Paathirathri (2025 Sinhala Subtitless ආයුබෝවන්, ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ උණු උණුවෙ මලයාලම් ත්‍රිලර් එකක උපසිරැසියක් ගේනවා. ඇත්තෙන්ම මේක තිරයට ඇවිල්ල දැන් ටික කාලයක්. ඒ කියන්නෙ පසු ගිය ඔක්තෝම්බරයෙ. ඒත් OTT Release එක ගොඩක් කල් ගියා. ඒ නිසා බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලා ගෙන හිටියා මේක නිකුත් වෙනකල්…

ආයුබෝවන්, ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ උණු උණුවෙ මලයාලම් ත්‍රිලර් එකක උපසිරැසියක් ගේනවා. ඇත්තෙන්ම මේක තිරයට ඇවිල්ල දැන් ටික කාලයක්. ඒ කියන්නෙ පසු ගිය ඔක්තෝම්බරයෙ. ඒත් OTT Release එක ගොඩක් කල් ගියා. ඒ නිසා බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලා ගෙන හිටියා මේක නිකුත් වෙනකල්. අවසානයේ ඔන්න අද ඒක නිකුත් කලාම අදම මේක ඔයාලට දෙනවා. ඉතිං මට මේක සුවිශේෂ උප සිරැසියක්.
මේක මගේ 300 වෙනි උපසිරැසිය සහ 150 වෙනි මලයාලම් උපසිරැසිය.

මලයාලි ප්‍රමූඛ දකුණු ඉන්දියානු සිනමාවෙ පොලිස් සූට් එකක් දකින්න නැති චිත්‍රපටි අතලොස්සයි, ඒකෙනුත් වැඩිපුර තියෙන්නෙ පොලිසිය පාදක කර ගත් කතා. ඒ නිසා හැම ජනප්‍රිය් නළුවෙක්ම පොලිස් සූට් එක ඇඳල තියෙනවා. සුබින් සුහේර් මීට කලින් පොලිස් සූට් එක ගහපු චිත්‍රපටියක් මතක් උනාද?, ඇඟම හීතල වෙලා යයි. මේකෙත් සුබින් ඉන්නෙ පොලිස් කාරයෙකුට. හැබැයි ටිකක් අහිංසකයි.
ඉතින් මේ පොලිස් කොස්තාපල් වරයා තවත් උප පොලිස් කාරිණියක් එක්ක රාත්‍රී මුර සංචාරයක යෙදෙන කොට ලොකු අලකලංචියක පැටළෙනවා. සයිඩ් එකෙන් මාරු වෙලා ඉන්න හැදුවට වැඩක් වෙන්නෙ නෑ. රස්සාවත් අනතුරේ වැටිල ඒකෙන් බේරෙන්න උත්සාහ කරන එක තමයි මූලික කතාව. ඒ අස්සෙ තව අතුරු කතා යනවා එක එක්කෙනාගෙ පවුක් ජීවිත ගැන හිර වීම, හිමි කම්. යුතු කම් ගැන.මේ දවස් වල සුප්‍රසිද්ධ බෞද්ධ පාඨය “අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති” මලයාලම් චිත්‍රපටි වලට අදාළයි නම් මේකටත් අදාළයි. අවසානයේ මිනීමරුවා නීතිය ඉදිරියට ගෙන එයිද? බලල ඉන්න. ඇත්තටම හොඳ ත්‍රිලරයක්.
සුබින් සමග නව්‍යා නායර්, සනී වේන්,ඈන් ඔගස්‍ටින්, ආත්මියා රාජන්, අච්‍යුත් කුමාර හා හරිශ්‍රී අශෝකන් රඟපාන මෙහි රතීනා පී ටී ගේ අධ්‍යක්ශණයක්.
ඉතින් අවසන් වශයෙන් වසර දෙකහමාරක් තුලඔබට උපසිරැසි 300ක් ගෙන ඒමට හැකි වීම ගැන මාර සතුටුයි. ඒකෙනුත් අද මම දෙන්නෙ මගෙ 150 වෙනි මලයාලම් උපසිරැසිය. ටිකක් කටුක ව්‍යායාමයක් උනත් තාමත් එපා වෙන්නෙ නැතුව කරන විනෝදාංශයක් මේක. මේකට මුළු හිතින්ම උදව් කරන බයිස්කෝප් කණ්ඩායම, කොමෙන්ට් වලින් දිරිමත් කරන ඔබ සැම වගේම නරඹන සියළුම දෙනාට ස්තූතියි. තව තව කරමු වෙලාව තියෙන හැටියට. හැමෝටම ස්තූතියි.
නැවත හමු වෙමු. ආයුබෝවන්
Paathirathri (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
3,506 downloadsDownload Paathirathri-2025.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Paathirathri (2025) Sinhala Subtitles
Subtitles
- #2025
- #BANDULA K
- #Drama
- #Editor's Pick
- #malayalam
- #Must Watch
- #Offbeat
- #Paathirathri (2025) Sinhala Subtitless
- #Paathirathri Sinhala Sub
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
17 comments
Gagan Pabasara
Isuru
Congratulations
යුරාන් ධනුක
බයිස්කෝප් එකේ මලයාලම් වැඩ්ඩට සුබ පැතුම්!!
මලයාලම් ෆිල්ම් සෑහේන ප්‍රමාණයක් බලන්න පුළුවන් උනේ ඔයාගේ උපාසිරසි නිසා තමයි
මේකත් එනකන් බලාගෙන හිටපු නිසා ඔන්න දැන්ම ගත්තා
ඉස්සරහටත් වැඩේ කරගෙන යමු අයියේ
ජයවෙවා!!!ඕෂද එරංග
සුබ පැතුම් බන්දුල අයියේ.. ජයම වේවා
Arawinda Sunimal
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..A S H
Kasun Widusha
subapethum aiye sub 300 ta jaya wewaa
Kasun Senarathne
Thank you so much brother!
Hemantha De Silva
ස්තුතියි බන්ධුල... උපසිරැසි 300 ක් කිය්නනේ කොයි තරම් කාලයක් වැයකළාද අපි වෙනුවෙන්...?
කාලය විතරක් නෙවෙයි, දැනුම. ධනය. හැම දේම.
ස්තුතියි. ආයෙමත්.
ස්තුතියි බයිස්.Chi chi
අම්බෝ....
එනකල් බලන් හිටියේ
ගොඩක් ස්තුතියි....
මලයාලම් කියන්නේ උන්මාදයක්Buddhika laKMal
300වෙනි උපසිරැසියට සුබ පැතුම් බන්දුල අයියේ......
විනෝදාංශයක් විදිහට ඔයාගේ කාලය වැයකරල අපිට බලන්නත් එක්ක සිංහල උපසිරැසි හදනවට බොහෝම ස්තූතියි අයියේ....
ඔයාගේ කරන කියන සියලුම වැඩකටයුතු සාර්තකම වේවා........
❤️❤️❤️❤️❤️❤️❤️chama
සුපිරි
Roshan Shameera
300 වෙනි උපසිරසියට මගෙන් උණුසුම් සුබ පැතුම්..
තව චිරාත් කාලයක් මේ කාර්යය කරගෙන යන්න ශක්තිය කාලවේලාව විවේකය ලැබේවා..
ජයෙන් ජයම වේවා.. නිරෝගී වේවා...ru
ෙබොහොම ස්තුතියි බන්දුල සහෝ. ජයම වේවා. 300 සබට සුබ පැතුම් . 150 ජය. දිගටම මලයාලම් දෙන්න සහෝ.
Ruchira Ravisara
Supiri film Eka awasane nam habai patta dukai. Thanks me wage films genwata. And congratulations for your 300 subtitle
Hansa
Great Movie and Great Job,
Congratulations for the 300 subtitles.එල්. සී. දමැල්
300වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම්! :)
350ත් ඉක්මනින් ගහන්න සහ අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ජය ✌Tharidu Sagara Sadalu
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
300 සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

සුභ පැතැම් ❤️