Watch Trailer

No Strings Attached (2011) with Sinhala Subtitles | නොබැඳි සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ තෙවෙනි උපසිරසි නිර්මාණය. මීට කලින් කරපු උපසිරසි 2ම කලින් සයිට් එකේ තිබුණු ෆිල්ම්ස් 2කට කරපු හින්දා මට හිතුන මේ පාර සයිට් එකේ නැති අලුත් ෆිල්ම් එකකට උපසිරසි දෙන්න. මේක 2011 වසරෙ තිරගත වෙච්ච චිත්‍රපටියක්. අයිවන් රිට්මන් විසින් අධ්‍යක්ෂනය කරපු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත මවන්නෙ ඉතාමත් ජනප්‍රිය…

No Strings Attached (2011)

මේක මගේ තෙවෙනි උපසිරසි නිර්මාණය. මීට කලින් කරපු උපසිරසි 2ම කලින් සයිට් එකේ තිබුණු ෆිල්ම්ස් 2කට කරපු හින්දා මට හිතුන මේ පාර සයිට් එකේ නැති අලුත් ෆිල්ම් එකකට උපසිරසි දෙන්න. මේක 2011 වසරෙ තිරගත වෙච්ච චිත්‍රපටියක්. අයිවන් රිට්මන් විසින් අධ්‍යක්ෂනය කරපු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත මවන්නෙ ඉතාමත් ජනප්‍රිය නලුනිළි දෙපලක් වන නැටලි පෝර්ට්මන් සහ ඇෂ්ටන් කට්චර් විසින්. මෙම චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ ඇඩම් සහ එමා කියන දෙන්නා අතර තියෙන අමුතු සම්බන්ධයක් ගැන. ඒක හුදෙක්ම ලිංගිකත්වය මත පදනම් වෙච්ච එකක්.

මේ චිත්‍රපටිය සරල ආදර කතාවක් වගේ පෙනුණට හුදෙක් ලිංගික සම්බන්ධතාවකට පමණක් සීමාවුණු නූතන ආදර සම්බන්ධතා ගැනත්, ඒ නිසා පවුල් සංස්ථාවෙ බිඳවැටීමත්, ඒනිසා දරුවන්ට මුහුණ දෙන්නට වෙන ගැටලු ගැනත් ඉතා සියුම් විග්‍රහයක් මෙහි අඩංගු වෙනවා. මෙම චිත්‍රපටියට වැයවූ මුදල ඩොලර් මිලියන 25ක්. 2011 ජනවාරි 21 ලොවපුරා ප්‍රදර්ශනය ඇරැඹුණු මෙම චිත්‍රපටිය ඩොලර් මිලියන 20.3ක ආදායම් උපයමින් බොක්ස් ඔෆීස් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත්වුණා. මෙම චිත්‍රපටිය ඉපැයූ මුලු මුදල ඩොලර් මිලියන 149ක්. IMDb දර්ශකයේ 6.2ක අගයක් ලබාගත් මෙම චිත්‍රපටය මිනිත්තු 108ක ධාවන කාලයකින් යුක්තයි.

මේ චිත්‍රපටියේ අඩංගු සමහර දෙබස් ප්‍රාදේශීය භාවිතාවන් නිසා ඒවා එලෙසම සිංහල පරිවර්තනය කළ විට තේරුම් ගන්න අමාරු හින්දා මම කථාවෙ ගලායාමට බාධාවක් නොවෙන විදිහට ඒවා සමහරක් වෙනස් කළා. ඒවගේම මේක අඩංගු වෙච්ච අසභ්‍ය වචන පුලුවන් තරම් සංශෝධනය කළා. මෙහි අඩංගු අසභ්‍ය වචන සහ ලිංගික දර්ශන නිසා මේ චිත්‍රපටිය වයස අවුරුදු 17ට වැඩි අයට පමණක් සුදුසු බවට වර්ගීකරණය කරල තියෙනවා. කලින් මම දීපු උපසිරසි බාගත කරගත් අයටත් විශේෂයෙන්ම ඒවට කමෙන්ට් කරපු අයටත් ගොඩක් ස්තූතියි. ඒ අදහස් නිසා තමයි තවත් උපසිරසියක් කරන්න ආසාවක් ඇති වෙන්නෙ. මේ උපසිරසිය ගැනත් ඔයාලගෙ අදහස් දන්වන්න. තවත් උපසිරසියකින් හමුවෙමු. ඔබට ජය!

No Strings Attached (I) (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

No Strings Attached (2011) 720p BrRip x264 750MB YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,930 downloadsDownload No-Strings-Attached-2011.zip112 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉසුරු අකලංක

Subtitles

3,930 downloadsDownload Subtitles112 KB

40 comments

  1. Sisira Hegoda

    Thanks.

    1. Diniya

      uncle luth asai ne meewata :D

    2. ඉසුරු අකලංක

      හැමෝගෙම අදහස් වලට ගොඩක් ස්තූතියි.

    3. Anonymous

      ElA

  2. චන්දිම අමරසිංහ

    niyamai thaz subapatum...
    degatama karagana ymu jaya wewa.

  3. Kaushal Manu

    නියම ෆිල්ම් එකක් වගෙයි.Thanks සහෝ... :D

  4. Jack

    ස්තුතියි සහෝ සබ් එකට.
    දන්න දෙන්නෙක්නේ ඉන්නේ.
    ස්තුතියි සබ් එකට.

  5. Naween

    එල.උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ....

  6. නලින් පෙරේරා

    ස්තුතියි ඉසුරු සහෝ!

    ජය ‍වේවා!

  7. Ruwan

    suba pathum.... digatama yamu

  8. නුවන්ත දුලාන්

    නියමයි සහෝ....
    බොහොම තුති....!!!

  9. කේ.යූ.ජී. උදාර

    නටාලියා ඉන්න මේක කාලෙක ඉඳන් බලන්න ඔළුවෙ තිබ්බා...........
    සිංහල තියෙන එකේ දැන්නම් මේක කොහොමත් බලනවා.
    සිංහල සබට බොහොම ස්තූතියි කොල්ලො....

  10. තිසර නියෝ (Thisara Buddhika)

    සබට තුති.
    ඉඩ ලැබුනු වෙලාවක බලනවා.
    ජය වේවා

  11. Kulanjana Maduranga

    niyamai ahhhhhhhhh....meka nm balanna ona...subata thanks ISURU saho.digatama sub demu.jaya wewa.............

  12. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    බලමු එහෙන මේකත් :)

  13. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  14. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  15. indika

    thnq :)

  16. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නටලි පොර්ට්මන් ඉන්න නිසා ඔන්න බලනවා..
    ජය වේවා කොල්ලෝ/...

  17. dilruwan

    ela mchn

  18. youngmoney

    mewwa thama oni

  19. inoka perera

    ස්තුති වේවා

  20. chandana

    හොද ආදර්ශමත් ෆිල්ම් එකක් වගේ
    බොහොම් ස්තූතියි

  21. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  22. වරුණ රංගජිත් (වරූ)

    මම ආස එකක් වගේ
    බෑමක් තමි..
    අනිවා..
    තෑන්ක්ස්
    සබට
    ජය ඔයාට

  23. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ඉසුරු සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  24. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය.............

  25. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. ANJANA

    thanks..

  27. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  28. දමිත්

    කලින් බැලුවාසබ් නැතුව.
    ආයෙත් බලන්න බා ගන්නවා.
    තෑන්ක්ස ඉසුරු

  29. shalitha

    thanx bro. onna ehenm gaththa!

  30. nidi

    wediya comments dala neththe x rated film ekak nisada manda. film eka nam hondai. subs tikath ee wagema hondai, Isuru, oya niyameta job eka karala! thawa digdtama yamu!

  31. Lakshan999

    Thanx bro

  32. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  33. Stranger

    thanks

  34. arawindasunimal

    thanks sub ekata jayawewa...............

  35. Anonymous

    Thanks bro

  36. Anonymous

    thnks

  37. Harasha

    ඇත්තටම මේ අපි වෙනුවෙන් නොමිලේ ලබාදෙන මෙමෙ සේවාව කොච්චර වටිනවද කියලා නිම කරන්න බෑ බොහොම ස්තූතිය මෙහි දායක වන සැමට