Watch Trailer

Ek Phool Do Mali (1969) Sinhala Subtitles | එක මලකට පෙම් බැඳ… [සිංහල උපසිරසි]

ඒක් පූල් දෝ මාලි – එක මලයි උයන් පල්ලො දෙන්නයි… කතාව ආරම්බ වෙන්නෙ කයිලාශ් නාත් (Balraj Sahni )ගෙන්. දරු ප්‍රසූතියේදී බිරිඳ හා දරුවා දෙදෙනාම අහිමි වන අවාසනාවන්තයෙක්. තනිකමින් මිදීමට ඔහු හිමාලයානු ප්‍රදේශයේ කඳු නැගීමේ පාසලක් ආරම්බ කරනවා. එහි එක් සිසුවෙක් වන්නේ අමර් (Sanjay Khan). ඔහු එම ගමේ තරුනියක් ස…

ඒක් පූල් දෝ මාලි – එක මලයි උයන් පල්ලො දෙන්නයි… කතාව ආරම්බ වෙන්නෙ කයිලාශ් නාත් (Balraj Sahni )ගෙන්. දරු ප්‍රසූතියේදී බිරිඳ හා දරුවා දෙදෙනාම අහිමි වන අවාසනාවන්තයෙක්. තනිකමින් මිදීමට ඔහු හිමාලයානු ප්‍රදේශයේ කඳු නැගීමේ පාසලක් ආරම්බ කරනවා. එහි එක් සිසුවෙක් වන්නේ අමර් (Sanjay Khan). ඔහු එම ගමේ තරුනියක් සමග සම්බන්දයක් ඇති කර ගන්නවා. ඇය සෝම්නා (Sadhana). තම වැන්දඹු මව සමග ජීවත් වන තරුනියක්. අමර් නිසා සෝම්නා ගැබ් ගන්නවා. ගවේශනයකට යන අමර් සහ ඔහුගේ කණ්ඩායම හිම කඳු කඩා වැටී අතුරුදහන් වෙනවා. තමන්ට සිදු වූ ලැජ්ජාව නිසා සෝම්නා සිය දිවි හානි කර ගැනීමට උත්සහ කරනවා. ඒ අතරට පැමිනෙන කයිලාශ් නාත් ඇයව බේරාගෙන ඇයව විවාහ කරගන්නවා. සෝම්නාගේ දරුවා බොබී, ඔහුගේ දරුවෙකු මෙන් හදාවඩා ගන්නවා. බිරිඳ හා දරුවා දෙදෙනාම අහිමි වූ ඔහුගේ ජීවිතයට නැවත ආලෝකයක් ලැබෙනවා. වසර කිහිපයක් සාමකාමීව ගෙවීගෙන යනවා. බොබීගේ උපන් දිනය දවසේ එක් දරුනු කුණාටුවක් ඔවුන්ගෙ ජීවිත වලට කඩා හැලෙනවා. ඒ කුනාටුවෙන් ඔවුන්ගේ ජීවිත කෙසේ වෙනස් වෙයිද කියල කතාව බලලම දැනගමු.

1969 අවුරුද්දෙ තිරගත වුන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Devendra Goel. රවී ගේ සිත් වශී කරගන්නා සුලු සංගිතයෙන් හැඩවුනු, ප්‍රේම් ධවාන්ගේ පන්හිඳෙන් ලියවුනු මොහොමඩ් රාෆි, මන්නා ඩේ සහ ආශා බෝස්ලේ ගෙ මියුරු ප්‍රේමාන්විත හඬින් හැඩවුනු ගීත පෙලම ඇති මේ චිත්‍රපටිය බලන්න. ඉතින් හිමාලය පාමුල සීතලෙන් පිරි සුන්දර ඇපල්වත්තක පැය දෙකහමාරක් අතරමන් වෙන්න කැමති අය එන්න මේ චිත්‍රපටිය බලන්න.

මේ චිත්‍රපටියට සීඩ් තියෙන කොපියක් තිබුනෙ නෑ. ඉතින් ටයිම් ලයින් හදාගෙන අසා ලිවීමක් තමයි කලේ. වැරදි තිබුනොත් එ ගැනත් සමාවෙන්න. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි Youtube හි 2:38:52 ධාවන කාලයෙන් යුත් වීඩියෝ පිටපත හා බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියෙන් නිකුත් කරනා පිටපත සඳහා අදාළ වේ.

1,585 downloadsDownload Ek-Phool-Do-Mali-1969.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,585 downloadsDownload Subtitles53 KB

16 comments

  1. මයුර

    වාව් දහරක්කේ ආයේ වැඩ අල්ලලා වගේ.
    ජය වේවා ඈ.
    ඒ කාලේ පට්ට ගහපු පිලුමක්

  2. Roshan Amaranayake

    ඉතාම ලස්සන ගීත සහිත සිනමාපටයක්. ඔබට ස්තුතියි උපසිරැසිය ලබා දුන්නාට

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. indika75

    thanks..

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Priyantha Dayakeerthi

    දහරා මුතු අමා සොයුරිය,
    හින්දි සිනමාවේ "නොමැකෙන සිහිවටනයකට" ඔබේ මේ සබ් දීලා තියෙන්නේ. ඒ වගේම මේ පිටුවට පිවිසෙන අයට මම යෝජනා කරනවා මෙම "අමරණීය සිනමාපටය" නොවරදවා නරඹන්නට කියා. මම පුද්ගලිකවම මෙය හතර වාරයක් නරඹලා තිබෙනවා. මෙහි ඉතාමත් ලස්සන ගීත කීපයක්ම තිබෙනවා. අදටත් ඉන්දීය රසිකයන් මේ සිනමාපටයට ගරු කරනවා. කම්මැලි නැතිව නරඹන්නට පුළුවන් කතාවක් තියෙන්නේ. විශේෂයෙන්ම කතාවේ මැද භාගයේ සිට "ඊළඟට මොකද වෙන්නේ" කියන මේ ගලායාම තිබෙන්නේ. අලුත් ඒවා අතරතුර මෙවැනිම වූ තවත් "කලාත්මක" සිනමාපටයකට සබ් ගෙන එන ලෙස
    මම යෝජනා කර සිටිනවා පැරණි කලාත්මක සිනමාපට රසිකයන් වෙනුවෙන්. එසේම ඔබ මීට පෙර සිංහල සබ් දුන් Aradhana (1969) Abhimaan (1973) Shree 420 (1955) යන සිනමාපට තවමත් අමතක නැහැ. ඔබේ වෙහෙසින් නිමවූ මෙම උපසිරසියට මාගේ ප්‍රණාමය සහ ස්තුතිය පිරි නමමි, ඔබට ජය!

  7. රොෂාන් ශමීර ජයසිංහ

    ලස්සනම ලස්සන සිංදු ටිකක් තියන සුපිරි චිත්‍රපටයක්..
    බොහොම ස්තූතියි උපසිරසියට..
    ~ ජය වේවා ~

  8. Deex

    thanks sis

    langadima ai me pathe enna hindi filumak aran..................

  9. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  10. W T Ajith

    Thanks for your subtitle, "Old is gold"I suggest Satyam Sivam Sundaram 1978 film.

  11. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි දහරා සොයුරිය

    අනේ 90s හින්දි ෆිල්ම් ආයේමත් දෙන්න පටන් ගමුකෝ.

  12. D P Gamage

    ඒ කාලේ බලපු ලස්සන ෆිල්ම් එකක්, ගොඩක් ස්තුතියි, පුලුවන්නම් 1965 තිරගතවූ Gumnaam හින්දි එකට සිංහල දෙන්න බලන්න.

  13. Anu

    Thanks thanks dear

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි මුතු සහෝදරියට.ජයවේවා !!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.