Watch Trailer

The Furious (2025) AKA Huo zhe yan Sinhala Subtitles | දියණියක වෙනුවෙන් පියෙකුගේ සටන… [සිංහල උපසිරසි] [Bluray Updates]

The Furious (2025) Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ Martial Arts චිත්‍රපට පිස්සන් මග බලාගෙන හිටපු Action | Crime | Thriller වර්ගයන්ට අයත් වෙන Kenji Tanigaki විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක්. මේකේ World premiere එක 2025 සැප්තැම්බර් 6 වැනිදා 50 වැනි Toronto International Film Fest…

The Furious (2025) Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ Martial Arts චිත්‍රපට පිස්සන් මග බලාගෙන හිටපු Action | Crime | Thriller වර්ගයන්ට අයත් වෙන Kenji Tanigaki විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක්. මේකේ World premiere එක 2025 සැප්තැම්බර් 6 වැනිදා 50 වැනි Toronto International Film Festival එකේදි පැවැත්වුණා. ඊට පස්සේ මේක 2026 ජූනි 12 වැනිදා හොංකොං හි සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළා වගේම විචාරකයන්ගේ ඉහළ ඇගයීමටත් ලක්වුණා.

විචාරක ප්‍රතිචාර,

  • IMDb අගය: 7.9/10  
  • Rotten Tomatoes: 98%

සිනමාපටයේ තොරතුරු,

  • ප්‍රධාන නළු නිළියන් අතර : 

  1. Xie Miao (වොන්ග් වේ)
  2. Joe Taslim (නවීන්)
  3. Yang Enyou (රේනි)
  4. Joey Iwanaga (පක්ලන්ග්)
  5. Yayan Ruhian (ටක්)
  6. Brian Le (හෝ)
  • ධාවන කාලය : පැය 1 මිනිත්තු 53 
  • වියදම : $20 Million
  • මුළු ආදායම : $37 Million

​කතාව ගැන පොඩ්ඩක්:

​මේකේ කතාව ගෙතිලා තියෙන්නේ ළමයින්ව පැහැරගන්නා දරුණු අපරාධ කල්ලියකින් තමන්ගේ එකම දුවව බේරගන්න උත්සාහ කරන තාත්තා කෙනෙක් වටායි. හැබැයි මේ වැඩේට එයාට තනියම යන්න වෙන්නේ නැහැ. ඒ අපරාධ කල්ලිය විසින්ම අතුරුදහන් කරපු තමන්ගේ බිරිඳට මොකද වුණේ කියලා හොයන සැමියෙකුත් මේ තාත්තා එක්ක එකතු වෙනවා. ඉතිං මෙයාලට දුවව බේරගන්න පුළුවන් වෙයිද? ඒ වෙනකොටත් ඇය ජීවතුන් අතර ඉඳියිද? ඒ වගේම අර අතුරුදන් කරපු බිරිඳට ඇත්තටම මොකද වුණේ? බලලම දැනගන්නකෝ!

නරඹන්නන්ගේ අවධානයට,

​මෙම සිනමාපටය R-Rated ගණයට අයත් වන නිසා, මේකේ පහත දේවල් ඇතුළත් වෙනවා,

  • දරුණු ප්‍රචණ්ඩත්වය
  • අසභ්‍ය වචන

(මෙය කුඩා දරුවන් සමඟ නැරඹීමට නිර්දේශ නොකරන අතර, වයස අවුරුදු 18න් ඉහළ පුද්ගලයන් සඳහා වඩාත් සුදුසු වේ.)

​එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා! 

The Furious (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි Bluray/WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,969 downloadsDownload The-Furious-2026-Bluray-Update.zip51 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

The Furious Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

1,969 downloadsDownload Subtitles51 KB

1 comment

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට