පරණ දමිල චිත්‍රපට වලට කැමති උදවියට ඔන්න තවත් සුපිරි ෆිල්මක් අරගෙන ආවා. ඉන්දියාවේ පරන නළුවකු වන සරත් කුමාර් සහ ප්‍රධාන නිළිය වන ඇන්ඩ්‍රියා සහ ජෝතිකා රඟන මෙම චිත්‍රපටය අධ්‍යක්ශනය කරන්නේ ඉන්දියාවේ සුපිරි අධ්‍යක්ශකයකු වන ගෞතම් මේනන් විසිනි. මෙම අධ්‍යක්ශක වරයාගේ කලින් චිත්‍රපට බලලා තියෙන කට්ටිය දන්නවා ඇ…

පරණ දමිල චිත්‍රපට වලට කැමති උදවියට ඔන්න තවත් සුපිරි ෆිල්මක් අරගෙන ආවා. ඉන්දියාවේ පරන නළුවකු වන සරත් කුමාර් සහ ප්‍රධාන නිළිය වන ඇන්ඩ්‍රියා සහ ජෝතිකා රඟන මෙම චිත්‍රපටය අධ්‍යක්ශනය කරන්නේ ඉන්දියාවේ සුපිරි අධ්‍යක්ශකයකු වන ගෞතම් මේනන් විසිනි. මෙම අධ්‍යක්ශක වරයාගේ කලින් චිත්‍රපට බලලා තියෙන කට්ටිය දන්නවා ඇති මොහුගේ චිත්‍රපට වල ගුණාත්මක භාවය ගැන. මෙය Derailed කියන ඉන්ග්‍රීසි චිත්‍රපටයේ Remake එකක් වන අතර මෙහි ඉන්ග්‍රීසි එක බැලුවේ නැති කට්ටිය අනිවා මේක අරගෙන බලයි කියලා මං හිතනවා. මෙහි ඔබගේ රසවින්දනයට සින්දු වලටත් සබ් එක කලා.
මෙහි කතාව පැත්තට පොඩ්ඩක් යනවා නම්, වෙන්කඩේශ් (සරත් කුමාර්) කියන්නේ ආයතනයක් අරහා බෙහෙත් එහෙම විකුණන කෙනෙක් ඔහුගේ බිරිඳ කල්‍යානි (ඇන්ඩ්‍රියා) කියන්නේ ගෘහනියක්. මේ දෙන්නාට අවුරුදු හතරක නන්දා කියලා පොඩි ළමයෙකුත් ඉන්නවා. ඉතින් මෙයාලා ගොඩාක් සතුටෙන් තම ජිවිතය ගෙන යනකොට දවසක් මෙයාලගේ පුතා වන නන්දා කලන්තේ දාලා වැටෙනවා. ඉන් පස්සේ පුතාව පරික්ශා කරලා බලද්දී ඔහුට දියවැඩියාව තියෙනවා දැන ගන්නවා. ඉතිං මේ දියවැඩියා තත්ත්වය නිසා ලමයාට දවසට එන්නත් තුන ගානේ දෙන්න සිදු වෙනවා. ඉතින් අවුරුදු දෙකක්ම මොහුන්ගේ රාජකාරිය තමයි ලමයාව බලාගන්න එක. ඉතින් මේ හේතුව නිසා වෙන්කඩේශ් සහ කල්‍යානි දෙන්නා අතර කලින් හිටියා වගේ ආදරෙන් ඉන්න බැරි වෙනවා. ඉතින් වෙන්කඩේශ් කල්‍යානිට ලං වෙද්දී කල්‍යානි ඈත් වෙලා යනවා තමන්ගේ පුතාට සිදු වුන සිදුවීම නිසා කල්‍යානිට තවත් ලමයෙක් අවශ්‍ය නැති නිසා. ඉතිං මේ හේතුව නිසා මේ දෙන්නා අතර දුරස් භාවයක් ඇති වන්න පටන් ගන්නවා. ඔහොම ජීවිතය ගෙවෙද්දී වෙන්කඩේශ් හැමදාම යන කෝච්චියේ ගීතා කියලා කෙල්ලෙක්ව මුන ගහෙනවා. ඉතින් මේ දෙන්නා මුලින් කතා කරන්න අරගෙන පස්සේ ආදරය කරන්න පටන් ගන්නවා. ඉතිං මේ දෙන්නා මෙහෙම ආදරය කරද්දී දවසක් දෙන්නාම හොටෙල් එහෙක කාම්බරයක් වෙන්කර ගන්නවා. ඉතිං මේ දෙන්නා කාම්බරය ඇතුලේ ඉන්නකොට එකෙක් කාම්බරයට කඩා පැනලා දෙන්නාටම ගහලා ගීතාව දූෂණය කරලා ඒ දෙන්නාගේ ගාව තියෙන සල්ලි සේරම අරගන්නවා. ඉතිං මෙතනට වෙනකන් විතරයි මම කතාව කියන්නේ, තවත් කියන්න ගියොත් කතාවේ කුතුහලයට බාධාවක් වෙන නිසා. ඉතිං මේ ගිතා කියන්නේ කවුද, අර කාම්බරයට කඩා පැන්න මනුස්සයාටයි මෙයාලටයි අතර තියෙන සම්බන්ධය මොකක්ද, මෙතනින් එහාට ඔයාලට භාරයි කතාව.
මම කියන්නේ නම් මේ චිත්‍රපටය නිකං බලන්නම් වාරේ බලන්න එපා, මොකද මෙහෙම දෙයක් ඔයාගේ ජිවිතයට වුනොත් ඔයා කොහොමද හැසිරෙන්න ඕන කියලා ඇඟට චිත්‍රපටය අරගෙන සලරුව රස වින්දොත් ඔබලාට වෙනමම මෙහි අත්දකීමක් ගන්න පුලුවන් වෙයි.
මෙය පරන ෆිලුමක් කියලා මිස් කරගන්නත් එපා. මොකද ඕන ෆිලුමක් කවදා හරි දවසක පරණ එකක් වෙනවානේ. පරන ෆිල්ම් එකක් හරි අලුත් එකක් හරි කවදා බැලුවත් ෆිල්ම් එක ෆිල්ම් එකම තමයි.
එහෙනම් මම ගියා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත සඳහා අදාළ වේ.
2,015 downloadsDownload Pachaikili-Muthucharam-2007.zip71 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-05-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
21 comments
Hashan M. Priyadarshana
Hashan M. Priyadarshana
මචං Kaadhal Solla Vandhen (2010) ෆිල්ම් එකටත් සබ් එක දෙනවද පුලුවන් නම්
buddhika
Bohoma isthuthi Subtitle 1kt
mama godak appreciate karanawa oyage wada baiscopelk 1k
godakma sathutui baiscopelk
thank you baiscopelk
thank you machanwmcsubhash
sub ekta thanks saho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!gihan perera
Good job bro and well done...keep continue it...god bless you....
Isuru minipa
Thanks anna e wage miss wechcha hoda film denna puluwannam anukokunda oka roju (2005) teligu movie eka denna
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
Yuddham Sharanam (2017), Officer (2018) , Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ…..............OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි .....
ජයවේවා
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
ජයෙන් ජය.Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
jstar
thanks mabrooo brilliant work
malith
Ela ela
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
RK
ela bandayak tamai,,,,,subata thankzz,,,,jayama wewa!!!!!!!!!!
harshani11112
ස්තුති රවිඳු සහො
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති සහෝ.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Rukshan37
Ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Supiri film ekak aa.. Thanks bro mekata sub dunnata
Jaya wewa!