Watch Trailer

P.S. I Love You (2007) with Sinhala Subtitles | මෙච්චරම වර්ණවත් කෙල්ලෙක්.. [සිංහල උපසිරැසි සමඟ]

හසන්ත මාලිංග සොහොයුරාගේ ලිපිය. ලස්සන ආදර කතාවක් තමයි අද අරෙගෙන ආවෙ. ගොඩක් අය බලලත් ඇති නොබලපු අයත් ඇති. ඉතිං බලපු අයටයි නොබලපු අයටයි හැමෝටම සිංහල උපසිරැසි එක්කත් බලන්න කියල ආරාධනා කරනව. පෞද්ගලිකව මමත් ආසාවෙන් බලපු සිනමාපටයක් තමයි මේක. අයර්ලන්ත ජාතික Cecelia Ahern විසින් 2004දී මේ නමින්ම රචිත කෘතිය…

හසන්ත මාලිංග සොහොයුරාගේ ලිපිය.

ලස්සන ආදර කතාවක් තමයි අද අරෙගෙන ආවෙ. ගොඩක් අය බලලත් ඇති නොබලපු අයත් ඇති. ඉතිං බලපු අයටයි නොබලපු අයටයි හැමෝටම සිංහල උපසිරැසි එක්කත් බලන්න කියල ආරාධනා කරනව. පෞද්ගලිකව මමත් ආසාවෙන් බලපු සිනමාපටයක් තමයි මේක. අයර්ලන්ත ජාතික Cecelia Ahern විසින් 2004දී මේ නමින්ම රචිත කෘතිය පාදක කරගෙන තමයි මේ සිනමා සිත්තම නිර්මාණය වෙන්නෙ. IMDb දර්ශකයේ ආදර සහ නාට්‍ය ලෙස වර්ගීකරණය කර ඇති පැය 2යි මිනිත්තු 5ක් පුරා දිවෙන මෙම සිනමාපටය Richard LaGravenese කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. ඔස්කාර් සම්මාන දෙකකට හිමිකම් කියන Hilary Swank “හොලී” ලෙසින් ප්‍රධාන නිලියගේ චරිතයට පණ පොවනු ලබන අතර Gerard Butler “ජෙරී” ලෙසින් ප්‍රධාන නළුවා ගේ චරිතයට පණ පොවනු ලබනවා. 2007 දෙසැම්බර් 20 වැනි දින මුල් වරට ප්‍රදර්ශනය ඇරඹි මෙම සිනමා සිත්තම මේ වන විට IMDb දර්ශකයේ 7.1/10 ක අගයක් දිනාගන්නටත් සමත්වෙලා තියෙනව. කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ මොකද කලින් පළ වූ ලිපියෙන් රොයිලි අයිය ඒ ගැන අපූරු විස්තරයක් කරල තියෙන නිසා. ඉතිං නැවත වතාවක් බලපු නොබලපු හැමෝටම බලන්න කියල ආරාධනා කරනව.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀

 

රොයිලි ප්‍රනාන්දු සොහොයුරාගේ කලින් පළවූ ලිපිය.

මේක මම බලපු සුන්දරත්වයත් කැටිවුණු ඒවගේම ශෝකයකුත් ජනිත කරවන හරිම අපූරු පුදුම හිතෙන කතාවක්. මේක මට දැන ගන්න ලැබුණු විදියත් හරිම අපූරුයි. බයිස්කෝප් එකට එන අපි කවුරුත් දන්න අඳුනන මගේ හොඳම යාළුවෙකුට අපූරු විදියට දැන අඳුන ගන්න ලැබුණු යෙහෙලියක් සමඟ හරිම අපූරු විදියේ ආදර සම්බන්ධතාවයක් ඇති වෙන්නට යනවිට මේ අපූර්වතම චිත්‍රපටිය ගැන ඇය ඔහුට පවසා සිටියා. ඉතින් මමත් මේ අපූරු චිත්‍රපටිය බාගෙන බලනකොට මටත් තේරුණා මේ කතාව බයිස්කෝප් එකේ දාන්න තරම අපූරු බව. 🙂 (කොච්චර අපූරුද?)

හොලී කෙනඩි කියන්නේ තරුණ ලස්සන, දක්ෂ කාන්තාවක්. ඇයගේ ආදරයට ආදරය කරන කඩවසම්, සරාගී, විනෝදජනක අයර්ලන්ත ජාතිකයෙක් සමග ඇය අලුත විවාහ වී ජීවිතය ගත කරනවා. මේ අතර පොඩි පොඩි ප්‍රශ්න ඇති නොවෙනවාත් නොවෙයි. නමුත් හදිසියේම ඔහු මිය යනවා අසනීපයකින්. ඇයගේ මුළු ලෝකයම කඩා වැටෙනවා. නමුත් පුදුමයකට මෙන් ඔහුගේ නමින් ඇයට ලියුම් ලැබෙන්න පටන් ගන්නවා. ඇය පුදුමයෙන් පුදුමයට පත් වුවත් එම ලිපි වලින් ඇගේ ජීවිතයට ඔහු නැති අඩුව පිරිමසාගන්න හැටි කියලා දෙනවා. ඒත් ඇයට ප්‍රශ්නයක්. කොහොමද මේ ලියුම් එන්නේ? ඔහු කොහොමද මේ විදියට ලිපි එවන්නේ? මේ ලිපි වලින් යන්න කියන තැන්වලට යන්න ඕනාද? මේක කාගෙ හරි විහිළුවක්ද? වැඩක් නැහැ කියලා හිතුනද? 300, Gamer වැනි චිත්‍රපටිවල රඟ පෑ Gerard Butler හා වර්ෂ 2000 දී හා 2005 දී ඔස්කාර් සම්මාන ලැබූ සුරූපි නිළි Hilary Swank ගේ රඟ පෑමෙන් හැඩවී ඇති මෙම චිත්‍රපටය ප්‍රේක්ෂක ඡන්ද 29,174 ක් ලබා IMDB වර්ගීකරණයේ 6.9/10 ලබා තිබෙනවා. නිකන්ම නිකම් ප්‍රේම කතාවකට වඩා හරිම සුන්දර අත්දැකීමක් විඳගන්න මේක බලන්න කියලා මම ආරාධනා කරනවා..

P.S. I Love You (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

5,848 downloadsDownload P.S-I-Love-You-2007.zip134 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

5,848 downloadsDownload Subtitles134 KB

79 comments

  1. දිනුක

    අනිවා බාමි...

  2. චමී.දේ.වා.

    බැලුවා කියලා මතකයක් තියනවා.කෝකටත් ආයේ බාගෙන බලන්න ඕනා...

  3. ජානක

    මෙන්න මචෝ මම බාගන්නවා.

  4. Rotiya

    ආදර කථාවක් හින්ද නොබලත් බෑනේ ;)
    බාමි බාමි

  5. ෆා ද බ්ලොගී

    හුරේ මම බානවා මම බානව අදනම් මේක මම බානවා. Lake House වගේද දන්නෑනේ?

  6. iampissa

    mekatath sinhala subs tibuna nam hodai

  7. සරදියල්

    :D

  8. සරදියල්

    :):D

  9. කල්ප පැතුම්

    අනිවා බලන්න ඕන. ආදර කතාවක්නේ ;-)

  10. maneesh

    love story එකක් නේ...එහෙනම් බැවා..........

  11. රන්දික පෙරේරා

    කථාව නම් අනර්ඝයි වගේ! අනික රොයිලියා දුන්නොත් ඉතින් අහන්න දැයක් තියනවා යෑ... ඕං ඉතින් මමත් බාගන්න ගොඩේ අංක 1ට දැම්මා.

    තෑන්ක්ස් රොයිලි මචෝ ... ;)

  12. රොයිලි

    @ දිනුක,
    එල මචෝ බලලම කියන්නකෝ. අල්ලලා යයිද කියලා :)

    @ චමී.දේ.වා.,
    අහ් කියන්න බෑ මචෝ ටිකක් පරණ එකක් නිසා ඔයා බලලත් ඇති. :)

    @ ජානක,
    එල කිරි මචෝ. :)

  13. රොයිලි

    Rotiya,
    එල එල මචෝ බලලා කියන්නකෝ කොහොමද කියලා. :)

    @ෆා ද බ්ලොගී,
    ඔන්න නොකීවයි කියන්න එපා. මේක බලලා එදා වගේ නම් කරගන්න යන්න එපා. :)

    @iampissa,
    මේකට සබ් ඕනා නෑ මචෝ. කතාව තේරෙනවා. ආදරය කියන්නේ විශ්ව භාෂාවක් ලු නේ :)

  14. පොතේ ගුරා

    kathawa uparimai..aniwa bagena balanna hamooma..

  15. රොයිලි

    @ සරදියල්,
    මොකෝ උඹ සිරික්කිය දාන්නේ? :P

    @කල්ප පැතුම්,
    ඔව් ඔව් අනිවා බලහන් :)

    @maneesh,
    එල කිරි කිව්වා :)

    @රන්දික පෙරේරා,
    එල එල ස්තූතියි මචෝ කමෙන්ට් එකට. :)

  16. kathu

    මම නම් බැලුවා.. ලස්සන කතාවක්...!!!

  17. සහන් අරම්පත්

    ඔන්න මං තමා 500 වෙනියා Google following ලිස්ට් එකේ :)
    ඔය ෆිල්ම් එකත් බෑවා දැන් බලනවා ;)

  18. සුභාෂ්

    meka nam aniwaaaryen baagena balanna ona . . dananwane . . . mama love story walata MAD kiyalaa. . .. hik hik

  19. සංජීව්

    මේ විදියට ෆිල්ම් දෙන ඒවා දාගන්න හාඩ් එකකුත් දුන්නොත් හොදයි

  20. metha

    අපූරුයි අපූරුයි !!

  21. nelanthaherath

    රයිලියගේ වැඩක් නම් බලන්න දෙයක් නැහැ. බාමී. ස්තුතියි රයිලියට සහ ගෝලයට. හොද ඒවා තව දාපන් මචන්ලා.

  22. Uraj Deemantha

    මේක බැලුවා වගේ මතකයි.... :D කොහොම නමුත් ලිපියට රොයිලියාට තෑන්ක්යූ ... :)

  23. රොයිලි

    @ kathu,
    අහ් මේ ඉන්නෙ බලපු කෙනෙකුත්. එල එල මචෝ ස්තූතියි කමෙන්ට් එකට.

    @ සහන් අරම්පත්,
    අහ් followers 500ක් වෙලා නේද. චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්!!!

    @ සුභාෂ්,
    එල එල බලලම කියහන්කෝ කොහොමද කියලා :)

  24. රොයිලි

    @ සංජීව්,
    බය වෙන්න එපා මචෝ. පොතේ ගුරා ඒකට අනුග්‍රහය දක්වනවා. එයා යුරාජ් ට රවුටරයකුත් දුන්නනේ. :)

    @ metha,
    හරිම අපූරුයි නේද? :)

    @ nelanthaherath,
    එල එල මචෝ ස්තූතියි කමෙන්ට් එකට. ඒත් මම රයිලි නෙවෙයි මචෝ රොයිලි ;)

    @ Uraj Deemantha,
    ස්තූතියි මචෝ. සමහරවිට ඔයා බලලත් ඇති තමයි. :)

  25. චම්පික

    Hilary Swank නං එළ. million dollar baby කියන film එකේ මාරම රඟපෑමක් කළා.

  26. San J

    මචන්ලා, සිංහලෙන් නැති වුනත් ඉන්ග්‍රීසියෙන් හරි සබ් තිබ්බනම් හොදයි.

    කෝකටත් බාමුකො බලන්න.
    වචන තේරුනේ නැත්තන් සබ් ඕනෙ හරිද
    :):)

  27. සරදියල්

    @ San J
    ඕකෙ ෆිල්ම් එකෙ torrent එකත් එක්ක සබ් එකක් එනවා බං.
    ඒක rename කරගනින්.

  28. gAYAN

    mamath baluwa bt wadak naha machan staory ekak naha

  29. Ela Kolla

    mokada machn story ekak naththe.. patta luv storyak.. ahata kadulakuth enawa.. aniwa balanna one kathawak. thnx machan..

  30. Uraj Deemantha

    @ සංජීව :- ඔය රොයිලියා කියන්නේ ගල් පැලෙන බොරු බං......!! :( ගුරා මට රවුටරයක් දුන්නේ නෑ තවම නම්...... :P

  31. රොයිලි

    @ චම්පික,
    ඔව් මචෝ ඇත්තටම ඒ රංගනයට ඔස්කාර් සම්මානයකුත් ඇයට ලැබුනනේ. අනික Freedom Writers චිත්‍රපටියටත් මම ගොඩක් කැමතියි. :)

    @ San J,
    සරදියෙල් කියපු විදියට කරන්න මචෝ. :)

    @ සරදියෙල්,
    ස්තූතියි මචෝ සයිට් එක වෙනුවෙන් උනන්දු වෙනවට :)

  32. රොයිලි

    @ gAYAN,
    අහ් සහෝටනම් අල්ලලා ගිහින් නෑ වගේ. :(

    @ Ela Kolla,
    අහ් එල කොල්ලෙක්නේ. ඔය තියෙන්නේ. ස්තූතියි මචෝ කමෙන්ට් එකට. :)

    @ Uraj Deemantha,
    :P :P :P

  33. ටිලාන්ත

    බෑවෙන්ඩ දැම්මා ඕං...;)

  34. nelanthaherath

    සමාවෙයන් මචන් නම වැරැද්දුවට. දැන් හදා ගත්තා රොයිලියා හරිනේ.

  35. රොයිලි

    @ ටිලාන්ත,
    එල එල මචෝ බලලත් කියහන් කොහොමද කියලා.

    @ nelanthaherath,
    අපෝ මම විහිළුවට කිව්වෙ මචෝ. අවුලක් නෑනේ. :)

  36. චම්පික

    ඊයෙ රෑ බැලුවා නෙ. පට්ට film එක. quality also gud.

  37. සහන්

    බාමි

  38. ගයාන් තාරක

    මාත් මේක ඊයේ ඩවුන්ලෝඩ් වෙන්න දාල ගාලු ගියේ. එනකොට ඩවුන්ලෝඩ් වෙලත් ඉවරයි. අද බලන්න හදන්නේ.
    අපි ඉතිං බලන්නේ Totem Media Player(සළරූ ධාවකයේ) නේ. සබ් එක වෙනම තේරල දෙන්න පුලුවන් නිසා සබ් එකේ නම් ගම් වෙනස් කරන්න ඕන නෑ.

    සිංහලෙන්ම බයිස්කෝප් කරන අයට ජය!!

    1. Bimsara

      totem movie player එක වින්ඩෝස් වලට ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දීපන්කො බන්

  39. රොයිලි

    @ චම්පික,
    ස්තූතියි මචං :)

    @ සහන්,
    බලලත් කමෙන්ට් එකක් දාහන් මචෝ. :)

    @ ගයාන් තාරක,
    ස්තූතියි මචෝ ඔත්තුවට. මම ඒක අපේ පාඨකයන්ට දැනගන්න සලස්වන්නම්. ;). නම් ගම් වෙනස් කරන්න ඕනා නැත්තම් ගොඩක් ලේසි වෙයි.

  40. AL1717

    Balama Balamu Mokada Wenne Kiyala.
    :D :D: :D :D

  41. inna

    nice film.. must watch.. thanx 4 adding bro...

  42. jkadithya

    love nisa nobalama bane...baami

  43. Anonymous

    බලන්නම ආසයී

  44. සුභාෂ්

    දෙයියනේ . . . මේක කොච්චර ලස්සන ෆිල්ම් එකක්ද . . . අද තමයි මට මේක බලන්න ලබුනේ . . . පටන් ගැන්මේ ඉඳන් අවසානේ වෙනකම් සතුටු කඳුලිනුයි දුක් කඳුලිනුයි ඇස් දෙක තෙත් කර නොගෙන මේ ෆිල්ම් එක බලනන් බෑ . . . රොයිලි ටයි බයිස්කෝප් සයිට් එකටයි කොහොම ස්තූති කරන්නද කියලා මගේ ශබ්දකෝශේ වචන නෑ මේ ෆිල්ම් එක දුන්නු එක ගැන . . . කාලෙකට පස්සේ ලස්සන ආදර කතාවක් බැලුවේ . . . හැමෝම බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ . . . !

  45. laksiri perera

    මම බැලුවා.
    පට්ට.........!

  46. කුමාර

    මේක නියමයි.
    ඇපකැලිප්ටෝ පාත් එක ආපහු දෙන්න බැරිද

  47. mewi

    Mata meka giya weekend eke thama balanna labune. Very beautiful story.. thank you very much for uploading these kind of movies..

  48. සාරංග ලියනගම

    ඇත්තටම ගොඩක් ලස්සන චිත්‍රපටියක්.ගොඩක් ස්තූතියි සහෝ...

  49. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  50. yomali

    Thank you.. :)

Load more comments