No Other Choice (2025) Sinhala Subtitles කොහොමද හැමෝටම, කොරියානු රසිකයන් ගොඩකගේ වගේ අවධානයට ලක්වුණු 2025 වසරේ තිරගත වුනු සුපිරිම කොරියානු සිනමා සිත්තමකට සිංහල උපසිරසි අරගෙනයි අද මම ආවේ. ඒ තමයි “No Other Choice” (어쩔수가없다). ඔයාලා ‘Oldboy’ සහ ‘Decision to Leave’ වගේ සුපිරි චිත්‍රපට බලලා තියෙනවා නම්, ඒව…

කොහොමද හැමෝටම,
කොරියානු රසිකයන් ගොඩකගේ වගේ අවධානයට ලක්වුණු 2025 වසරේ තිරගත වුනු සුපිරිම කොරියානු සිනමා සිත්තමකට සිංහල උපසිරසි අරගෙනයි අද මම ආවේ. ඒ තමයි “No Other Choice” (어쩔수가없다).
ඔයාලා ‘Oldboy’ සහ ‘Decision to Leave’ වගේ සුපිරි චිත්‍රපට බලලා තියෙනවා නම්, ඒවායේ අධ්‍යක්ෂ Park Chan-wook ගැන අලුතින් කියන්න ඕන නැහැනේ. ඔහුගේ අලුත්ම සිනමා සිත්තම තමයි මේ. ඒ විතරක් නෙමෙයි, කොරියානු සිනමාවේ දැවැන්තයන් වන Lee Byung-hun සහ Son Ye-jin ප්‍රධාන චරිතවලින් මේකට පණ පොවනවා.
මොකක්ද මේ “No Other Choice” කතාව?
අපි හැමෝම ජීවත් වෙන්න රස්සාවක් කරනවා. හැබැයි ඒ රස්සාව එක රැයකින් නැති වුණොත්? අන්න ඒ වගේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන ‘මෑන්-සූ’ වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. වසර 25ක් තිස්සේ කඩදාසි සමාගමක විශ්වාසවන්තව සේවය කරපු මෑන්-සූට ආර්ථික අර්බුදය හමුවේ රක්ෂාව අහිමි වෙනවා.
තමන්ගේ ආදරණීය බිරිඳයි, දරුවොයි එක්ක ගෙවන සුඛෝපභෝගී ජීවිතය රැකගන්න නම් ඔහුට ඉක්මනින්ම වෙනත් රස්සාවක් ඕනෙම කරනවා. හැබැයි වෙළඳපොළේ තියෙන තරඟකාරීත්වය එක්ක ඒක ලේසි වෙන්නේ නැහැ. තමන්ට වඩා සුදුසුකම් තියෙන තරුණයෝ සිය ගණනක් මේ රක්ෂාවට පොර කනවා.
මෙතනදී මෑන්-සූ අතිශය දරුණු, හැබැයි අපූරු තීරණයක් ගන්නවා. “තමන් එක්ක රස්සාවට තරඟ කරන අනෙක් හැමෝවම මේ ලෝකෙන් තුරන් කරන්න හදනවා(මරන්න).
ඔව්, ඔයාලා කියෙව්වා නිවැරදියි! තමන්ගේ රස්සා වෙනුවෙන්, තමන්ගේ තරඟකරුවන්ව එකා පිට එකා මරාදමන්න ඔහු සැලසුම් කරනවා. එතැන් පටන් කතාව ගලාගෙන යන්නේ හිතාගන්න බැරි තරමේ කුතුහලයක් සහ කළු උපහාසයක් (Dark Comedy) එකතු කරමින්. මෑන්-සූට තමන්ගේ සැලසුම සාර්ථක කරගන්න ලැබෙයිද? නැත්නම් ඔහු නීතියේ රැහැනට අහුවෙයිද? ඒක දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.
ඇයි ඔයාලා මේක බලන්න ඕනේ?
දැවැන්ත ඇගයීම්: 2025 වෙනිස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී (Venice Film Festival) ප්‍රේක්ෂකයන්ගේ ඉහළම ප්‍රතිචාර ලැබූ වගේම, 2026 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ජාත්‍යන්තර චිත්‍රපටය වෙනුවෙන් දකුණු කොරියාවෙන් නිල වශයෙන් ඉදිරිපත් කළෙත් මේ චිත්‍රපටයයි.
නළු නිළියන්ගේ රංගනය: Lee Byung-hun ගේ අද්විතීය රංගනය චිත්‍රපටයට එකතු කරන්නේ පුදුමාකාර ජීවයක්.
කතාවේ ගැඹුර: මේක නිකන්ම නිකන් මිනීමරු කතාවක් නෙමෙයි. වර්තමාන සමාජයේ තියෙන රස්සා අර්බුදය සහ ධනවාදී ක්‍රමය ඇතුළේ සාමාන්‍ය මිනිහෙක් කෙතරම් අසරණ වෙනවාද කියන එක මේකෙන් උපහාසාත්මකව පෙන්වනවා.
“වෙනත් විකල්පයක් නැති තැන” මිනිසෙකු කොයිතරම් දුරක් යන්න ලෑස්තිද කියලා පෙන්වන මේ ලස්සන සිනමා සිත්තම කුතුහලයෙන් යුතුව සිංහල උපසිරසි සමග රසවිඳින්න කියලා ඔයාලට ඇරයුම් කරනවා. තවත් උපසිරසියකින් ඉක්මනින්ම හමුවෙමු.
සියලු දෙනාටම ජයවේවා!
No Other Choice (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
680 downloadsDownload No-Other-Choice-2025.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
No Other Choice Sinhala Subtitles
Subtitles by
තරිදු දිසානායක
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #No Other Choice (2025) Sinhala Sub
- #No Other Choice (2025) Sinhala Subtitles
- #No Other Choice Sinhala Subtitles
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #තරිදු දිසානායක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ්එකට තෑන්ක්ස් මචං