Nokturno (2024) Sinhala Subtitles ඔන්න මම ආයෙත් ආවා…මේ වතාවෙ තවත් milestone එකක් එක්ක. ඒක තමයි මගේ 700 වෙනි නිර්මාණය. ඉස්සර තරම් දැන් ඉතිං වෙලාව නැති වුනත් ආසාව නිසාම වෙලාවක් ලැබුන ගමන්ම මොකක් හරි සබ් එකක් කරන්න ට්‍රයි කරනවා. එහෙම හිමීට හිමීට ඇවිත් දැන් ඔන්න 700ටත් ඇවිත්. ලස්සන කතා ගොඩක් ඇවිත් තියෙ…

ඔන්න මම ආයෙත් ආවා…මේ වතාවෙ තවත් milestone එකක් එක්ක. ඒක තමයි මගේ 700 වෙනි නිර්මාණය. ඉස්සර තරම් දැන් ඉතිං වෙලාව නැති වුනත් ආසාව නිසාම වෙලාවක් ලැබුන ගමන්ම මොකක් හරි සබ් එකක් කරන්න ට්‍රයි කරනවා. එහෙම හිමීට හිමීට ඇවිත් දැන් ඔන්න 700ටත් ඇවිත්.
ලස්සන කතා ගොඩක් ඇවිත් තියෙනවා…ඒ වගේම ඒවා කරමු කියල යෝජනාත් ගොඩක් එනවා..ඒත් ඉතිං වෙලාවත් එක්ක අමාරුයි. එක කොටසක් දීලා අනිත් කොටස දෙන්න තව සති ගානක් බලන් ඉන්න මම ආස නැහැ. ඒක බලන කෙනාටත් වදයක්..ඒ නිසා දැන් පුලුවන් තරම් කොටස් අඩු කතා තමයි හොයන්නෙ ඉතිං. ..
කොහොම හරි කොච්චර කාර්යබහුල වුනත් මෙතනට එන්න වෙලාව හදාගන්නෙ බයිස්කෝප් එක වටේ හැමදාම එකතු වෙලා ඉන්න ඔයාලා නිසා. ඉතිං හැමදාම වගේ අදත් මම මට මේ අවස්ථාව දුන්න වගේම දැනටත් මේ සම්බන්ධව ඕනම උදව්වක් කරන බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත්…සබ් බලල අදහස් දක්වන නොදක්වන ඔයාලා හැමෝටමත් ස්තූති කරන්න කැමතියි. ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි. තව ඉස්සරහටත් පුලු පුලුවන් විදිහට ඔයාලා ලඟට එන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරන්නම්.
එහෙනම්..බලමුද අද මගේ නිර්මාණය ගැන…

අද මම ඔයාලට ගෙනාවෙ ෆිල්ම් එකක්..ඒක මම මෙච්චර කාලෙකට නොකරපු භාෂාවක එකක්. ඒක තමයි Nokturno..
Nokturno කියන්නෙ පිලිපීන සිනමා නිර්මාණයක්. ස්පාඤ්ඤ භාශාවෙන් ණයට ගත්ත nocturno කියන ඒ වචනෙ පිලිපීන තේරුම නිශාචර නැත්නම් රාත්‍රිය කියන එක. කතාව ගැන කියනව නම්, මේ කතාව ගොඩනැගෙන්නෙ රෑ කාලෙදි ගෙදර දොරට තට්ටු කරලා, ඒකට ප්‍රතිචාර දක්වන අයට අසුභ ඉරණමක් අත් කරල දෙන පිලිපීන පුරාවෘත්තයක් වුන “කුමකටොක්” වටා.
චිත්‍රපට නිෂ්පාදක මිහායිල් රෙඩ් අධ්‍යක්ෂණය කරපු 2024 දි තිරගත වුන මේ Nokturno චිත්‍රපටය මිනිස් බිය, ජනප්‍රවාද වගේම පවුල් උරුමයේ අන්ධකාරය ගැන ගැඹුරටම කිමිදෙන මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක් විදිහට හඳුන්වනවා.
කතාව ගැන කියනව නම්,
තමන්ගෙ නංගිගෙ මරණයට සහභාගි වෙන්න ගමට එන ජෙමීගෙ වගේම ජෙමීගෙ පවුලෙ ඉරණම ගැන තමයි කතාව දිග ඇරෙන්නෙ. පුරාවෘත්ත කතාවක් වුන රෑ කාලෙදි දොරට තට්ටු කරන “කුමකටොක්” ගැන තදින්ම විස්වාස කරන වගේම ඒ ශාපෙන් තමන්ගෙ පවුල බේරගන්න මහන්සි වෙන ජෙමීගෙ අම්මා ලිලට් මේ වතාවෙත් පරාද වෙලා තමන්ගෙ බාල දුවව නැති කරගෙන ඉන්නෙ. මේ සාපෙන් තමන්ගෙ මහත්තයව වගේම බාල දුවවත් බිලි ගත්තට පස්සෙ ලිලට්ට දැන් ඉතුරු තමන්ගෙ ලොකු දුවත් පවුලෙ බඩපිස්සා වුන පුතත් විතරයි.
ඒ වගේම පොඩි කාලෙ ඉඳන්ම අම්මගෙ කතා විකාරයක් කියල හිතපු ජෙමී මේ හැමදේම අතහැරලා දාලා නගරෙට ගිහින් හිටියත් තමන්ගෙ නංගිගෙ මරණෙ වෙනුවෙන් ගමට ආවම අම්මා ආයෙ ආයෙත් පරණ කතාවම කියන එක ගැන තරහ ගන්නවා. ඒ කතා එකක්වත් ජෙමී විස්වාස කරන්නෙ නැහැ. ඉතිං ජෙමීගෙ නංගිට ඇහුනා වගේම දොරට තට්ටු කරන සද්දයක් ඇහෙන ජෙමීත් දොර ඇරල බැලුවත් කවුරුත් පේන්න නැහැ කියල දකින ජෙමී දොර වහල දානවා….
ඉන් පස්සෙ ජෙමීට මොනවා වෙයිද…අම්මා කියපු කතාව ඇත්ත වෙයිද…නැත්නම් ඒවා බොරු කරලා අම්මවයි මල්ලිවයි බේරගෙන මේ ශාපලත් ගමෙන් යන්න ජෙමීට පුලුවන් වෙයිද….කතාව බලලා එහෙනම් පොඩි කමෙන්ට් එකකුත් දාගෙන යන්න..
Nokturno (2024) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
1,796 downloadsDownload Nokturno-2024-baiscopelk-sinhala-subtitle.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Nokturno (2024) Sinhala SubtitlesSubtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
12 comments
මයුර
Raji
ගොඩක් ස්තුතියි සබ් වලට
බුදුසරණයිdazi
700 වෙනි උපසිරැසියට සුභපැතුම්!!
Ashan
700 වන උපසිරැසියට උණුසුම් සුබපැතුම්
Ashan
700 වන උපසිරැසියට උණුසුම් සුබපැතුම්
UD Shehan
Congratulations !!
Thisara Neo - Admin
සුබ පැතුම් අක්කේ මේ දැවැන්ත කඩයිමට. තව තවත් ඉදිරියටම යන්න සුබ පතනවා.
Buddhika laKMal
700වෙනි උපසිරැසියට සුබපැතුම් සිස්........
තමන්ගෙ වැඩක් කරගන්න තියෙන වෙලාව අරගෙන මූවිස්වලට සීරිස්වලට සිංහල උපසිරැසි දෙනවට ගොඩාාාක් ස්තූතියි....
ඒකත් උපසිරැසි 700ක්ම දීල තියෙනවා කියලා සුපිරිම වැඩක් තමයි ඉතිං..........
ගොඩක් කොරියන් ඒවා බලන්න පුලුවන්වුනේ ඔයාගේ සබ් හින්දා තමයි.......
බොහෝම ස්තූතියි සිස් ඔයාගේ මහන්සියට..........
කරන කියන සියලුම වැඩකටයුතු සාර්තකම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..........Romesh kaushan
Congrats dear...*
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි...!
700 වෙනි සබ් එකට සුබ පැතුම්.Anonymous
700 වන උපසිරැසියට උණුසුම් සුබපැතුම්
මිහිරාන්
700 වෙනි සබ් එකට උණුසුම් සුබපැතුම්.❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Nokturno (2024) Sinhala Subtitles | නිශාචර [සිංහල උපසිරැසි] 700*](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/06/Nokturno-2.jpg)
සුබ පැතුම් අක්කේ. සයිට් එකේ පතාක යෝදී. පරක්කු වෙලා හරි කමක් නෑ ටැංජරීන් දෙනව නම් ලොකු දෙයක්...