Watch Trailer

Papillon (2017) Sinhala Subtitle | සිරගෙයින් පලා ගිය කළු සමනළයාගේ සත්‍ය කතාව! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ප්‍රිසන් බ්‍රේක් එකක් අරගෙන ආව. ප්‍රිසන් බ්‍රේක් කියන්නේ ලංකාවේ ජනප්‍රියම රුපවාහිනී කතා මාලාවන් කිහිපය අතරින් ඉදිරියෙන්ම ඉන්න එකක්. ලංකාවේ විතරක් නෙමේ ලොව පුරා ප්‍රසිද්ධයි ඒ ටීවී සිරිස් එක. ඒ වගේම තමා The Shawshank Redemption (1994) කියන්නේ IMDB Top 250 ලයිස්තුවේ 9.2ක අගයක්…

The Martian (2015)

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ  ප්‍රිසන් බ්‍රේක් එකක් අරගෙන ආව. ප්‍රිසන් බ්‍රේක් කියන්නේ ලංකාවේ ජනප්‍රියම රුපවාහිනී කතා මාලාවන් කිහිපය අතරින් ඉදිරියෙන්ම ඉන්න එකක්. ලංකාවේ විතරක් නෙමේ ලොව පුරා ප්‍රසිද්ධයි ඒ ටීවී සිරිස් එක. ඒ වගේම තමා The Shawshank Redemption (1994) කියන්නේ IMDB Top 250 ලයිස්තුවේ 9.2ක අගයක් ලබාගෙන ඉදිරියෙන්ම ඉන්න සිනමාපටය. ඇයි මිනිස්සු එහෙම දේකට කැමතියි මේ තරම්? වරදක් කරපු මිනිහෙක්ව හිරකරලා තියන එකට කැමති වෙන මිනිස්සුම ෆිල්ම් එහෙකින් එහෙම නැත්නම් රුපවාහිනී කතා මාලාවකින් පෙන්වන ඒ ජාතියේම කතාවකදී හැම වෙලාවකදීම හිතෙන් සහය දෙන්නේ හිරෙන් පැනලා යන්න හදන මිනිහට නේද? මම හිතන්නේ ඒකට හේතුව හැම වෙලාවකදීම දුර්වලම කෙනාට සහය දැක්වීම, අනුකම්පා කිරීම මිනිස් ස්භාවයක් වෙන නිසා කියල. ඉතිං ඔන්න අද අරගෙන ආවේ කලින් කිව්වා වගේ සත්‍ය කතාවක් ඇසුරින් නිමවුණ සිනමාපටයක්. මේ නමින්ම 1973දීත් සිනමාපටයක් නිපදවෙනවා. ඒ වගේම ඒ ඇසුරින් ඔන්න මේ වසරේත් සිනමාපටයක් නිපදවෙනවා. ඉතිං මොකක්ද මේකේ පසුබිම් කතාව.

                                    හෙන්රි චැරියර්                                       ලුයී ඩෙගා

ප්‍රංශ ගියානාව කියන්නේ ප්‍රංශයේ පාලනයට නතුව තිබ්බ පොඩි රටක්. ඒ රට තමා තවමත් දකුණු ඇමරිකාවේ තියෙන ඒත් යුරෝපයට අයිති එකම භුමිය. 1981දී මේ රට independent, French Guiana නමින් නිදහස් රාජ්‍යක් විදියට ප්‍රංශයෙන් වෙන් වෙනවා. ඒ වගේම ඉතිං ප්‍රංශ පාලනය තිබ්බ කාලයේ ප්‍රංශ හිරකරුවන් රඳවා තියාගත්ත හිරගෙයක් තියෙනව යක්ෂයාගේ දුපත කියන පොඩි දුපතේ. මේ දුපතේ මේ සිර කදවුර තියෙන්නේ හිරේ දාල දෙන්න පුළුවන් අවසානම දඬුවම විදියට වගේ. හැබැයි ලෙහෙසි වෙන්නේ නැහැ ඒක. මේකෙන් පැනල යන්න බැහැ හතර වටෙන්ම මුහුද නිසා. ඉතිං ගැට කපන්නෙක් සහ සේප්පු හොරෙක් වෙච්ච හෙන්රි චැරියර්ව නොකළ මිනි මරුමකටත්, මුදල් වංචා කරුවෙක් වෙච්ච මිලියනපති ලුයී ඩෙගා ඔහුගේ ජාවාරම් නිසාත් මෙන්න මේ යක්ෂයාගේ දුපතට පිටුවහල් කෙරෙනවා.හෙන්රි චැරියර්ගේ පපුවේ තියෙනව කළු සමනලයෙකුගේ පච්චයක්. ප්‍රංශ බාශාවෙන් ඒ ජාතියේ සමනල්ලු හඳුන්වන්නේ පැපිලොන් කියල. ඒ සලකුණින් කියවෙන්නේ නිදහස කියන දේ. හෙන්රි අවුරුදු 11ක් හිරබත් කනවා, ඒ අතරතුර දෙතුන් වටහවක්ම පලා යන්න උත්සහ කරනවා. අන්තිමේදී වැඩේ සාර්ථක වෙනවා. පලා යන හෙන්රි වෙනිසියුලාවට ගිහින් නිදහස් ජිවිතයක් ගතකරනවා. හෙන්රි චැරියර් අවුරුදු 66දී උගුරේ පිළිකාවකින් මිය යනවා. මිය යන්න කලින් ඔහු තමන්ගේ සිරගත අත්දැකීම් ඇසුරින් ස්වයං චරිතාපදානයක් රචනා කරනවා ඒ Papillon නමින්. මෙනමින්ම 1973 දී සුපර් හිට් මුවි එකක් හැදෙනවා. ඒ මුවි එකම රි මේක් එකක් වගේ 2017දීත් ඒ නමින්ම තව එකක් හදනව ඇත්තටම මේක 2017දි හදලා ඉවර උනාට ප්‍රදර්ශනය කරන්න ගන්නේ 2018දි. එත මේක කැනේඩියානු TIFF සිනමා උළෙලේදී ප්‍රදර්ශනය උනා 2017 වසරේදී. ඒ නිසාවෙන් මේ ෆිල්ම් එකේ වසර 2017 විදියට වැටෙනවා. ඒත් තවම හොඳ පිටපතක් ඇවිල්ල සතියක්වත් ගතවෙලා නැහැ.

විචාරක ප්‍රසාදය දිනාගනිමින් IMDB 7.0ක ඉහල අගයක් ලබාගත්ත මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය Michael Noer විසින් සිදුකරනවා. පැපියොන් ලෙසින් එකතු වෙන්නේ King Arthur: Legend of the Sword 2017, The Lost City of Z 2016, Pacific Rim 2013 ආදී සිනමාපට සඳහා එකතු වෙච්ච Charlie Hunnam සමගින් Mr. Robot එහෙමත් නැත්නම් The Pacific කතා මාලාවේ මෙරිල් ෂෙල්ටන් ලෙසින් එකතු වුණ Rami Malek. ඒත් එක්කම ට්ව එකතු වෙනවා Tommy Flanagan, Eve Hewson, සමගින් Roland Møller ප්‍රධාන වශයෙන්. එහෙනම් ඔන්න පැය දෙකයි විනාඩි 15කට ආසන්න වෙලාවක් පුරා දිග හැරෙන කළු සමනලයාගේ සැබෑ ජිවිත කතාව ඔබට බාරයි. තවත් සුපිරි ෆිල්ම් එකකින් මුණගැහෙමු 😀

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

DVD/Web/BR

මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත් සඳහා පමණක් ලබා දි ඇත

19,451 downloadsDownload Papillon.2017.update.zip90 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

19,451 downloadsDownload Subtitles90 KB

105 comments

  1. LuckyDhananjaya

    Thanx for the sub

  2. nuwanthila1

    sub ekata thakz kollo....

    ............baiscopedownloads.com eke nadda film eka ganna...........

  3. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  4. යුරාන් ධනුක

    සුපිරි ...බොහෝම ස්තූතියි සහෝ...

  5. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata...

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. sathira529

    අම්මෝ ඇති යාන්තම් ආයෙත් ඇවිල්ලා..ඕගොල්ලො නැතුව මේකට එන්න හිතෙන්නෙත් නෑ විමා සහෝ..මොකද පහුගිය කාලෙ මේක බයිස්කෝප්lk නෙවෙයි 'ඉන්දියන් බයිස්කෝප්lk' වෙලා තිබ්බෙ..මම අදාළ කෙනෙක්ට ඒ ගැන කීවත් එයත් මා එක්ක තර්ක කරන්න ආව මිසක් ඒ ගැන යමක් කරන බවක් පෙන්නුවේ නෑ..හැමදාම හින්දි දෙමළ මලයාලම් කන්නඩ..අතරින් පතර එකම එකක් ඉංග්ලිශ්..ඒත් ඒකෙත් රේටින්ග් එක 4ක් වත් නෑ..ජනප්‍රිය දේවල් වලට මුල්තැන දුන්නට කමක් නෑ හොඳ දේවල් අමතක නොකර..එහෙම නේද???මං ඒක අර පුද්ගලයටත් කීව..ඒත් එයා ඒක තේරුම් ගත්තෙ නෑ..අපි සබ් කරේ නැතුවට අපිත් මේකට ආදරෙයි..මොකද ෆිල්ම් කියන්නෙ ටීවී එකේ සෙනසුරාදට පෙන්නන පඩංගු නෙවෙයි කියල අපි තේරුම් ගත්තෙ මේක නිසා..ඒහෙම අතීතයක් තියන සයිට් එක දැන් මෙහෙම වෙද්දි පට්ට දුකයි..කරුණාකරල මේක ගැන චුට්ටක් සලකලා බලන්න..ඔයා,සමීර සහෝ,රොයිලි සහෝ ඒ වගේම මෑත කාලෙ james D.C සහෝ වගේ අය නිතරම හොඳ චිත්‍රපටි දුන්නා..දැන් ඕගොල්ලො සයිට් එකේ දකින්න නෑ..දුකයි ඒත් ඔයාලටත් සබ් හදනවට වඩා වැඩ ඇතිනෙ..නොතේරෙනව නෙවෙයි..ඒත් කරුණාකරල අඩු ගානෙ සතියකට සැරයක් වත් හොඳ ෆිල්ම් එකක් දෙන විදියට යමක් කරන්න බලන්න..ඉල්ලීමක් විතරයි..ජය වේවා

    1. විමා

      දෙනවා දෙනවා හෙමින් සැරේ
      වෙන අය ලව්වා හරි අරගෙන එන්න උත්සහ කරනවා වෙලාවක් තියෙන වෙලාවට ඉතිං :D

  8. Udara Damith Dissanayaka

    නියමයෝ

  9. Bandaramudiyansi

    Bohoma sthuthii..
    Puluwan da podi dayak karala dnna malli.
    Johnny english 2003 movie eka brrip ekata update krala dannako.please

  10. Hiranhiru

    ගොඩක් ස්තුතියි සහෝ..
    ඔන්න මාත් ගත්තා..
    තෙරුවන් සරණයි...!
    දිගටම උපසිරැසි දෙන්න..

  11. Tharaka

    THANKS...............

  12. Wicki

    උප සිරසට බොහොම ස්තුතියි

  13. sk kanishka

    Thanx bro

  14. Chamod Gayashan

    thanks Bro

  15. indika75

    thanks..

  16. Navi1996

    බොහොම ස්තූතියි විමෝ

  17. Sherlock holmes

    Elama bro..thanks

  18. jagath55

    Thanks

  19. Mr_salinda

    1973 එකමද මේකත් 1973 බලල තියන කෙනෙක්ට වෙනසක් දකින්න පුලුවන්ද ?

    1. විමා

      හොඳ දේ මම හිතන්නේ බලලම තීරණය කරන එක සහෝ
      මට අනුව 73 එක ඉදිරියෙන් මේකට වඩා
      මේක නරකයි කියල නෙමේ මේ කියන්නේ
      මේකත් හොඳයි නැත්නම් රේටින් මේ වගේ එන්නෙත් නැහැනේ :D
      කොහොමත් පරණ එක බැලුවට පස්සේ අපි ඒකෙ මිම්මෙන් අලුත් එක බලන්නේ
      රිමෙක් මුහුණ දෙන මුලිකම ගැටලුව ඒකනේ ඉතිං

  20. shanlakmal

    sub ekata thuthi saho. hira gewal kadna ewanam balanna asai.. :D

  21. NuwanK

    Thank u bro..

  22. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  23. AsithaDilruwan

    Ela saho thanks

  24. Kulanjana Maduranga

    subata thanks saho....keep it up...

  25. Sanju_kelum

    thaks sub ekata good luck

  26. Sanju_kelum

    thanks sub ekata good luck

  27. Kapila4499

    Thanks

  28. Nimach273

    Thanks machan

  29. Pramukmili

    thanxxxxx bro.........i

  30. amilagihan12

    beluwa.. supiri

  31. thushararox

    patta filuma
    ayye lost season 1 2 3 4 5 6 walata sub dennako.supiri tv-series ekak

  32. bLack_sNow

    thanks saho sub ekata

  33. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  34. Chinthaka damith

    සබ් එකට ගොඩක් ස්තූති සහෝ.. ඒත් එක්කම බයිස්කෝප් නඩේටමත් විශේෂ ස්තුතියක් පිරිනමන්ම ඕනි.මොකද ඔයාල නිසා තමා අපි ෆිල්ම් එකක නියම රසය විදින්නෙ.. දිගටම කරගන යන්න. හැමෝටම ජය

  35. suchroxx

    Thanks Bro

  36. nish47

    thanks bro

  37. Thar96

    thanks.

  38. Vijaya Vidanapathirana

    Meke webrip eka avith. Update karannako.

  39. Milind@

    Thanks saho

  40. prabhathmadushanka

    sub ekta thnx broo puluwannam mile 22 film eke sub eka denna

  41. Bandaramudiyansi

    Web වකට හදල දෙන්න පුලුවන් ද??

  42. Bandaramudiyansi

    Web වලට හදල දෙන්න පුලුවන් ද??

  43. kmax27

    ස්තුතියි සහෝ සබ් එකට ජයෙන් ජය

    The NUN එකේ HDrip කොපියක් ආවා ඒකයි Mile 22 ‍ෆිල්ම් එකේ සබ් එකයි දෙන්න පුලුවන්ද

  44. dilshan dinesh

    aiye web rip ekata sub eka dennako

  45. Kavishna

    thnx bro sub ekata....

  46. Amila Mudalige

    සබ් එකට ගොඩාක් ස්තූතියි!

  47. adss_1998

    Web rip 1ta sub 1k denna

  48. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සබ් එකට.....!

  49. Aruna1996

    Adeee apee vimukthi aiyaa thnk youuuui

  50. Supun shanika

    ස්තූතියි බ්‍රෝ ජයවේවා

Load more comments