Watch Trailer

Jin-Roh: The Wolf Brigade (1999) Sinhala Subtitles | මිනිසුන් අතරේ නොමියෙන වෘකයා [සිංහල උපසිරසි]

Jin-Roh: The Wolf Brigade (1999) Sinhala Subtitles “Jin-Roh” යන වචනය ජපන් බසට අනුව “Werewolf” හෙවත් “නරවෘකයා” කියන අරුත දෙනවා. ඉතින් ඔයාලට අද කතාවෙ නම බලපු ගමන්ම හිතෙන්න පුලුවන් ආ මේක වෘකයෙක්ගෙ කතාවක් නේද, කියලා. ඒකට ඔව් කියන්නත් පුලුවන් නෑ කියන්නත් පුලුවන්. මොකද මේ වෘකයා කැලේ ඉන්න වෘකයෙක් නෙමෙයි,…

Jin-Roh: The Wolf Brigade (1999) Sinhala Subtitles

“Jin-Roh” යන වචනය ජපන් බසට අනුව “Werewolf” හෙවත් “නරවෘකයා” කියන අරුත දෙනවා. ඉතින් ඔයාලට අද කතාවෙ නම බලපු ගමන්ම හිතෙන්න පුලුවන් ආ මේක වෘකයෙක්ගෙ කතාවක් නේද, කියලා. ඒකට ඔව් කියන්නත් පුලුවන් නෑ කියන්නත් පුලුවන්. මොකද මේ වෘකයා කැලේ ඉන්න වෘකයෙක් නෙමෙයි, ඒත් මිනිස් වෙස් වළාගෙන මිනිස්සු අතරේ ඉන්න වෘකයෙක් කියල කියන්නත් පුලුවන්. හැඟීම් මොහොතකට පැත්තකට දාලා, ඇතැම් විටෙක හැඟීම් මරල දාලා තමන්ගෙ රංචුවේ අරමුණ ඉටු කරන්න හදන වෘකයෙක් ගැන කියන කතාවක් විදිහට මං මේක හඳුන්වන්නම්. ඒ වගේම අපෝ පරණයිනෙ පරණ ඇනිමේෂන් නේද කියල අතාරින්න කොහොමත්වත්ම හොඳ නැති විදිහෙ කතාවක්.

ඒ වගේම මේ කතාව තවත් කාරණාවක් නිසා විශේෂයි. වෙනදා වගේ ඇනිමෙ සීරීස් එකක් වෙනුවට චිත්‍රපටයක් අරන් එන්න හිතුවෙත් ඒ නිසාමයි. ගුණාත්මක ඇනිමෙ සිංහල උපසිරැසි කලාවට අලුත් ආරම්භයක් අරන් ආපු ලංකන් weebs කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට, මේ උපසිරැසිය තමයි මම ඒකල වශයෙන් අරන් එන 50 වෙනි උපසිරැසි ගැන්වීම. ඉලක්කමෙන් පුංචි උනත් මේක හුඟක් ලොකු ප්‍රමාණයක් ඇත්තටම ගත්තොත්. මොකද කියනවා නම් මම මුල ඉඳන්ම සම්පූර්ණ ඇනිමෙ සීරීස් එකක් එකක් විදිහට ගණන් ගත්තු නිසා. ඉතින් මේ සංධිස්ථානයට මේක හොඳම තේරීමක් වේවි කියලත් මං හිතනවා. නිකන් පටන් ගත්තු වැඩේ ටිකෙන් ටික ප්‍රතිචාර අතින් සාර්ථක වෙන්න පටන් ගද්දි, භෞතිකව කිසිම ලාභයක් නැති උනත් මේක අතාරින්න ලෝභ හිතෙන තරම්. එහෙම හිතුනත් තව ඉලක්ක කිහිපයක් තියෙනවා උපසිරැසිකරණය පැත්තෙන් පුද්ගලිකව ළඟා කරගන්න උවමනාව තියෙන. කාලයත් ඒකට හරස් වෙද්දි, ඒ කතාව පැත්තකට දාලා අපි යමු මේ ඇනිමෙ කතාව පැත්තට.

1999 වසරේ මුලින්ම ප්‍රංශයේදී නිකුත් කෙරෙනු මේ Jin-Roh The Wolf Brigade ඇනිමෙ චිත්‍රපටය 2000 වසරෙදි ජපානයට නිකුත් කෙරුනා. Original japanese ඇනිමෙ චිත්‍රපටයක් වෙන මේ චිත්‍රපටය Akira, Cowboy Bebop: The movie, Paprika, Your Name, Evangelion: 3.0 You Can (Not) Redo, Ghost in the Shell යන ඇනිමෙ නිර්මාණ සඳහා දායකත්වය ලබා දුන්නු anime director සහ animator වරයෙක් වෙන Hiroyuki Okiura ගේ අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වූවක් වෙනවා. මේ චිත්‍රපටයට පාදක වුනු කතාව වෙන Kerberoz Panzer Cop මන්ගාවේ කර්තෘ Mamoru Oshii මේ චිත්‍රපටයේ writter විදිහට කටයුතු කරනවා. Action, Military, Drama, Suspense යන Genre වලට අයත් වෙන මෙහි ඇනිමේෂන් නිර්මාණ කටයුතු Production I.G ස්ටූඩියෝව සිද්ධ කරල තියෙනවා. පැය 1 මිනිත්තු 42 ක ධාවන කාලයකින් යුතු මේ ඇනිමෙ චිත්‍රපටය IMDB දර්ශයේ 7.3 ක් අගයකුත් Rotten Tomatoes හි 52% ක අගයකුත් සහ MyAnimeList දර්ශකයේ 7.78 ක අගයකුත් ලබාගෙන තියෙනවා.

චිත්‍රපටය 2001 වසරේ Japanese Professional Movie Awards හි, 2000 වසරේ Mainichi Film Concours හි සහ 1999 වසරේ International Fantasy Film Award හි ජයග්‍රහණ ලබන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ ඇනිමෙ චිත්‍රපටයේ Korean Live Action Adaptation එකක් විදිහට නිර්මාණය වුනු Illang: The Wolf Brigade චිත්‍රපටය 2018 වසරෙදි නිකුත් කෙරුනා. දැන් යමු මේ කතාවට පොඩි ආරම්භයක් දෙන්න කතා වස්තුව පැත්තට.

දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වෙලා ආයෙත් හිස ඔසවන්න පටන් ගත්තු කාලයේ, මහජන නීතිය හා සාමය කියන කාරණා ටිකෙන් ටික ක්‍රම ක්‍රමයෙන් ස්ථාපිත කරන්න ඕනි දෙයක් බවට පත් උනා. ඒ වගේම සෙසු ලෝකය එක්ක සම්බන්ධ වෙන්න රජය දරපු සමහර ක්‍රම හුඟක් අයට ඔරොත්තු දුන්නෙ නෑ. මේ නිසා රාජ්‍ය විරෝධී කණ්ඩායම් පවා ඇති වෙන්න ගත්තා. මේකෙන් ජනතාව ආරක්ෂා කරන්න ප්‍රාදේශීය පොලිසිය එක්ක අගනුවර පොලිස් සංවිධානය පිහිටවුවා. මෙයාලගෙ තිබුනු දැඩි මර්ධනකාරී ක්‍රියාමාර්ග නිසා ජනතාවට මෙයාලවත් පේන්න බැරි ගානට පත් වෙන්න ගත්තා. මේ නිසා “සෙක්ට්” කියල හැඳින්වෙන රාජ්‍ය විරෝධී ගරිල්ලා සංවිධානයක් ඇති උනා. මේ පසුබිම යටතේ අගනුවර පොලිසියෙන් “වෘක සේනාංකය” හෙවත් විශේෂ ඒකකය කියල සන්නද්ධ හමුදා ඒකකයක් ස්ථාපනය කළා. මෙයාලා ජනතාවගේ ආරක්ෂකයා වෙද්දි, සෙක්ට් සංවිධානය ත්‍රස්තවාදීන් විදිහට නම් කෙරුනා.

 

 

කොස්තාපල් ෆුසේ කසුකි කියල කියන්නෙ මෙන්න මේ විශේෂ ඒකකයේ සාමාජිකයෙක්. හමුදා සටන් අතින් අති දක්ෂයෙක්. මේ කලබලයන් සිද්ධ වුනු එක දවසක සෙසු සොල්දාදුවන් එක්ක ෆුසේ, එක්තරා මෙහෙයුමකට එකතු වෙනවා. ඒ මෙහෙයුම මැදදි ත්‍රස්තවාදීන් කියල හඳුන්වන සෙක්ට් එකේ සාමාජිකයෙක් වුනු පොඩි ගැහැනු ළමයෙක් මෙයාගෙ ඉස්සරහම බෝම්බයක් පුපුරවගෙන දිවි නසා ගන්නවා. අන්න එතනින් තමයි ෆුසේ කසුකිගේ හමුදා ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නෙ. ටික දවසකින් මේ මැරුනු කෙල්ල වගේම තව කෙල්ලෙක් මෙයාට මුණ ගැහෙනවා. හැබැයි ඒ හමුව අනාගතයෙදි මොන වගේ දේකට මඟ පාදාවිද කියල ෆුසේ දැනන් හිටියෙ නෑ. කොටින්ම මුළු වෘක සේනාංකයටම බලපාන දෙයක් වේවි කියල කවුරුවත් දැනන් හිටියෙ නෑ. ඒ කෙල්ල කවුද? ඒ කෙල්ල මෙයාට මුණ ගැහෙන්නෙ ඇයි? ෆුසේ කසුකි කවුද? වෘක සේනාංකය කියන්නෙ මොකක්ද? ඒකට ඒ විදිහෙ නමක් තියෙන්නෙ ඇයි? අනාගතයෙදි වෙන කවුරුවත් බලාපොරොත්තු නොවුනු ඒ දේ මොකක්ද?

ඇතැම් විට මිනිස් හැඟීම් පසෙකට දාලා තමන්ගේ වගේම කණ්ඩායමේ අරමුණ ඉටු කරගන්න හදන මනුස්සයෙක්ගෙ කතාවක්… මම මුලදී කිව්වත් වගේ මේක මිනිසුන් අතර වෙස් ගත් වෘකයෙකුගේ කතාවක්ම වේවි. ඉතින් නරඹන්න මේ ඇනිමෙ චිත්‍රපටය. මේකෙ කතා වස්තුව ඔයාගෙ බලාපොරොත්තු කිසි සේත්ම කඩ නොකරන්නක් වේවි. උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ සුපුරුදු විදිහට Japanese Audio එකට ගැලපෙන්නයි. උපසිරැසිය ගැන අදහස් පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. මීළගට ඇනිමෙ සීරීස් එකකින් හමුවෙමු. හැමෝටම Happy Anime!

Jin-Roh: The Wolf Brigade (1999) Sinhala Subtitles

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

654 downloadsDownload Jin-Roh.The_.Wolf_.Brigade.1999.zip31 KB

width=

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Jin-Roh: The Wolf Brigade (1999) Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

654 downloadsDownload Subtitles31 KB

3 comments

  1. Kasun Devinda

    Vinland saga s2 ekai b the beginning ekatai sub dennako bro.godak kal idala illanne ✌️❤️

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි.
    පුළුවන්නම් Ninja Scroll (1993) උපසිරැසි දෙන්න.