Bhooth Bangla (2026) Sinhala Subtitles ඔන්න එහෙනම් අපේ උපසිරැසි රසිකයන් හැමෝම මග බලාගෙන හිටපු දැවැන්තම සිනමා අත්දැකීමක් අරගෙන ආවා. මේක මගේ 174 වැනි උපසිරැසි නිර්මාණය. බොලිවුඩ් සිනමාවේ අමතක නොවන Horror-Comedy (භීතිය සහ හාස්‍යය මුසු) අත්දැකීමක් වුණු Bhool Bhulaiyaa (2007) චිත්‍රපටය ඔබට මතකද? වසර 14ක…

Bhooth Bangla (2026) Sinhala Subtitles
ඔන්න එහෙනම් අපේ උපසිරැසි රසිකයන් හැමෝම මග බලාගෙන හිටපු දැවැන්තම සිනමා අත්දැකීමක් අරගෙන ආවා. මේක මගේ 174 වැනි උපසිරැසි නිර්මාණය.
බොලිවුඩ් සිනමාවේ අමතක නොවන Horror-Comedy (භීතිය සහ හාස්‍යය මුසු) අත්දැකීමක් වුණු Bhool Bhulaiyaa (2007) චිත්‍රපටය ඔබට මතකද? වසර 14ක දිගු විරාමයකින් පසුව, එම සිනමා පටය අධ්‍යක්ෂණය කළ ප්‍රියදර්ශන් සහ සුපිරි තරුව අක්ෂේ කුමාර් නැවතත් එක්වන දැවැන්තම සිනමා ප්‍රයත්නය තමයි Bhooth Bangla (2026) කියන්නේ.
ඔබව එකලඟ බය කරන්නත්, ඒ එක්කම බඩ පැලෙන්න හිනස්සවන්නත් පුළුවන් අපූරු කතාවක් මේ සිනමාපටය හරහා ප්‍රේක්ෂකයන් වෙත අරන් එනවා.
කතාව ගෙතෙන්නේ අද්භූත හා කළු මායාවන් (Black Magic) පිළිබඳ කටකතා පැතිරුණු, කලෙක පාලුවට ගිය පැරණි බංගලාවක් වටායි. මේ බංගලාව ආශ්‍රිතව සිදුවන අමුතු සිදුවීම් මාලාවක් සහ එහි සැඟවුණු රහසක් සෙවීමට පැමිණෙන තරුණයෙකු මුහුණ දෙන අකරතැබ්බයන් සමුදායක් ඉතාමත් හාස්‍යජනක ලෙස මෙහි නිරූපණය කර තිබෙනවා.
හැබැයි මේක සාමාන්‍ය හොල්මන් කතාවක් නෙවෙයි; ප්‍රියදර්ශන් සිනමාකරුවාටම ආවේණික වුණු, පටලැවිලි සහගත චරිත සහ අවසානය දක්වාම කුතුහලය රඳවා ගන්නා සිනමා රටාවක් මෙහි දැකගත හැකියි.
බුදු සරණයි….!
Bhooth Bangla (2026) Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
2,660 downloadsDownload Bhooth-Bangla-2026.zip69 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Bhooth Bangla Sinhala Subtitles
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
5 comments
Gagan Pabasara
Buddhika laKMal
සබ්එකට තෑන්ක්ස් මචං
Sahan Gayantha
thanks a lot Asanka saho sub ekata
Ruvindu theekshana
බොහොම ස්තුතිය ❤️
damith niwanthaka
Thanks bro. Jaya wewa…!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Bhooth Bangla (2026) with Sinhala Subtitles | බුත බංගලාවේ මගුල් කෑම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/06/Bhooth-Bangla-2026-2.jpg)
බොහොම ස්තුතිය ❤️