අසල්වැසි ඉන්දියාවේ ඉන්නවා “හිජ්‍රා” නමින් හදුන්වන සංක්‍රාන්ති ලිංගිකයන්ගෙන් සමන්විත ප්‍රජාවක්. ඉන්දියානු චිත්‍රපට/ටෙලිකතා ආදිය නරඹන අය ඔබ අනිවාර්යයෙන්ම මොවුන්ව දැකලා ඇති. ඉන්දියාවේ හිජ්‍රා සහ වෙනත් තුන්වන ස්ත්‍රී-පුරුෂ භාවයක් සහිත පුද්ගලයන් මිලියන භාගයක් පමණ සිටිනවා. හිජ්‍රා අනන්‍යතාවය යනු ජීව විද්…

අසල්වැසි ඉන්දියාවේ ඉන්නවා “හිජ්‍රා” නමින් හදුන්වන සංක්‍රාන්ති ලිංගිකයන්ගෙන් සමන්විත ප්‍රජාවක්. ඉන්දියානු චිත්‍රපට/ටෙලිකතා ආදිය නරඹන අය ඔබ අනිවාර්යයෙන්ම මොවුන්ව දැකලා ඇති.

ඉන්දියාවේ හිජ්‍රා සහ වෙනත් තුන්වන ස්ත්‍රී-පුරුෂ භාවයක් සහිත පුද්ගලයන් මිලියන භාගයක් පමණ සිටිනවා. හිජ්‍රා අනන්‍යතාවය යනු ජීව විද්‍යාත්මක, ස්ත්‍රී-පුරුෂ භාවය හා ලිංගික අනන්‍යතාවන්ගේ සම්මිශ්‍රණයක්. හිජ්‍රාවන් උපතේදී පිරිමින් වන අතර බාහිර ශාරීරික වෙනස් සිදුකර ගනිමින් හෝ නොකරගනිමින් ස්ත්‍රීන් ලෙස වාසය කරයි.

Nagarkirtan කියන්නේ 2017 දී Kaushik Ganguly විසින් අධ්‍යක්ෂණය කළ බෙංගලි චිත්‍රපටයක්.
ඉහත කිව්ව හිජ්‍රා පුද්ගලයෙක් හා පිරිමි පුද්ගලයෙක් අතර ඇතිවන ප්‍රේමය සම්බන්දතාවයක් පිලිබඳ හරිම සංවේදී කතාවක් තමයි මෙහි ඇතුලත් වෙන්නේ.
ප්‍රධාන චරිත 2යි.
පුටි – ඇය හිජ්‍රා කෙනෙක්. පිටතින් පිරිමියෙක්. හදවතින් ගෑණු කෙනෙක්. කල්කටාවේ සිටින තවත් හිජ්‍රාවන් පිරිසක් සමඟ ජීවත් වේ.
මේ සංක්‍රාන්ති ලිංගික චරිතයට පණ පොවන්නේ Riddhi Sen. 2017 දී හොඳම නලුවාට හිමි ඉන්දියානු ජාතික සම්මානයද ඔහු මේ රඟපෑම වෙනුවෙන් දිනාගන්නවා. ඒ එම සම්මානයට හිමිකම් කියූ ලාබාලම පුද්ගලයා වෙමින්. ඇත්තටම පිරිමියෙක්ට ඒතරම් අපූරුවට මෙවැනි කාන්තා චරිතයක් කරන්න පුළුවන් ද කියලා හිතෙන මට්ටමට ඔහු ප්‍රේක්ෂකයින් වන අපව පත් කරනවා.

මදූ – ඔහු බටනලා වාදකයෙක්. හින්දු ආගමික ගායනයක් වන “කිර්තන් උත්සව” වලදී ඔහු බටනලා වයයි. ඔහුට ඇයව මුණගැහෙන්නේ අහම්බෙන්. ඔවුන් අතර අහිංසක අසම්මත ආදරයක් දලුලන්න වැඩි කල් යන්නේ නෑ.
Ritwick Chakraborty තමයි මේ බටනලා වාදකයාගේ චරිතය කරන්නේ. බෙංගාල සිනමාව ආශ්‍රය කරන කිසිවෙක් ඔහුව නොහඳුනන්නේ නම් නෑ. ඔහු ඉන්දියාවේ සිටින දක්ෂ නූතන සිනමා නළුවෙක්.

—————————————-
Nagarkirtan චිත්‍රපටය 65 වෙනි ඉන්දියානු ජාතික සම්මාන උළෙලේදි සම්මාන 4ක් දිනාගන්නවා.
- හොඳම නලුවා
- හොඳම ඇඳුම් නිර්මාණය
- හොඳම වේශ නිරූපණය සහ
- ජූරියේ විශේෂ සම්මානයක්.
මෙය සාමාන්‍ය චිත්‍රපටයක් නොවේ. පුටි වැනි අය ඔවුන්ගේ ජීවිත කාලය පුරාම අත්විඳින සෑම වේදනාවක්ම හා මදූ වැනි මිනිසුන් ඔවුන්ගේ හෘද සාක්ෂියට ඇහුම්කන් දෙන මොහොතවල් වල එකතුවකි. සියලු විශිෂ්ට කලාවන් උපත ලබන්නේ වේදනාවෙන් හා කෝපයෙන්.
~Firstpost~
“අවසාන වශයෙන් Nagarkirtan තවත් එක් ආදර කතාවක් ලෙස නොපවතී. ඒ අවසන් ජවනිකාව ඔබේ හදේ ඊයම් බරුවක් ගිලෙන්නා සේ වේදනාවක් ඉතුරු කරාවි”
~Times Of India~
“කැපී පෙනෙන රංගනයන් දෙකකට ස්තූතිවන්ත වන්නට, සංක්‍රාන්ති ලිංගික අනන්‍යතාවය තිරය මත වඩාත්ම අව්‍යාජ හා දෘඩ ලෙස නිරූපණය කළ මෙවැනි සිනමාපටයක් නොමැති තරම්ය”
~Film Companion~
—————————————
මේ හේතු ප්‍රමාණවත් වේවි මෙය නැරඹීමට. හැමෝටම ආරාධනා කරනවා මේ අනුවේදනීය ආදරය විඳගන්න එන්න කියලා…

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා වලංගු වේ.
1,818 downloadsDownload Nagarkirtan-2017.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නෙතිනි නිමන්තිකා
Subtitles
20 comments
Anu
Nethini123
:-D බොහොම ස්තූතියි
mayura
niyamai nethini. sub ekak ei kiyala hithuwewath nathi ekak. dan balathahaki
Nethini123
බොහොම ස්තූතියි :-D
indika75
thanks..
Nethini123
බොහොම ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Nethini123
බොහොම ස්තූතියි
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Nethini123
බොහොම ස්තූතියි
Asel Ranuka Hansaka Basnayaje
godak sthuthi harima lassnata wade karala thiyenawa suba pathum saha suba anagathayak pathanawa
Nethini123
බොහොම ස්තූතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Nethini123
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nethini123
බොහොම ස්තූතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Nethini123
බොහොම ස්තූතියි
MAALNATH
Thanks ...........good luck ................
Nethini123
බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Nagarkirtan (2017) Sinhala Subtitles | රාධා සහ ක්‍රිෂ්ණා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/Nagarkirtan-2017-1.jpg)
Thanks a lot. Reallyyyy appreciate ur hard working.