Watch Trailer

Penguin Bloom (2020) Sinhala Subtitles | ජීවිතය විඳින්න කියාදුන් ආදරණීය පෙන්ගුවින් [සිංහල උපසිරසි]

කොහොමද කට්ටිය..අවුරුදු එහෙම ජයයිද ? හොඳයි ඔන්න එහෙනම් මගේ පළවෙනි උපසිරසි ගැන්වීම “Penguin Bloom ” Netflix සමාගම සහ ඕස්ට්‍රේලියානු ” Road Show Films ” ආයතයක එක්ව කල නිමැයුමක් වන ගිය අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ 12 තිරගත වීම් ආරම්භ කරපු මේ බයිස්කෝප් එක IMDb දර්ශකයේ 6.8 ලෙසින් වගේම තක්කාලි දර්ශකය තුල 67…

කොහොමද කට්ටිය..අවුරුදු එහෙම ජයයිද ? හොඳයි ඔන්න එහෙනම් මගේ පළවෙනි උපසිරසි ගැන්වීම “Penguin Bloom ” Netflix සමාගම සහ ඕස්ට්‍රේලියානු ” Road Show Films ” ආයතයක එක්ව කල නිමැයුමක් වන ගිය අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ 12 තිරගත වීම් ආරම්භ කරපු මේ බයිස්කෝප් එක IMDb දර්ශකයේ 6.8 ලෙසින් වගේම තක්කාලි දර්ශකය තුල 67% අගයක් රඳවා ගන්නට සමත්කම් දක්වපු චිත්‍රපටයක්.සත්‍ය කතාවක් පදනම් කරගන නිපැයුනු මේ බයිස්කෝප් පැය එකයි මිනිත්තු තිස්පහක් පුරාවට දිව යනවා.

Glendyn Ivin විසින් අධ්‍යක්ෂණය කල Shaun Grant සහ Harry Cripps විසින් රචිත මේ සලරූ සිත්තමට Naomi Watts සහ Andrew Lincoln (මම ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ Andrew Lincoln කියන්නෙ කවුද කියල T.W.D කතා මාලාව සහ Strike Back පළමු වැනි කතා සමය බැලුවනම් ) ප්‍රධාන චරිත වලට පණ පොවනු ලබනවා ඒ වගෙම මෙම චිත්‍රපටය Drama ඝනයට ඇතුලත් වෙනවා.

දැන් අපි කතාව පැත්තට හැරෙමු.මුලින්ම කියන්න ඕනි “පෙන්ගුවින් බ්ලෝම්” කිව්වට මේ කතාවෙ ඇත්තටම ඉන්නෙ අර හිම වල ජීවත්වෙන පෙන්ගුවින් කෙනෙක්නම් නෙමෙයි. ළමයි තුන් දෙනෙක් එක්ක අම්මයි තාත්තයි ජීවත් වෙන ලස්සන පවුලක් එයාල නිවාඩුවකට තායිලන්තයට ගිය ගමනෙදි සෑම් (අම්මා) අවාසනාවන්ත විදිහට අනතුරකට ලක් වෙනවා.එතනින් එයාලගෙ ජීවිත වල ලොකු හැලහැප්පීම් ගොඩක් සිද්ධ වෙනවා විශේෂයෙන්ම සෑම්ගෙ එතනින් කැම්ගේ (තාත්තා) අම්මගෙන් වගේම තාත්තගෙන් ඉටු වෙන්න ඕනි යුතුකම් සියල්ලම ඔහු පිට පැටවෙනවා.

ඒ අතරෙදි තමයි අනතුරකට මුහුණ දෙන මැග්පි වර්ගයේ කුරුල්ලෙක් ඒ පවුලට එකතු වෙන්නෙ ඒ කුරුල්ලට මුලින්ම අකමැත්තෙන් හිටපු සෑම් පස්සෙ මේ කුරුල්ලගෙ හොඳ යාලුවෙක් බවට පත් වෙනවා.ඒ හරහා රෝද පුටුවක එක්තැන්ව ඔත්පොලව හිටපු සෑම්ට ජීවිතේ විඳින හැටි ඉගෙන ගන්න ලැබෙනවා.වැඩිපුර කියවන්න ගියොත් ඔයාලට මේකෙ බලන්න දෙයක් නැති එනවා.ඒ නිසා මේ ඇති ඒ වගේම විශේෂයෙන් මට O/L වල ඉංග්‍රීසි උගන්නපු අමිතා ශාන්ති ගුරුතුමියත් පුද්ගලික පංතියෙදි ඉංග්‍රීසි උගන්නපු නාරද ජිනසේන ගුරුතුමාවත් මාව දිරිමත් කරපු බයිස්කෝප් කණ්ඩායමේ සිසිල ප්‍රසාද් සහ ලශාන් ඩි මෙල් සහෝදරයන්ටත් මොන වැඩේදිත් මාව push කරන තුෂාර ප්‍රභාත් මල්ලිටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.විශේෂයෙන් ඔයාලගෙන් ඉල්ලන්නෙ සෞඛ්‍ය රීතිවලට මුල් තැන දීල මේ භයානක කාලෙ ඉතාම සුපරීක්ෂාකාරීව ජීවත් වෙන්න කියලයි.අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න කියලත් ඉල්ලනව මේක මගේ මුල්ම වැඩේ නිසා හැමෝටම ජය..!!! සතුට…!!!!

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

2,091 downloadsDownload Penguin-Bloom-2020.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වසන්ත කරුණාතිලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-04-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

වසන්ත කරුණාතිලක

Subtitles

2,091 downloadsDownload Subtitles37 KB

21 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    The Courier (2020)
    Thunder Force (2021)

    1. Wasantha

      hi thank you so much

  2. එල්.සී. දමැල්

    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා වසන්ත සහෝ!
    පළමු උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්!
    දිගටම උපසිරස කිරීම සඳහා කාලය හා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
    ජය ✌

    1. Wasantha

      Thank you so much

  3. Neo

    Congrats for 1st attempt
    Keep it up

  4. මයුර

    පළමු සබට උණුසුම් සුබ පැතුම් මචෝ.
    බයිස්කෝප් එක්ක දිග ගමනකට සුබ පතනවා

  5. Anonymous

    තෑන්කූ බ්‍රෝ...

  6. Anonymous

    බ්‍රෝ ඔයා මතර නේද...
    දිගටම කරගෙන යන්න ශක්තිය

    1. Wasantha

      නෑ සහෝ මම රත්නපුර

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ සබ් එකට සුබ පැතුම් පලවෙනි සබ් එකට දිගටම සබ් කරන්න

  8. Bandara

    Thanks Lot Wasantha bro..Good Luck

  9. Sahan Prabhasara

    Good luck

  10. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦ පළවෙනි සබට සුබ පැතුම් මචං... ඉස්සරහටත් මේ වගේ පට්ට ෆිල්ම්වලට සබ් දෙන්න වෙලාවක් හම්බවෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.... කරනකියන වැඩකටයුතු සාර්තක වේවා.....

  11. Champika

    ෂා සුපිරි වැඩක්. තව sub කරන්න ශක්තිය දිරිය ලැබේවා

  12. Wasantha

    ඉතා බොහොම සහ ගොඩක් අපමන ස්තුතියි ඔයාල හැමෝටම එක්කෙනෙක් ගනෙ කිව්වෙ නැති උනාට බොහොම අතිශයින් ස්තුතියි

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

    1. Kavindaya

      Tnx bro..Best wishes..

  14. Pramukmili

    Thanxxxxx bro........

  15. MAALNATH

    Thanks..........good luck....

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Anonymous

    the penguin sinhala sub dennako