කොහොමද කට්ටියට? phantom of the treatre චිත්‍රපටයට සිංහල උපසිරස ගෙන ආ මම රුවිෂ්ක විතාංජය ප්‍රනාන්දු. ඉතින් මේක තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. වැඩේ කරන්න පටන් අරන් සති 2ක් විතරනම් ගියා ඉවර කරන්න. පුලු පුලුවන් විදිහට නිවාඩුවක් ලැබේන වෙලාවට තමයි වැඩේ කරේ. කොහොම නමුත් වැඩේ ඉවර කරා. මෙකෙ ලයින්ස් 1250…

කොහොමද කට්ටියට? phantom of the treatre චිත්‍රපටයට සිංහල උපසිරස ගෙන ආ මම රුවිෂ්ක විතාංජය ප්‍රනාන්දු. ඉතින් මේක තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. වැඩේ කරන්න පටන් අරන් සති 2ක් විතරනම් ගියා ඉවර කරන්න. පුලු පුලුවන් විදිහට නිවාඩුවක් ලැබේන වෙලාවට තමයි වැඩේ කරේ. කොහොම නමුත් වැඩේ ඉවර කරා. මෙකෙ ලයින්ස් 1250+ තිබ්බා. කොහොමහරි අන්තිමේදි වැඩේ ඉවර කරන්න හම්බුන එක සතුටක්.
එහෙනම් දැන් මේ චිත්‍රපටයේ විස්තර ටිකක කියන්නම්. මේක චීන චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Raymond Yip විසිනි. මේ චිත්‍රපටය මිනිත්තු 104ක් පුරා දිවෙන අතර මේහි පළමු තිර ගත වීම සටහන් වෙන්නෙ 29April 2016 දින චීනයේදීය. මේ චිත්‍රපටය නිර්මාණයට පාදක වී ඇත්තේ ක්‍රි.ව1930 ගනන් වල චීනයේ shanghai ප්‍රදේශයෙ සිදු වූ සත්‍ය සිදුවීමක්ය. 5.2IMDb අගයක් ලබාගෙන තියෙනවා.
දැන් කියන්නම්කො චිත්‍රපටයේ ස්ටෝරිය. මෙම කතාවට මූලික හේතුව වන්නේ අවුරුදු 13ට කලින් රංඟ ශාලවකදි ඇති වූ ගින්නක්. එම ගින්නෙන් කරනම් කණ්ඩායමක්ම.ගිනිගෙන මැරිලා තියෙනවා. මේ රංඟශාලාවේ හොල්මන් ඉන්නවා කියලයි ඒ ප්‍රදේශයේ මිනිස්සු විශ්වාස කරන්නේ. ඉතින් ඔහොම යද්දි ඒ ප්‍රදේශයට එනවා ගූ වෙයි බැන්ග් කියලා චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්. ඔහු එම ප්‍රදේශයේ හමුදා ප්‍රධානියෙක් වන ගූ මින්ග් ශාන්ගේ එකම පුතාද වෙනවා. හැබැයි ඔහු තාත්තට වෛර කරනවා. මොකද ඔහු හිතන්නේ, ඔහුගෙ අම්මගෙ මර්ණයට හේතුව තාත්තා කියලා. ඔහු මේ රංඟ ශාලාවේ නිර්මාණය කිරීමට යන්නෙත් හොල්මන් ගැනම චිත්‍රපටයක් තමයි. ඔහු ඒ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස තෝර ගන්නෙ මෙන්ග් සී පැන් කියලා සිනමා කාන්තාවක්ව. ඇයයි මේ රංඟශාලාවයි අතර විශේෂ අතීත මතයකුත් තියෙනවා. ඇයගේ හිතේ තියෙන්නේ වෙනම සැලැස්මක්. ඒ වගේම ගූ වෙයි බැන්ග් සහ ගූ මින්ග් ශාන් හා බැදිච්ච විශේෂ අතීතයකුත් තියෙනවා. ඉතින් මොකක්ද මේ කියන අතීතේ? මේ නිලියගේ රහස මොකක්ද? ඇයගේ සැලැස්ම මොකක්ද? ගූ වෙයි බැන්ග් කියන තරුණ අධ්‍යක්ෂක වරයාට මේ චිත්‍රපටය නිර්මාණය කරද්දි මොන වගේ ගැටළු මතු වෙයිද? මොකද ඉතින් හොල්මන් ඉන්නවයි කියන රංඟ ශාලාවකනේ මේක රූගත කරන්න යන්නේ. එතොකොට මේ තාත්තයි පුතයි රංඟ ශාලාවයි අතර තියේන අතීතය මොකක්ද? ඇත්තටම මේ රංඟ ශාලාවේ හොල්මන් ඉන්නවද? එතොකොට මම මේකෙ මතෘකාවට දාලා තියෙන ආදරය මොකක්ද? පළිගැනීම මොකක්ද?
එහෙනම් ඔයාලා මේ චිත්‍රපටය බලලම මේ ප්‍රශ්න ටිකට උත්තර හොයා ගන්නකො… මේක ගොඩක් ලස්සන කතාවක්. හැබැයි එක දෙයක් කියන්න ඕනා මේ කතාවේ අවසානය වෙන්නේ කවුරුත් නොසිතන අකාරයකට. මේක මගේ පළවෙනි සබ් එක නිසා වැරදි තියෙනවනම් ඒවත් කියන්න. එහෙනම් ආයිත් කවදාහරි දවසක සබ් එකකින් හමුවෙමු. හැමොටම ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Phantom.of.the.Theatre.2016.720p.BluRay.x264-ROVERS
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,322 downloadsDownload Phantom.of_.the_.Theatre.2016.Baiscopelk.com_.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/RuvishkaGeethanjaya1-e1479610890897.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවිෂ්ක විතාංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රුවිෂ්ක විතාංජය
Subtitles
16 comments
Kulanjana Maduranga
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Chamikara Vidanage
සාදරයෙන් පිළිගන්නවා. දිගටම එහෙනම් වැඩේ කරන් යමු :)
Gathsara Umesh Kumara
සාදරයෙන් පිලිගන්න්වා අලුත් lලෝකයට.පලවෙනි සබට හදවතින්ම sසුබපතන්වා.ඉක්ම්නින්ම දෙවෙනි උපසිරැසියෙන් හමුවෙමු....ජයවෙවා...!!!!!!!!!!!
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සබ් එකට සහෝ
සුබපැතුම් පළමු සබ් එකට
ජය වේවා!Shaam
පලවෙනි සබට හදවතින්ම සුබපතන්වා
අසිත
mekata sab deyi kiyala hithuwe na
thanks saho
jaya wewa!!!praneeth madu
බොහොම ස්තුතියි
Rakitha Ranathunga
බොහොම ස්තූතියි සහෝ සබට..
බයිස්කෝප් අඩවියාට සාදරයෙන් පිලිගන්නවා...
දිගටම සබ් දෙමු..Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Lushan Kuruppu
පළමු උපසිරැසියට සුබ පැතුම් සහෝ!
දිගටම වැඩේ කරගෙන යමු...shasith sandaruwan
පළවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ...
තව තවත් සබ් කිරීමේ වාසනාව ලැබේවා!
දිගටම දෙමු ආ...
ඔබට ජය!ravindu
sub ekata tanx.tawa tawath sub karna dirya labewa!!!!! GOOD LUCK!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dinusha
දීලා තියෙන ටොරන්ට් එකට ලැබෙන මූවි එක තොඩක් බර ෆයිල් එකක්. බර අඩු ෆයිල් එකක් ගන්නෙ කොහොමද ? ලින්ක් එකක් හරි හෑෂ් එකක් හරි දෙන්න. බොහොම ස්තූතියි. බුදු සරණයි.
දිල්ශාන් සචින්ත
වාව් තවත් අලුත් සබ්කරුවෙක් නොවෑ.
සාදරයින් ආදරයෙන් පිලිගන්නවා.
ඒවගේම හදවතින්ම සුබපතනවා පලවෙනි වැඩේට.
දිගටම සබ් දෙමු
ජය
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........