supiri film ekak thanks royli sahooo
රාම් රාජ්
මේක මගේ සිහින ෆිලම් වලින් එකක්.ස්තූතියි සබ් එක්ක නැවත බලනවා.
රාම් රාජ්
රොයිලි පුලුවන්නම් මෙකටත් සබ් දාලා දීපන්කෝ.The Gatekeepers(2012)
Asitha
the gatekeepers sub dalada
meemana
පරණ එකක් උනාට බලපු බවක් මතක නැහැ.තවම බානවා.හොඳයි කියල හිතෙනවා.......ස්තුතියි...
Sam
නියමයි සහෝ..sub බොහොම ස්තූතියි...
Tharindu Perera
elazzz ahhh....
danam banavaa mekaaa...
thanks roili sahooo sub ekatahh...Dulanga
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Munich (2005) with Sinhala Subtitles | සුපිරිම ඊශ්‍රායෙල් රහසිගත මෙහෙයුමක්! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Munich-2005.jpg)

බලමු බාන්න දාලා....