Mutiny (2026) Sinhala Subtitles ආයුබෝවන්.! තවත් මාසයක් ගෙවිලා යන්න ඔන්න මෙන්න තියෙන්නේ. නොදැනීම අවුරුද්දත් ඉවර වේගෙන එනවා. ඒ වගේම මාස ගානකට පස්සේ තමයි උපසිරැසියක් කරන්න අවස්ථාව ලැබුනෙත්. මේ අවුරුද්දේ ආපු ක්‍රියාදාම චිත්‍රපට අතරින් Mutiny චිත්‍රපටයට තැනක් ලැබෙනවා නම් ලැබෙන්නේ ඒ Jason Statham නිසාම ත…

Mutiny (2026) Sinhala Subtitles
ආයුබෝවන්.! තවත් මාසයක් ගෙවිලා යන්න ඔන්න මෙන්න තියෙන්නේ. නොදැනීම අවුරුද්දත් ඉවර වේගෙන එනවා. ඒ වගේම මාස ගානකට පස්සේ තමයි උපසිරැසියක් කරන්න අවස්ථාව ලැබුනෙත්.
මේ අවුරුද්දේ ආපු ක්‍රියාදාම චිත්‍රපට අතරින් Mutiny චිත්‍රපටයට තැනක් ලැබෙනවා නම් ලැබෙන්නේ ඒ Jason Statham නිසාම තමයි. පොරගේ චිත්‍රපට කිහිපයක්ම පහුගිය අවුරුදු වල එක පෙලට ආවත් ගොඩක් ඒවා බොහොම සාමාන්‍ය මට්ටමේ තිබුනේ. වෙලාවකට හිතෙනවා Jason ලඟකදී ඉඳන් රඟපාන චිත්‍රපට එකම ආරෙක ඒවාදෝ කියලා. කොහොමින් කොහොම උනත් Jason කියන්නේ බටහිර සිනමාවේ ක්‍රියාදාම චිත්‍රපට වලට නැතුවම බැරි චරිතයක්. ඒක නිසා පොරගේ චිත්‍රපට බැලුව කියලා පාඩුවක් වෙන්නේ නම් නැහැ.
Mutiny චිත්‍රපටය ඇවිල්ලා නම් වැඩි දවසක් නැහැ. ආපු HD කොපිය හොඳ නිසා රවිඳු මල්ලි කිව්වා ඉක්මනටම කරලා දෙන්න කියල. ඉතින් ඔන්න දවසින් දෙකෙන් මේක කරලා දෙන්නේ ඔයාලට අපි කවදත් හොඳම දේ වේලාසනින්ම දෙන්න උත්සහ කරන නිසයි.
කතාව ගැන වැඩි දෙයක් කියන්න බලාපොරොත්තුවක් නැහැ. කියන්න ගියොත් කතාවම කියවෙන්න පුළුවන්. ඒත් පුංචි අදහසක් දෙන්නම්.
කෝල් (Jason Statham) කියන්නේ ටිබූ (Ramon Tikaram) කියන තායිලන්තයේ ධනවත් ව්‍යාපාරිකයාගේ ආරක්ෂකයා වශයෙන් වැඩ කරන කෙනයි. ඒ වගේම කෝල් හිටපු පොලිස් නිලධාරියෙක් වගේම කමාන්ඩෝ භටයෙක්.
හදිසි ත්‍රස්ත ප්‍රහාරයකින් ටිබූ මිය ගියාට පස්සේ ඒ අපරාධය කරපු සතුරන් හොයාගෙන කෝල්, ටිබූට අයිති නැවකට (Artemis නමැති නැව) ගොඩ වෙනවා. එතනින් එහාට ඉතින් නැව ඇතුලේ වෙන ගහ මරා ගැනීම් තමයි දිගටම බලාගන්න පුළුවන් වෙන්නේ.
Mutiny චිත්‍රපටයට මීට අමතරව ඇන්ජි (Annabelle Wallis), මාර්කෝ (Roland Møller) ඇතුළු තවත් රංගන ශිල්පීන් කිහිප දෙනකු ප්‍රධාන චරිත වලින් දායක වෙනවා.
පැයකුත් විනාඩි 35 කුත් දිව යන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ Jean-François Richet. ඒ වගේම නිෂ්පාදනය Jason Statham සහ Marc Butan විසින් සිදු කරා. Lionsgate Films විසින් බෙදාහරින ලද මේ චිත්‍රපටයේ IMDb අගය මේ වෙනකොට 5.7/10 ක් වෙනවා.
එහෙනම් ඉතින් Mutiny බලන්න ආරාධනා කරන ගමන් මම නවතිනවා. Blue ray ආවම update එකක් දෙන්නම්කෝ.
හැමෝටම ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
4,358 downloadsDownload Mutiny-2026.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mutiny (2026) Sinhala Subtitles
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
- #Box Office Hits
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Mutiny (2026) Sinhala Sub
- #Mutiny (2026) Sinhala Subtitles
- #Mutiny Sinhala Sub
- #Mutiny Sinhala Subtitles
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #උපසිරැසි
- #චාමිකර විදානගේ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
නිශාන් සමීර
Buddhika laKMal
සබ්එකට තෑන්ක්ස්
Sahan Gayantha
thanks a lot Chamikara saho sub ekata
Anonymous
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●