Toy Story 5 (2026) Sinhala Subtitles හායි යාළුවනේ, මෙන්න ඔයාලට ලෝක ප්‍රසිද්ධ ඇනිමේශන් මාලාවක පස් වෙනි චිත්‍රපටය වෙනුවෙන් උපසිරැසිය ගෙන ආවා. ඔයාල සේරම දන්නවා 1995 වසරෙ ආපු TOY STORY ගැන. ඒ කාලෙ ළමා විය ගත කරපු අයයි, දැන් තවම ළමා විය ගත කරන පොඩි බබාලයි, ඒ විතරක් නෙමෙයි මේ චිත්‍රපටය රස වින්දා, ඒ සාර්ථ…
Toy Story 5 (2026) Sinhala Subtitles
හායි යාළුවනේ, මෙන්න ඔයාලට ලෝක ප්‍රසිද්ධ ඇනිමේශන් මාලාවක පස් වෙනි චිත්‍රපටය වෙනුවෙන් උපසිරැසිය ගෙන ආවා. ඔයාල සේරම දන්නවා 1995 වසරෙ ආපු TOY STORY ගැන. ඒ කාලෙ ළමා විය ගත කරපු අයයි, දැන් තවම ළමා විය ගත කරන පොඩි බබාලයි, ඒ විතරක් නෙමෙයි මේ චිත්‍රපටය රස වින්දා, ඒ සාර්ථකත්වය නිසාම ඒක පිටිපස්සෙන් චිත්‍රපට තවත් හතරක් නිපදවූවා. මේ තමයි අලුත්ම එක. වෝල්ට් ඩිස්නිලගෙ Pixar Animation Studios විසින් නිපදවන ලද මේ චිත්‍රපට මාලාවේ චිත්‍රපට පහට අමතරව තවත් අතුරු චිත්‍රපට, කෙටි චිත්‍රපට, රූපවාහිනීඉ කතා මාලා, ක්‍රීඩා රාශියක්ම මේ ජනප්‍රිය තාවය නිසා බිහි උනා.වාණිජ අතින් ඉතාම සාර් ථක ගමනක් ගිය මේ චිත්‍රපට ඔස්කාර් සම්මාන වලට පවා පාත්‍ර උනා. ලෝක සිනමාවේ සංධිස්ථානයක් හැටියට මේ චිත්‍රපට පෙල පත් වෙලා තිබෙනවා.
ඉතිං මේ කතා මාලාවෙ කිය වෙන්නෙ පුංචි ළමයින්ගෙ සෙල්ලම් බඩුගැන කතාවක්. ළමයින්ගෙ ලෝකයට සමාන්තරව සෙල්ලම් බඩු වලටත් වෙනම ලෝකයක් තියෙනවා. ඒ ලෝකයේ සජීවී වෙන චරිත සමූහයක් වටා ගෙතුනු කතා පුවතක් තමයි මේකෙන් කියැවෙන්නෙ. මේ සෙල්ලම්බඩු හැමෝටම තිබෙන ආශාව තමයි තමුන් අයිති ළමයව සතුටින් තියන එකයි ඒ මගින් තමන් ගැන එයාගෙ තියෙන කැමැත්ත තබා ගන්න එකයි. ඒ වගේම තියෙන බය තමයි ඒක දිගටම පවතියිද කියන එක. මේ ළමයි වයසින් වැඩෙන කොට එයාලගෙ ආශාවන් සිතුම් පැතුම් වෙනස් වෙන කොට ඒ සෙල්ලම් බඩු වලට තියෙන ආශාවත් වෙනස් වෙනවා. ඉතිං මේ ගැටළුවත් එක්ක තමයි මේ කතාන්තර දිව යන්නෙ. පස් වෙනි කට්තාවෙදි තවත් අළුත් ප්‍රශ්ණයක්. ඒක තමයි තාක්ෂණය. තාක්ෂණික මෙවලම් විසින් සම්ප්‍රදායික සෙල්ලම් බඩු ගිල ගනීද කියන එක විතරක් නෙමෙයි ඒ ළමයින්ට මානුෂික සම්බන්ධතා මග හැරෙයිද කියන එක.
Toy Story මාලාව ඇත්තටම සෙල්ලම් බඩු ගැන පමණක් නෙමෙයි. මිතුරුකම, ආදරය, හිමිකාරිත්වය සහ බැඳීම, වෙනස්වීම් පිළිගැනීම හා ඊට හැඩ ගැසීම, දරුවන් වැඩිහිටියන් වීම සහ තමන්ගේ ජීවිතයේ නව අරමුණු සොයා ගැනීම වැනි දේ ගැන කතාවක්.
ඉතිං Chat GPT ඇසුරින් ලබා ගත් මේ කතා මාලාවේ කලින් කතා හතර ගැන පොඩි සාරාංශයක් පහත දානවා
Andy නම් කුඩා දරුවාගේ ප්‍රියතම සෙල්ලම් බඩුව Woody ය. නමුත් Andyට අලුතින් ලැබෙන Buzz Lightyear නිසා Woodyට තම ස්ථානය අහිමි වේ යැයි බියක් ඇති වේ. දෙදෙනා අතර ගැටුමක් ඇති වුවත්, අවසානයේ ඔවුන් හොඳම මිතුරන් බවට පත්වෙති.
Woodyව එකතුකරන්නෙකු විසින් සොරකම් කරනු ලබයි. එහිදී Woodyට තමන් පැරණි ජනප්‍රිය සෙල්ලම් බඩු එකතුවක කොටසක් බවත්, Jessie නම් cowgirl සෙල්ලම් බඩුවක් ඇතුළු නව මිතුරන් සිටින බවත් දැනගන්නට ලැබේ. Woodyට මිනිසෙකුගේ සෙල්ලම් බඩුවක් ලෙස Andy සමඟ සිටීමද, කෞතුකාගාරයක සදාකාලිකව ප්‍රදර්ශනය වීමද අතර තීරණයක් ගැනීමට සිදුවේ.
Andy වැඩිහිටියෙකු වී විශ්වවිද්‍යාලයට යාමට සූදානම් වෙයි. ඔහුගේ සෙල්ලම් බඩු daycare එකකට යන අතර, එහිදී ඔවුන්ට Lotso නම් teddy bearගේ අඳුරු පාලනයට මුහුණ දීමට සිදුවේ. අවසානයේ Andy තම සෙල්ලම් බඩු Bonnie නම් කුඩා දැරියකට ලබා දෙයි. මෙය Woody සහ Andy අතර ඇති දිගු සම්බන්ධතාවයේ ඉතා සංවේදී අවසානයක් ලෙස පෙනේ.
Bonnie තමන්ගේම සෙල්ලම් බඩුවක් ලෙස Forky නිර්මාණය කරයි. Forky තමන් “කුණු” බව සිතන නිසා Woodyට ඔහුව ආරක්ෂා කිරීමට සිදුවේ. මේ අතර Woodyට ඔහුගේ පැරණි ආදරය වූ Bo Peep නැවත හමුවෙයි. අවසානයේ Woodyට Bonnie සමඟ සිටීම වෙනුවට Bo Peep සමඟ නව ජීවිතයක් ආරම්භ කිරීමට තීරණය කිරීමට සිදුවේ.
පස් වෙනි කොටස ඔයාල නරඹලාම බලන්න.
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
Toy Story 5 (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
756 downloadsDownload Toy-Story-5-2026.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Toy Story 5 Sinhala Subtitles
Subtitles
- #BANDULA K
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #Toy Story 5 (2026) Sinhala Sub
- #Toy Story 5 (2026) Sinhala Subtitles
- #Toy Story 5 Sinhala Sub
- #Toy Story 5 Sinhala Subtitles
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
නිශාන් සමීර
Buddhika laKMal
බෝම ස්තූතියි බන්දුල අයියේ මේකට සිංහල සබ්එක දුන්නට.. ඔයාගේ සබ්එහෙකින් මේක බලනවා කියන්නේ ඉතිං වෙනම එකක්❤️❤️
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
S. Kumara
Nice job buddy. thanks lot. Gotta go that nostalgic era again with Woody and the team..!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●