Watch Trailer

The Red Balloon (1956) | රතු බැලුම් බෝලය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 38වෙනි නිර්මාණය ලෙස තවත් ලස්සන කෙටි චිත්‍රපටයක් අරගෙන ආවා, ඒ වගේම දරුවන් වෙනුවෙන් ගෙනා 14වෙනි නිර්මාණය, මේක IMDb වල 8.0ක් තරම් ඉහල ලකුණු අගයක් ගන්න සමත් වෙලා තියෙනවා, ඒකෙන්ම පේනවනේ මේක සුපිරි කතාවක් කියල ,මට මේ ගැන කිව්වේ අදහසක් දාල මේක කරන්න පුලුවන්ද කියල ”ඉසුරු” කියල සහෝ කෙනෙක…

The Red Balloon (1956)ඔන්න යාලුවනේ මම මගේ 38වෙනි නිර්මාණය ලෙස තවත් ලස්සන කෙටි චිත්‍රපටයක් අරගෙන ආවා,
ඒ වගේම දරුවන් වෙනුවෙන් ගෙනා 14වෙනි නිර්මාණය, මේක IMDb වල 8.0ක් තරම් ඉහල ලකුණු අගයක් ගන්න සමත් වෙලා තියෙනවා, ඒකෙන්ම පේනවනේ මේක සුපිරි කතාවක් කියල ,මට මේ ගැන කිව්වේ අදහසක් දාල මේක කරන්න පුලුවන්ද කියල ”ඉසුරු” කියල සහෝ කෙනෙක්, මම ඔහුට ස්තුති කරනවා මෙවැනි සුපිරි කතාවක් ගැන කිව්වට.

හරි එහෙමනම් දැන් කතාව ගැන පොඩ්ඩක් විමසා බලමු පුංචි පිරිමි ළමයෙක් පාසල් යනවිට දකිනවා බැලුම් බෝලයක් විදුලි පහන් කණුවක සිරවී තියෙනවා, ඔහු එයට නැගල මෙය අරගෙන පාසල් යන්න බස් නැවතුම් පලට ඇවිත් හිටියත් බස් එකේ කොන්දොස්තර මහතා ඔහුව ගන්නේ නැහැ බැලුම් බෝලය නිසා, නමුත් මොහු එයින් නොසැලී පාසලට දුවගෙනම යනවා, පන්තියට යනවිට පාසලේ ඉන්න කෙනෙකුට බෝලය බලාගන්න කියා මෙයා පන්තියට යනවා, පාසැල ඇරී එනවිට වහිනවා, මෙයා කරන වැඩේ බෝලය නොතෙමෙන්න එක එක අයගේ කුඩ තුලට රිංගමින් ගෙදර යනවා, නමුත් ගෙදර ගියාම ගෙදර වැඩිහිටි කෙනෙක් විසින් බෝලය ජනේලයෙන් එලියට දානවා, නමුත් බැලුම් බෝලය යන්නේ නැහැ එතනම රැඳී සිටිනවා, පසුව මෙයා කියනවා එයා කියන විදියට බැලුම් බෝලයට ඉන්න කියල, බැලුම එය අසයිද? මින් පසු කුමක් වෙයිද කියල ඔබත් බලන්න කැමතිනම් මෙය අරගෙන බලන්න..

Academy Awards, USA 1957 හිදී
හොඳම රචනයට හිමි ඔස්කාර් සම්මානය ගන්න සමත්වී තිබෙනවා.
Albert Lamorisse විසින්

BAFTA Awards 1957 හිදී
විශේෂ සම්මානයකින්ද (ප්‍රංශය)

Cannes Film Festival 1956 හිදී
හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානයද Albert Lamorisse විසින්

National Board of Review, USA 1957 හිදී
NBR සම්මානය හොඳම විදේශීය චිත්‍රපටය වෙනුවෙන්ද

New York Film Critics Circle Awards 1957 හිදී
හොඳම විදේශීය හෂා චිත්‍රපට දෙවෙනි ස්ථානයට හිමි NYFCC සම්මානයද (ප්‍රංශය)

Prix Louis Delluc 1956 හිදී
සම්මානයක් දිනන්න සමත් උන සිනමා පටයක්.

මෙහි අධ්‍යක්ෂණය Albert Lamorisse විසින් ධාවන කාලය විනාඩි 35කට ආසන්නය. ඔබගේ වටිනා අදහස් පහලින් ලියා යන්න.

The Red Balloon (1956) on IMDb

 

 

382 MB කොපිය මෙතනින් බාගන්න 534100a384a977250bd21d9b94ba500f72a09fef ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

807 downloadsDownload The-Red-Balloon-1956-www.baiscopelk.com-.zip6.5 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිමුතු තරංග

Subtitles

807 downloadsDownload Subtitles6.5 KB

31 comments

  1. wow

    wow,,,maru :D

  2. isuru samarasinghe

    thanks saho

  3. kalinga

    බොහොම පින් සහෝ

  4. rusuru | රුසිරු

    බොහොම පින්

  5. kalana

    digatama thawath subs demu txxxxxxxxxxxx

  6. quik

    thanks

  7. yasomal

    txz dimuthu

  8. Download Manager

    thanx

  9. siraj

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි.

    1. විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.

      දිමුතු, අපේ ගෙදර සියළුදෙනා මේ චිත්‍රපටය ආශාවෙන් බැලුවා. මේ වගේ චිත්‍රපට නිෂ්පාදනයවෙලා තියෙනවා ලෝකයේ. හරි පුදුමයි. ඒත් අපේ රුපවාහිනි නාලිකා හරිම අසරණයි නේද? ඒ අය වෙලාව මරාගන්න කොච්චර දඟලනවා ද? ඒවා දිහා බලන් ඉන්නකොට ඔයා වගේ කෙනෙකුට එම ලොකු පුටුවක් ලැබෙනාවානම් කියල හිතෙනවා. එමෙන්ම එය සඵල වේවා කියා ද අවංක සිතින් ප්‍රර්ථනා කරනවා! ඒ ඇත්තෙන්ම ඔයාගේ උපසිරසි එකතුවෙන් කීපයක් මා නැරඹූ නිසා.

  10. “චූටී මල්ලි”

    එල එල
    කෙටි උනත් හොද එකක්
    සබට තුති
    ඔබට ජය........

  11. මිහාන්

    thank you !

  12. isuru

    මා ඉල්ලූ පරිදි මේ වගේ ලස්සන ෆිල්ම් එකකට උපසිරැසි ලබා දුන්නාට ඔයාට බොහොමත්ම ස්තූතියි සහෝ! ඇත්තටම මේ නිර්මාණය පුංචි අයට හොඳ තෑග්ගක්. ඒ විතරක් නොවේ, අපටත් අප සැමගේ ලමා විය කරා නැවතත් සිතින් පියමං කරන්න පුළුවන් ලස්සන කතාවක් තමයි, The Red Balloon (1956) යන සිනමා සිතුවම. ඔයාට පුළුවන් වෙලාවක මම ඉල්ලූ Mary Poppins (1964) ෆිල්ම් එකටත් සබ් දෙන්නකෝ. ඒවගේම තවත් ලස්සනම චිත්‍රපටයක් තමයි Silent Running (1972)යන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය. විවේක වෙලාවක එයටත් පුළුවන්නම් සබ් දෙන්න.
    ජයවේවා සහෝ! ජයවේවා බයිස්කෝප්!

  13. Saman Prasad ( Black Cobra )

    ela ela. thanx saho...

  14. #ChalinduDeshan (කිනා)

    ලමා චිත්‍රපටි පැත්තට බරයි වගේ නේ..
    එල එල..
    එහෙම අයත් ඉන්න එපැයි.
    පනහ ගහමු ඉක්මනටම.
    ජයවේවා!

  15. yeshu

    ස්තූතියි

  16. mudiya / මුදියා

    ෂහ් ලස්සන කතාවක් වගේ.
    මේ වගේ වැඩක් කරන්නේ අපේ දිමුතුවම තමයි.
    1956 එකක් වුනාට කමක් නෑ හෙටම මේක බානව.
    ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!

  17. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. ශාන් විමුක්ති [ විමා]

    බොහොම ස්තුතියි දිමුතු සහෝ ඔයාගේ උපසිරසට

  19. Dhanushka Kalum

    සුපිරි ඇ.......

  20. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  21. Anjana

    godak sthuthi. mage putha 3y old , namuth as pillam nogaha balan hitiya. eya godak asai mekata.
    mita pera sub dapu mala films wala links denna puluwanda.

    godak sthuthi.

    1. දිමුතු තරඟ ඉලුක්කුඹුර

      සහෝ ඔය මගේ නම එබුවත් මම කලින් දුන්න ෆිල්ම් ගැන විස්තර ගන්න පුළුවන් එහෙම නැත්නම් ඔය උඩම තියෙන්නේ ''වර්ගීකරණය'' කියල ඒක එබුවම යට තියෙනවා ළමයින්ට කියල එතනින් හොඳ ඒවා තෝරලා ගන්න, මම දුන්න ඒවගෙන් ඔය වයසේ දරුවන්ට හොඳ Chicken Run (2000) පමණයි මං හිතන්නේ, ඔයා තෝරා බලා දෙන්න,ස්තුතියි,ජයවේවා.

  22. විමල්

    අපේ පුතාත් මේක හරිම ආසාවෙන් බැලුවා. ඇත්තටම මටත් හරිම ආස හිතුණා. මේ වගේ ලස්සන කතාවක් හොයලා සිංහල උපසිරැසිත් එක්ක ගෙනාවට බොහොම පින් සිද්ධවෙනවා.

  23. anushka

    thank you yaluwa.ela wedak

  24. hh

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ‍ස්‍‍තූ‍ති‍යි.

  25. sumudu

    maru...........

  26. tharindu

    eleth ela. maath onna meka baanawa. sub walata thanks wewa...

  27. sp පියමල්

    ගොඩ දවසකින් මේ පැත්තේ ඇවිත් කමෙන්ට් දාන්නේ,මේක ලස්සන කතාවක් වගේ,thanks සහෝ

  28. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  29. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪