Watch Trailer

Munkar (2024) Sinhala Subtitles | වද දුන් අයට දඬුවම් දීමට සොහොනෙන් නැගිට ආ බිහිසුණු ආත්මය! [සිංහල උපසිරසි]

Munkar (2024) Sinhala Subtitles කොහොමද හැමෝටම, ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ බලද්දී ඇඟ කිලිපොලා යන පට්ටම ඉන්දුනීසියානු හොරර් (Supernatural Horror) ෆිල්ම් එකක්. මේකේ නම තමයි Munkar (මුන්කාර්). 2024 පෙබරවාරි 7 වැනිදා ඉන්දුනීසියාවේ තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඉන්දුනීසියානු…

Munkar (2024) Sinhala Subtitles

කොහොමද හැමෝටම, ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ බලද්දී ඇඟ කිලිපොලා යන පට්ටම ඉන්දුනීසියානු හොරර් (Supernatural Horror) ෆිල්ම් එකක්. මේකේ නම තමයි Munkar (මුන්කාර්).

2024 පෙබරවාරි 7 වැනිදා ඉන්දුනීසියාවේ තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඉන්දුනීසියානු ප්‍රසිද්ධ අධ්‍යක්ෂක Anggy Umbara විසින්. ඒ වගේම Adhisty Zara, Ratu Sofya සහ Saskia Chadwick වැනි දක්ෂ රංගන ශිල්පිනියන් පිරිසක් මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවනවා.

මොකක්ද මේ කතාව?

මේ කතාව සිදුවන්නේ ඉන්දුනීසියාවේ තියෙන සාම්ප්‍රදායික ඉස්ලාමීය නේවාසික පාසලක (පෙසන්ට්‍රෙන් – Pesantren).
මේ පාසලේ ඉගෙන ගන්න හර්ලිනා කියන ගැහැණු ළමයා, එහේ ඉන්න සුල්ෆා , ඔබී සහ දිලා කියන ශිෂ්‍යාවන්ගෙන් නිතරම දරුණු විදිහට නවක වදයට වගේම හිංසාවලට ලක්වෙනවා.

දවසක් මේ වදහිංසා ඉවසන්න බැරිම තැන හර්ලිනා නේවාසිකාගාරයෙන් පලායන්න උත්සාහ කරනවා. හැබැයි අවාසනාවන්ත විදිහට ඇය පාරේදී මාරක රිය අනතුරකට ලක්වෙලා ජීවිතක්ෂයට පත්වෙනවා. තමන්ගේ එකම දුවගේ මේ අකල් මරණය දරාගන්න බැරිවෙන හර්ලිනාගේ දෙමාපියන්, ඇගේ සිරුර අරන් කෙළින්ම යන්නේ ගුරුකම් කරන මායාකාරයෙක් (රුමා දුකුන් – Rumah Dukun) ළඟට.

එතැනදී ඔවුන් සන්තෙට් කියන අඳුරු මායාව පාවිච්චි කරලා, ඛෝඩම් කියන භූත බලවේගයක උදව්වෙන් හර්ලිනාගේ සිරුරට නැවත පණ දෙනවා. ඊට පස්සේ තමන්ගේ දුවට වද දීපු නේවාසික පාසලේ අනෙක් ගැහැණු ළමයින්ගෙන් දරුණු ලෙස පළිගැනීම සඳහා ඇගේ ආත්මය නැවත ඒ පාසලටම පිටත් කරලා හරිනවා. මියගිහින් සතියකට පස්සේ හර්ලිනා කිසිම දෙයක් වුණේ නැහැ වගේ ආයෙත් පාසලට එනවා. ඉන්පස්සේ සිද්ධ වෙන්නේ මොන වගේ බිහිසුණු දේවල්ද කියලා ඔයාලම ෆිල්ම් එක බලලම දැනගන්න!

ෆිල්ම් එක බලන්න කලින් මේ ටිකත් දැනගන්න!

චිත්‍රපටය පුරාම ඉස්ලාමීය පසුබිමක් තියෙන නිසා ඔයාලට නිතරම දකින්න ලැබෙන චරිත, ස්ථාන සහ විශේෂ වචන කිහිපයක් මෙන්න:

උස්තාදා: පාසලේ ඉන්න ආගමික ගුරුවරියන් / පාලිකාවන්.

ක්යායි මුස්තෝෆා : පාසලේ ප්‍රධාන ආගමික නායකයා.

අස්රාමා : ළමයි නවතින නේවාසිකාගාරය.

මුෂොල්ලා : නේවාසිකාගාරය ඇතුළේ තියෙන කුඩා වන්දනා කාමරය.

කමාර් මන්දි : නාන කාමරය (ෆිල්ම් එකේ ගොඩක් බය හිතෙන දර්ශන සිද්දවෙන්නේ මෙතැනදී).

මුන්කාර් (Munkar): වැරදි කළ අයට සොහොනේදී දඬුවම් පමුණුවන දේවදූතයාගේ නම.

චිත්‍රපටයේ එන ආචාර විධි

මෙයාලා එකිනෙකා හමුවෙද්දී “අස්සලාමු අලෙයිකුම්” කියලා ආචාර කරන අතර, ඊට පිළිතුරු විදිහට “වඅලෙයිකුමුස්සලාම්” කියා පවසනවා.

ලස්සන සමාජීය පණිවිඩයක් එක්කම, කුතුහලයෙන් සහ දැඩි බියකින් යුතුව එක දිගට බලන්න පුළුවන් සුපිරිම හොරර් ෆිල්ම් එකක් තමයි මේක. දැනටමත් Netflix හරහා නිකුත් වෙලා තියෙන මේ චිත්‍රපටය සිංහල උපසිරසි එක්කම බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.

තවත් උපසිරසියකින් ඉක්මනින්ම හමුවෙමු,ජයවේවා!

Munkar (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

339 downloadsDownload Munkar-2024.zip23 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Munkar Sinhala Subtitles

Subtitles by

තරිදු දිසානායක

Subtitles

339 downloadsDownload Subtitles23 KB

1 comment

  1. Buddhika laKMal

    මේකට සබ් දුන්නට තෑන්ක්ස් මචෝ