Watch Trailer

My Girl (1991) with Sinhala Subtitles | මගේ පුංචි කෙලී [සිංහල උපසිරැසි සමඟ]

අහිමි මිතු දම.. ‘ වෙඩා ‘ කියන්නේ වයස අවුරුදු එකොළහක පුංචි ගෑනු ළමයෙක්. එයා ලස්සනයි, හුරතල්… ටිකාක් විතර පැහිලා! ඉපදිලා දවස් කීපයකින් අම්මා මිය ගිය නිසා තාත්තා තමයි හදා වඩා ගත්තේ. තාත්තගේ ආදරේ ලබන්න ආස වුනත් ඇයට හිතෙන්නේ තාත්තා තමන් ගැන නොසලකා හරිනවා කියලයි.. ඇගේ තාත්තා අවමංගල්‍ය අධ්‍යක්ෂක වරයෙක්. ඒ…

My Girl (1991)

අහිමි මිතු දම..

‘ වෙඩා ‘ කියන්නේ වයස අවුරුදු එකොළහක පුංචි ගෑනු ළමයෙක්. එයා ලස්සනයි, හුරතල්… ටිකාක් විතර පැහිලා! ඉපදිලා දවස් කීපයකින් අම්මා මිය ගිය නිසා තාත්තා තමයි හදා වඩා ගත්තේ. තාත්තගේ ආදරේ ලබන්න ආස වුනත් ඇයට හිතෙන්නේ තාත්තා තමන් ගැන නොසලකා හරිනවා කියලයි..  ඇගේ තාත්තා අවමංගල්‍ය අධ්‍යක්ෂක වරයෙක්. ඒ නිසා ඔවුන් නිවසේම අවමංගල්‍යාගාරයක් පවත්වාගෙන යනවා. මේකේ වැඩට එනවා ‘ශෙලී’ කියලා කාන්තාවක්. ටික දවසකින් වෙඩා තේරුම් ගන්නවා තාත්තා ‘ශෙලී’ වෙතට නැඹුරු වන බවත්, තමාගෙන් ඈත් වෙන බවත්. තාත්තගේ ආදරේ තව කෙනෙක් එක්ක බෙදා ගන්න අකමැති අහිංසක ආත්මාර්ථකාමී හැඟීම තිබුනත් කරන්න පුළුවන් දෙයක් නෑ.. ඇගේ තනි කමට ඉන්නේ, ඇයට මේ ලෝකේ ඉන්න එකම යාළුවා ‘ තෝමස් ජේ ‘ විතරයි. තෝමස් ජේ හැම වෙලාවේම වෙඩා ගේ සමච්චලයට පාත්‍ර වුනත් ඇගේ සමාගමය ප්‍රිය කරනවා. ඇයත් එහෙමයි.  වෙඩා, තමන්ට ඇතිවන බරපතළ ප්‍රශ්ණ (ඔය පොඩි එවුන්ට ඇතිවෙන එක එක අමුතු ප්‍රශ්ණ..) සාකච්ඡා කරන්නේ එයා එක්ක තමයි. වෙඩා, කාව්‍ය රචනයට ආසයි. ඇය මේ සඳහා පංතියකට සහභාගී වෙනවා. ඒ පංතිය පවත්වාගෙන යන ඇගේ ගුරුවරයා වන ‘ බික්ස්ලර් ‘ මහතාට තමන් ආදරය කරන බව ඇය තෝමස් ජේ ට පවසනවා.. තෝමස් ජේ වරෙක ඇගෙන් අහනවා.. ” ඔයාට බික්ස්ලර් මහත්මයාව කසාද බඳින්න බැරි වුනොත්,    – මං ගැන හිතලා බලනවාද? “ .   කියලා.. නමුත් වෙඩා කියන්නේ ” සමහර විට “ කියලා විතරයි.
නමුත්, ඒක එහෙම වෙයිද කියලා බලන්න තෝමස් ජේ ට හැකියාවක් ලැබෙන්නේ නෑ……..

1991 වසරේ තමයි මේ සලරුව නිකුත් වෙලා තියෙන්නේ. පුංචි ගෑනු ළමයෙක්ව මූලික කරගෙනයි නිර්මාණය කරලා තියෙන්නේ. පුංචි ළමයි හිතන පතන හැටි, යම් යම් දේවල් තේරුම් ගන්න උත්සාහ කරන හැටි වගේ දේවල් පෙන්නලා තියනවා. මේ සලරුව සම්මාන දෙකක් දිනාගෙන තියනවා. Laurice Elehwany විසින් රචිත ග්‍රන්ථයක් ආශ්‍රයෙන් නිෂ්පාදනය කරලා තියෙන්නේ. අධ්‍යක්ෂණය  Howard Zieff  විසින්.  මෙහි ‘වෙඩා’ ගේ චරිතයට පණ දෙන්නේ  Anna Chlumsky විසින්. මේ සඳහා ඇය 1992 වසරේදී හොඳම ළමා නිලියට හිමි සම්මානය දිනා ගන්නවා. ඇය මෙම සලරුවෙදී ළමා නිලියක් වශයෙන් සීයට සීයක්ම සාර්ථක බවයි මගේ හැඟීම. ‘තෝමස් ජේ’ ගේ චරිතය පණ දෙන්නේ කවුරුත් දන්නා Macaulay Culkin විසින් (Home Alone බලලා ඇතිනේ).

වැඩිය කියන්න දෙයක් නම් නෑ… සම්බන්ධීකරණ කටයුතු සිදු කල ‘ විමා ‘ ට ස්තුතිය පුද කරමින් මම නවතිනවා.

ජය වේවා..!

 

My Girl (1991) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් වලට ගැළපේ.

675 downloadsDownload My.Girl_.1991.Baiscopelk.com_.rar43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමික සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නාමික සඳරුවන්

Subtitles

675 downloadsDownload Subtitles43 KB

16 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks NAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. kenway

    machan torrent link ekath denawanam thama hoda :D awlk nah jaya wewa

  3. Purnima (Real)

    Part 2 ekath demu bro

  4. Tharaka

    සබ් එකට බොහෝම ස්තුතියි, ජයෙන් ජය...

  5. රොයිලි

    බොහොම ස්තූතියි නාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. kavinda

    දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. කලු සජිත්

    thanks sub ekata.# eka dannako

  9. D Chamara

    bohoma sthuthi dahooo

  10. Shamal manojan

    සබ් ඒකට ස්තූතියි! මේකේ දෙවන ෆිලුමටත් සබ් දෙමු නේද?

    My Girl 2 - 1994

  11. prasad madushaN

    thanks mcn

  12. කලු සජිත්

    # eka dennako

  13. Withanage Priyantha Dayakeerthi

    හොඳ ෆිල්ම් එකක් වගේ. බලන්නම්. ස්තුතියි!

  14. Udara Damith B\K

    ............. බොහොම ස්තූතියි..................

  15. BucketMan

    machan meke .rar file eka damage wela wage. extract karanna ba. puluwan nam re upload karanna.