1963 නොවැම්බර් 22 දා පස්වරු 12.38ට වෙඩි තැබීමකට ලක් වූ පුද්ගලයෙක් ඩලාස් හි,පාක්ලන්ඩ් අනුස්මරණ රෝහල වෙත කඩිනමින් රැගෙන එනු ලැබීය. ඔහුගේ නම වුනේ ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි. ඔහු තමයි එතෙක් මෙතෙක් ඇමරිකානුවන් වඩාත් ආදරය කළ සහ එරට පත් වූ ලාබාලතම ජනාධිපතිවරයා. ඔහු සහ ඔහුගේ බිරිඳ වූ ජැකී කෙනඩි එකල ලොව සිටි…
1963 නොවැම්බර් 22 දා පස්වරු 12.38ට වෙඩි තැබීමකට ලක් වූ පුද්ගලයෙක් ඩලාස් හි,පාක්ලන්ඩ් අනුස්මරණ රෝහල වෙත කඩිනමින් රැගෙන එනු ලැබීය. ඔහුගේ නම වුනේ ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි. ඔහු තමයි එතෙක් මෙතෙක් ඇමරිකානුවන් වඩාත් ආදරය කළ සහ එරට පත් වූ ලාබාලතම ජනාධිපතිවරයා. ඔහු සහ ඔහුගේ බිරිඳ වූ ජැකී කෙනඩි එකල ලොව සිටි ජනප්‍රියම යුවල ලෙසයි පිලිගැනෙන්නේ. ජනපතිවරයාට වෙඩි තැබීමෙන් සුලු මොහොතකට පසු ලී හාවි ඔස්වල්ඩ් නැමැත්තා අත් අඩංගුවට පත් වෙන්නේ පොලිස් නිළධාරියෙකුට වෙඩි තැබීම සම්බන්ධයෙන්.
මොහු ජනාධිපතිවරයාට වෙඩි තැබූ පුද්ගලයාම බව පොලිසිය සොයා ගන්නේ ඊට පස්සෙ. කෙසේ වෙතත් ඉන් දින දෙකකට පසු ඩලාස් පොලිස් ස්ථානයෙන් ඔහුව පිටතට ගෙනියන මොහොතේ, ජැක් රූබි නැමැති කැසිනෝ හල් හිමියා ඔස්වල්ඩ්ට වෙඩි තබා ඝාතනය කරන්නේ ජනපති ඝාතනය පිළිබඳ අභිරහස් රැසක් ඉතිරි කරමින්. ඉන් පසු ඔස්වල්ඩ්වද රැගෙන එනු ලබන්නේ පාක්ලන්ඩ් රෝහලටමයි. එහිදී ඔහුට ප්‍රතිකාර කිරීමට සිදු වන්නේද පෙර දිනක ජනපතිවරයාට ප්‍රතිකාර කළ වෛද්‍ය කණ්ඩායමටම වීම දෛවෝපගත සිද්ධියක් වැනිය. ඉතා මෑතක කළ සමීක්ෂණ වලින් පවා පෙන්නුම් කරන්නේ ඇමරිකානු ජනතාවගෙන් බහුතරයක් මෙම සිද්ධිය පිටුපස ඔස්වල්ඩ්ට අමතරව වෙනත් බලගතු කුමන්ත්‍රණකාරින් පිරිසක් සිටින බව විශ්වාස කරන බවයි.
Parkland චිත්‍රපටයෙන් ජනපති කෙනඩි ඝාතනය සිදු වූ දින සහ ඉන්පසු එලඹි දින කිහිපය තුල ඩලාස් නගරය තුල ඇති වූ ව්‍යාකූල තත්වයේ මින් පෙර නොදුටු සහ නොකී සිද්ධි මාලාවක් ඉතාම උද්වේගකර ආකාරයකින් ඉදිරිපත් කෙරෙනවා. මෙහිදී විවිධ පාර්ශවයන්ට අයත් වූ සාමාන්‍ය මිනිසුන් පිරිසක්, මින් පෙර තමන් අත් නොවිඳි අසාමාන්‍ය තත්වයන් තුල ක්‍රියා කරන ආකාරය මනාව පෙන්නුම් කරනවා. පාක්ලන්ඩ් රෝහලේ සිටින ලාබාල වෛද්‍ය වරුන් සහ හෙදියන්, ජනාධිපති ආරක්ෂක අංශයේ නිළධාරීන්, මෙම සිද්ධිය රූ ගත කළ ආධුනික කැමරා ශිල්පියා, ඩලාස් FBI කාර්යාලයේ නිළධාරීන්, ජනපති ඝාතකයා ලෙස හසු වන ලී හාවි ඔස්වල්ඩ්ගේ සොහොයුරා මෙම පිරිසට ඇතුලත්.
මෙම සිද්ධියේ 50 වැනි සංවත්වරය යෙදී ඇති මෙම වසරේ නිකුත් වූ Parkland චිත්‍රපටය කෙනඩි ඝාතනය පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට ලැබුනු තිලිණයක් වැනිය.
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න 24FBDE05FF7CD8FD34298340CB416AED8F6BE06D 750 MB (BR) කොපිය මෙතනින් බාගන්න 40B377CC384854494110EC6FEECEBFB1CDA3C9B4 1.44 GB (BR) කොපිය මෙතනින් බාගන්න A7932CE8B9DAC578A8DBF0B3E5C2346EE418BD62 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,381 downloadsDownload Parkland-2013-www.baiscopelk.com-.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “rum2550” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
rum2550
Subtitles
42 comments
vee
ositha
oya thiyenne supiri film ekak
gayan
onna gattha thanx
ccnp
Thanks
Hasitha prasad
එල මචං අනිවා බලන්න ඕනේ
ranga
niyama films meywa thama aniwa balanna one
nipuna prasad
aththa katha aniwa balanwa
jaya!kasun viraj
පට්ට එකක් වගේ
උපසිරසට ස්තූතියි සහෝ
ජයවේවාආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල කොල්ලෝ...
ලස්සන කතාවක්..
ඔන්න බෑවා...mihin ලංකා
දිගටම හොද ඒවාට සබ් දෙන්න
venura
ela meyeke hoda copy anakam unne man txz
geeth
elakiri hode
jack
පට්ටයි මචෝ..
eranga
supri
DDSameera
MAXXA !!! FATTA !!!
gr8888 movie !!
samith
nice film
උදාර
මේක පට්ටම ෆිල්ම් එක සබ් දෙනකම් උන්නේ තුති
siraj
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ඉස්‍තූතියි සහෝ..........Saman Prasad ( Black Cobra )
sthuthiyi saho...
banuka
elama film aka
isuru
සබ් එකට ගොඩාක් ස්‍තූතියි!
“චූටී මල්ලි”
එල භාන්ඩයක් වගෙ
බලනඩ ඔනි
සබට තුති
ඔබට ජය......රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශාන් විමුක්ති [ විමා]
ෂාහ් මාරු ෆිල්ම් එකක් වගේ
බොහොම ස්තුතියි සහෝ උපසිරසියටjana
නියමයි තැන්කූ ඈ
Download Manager
Thanx
නලින්
ස්තුතියි සහෝ
ජය වේවා
mudiya / මුදියා
කෙනඩි ගැන ෆිල්ම් එකක්.
මරේ මරු.
අනිව බලනව මේක නම්.
නියමයි රමෝ.
ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!Chami
Thanks...
nalaka
ela ela bro..superb..thank u
thisaru
ela
M THILINA
Thank U,Thank U
wappula
thank you malli..
සත් සමුදුර
මම පොඩි නිවැරදි කිරීම් කිහිපයක් කරන්නම්. කෙනඩි ඇමරිකාවේ ලාබාලතම ජනාධිපතිවරයා නොවේ. එරට ලාබාලතම ජනාධිපතිවරයා ලෙස සැලකෙන්නේ තියොඩෝර් රුස්වෙල්ට් මහතායි. මේ දිනවල මාත් ජනපති කෙනඩි හා ඔහුගේ පාලන කාලය පිළිබදව ලියන නිසා මේ චිත්‍රපටිය ඉතා වැදගත්.
rum2550
මෙම වැරැද්ද පෙන්වා දීම ගැන බොහොම ස්තූතියි. ඇමරිකාවේ පත් වූ ලාබාලම ජනපතිවරයා තියඩෝර් රූස්වෙල්ට් ( වයස 42 දී) කියන එක නිවැරදියි. ඔහු වැඩ භාරගන්නේ ජනාධිපති විලියම් මැකින්ලි ඝාතනයට ලක් වීමෙන් පස්සෙ. ජෝන් එෆ්. කෙනඩි තමයි එරට ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ ලාබාලම ජනපතිවරයා ( Youngest elected president - වයස 43 දී). මගේ සටහනේ මේ කාරණය වැරදි අවබෝධයක් ඇති වන ආකාරයට ඉදිරිපත් වීම ගැන කණගාටුයි.
මේ ගැන වැඩිදුර කරුණු මේ ලින්ක් එකෙන් කියවන්න පුලුවන්.ගමයා
ස්තුතීයි නිවෑරදි කිරීමට,
දෑනුමට අලුත් දෙයක් එකතු කලාට ස්තුතීයිgood work 'rum2550'
thanks සත් සමුදුර
ගමයා
සබ් එකට ස්තූතියි…
ජය වේවා!දිමුතු තරඟ ඉලුක්කුඹුර
මේකනම් අනිව බැලිල්ලක් තමයි, ස්තුතියි උපසිරසියට,ජයවේවා.
DDSameera
ජෝන් කෙනෙඩි ජනපති ඝාතනය සිදු කල මිනීමරුවා වෙඩි කා මිය ගියේය.එදවස ඔහුගේ සිරුර මිහිදන් කිරීමටවත් කිසිම අයෙක් සෘජුව ඉදිරිපත් නොවුවෙය.ජෝන් කෙනෙඩි ජනාධිපතිට කොතරම් එරට මිනිසුන් සිය ආදරය ද යන්න වග චිත්‍රපටිය අවසානයේ ඔබ දැකගන්නට හැකිවෙවිය.නිශ්පල අර්ථරහිත චිත්‍රපටිවලට වඩා මෙම චිත්‍රපටිය ඔබට වඩාත් හදවතට දැනෙනු ඇත.ස්තූතියි...මෙහි සිංහල පරිවර්තනය කළ අපේ ආදරණීය සහෘදයාට...
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
mariyan12
thank uuuuuuuuuu
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

maxxama akak ne machan ela