Watch Trailer

Pilgrimage (2017) Sinhala Subtitles | ශුද්ධ භුමිය කරා සතුරන් මැදින්… [සිංහල උපසිරැසි සමඟ]

වෙනදා වගේ නැතුව උපසිරස ටිකක් කරන්නම් කියල හිතාගත්ත මාසෙක ඔබ වෙත අරගෙන එන පළමු චිත්‍රපටය තමයි මේක… ඇත්තටම හිතාගන්න බැරි වුනා ඇයි අපි මේක තවමත් දීල නැත්තෙ කියන එක… මට හිතාගන්න හැකි වුන එකම හේතුව වුනේ ලතින් භාෂාවෙන් කෙරෙන සමහර කතා බව වෙනුවෙන් ඉංග්‍රීසි උපසිරස තුල පේලි නිර්මාණය වී නොතිබීම කියන එක තමයි……

වෙනදා වගේ නැතුව උපසිරස ටිකක් කරන්නම් කියල හිතාගත්ත මාසෙක ඔබ වෙත අරගෙන එන පළමු චිත්‍රපටය තමයි මේක… ඇත්තටම හිතාගන්න බැරි වුනා ඇයි අපි මේක තවමත් දීල නැත්තෙ කියන එක… මට හිතාගන්න හැකි වුන එකම හේතුව වුනේ ලතින් භාෂාවෙන් කෙරෙන සමහර කතා බව වෙනුවෙන් ඉංග්‍රීසි උපසිරස තුල පේලි නිර්මාණය වී නොතිබීම කියන එක තමයි… මොකද මේකෙ ප්‍රධන චරිත නිරුපනය කරන තුන්දෙනා ගැන ඇහුවහම හිතාගන්නත් බැරි වෙන වැඩක් අපි නොදුන්න එක… ඔවුන් නමින් Tom Holland, Richard Armitage, Jon Bernthal… එක්කෙනෙක් Spider Man අනික් නෙකා Frank Castle aka The Punisher අනික් කෙනා The Hobbit කතා මාලාවේ තෝරන්… එහෙම කියලත් ෂුවර් නැහැ වගේ නම් පොඩ්ඩක් පූර්ව ප්‍රචාරක පටය බලල ඉන්නකෝ…

2017 අප්‍රේල් මාසයේ මුල් වරට ට්‍රයිබෙකා සිනමා උළෙලේ දී ප්‍රදර්ශනය වුන මෙය 2017 අගෝස්තුවේ තමයි මහජන ප්‍රදර්ශනය සඳහා විවර වෙන්නේ. මධ්‍යකාලීන යුරෝපයේ කුරුස යුද්ධය හා සම්බන්ධ කතාවක් කැටි කරගත් මේ අපුරු නිර්මාණය Action, Adventure, Drama කාණ්ඩ නියෝජනය කරන්නක්. හොඳ කඩු සටන් ටිකක බලාගන්න හැකි වේවි ඔබට… Brendan Muldowney ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි පිටපත නිර්මාණය වෙන්නෙ Jamie Hannigan අතින්. කලිනුත් කිව්වා වගේ ප්‍රධාන චරිත වෙනුවෙන් එක්කාසු වෙන්නේ Tom Holland, Richard Armitage, Jon Bernthal කියන තුන්දෙනා… පැය 1 යි මිනිත්තු 36 ක් වගේ කාල පරාසයක් පුරා දිවයන මේ කතාව IMDB 5.8 ක අගයකුත්, රෝටන් ටෝමාටෝ 63% ක් වගේ අගයකුත් ලබාගන්නට සමත්කම් පාල තියනවා.

කතාව මෙහෙමයි.. යුරෝපය තමුන්ගේ ශුද්ධ භුමිය වෙනුවෙන් සටන් වදින කාලයක් මේක යුද්ධය බොහොම තදට යන කාලෙක මේ පිලිබඳ නිසි අදහසක් නැති අයර්ලන්තයේ ඈත කොනක තියන ආරාමයකින් තමයි අපේ කතාව ආරම්භ වෙන්නෙ… ඔවුන්ගේ සාමකාමී ජිවන රටාවට බාධාවක් වෙන්නේ රෝමයෙන් ඔවුන් වෙත පැමිණි අමුත්තෙක්…. ඔහුත් ඔවුන් වගේම ආගම වෙනුවෙන් තමුන්ගේ ජීවිතය පුජා කල පියනමක් ඔහුගේ අරමුණ වෙන්නේ ශුද්ධෝත්තම පාප් වහන්සේගෙ පණිවුඩයක් ඔවුන් වෙත ලබා දීම… මේ පණිවුඩය වෙන මොකුත් නෙමෙයි ඔවුන් අරක්ෂා කරන පුරාණ ධාතුවක් රෝමයට ගෙනවිත් දෙන්න කියන එක… ඉතින් එතින් තමයි ඔවුන්ගේ ගමන ආරම්භ වෙන්නේ…

ප්‍රධාන පූජකතුමන් සම්බන්ධ නොවුනත් ඔවුන්ගේ පූජකවරුන් පිරිසක් සහ ආරාමයේ ආවතේව කටයුතු කරන අභිරහස් අතීතයක් හිමි ගොළු සේවකයෙක් තමයි රෝමයෙන් පැමිණි ජිරාල්ඩස් පියනමත් එක්ක මේ ගමනට එක්කාසු වෙන්නේ. ඒ අතර ඔවුන්ගේ ආරාමයෙන් එලිය ලෝකය නොටුදු තරුණ පූජකවරයෙකුත් වෙනවා… ඉතින් මේ ගමනේ දී ඔවුන්ට වනචාරීන්ගෙන් ප්‍රහාර එල්ල වෙනවා වගේම ඔවුන් බොහොම විශ්වාස කරන වංශවත් පවුලකිනුත් කරදර සිද්ධ වෙනවා… ඉතින් ඔවුන්ට හැකි වේවිද රෝමය වෙත ගමන් කරන්නට ? ඔවුන් සතු ඒ ශුද්ධ වූ වස්තුව අදාළ තැනට ගෙන යන්නට ? ඔවුන්ගෙන් කී දෙනෙක් මේ ගමනේදී ස්වර්ගය කරා ගමන් කරයි ද? ගොළු සේවයකා ඇත්තෙන්ම කවුද ? ඔහුගේ අතීත කතාව කොහොම එකක් ද ? මේ සියල්ල දැනගන්න ඔබට භාරයි…

අර කලින් කිව්ව ලතින් පේලි පවා උපසිරසට පේලි නිර්මාණය කරගෙන එකතු කරල තියෙන්නෙ. බලන්න අපහසුවක් වෙන එකක් නැහැ ඔබට… කෝකටත් පූර්ව ප්‍රචාරක පටය බලලා ඉන්නකෝ…. එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු… එතෙක් ඔබට ජය වේවා !!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

35 comments

  1. Nimesh sasanka

    thanx saho sub ekata..

  2. jagath55

    Thanks

  3. gihan perera

    Wow bro well done.....good job and keep continue it....god bless you...

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සමීර අයියේ..
    ජය

  5. amcs104

    thanks.

  6. Udara Damith Dissanayaka

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. hiruni

    Thankzzzz

  8. Madushan Piyumantha

    thanx :)

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. akalankagayan

    Thnx.........

  11. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  12. Jaime Lannister

    thnx bro....

  13. ranga11112

    Thank you saho....me karana kepakirimata oyalata godak pin...
    Theruwan saranai

  14. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ….

  16. lasitha gunawardhana

    thanx machan supiri wedak

  17. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    Jon Bernthal ඉන්නවනම් අනිවා බලනවා...
    මේක හොය හොය හිටියේ....

  18. futureomega

    thanks sub ekata

  19. Dewadithya

    Thanks!!

  20. Pramukmili

    thanxx bro

  21. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. malith

    Ela ela

  24. AsithaDilruwan

    Ela saho thanks

  25. dilipvijethunga

    Thank you

  26. MAALnath

    Thanks ............good luck ..................

  27. Chulender kasun

    ස්තුතියි සහෝදරයා ....

  28. tharidu sagara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……
    ජය වේවා!!!

  29. Nishanfernando

    Thanx bro

  30. wcr

    Thank you!

  31. Sandunprabath1230

    Thanks machan

  32. thusithak91

    thx bro

  33. Rukshan37

    Ela ela

  34. Waruna Kamalawansha

    නියමයි... බොහෝම ස්තූතියි උපසිරැසියට

  35. Anonymous

    Thanks bro