Perusu (2025) Sinhala Subtitles බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුද දවසක් ප්‍රාර්ථානා කරමින්, ඔන්න මං අද අරං ආවේ අපේම අධ්‍යක්ෂකවරයෙක් කරපු දමිල සිනමාපටයකට උපැසිරැසි රැගෙන. මේක තමා මගේ මේ අවුරුද්දේ ආපු ෆිල්ම් එකකට කරන පලවෙනි උපසිරැසිය. ෆිල්ම් එකේ දුක සතුට ඔක්කොම කැටි වුන හාස්‍යජනක ගනයට අයත් ෆිල්ම් එකක් ත…

Perusu (2025) Sinhala Subtitles

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුද දවසක් ප්‍රාර්ථානා කරමින්, ඔන්න මං අද අරං ආවේ අපේම අධ්‍යක්ෂකවරයෙක් කරපු දමිල සිනමාපටයකට උපැසිරැසි රැගෙන. මේක තමා මගේ මේ අවුරුද්දේ ආපු ෆිල්ම් එකකට කරන පලවෙනි උපසිරැසිය.

ෆිල්ම් එකේ දුක සතුට ඔක්කොම කැටි වුන හාස්‍යජනක ගනයට අයත් ෆිල්ම් එකක් තමා මේක. මේක අධ්‍යක්ෂනය කලේ අපේ අධ්‍යක්ෂකවරයෙක් වෙන Ilango Ram. දැං ඉතිං හැමෝම දන්නවා ඇති නේ ඒ කවුද කියලා. මේ දවස් වල ඉතාම සාර්ථ්ක ලෙස තිරගත වෙන “නෙළුම් කුලුණ” චිත්‍රපටයේ අධ්‍යක්ෂම තමා, ඉතිං මේ ෆිල්ම් එකේම Remake එකක් තමා මේ ෆිල්ම් එක. හැබැයි ඒ ෆිල්ම් එකයි මේකෙයි පොඩි වෙනස්කමක් තියෙනවා.  

සිංහල ෆිල්ම් එකේ නං රගපාන්නේ කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තුසිත ලක්නාත්, රංජිත් පනාගොඩ යන නළු නිලියන්. සිංහල ෆිල්ම් එකේ නමට දාලා තියෙන ඉංග්‍රිසි නම තමා Tentigo කියලා. ඒක ලිංගිකත්වය ගැන කියවෙන නමක්. සිංහල ඩිල්ම් එක නං ඩාර්ක් කොමඩි ගතියට තියෙන ෆිල්ම් එකක්. ඔයාලාම බලන්නකො ෆිල්ම් දෙකේ වෙනස මේ ෆිල්ම් එකත් බලලා

මේ දෙමල ෆිල්ම් එකේ රගපාන්නේ Vaibhav, Sunil Reddy, Niharika NM, Bala Saravanan, Redin Kingsley, Chandini Tamilarasan තමා මේකේ රගපාන්නේ. මේකෙ රගපානේ ඇත්තටම අයියා මලෝ දෙන්නෙක් ඒ Vaibhav හා Sunil Reddy. මේ ෆිල්ම් එකේ Title පෝස්ටර් එක එලිදැක්වූවේ හොදම දමිල අධ්‍යඛ්සකවරයෙක් වෙච්ච Lokesh Kanagaraj විසින්. ඒ වගේම මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරන්නේ Karthik Subbaraj ගේ Stone Bench Films ආයතනයෙන්.  

නෙට්ෆ්ලික්ස් වලිං පෙන්නපු ලංකාවේ මුල්ම ෆිල්ම් එක තමා අශෝක හඳගම අධ්‍යක්ෂනය කරපු “ඇගේ ඇස අග” සිනමාපටය. නමුත් මං හිතන්නේ ඒක විකාශනය වුනේ සති ගානක් විතරයි. එතකොට මේක තමා නෙට්ෆ්ලික්ස් වල වැඩි කාලයක් පවතින්න යන ලංකාවේ අධ්‍යක්ෂකවරයෙක් කල පලවෙනි සිනමාපටය වෙන්න යන්නෙ.

මං මෙ ෆිල්ම් එකේ කතාවා කියන්න යන්නෙ නෑ, ඔයාලම බලලා කියන්නකො. සිංහල ෆිල්ම් එකයි මේකෙයි අතර වෙනස. ඒ වගේම මේ ෆිල්ම් එක කරන්න මට සෑහෙන්න නැහෙන්න උනා. මේකේ කියන ඩයලොග් ගොඩාක් ඒවා මට හරියට ඇහෙන්නේ නෑ. තප්පර දෙක තුනට ඩයලොග් පේලියක් යනවා ඉතිං මං VLC Player එකට දාලා ස්පීඩ් එක අඩුවෙන්ම දාලා අහලා තමා සබ් එක කරන්න ගත්තේ. සමහර විට අඩුපාඩු තියෙන්න පුළුවන්. 

ඒ වගේම මේක මං නං කියන්නෙ දෙමල ටිකක් දන්න කෙනෙක්ට තමා ගොඩාක් හිනායන දේවල් තියෙන්නේ. මොකද ඒ දෙමල වචන වල උත්ප්‍රාස රසය එක්ක කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ එකම වචනෙන් අකුරු වෙනස් වෙලා තේරුම එහා මෙහා ගිය ගමන් තේරුම වෙනස් වෙනවා. ඒක ඉතිං සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කලාම හිනායන්න තරං දෙයක් නෑ වගේ පෙනේවි. ඒ හිංද අමට පුලුවන් විදියට මං ඒ දමිල වචනෙත් දාලා තියෙනවා. 

එහෙම නං තවත් මේ වගේම උපසිරැසියකිං හමුවන තෙක් මං අදට සමුගන්නවා.ඔබ සැමට තුනුරුවන් සරණයි. 

Perusu (2025) Sinhala Subtitles

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HQ HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.

7,873 downloadsDownload Perusu-2025.zip68 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Perusu (2025) Sinhala Subtitles

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

7,873 downloadsDownload Subtitles68 KB

11 comments

  1. arawindasunimal

    ස්තුතියි ඔබගේ වටිනා කාලය වැය කල මේ දුන්න සිංහල උපසිරැසියට තෙරැවන් සරණයි ඔබගේ සියළු වැඩ කටයුතු සාර්ථක වේවා

    1. Anonymous

      download krnne kohomd movie ek

  2. Shehan

    Thanks machan love u guys as always

  3. Buddhika laKMal

    ස්තූතියි රවිදු සහෝ මේකට සිංහල සබ් දුන්නට....
    ජයවේවා........
    ලිපියත් කොර හොදේ..

  4. Tom Lyso

    thanks bro

  5. Asela chathuranga

    අඩෝ පට්ටම මචං, කියන්න වචන මදි ස්තුතියි කියන්න, සුභ අලුත් අවුරුද්දක් වේවා, ඔබටත් පවුලේ සැමටත්
    බුදු සරණයි

    1. Randil

      කිව්වට වඩා හොඳට සබ් එක තිබ්බ .සමහර තැන් වල ෆිල්ම් එකෙ රියැක්ශන් එක්ක සබ් එක නියමෙට ගැලපුනා ගොඩක් ස්තූතියි සහෝ සබ් එක දුන්නට ❤️

  6. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  8. Anonymous

    Thanks bro

  9. Thilina

    Good film and new films wow