ඔන්න ආයේම වතාවක් තවත් උපසිරැසියක් අරගෙන සට පට ගාලා බයිස්කෝප්පුවට දුවගෙන ආවා. දැන් ඉතින් සබ් නම් පළ වෙන වේගේ හොදටම මදි.මාත් මේ සබක් ගේන්නේ මාස 2කට විතර පස්සේ.මොකද ගිය මාසේ තමා මේක ගේන්න හිටියේ ඒත් Keyboard එකට යකා ගහපු නිසා මුකුත්ම කරගන්න බැරි වුණා.ඊට පස්සේ මේ මාසේ වෙනකම්ම ඉන්න වුණා. කොහෙද ඉතින් ෆිල…
ඔන්න ආයේම වතාවක් තවත් උපසිරැසියක් අරගෙන සට පට ගාලා බයිස්කෝප්පුවට දුවගෙන ආවා. දැන් ඉතින් සබ් නම් පළ වෙන වේගේ හොදටම මදි.මාත් මේ සබක් ගේන්නේ මාස 2කට විතර පස්සේ.මොකද ගිය මාසේ තමා මේක ගේන්න හිටියේ ඒත් Keyboard එකට යකා ගහපු නිසා මුකුත්ම කරගන්න බැරි වුණා.ඊට පස්සේ මේ මාසේ වෙනකම්ම ඉන්න වුණා. කොහෙද ඉතින් ෆිල්ම් වලටම සල්ලි පුදලා Keyboard එකක්වත් ගන්න අතේ පිච්චියක් නෑ.ඊට පස්සේ ඉතින් ගිය මාසේ අන්තිම සතියේ වගේ ලැපක් ගත්තා.(යකෝ මූට කීබෝඩ් එකක් ගන්ඩ සල්ලි නෑ.ලැප් ගන්ඩ සල්ලි තියෙනවා) ඉතින් මේ සබ් එක කරන්නේ කලින් සබ් කරපු Computer එකට සමු දීලා.ඒත් ඉතින් ආයේ සබ් කරන්නේ නෑමයි කියලා හිටියත් අතේ හිරි ඇරගන්නයි, බයිස්කෝප්පුවේ දැන් තියෙන පාලූව මකන්නයි මේ Film එක ගෙනාවා.ඉස්කෝලේ පටන් ගත්තාම ආයේ නොකර ඉන්න හැදුවේ ඒත් ඉතින් ඇබ්බැහි වුණොත් බෑ සබෙන් ගැලවෙන්න.කලින් සබ් ගෙනාවේ O/L result එනකල් ලැබුණ නිවාඩුව අතරතුර..ඒත් මේක ගේන්නේ A/L පන්තියේ ඉන්න ගමන්..
ආයේ ඉතින් ඇනිමේෂන් පිස්සෝ නම් මේක මග හරිනේ නෑ.. මේ මගේ දෙවෙනි ඇනිමේෂන් උපසිරැසිය.කලින් කරා Sahara 2017. මම මේ ලිපිය කොටන වේලාවේ දැක්කා Cars 3 එකත් ඉක්මනට දාන්ඩ කියලා තිබ්බා.භය වෙන්න එපා ඉතින් ඒ වගේ සුපිරි එව්වා බයිස්කෝප් එකෙන් මගහරින්නේ නෑනේ.මම හිතන්නේ ඒකේ සබ් කරන්න කවුරුහරි භාරගෙනත් ඇති. අනේ මන්දා ලිපිය ලියන්ඩ මෙලෝ අදහසක් එන්නෙම නෑ. ආහ්..මම කියන්නමයි හිටියෙ.බයිස්කෝප් එකට ඉතින් එන්නේ ෆිල්ම් බලන්න ආස අය විතරක්ම නෙමෙයිනේ..නිකං දෙන එකෙන් රුපියලක් හරි හූරගෙන කන්ඩ බලාගෙනත් කට්ටිය එනවා.ඔය සමහරු ඉන්නවනේ DVD එකකට මෙලෝ කොලිටියක් නැති ෆිල්ම් 4ක් විතර දාලා (එව්වා නිකං 3gp වීඩීයෝ වගේ) සිංහල උපසිරැසි සමග කියලා ලොකුවට දානවා.අන්තරජාල පහසුකම් නැති අය ඉතින් ඒවා ගන්නවා.ඒ වුණාට ඉතින් දන්නෝ දන්නවා ඒ උපසිරැසි කොහෙන් උස්සපුවාද කියලා.මේකත් කියන්න එපැයි.සමහර ආයතන තියෙනවා ඔවුන්ගේම උපසිරැසියක් Merge කරලා දානවා.ඒත් සමහරු අපේ එව්වා උස්සනවා.ඉස්සුවත් කමක් නෑ කියමුකෝ.ඒ මදිවට අපේ නමයි බයිස්කෝප් එකේ නමයි යන ලයින් එක delete කරලා උන්ගේ DVD House එකේ නම දානවා..අම්මපා ඉතින් මෙව්වා. කමක් නෑ ඉතින් සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා කතාවට බහිමුකෝ.
මම තව මාසයක්වත් මේක අදින්න හිටියේ.ඒත් ඉතින් අසංක අයියට මාව තඹේකට ශුවර් නෑලූනේ.ඉතින් මේ මාසේම කළා. දැන් ඉතින් ගොඩාක් රිදෙයි ආහ්.. මේකට දාන්න නමක් තමයි අම්මේ..!! මේක ඉතින් එසේ මේසේ ෆිල්ම් එකක් නම් නෙමෙයි.මේක ගැන විස්තර මම කියලාම ඉන්නම්කෝ.එතකොට තෙරෙයි මම එහෙම කිව්වේ ඇයි කියලා.මේක නිකුත් කරපු දිනය වෙන්නේ 2017 පෙබරවාරි 24 වෙනිදා.පුරා විනාඩි 70ක් දිව යන මේ චිත්‍රපටිය Animation,Comedy,Drama යන වර්ගීකරණයන්ට අයත් වෙනවා.IMDB එකේ මාමලා නැන්දලා මේකට 7.8/10 ක රේටින්ග් එකක් දීලා තියෙනවා.චිත්‍රපටිය දිනාගත්තු සම්මාන පහළින් දීලා තියෙනවා.
Academy Awards, USA 2017
Noimnated : OSCAR – Best Animation Feature Film Of The Year
Golden Globes, USA 2017
Noimnated: GOLDEN GLOBE – Best Motin Picture
Annecy International Animated Movie Festival
Won: AUDIENCE AWARD
Won: CRISTAL
Annie Awards 2017
Nominated: Annie
Bratislava International Film Festival 2016
Won: FIPRESCI PRIZE
Cannes Film Festival 2016
Nominated: Golden Camera
Ce´sar Awards, France 2017
Nominated: Cesar
Won: cesar
European Film Awards 2016
Won: European Film Award
Golden Derby Awards 2016
Nominated: Golden Derby Award
International Cinephile Society Awards 2017
2nd place: ICS AWARD
International Online Cinema Awards 2017
Nominated: INOCA
London Film Festival 2016
Nominated: SUTHERLAND AWARD
Lumiere Awards, France 2017
Won/ nominated: Lumiere Award
Lux prize 2016
And etc…
හම්මේ ටයිප් කරලාම හති සම්මාන උත්සව ටික. තවත් 12ක් තියෙනවා ඔව්වා ටයිප් කර කර ඉන්න බෑ..ඔයාලා කියවන්නෙත් නෑනේ.. මේකත් France චිත්‍රපටියක් තමයි.
Box Office
Budget : € 6,500,000 (estimated)
Opening weekend : $ 29,057 (USA)
Gross : $ 292,279 (USA)
බලනවා වගේ ලේසි නෑ ඇනිමේෂන් චිත්‍රපටි නිර්මාණය කරන එක.නිකමට ගිහින් Youtube එකේ බලන්නකෝ..
කතාව පැත්තට ගියොත් මේකේ වෙන්නෙ මෙහෙම දෙයක්.තමන්ගේ හිතේ ආපූ ආවේගයන් වලට වැරදි විදියට දක්වපු ප්‍රතිචාරයක් නිසා ජිවිතේ නැට්ටටම එපා වුණු කුඩා දරුවෙකු වටා ගෙතුණු කතාවක් මේක.තමන්ගේ මව නැති වුණාට පස්සේ අනාථ නිවාසෙකට යන මේ දරුවාට විශ්වාසය සහ අවංක ආදරය කියන්නේ චිත්‍රපටියකට සීමා නොවුණ හදපත්ලෙන්ම ජනිත වන සැබෑ හැගීම් බව තේරුම් ගන්නවා. මගේ Summary කියවලා අපෝ චාටර් කතාවක් කියලා හිතන්න නම් එපා..imdb rate එක පොඩ්ඩක් බලන්නකෝ.
තම දරුවා ඉපදීමටත් කලින් මරා දමන.තම දරුවා පණ පිටින් වළදා දමන.දරුවාට අයිති සෙනෙහස තවත් අනියම් පුරුෂයෙකුට හෝ කතකට පුදන.තම දරුවාටම අඩත්තේට්ටම් කරන.තම දරුවාටම අතවර කරන.තම දරුවා සමගම සියදිවි නසා ගන්නා.තම දරුවාවම හැරදා යන අද කාලයේ දෙමාපියන්ටත්. තම සොහොයුරා හෝ සොයුරිය ඉඩමක්,බූදලයක් වෙනුවෙන් මරා දමන..තමා හැදූ වැඩූ මාපියන්ව බලූ කූඩුවේ දමන.කැළණියේ යමු කියා මව හෝ පියා කොහේ හෝ අතරමන් කර එන.ඉඩමක් වෙනුවෙන් මවට පියාට පිහි ඔසවන දරුවන්ටත්.
අද කාලයේ බිහි වී ඇති මෙවන් කුරිරු සමාජයකට මා ඉතාමත් අනුකම්පාවෙන් මේ උපසිරැසිය පුද කරමි. ඉහත අදහස් සියල්ල මාගේ පෞද්ගලික අදහස් වන අතර ඔබේ මතය මීට වෙනස් නම් Comment Box එක ඔබ වෙනුවෙන් විවෘතයි.
ඔබේ අදහසත් දක්වන්න.!

Due to copyright issues, we do not provide any torrent links.
My Life As A Zucchini (2016) [ Bolly4u.org ] English 720p Brrip ESub 433MB.mkv
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
2,575 downloadsDownload My-Life-As-A-Zucchini-2016.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/Maleesha-pathirana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලීෂ පතිරණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලීෂ පතිරණ
Subtitles
21 comments
පැතුම් ඉෂාර
Sanda
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ.
පුලුවන්නම් Ghost in the Shell (1995),Ghost in the Shell 2: Innocence (2004)
සබ් කරන්න බලන්න.ජය වේවා!su
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
ලිපියනම් සුපිරි මලයෝ..අයේ ඇනිමේශන් බලන්නේ නැති කෙනෙක් උනත් අරන් බලන විදියට ලියලා තියේ..
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Soori
උපසිරැසිය ගත්තා. බොහොම ස්තුතියි. පිලුම බලලා අදහසක් දෙන්නම් සහෝ....!
Gathsara Umesh Kumara
Sub ekt bohiim sthuthiy malliyoo.
Sub krwaen ayin wenn epaa...
Ehm unith apt mokkd wenne...
Ikmnum ilg upsresyn hmuwemmo...
Jywewaa....!Udara Damith B/K
ලිපියනම් නියමයි
මේක මන් ගොඩක් දවස් DAක්‍කා බලන්ඩ බෑ වගේ හිටියේ
ලිපිය කියෙව්වට පස්සේ බලන්දම හිතුනනේ
අද කොහොම හරි බලලා තාම සැතපෙන්නේKrishan Madusanka
nice
Chalana
thnx bro...
අසිත
ammo denakm hitiye
elama saho thanksKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
aruna shantha
443 mb ekata wada quality copy ekakata saba set wenawada???
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Nikagoda Nagitha
niyamay. jayawewa
mindika
thanks !!!!!!!!!!!!!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malinda
thanks bro. article ekath patta
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

භම්මේ! පොස්ට් එක කියව්වම ඩවුන්ලොඩ නොකර යන්න බෑ බෑ වගේ... කොභොම උනත් අපි වෙනුවෙන් උබලගේ වට්නා කාලය කැපකරගෙන මේ කරන වැඩේට උඹලට ගොඩක් ස්තූතියි!
෴බයිස්කොප් අඩවියට ජය෴