[box]දෙමළ චිත්‍රපට ප්‍රිය කරන හැමෝම වෙනුවෙන් අදත් මම අරගෙන ආව සුපිරිම ෆිල්ම් එකක්. හැබැයි හැමදාම බලනවට වඩා වෙනස් කතාවක්. මේක හොල්මන් ෆිල්ම් එකක්. දෙමළ හොල්මන් ෆිල්ම් අපිට බලන්න ලැබෙනව ටිකක් අඩුයිනෙ. හොල්මන් ෆිල්ම් බලන්න අකමැතියි කියල මේක නොබල ඉන්න නම් හදන්න එපා. IMDBහි ලකුණු 8.1/10ක ප්‍රේක්ෂක ප්‍රත…
දෙමළ චිත්‍රපට ප්‍රිය කරන හැමෝම වෙනුවෙන් අදත් මම අරගෙන ආව සුපිරිම ෆිල්ම් එකක්. හැබැයි හැමදාම බලනවට වඩා වෙනස් කතාවක්. මේක හොල්මන් ෆිල්ම් එකක්. දෙමළ හොල්මන් ෆිල්ම් අපිට බලන්න ලැබෙනව ටිකක් අඩුයිනෙ. හොල්මන් ෆිල්ම් බලන්න අකමැතියි කියල මේක නොබල ඉන්න නම් හදන්න එපා. IMDBහි ලකුණු 8.1/10ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයකුත් ලැබිල තියනව. මේ ටික මුලින්ම කිව්වෙ හොල්මන් කතා බලන්න අකමැති අය වැඩේ අතාරියි කියල. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Karthik Subbaraj විසින්. Vijay Sethupathi සහ Remya Nambeesan යන නලුනිලි දෙපල තමයි ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ. වැඩි විස්තර ඕනෙ නෑ. මෙන්න මේකයි කතාව.
‘මයිකල්’ සහ ‘අනූ’ කියන්නෙ එකම ගෙදරක ජීවත් වෙන පෙම් යුවලක්. මෙයාල තාම බැඳල නෑ. ඒත් බැඳපු ජෝඩුවක් වගේ තමයි ජීවත් වෙන්නෙ. ‘අනූ’ නව කතාවක් ලියාගෙන යනව හොල්මන් සහ අවතාර ගැන. මේ නිසා මෙයා ගෙදරදි හැමතිස්සෙ බලන්නෙ හොල්මන් වැඩසටහන්, හොල්මන් පොත් තමයි. ඒත් ‘මයිකල්’ ඕව ගැන වැඩිය විශ්වාස කරන්නෑ. මයිකල්ගෙ රස්සාව තමයි පීසා බෙදන එක. මෙයා දවසක් සාමාන්‍ය විදියටම පීසා ඕඩර් එකක් බාර දෙන්න යනව බංගලාවකට. පීසා ඕඩර් එක බාරගන්න ගෑනු කෙනෙක් එනව. එයා මයිකල්ට කියනව පීසා එක අරන් ඇතුලට එන්න කියල. ඇතුලට ගිහින් ගෑනු කෙනා සල්ලි ගන්න බෑග් එක ඇරල බලද්දි ගෙදර කරන්ට් එක යනව. ඊට පස්සෙ මේ ගෑනු කෙනා මාරු සල්ලි නෑ කියල උඩ තට්ටුවට යනව සල්ලි ගේන්න, මයිකල්ට එතන ඉන්න කියල. දැන් මිනිහ කලුවරේ වාඩි වෙලා ඉන්නව ගෑනු කෙනා එනකන්. ඒත් ගියා ගියාමයි එයා ආපහු ආවෙ නෑ..
ඔන්න දැන් මයිකල් ටිකක් බය වෙනව. මොකද උඩ තට්ටුවෙන් එක එක සද්ද ඇහෙනව. මොනාද මේ සද්ද? කෝ උඩට ගියපු ගෑනු කෙනා? ඊට පස්සෙ මයිකල්ට මොකද වෙන්නෙ? මේ බංගලාවේ සැඟවුනු රහස මොකද්ද? මම වැඩිය කියන්න යන්නෑ. මම කතාවෙ ඉතාම සුළු කොටසක් විතරයි ඔයාලට කිව්වෙ. කුතුහලය උපරිමයි. අවසාන මොහොත වෙනකන්ම සිද්ද වෙන දේ අපිට හිතා ගන්නවත් බෑ. අනිත් හොල්මන් කතා එක්ක ගත්තම වෙනස්ම විදියෙ කතාවක්. සාමාන්‍ය කතාව ගලාගෙන යන අතරතුරේදිම තවත් සැඟවුනු කතාවක් ඒ අතරින් ගලාගෙන යනව. ඔයාලම බලන්නකො මේ සැඟවුනු කතාව මොකද්ද කියල. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝම චිත්‍රපටය හොඳට රසවිඳින්න.. ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
6,207 downloadsDownload Pizza.2012.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
96 comments
tharanga
upali
tHANks bro
eraNga
loweth na didula denne maxxama awane. thnxz
wow
wow.... maru :D
උදාර
අනිවා බලනවා. මක්සා ෆිල්ම් එකක් වගේ බොහෝ තුති
Madusanka
Patta horror film ekak. Thankz
chami
maxxxa macho :D
lasidu
මේක මම බලපු දෙමල ෆිල්ම් වලින් පට්ටම එකක්. අනිවා බලන්න අපේ අනිත් සහෝලත්. මමත් සබ් එක්ක බලනවා ආයේ. ජය වේවා සහෝට
vee
supiri hode
h[A]s
සුපිරිම දෙමල එකක් සබ් එක්ක දුන්න සහෝට ජය වේවා!!!!!
ganidu
නියමයි මචෝ
chandana
thnxxxxxxxxxxxxxxxx
Fernando
ela ela ela tamil nam maxxa
chamath cafe
මැක්සා ෆිල්ම් එකක් සහෝ අනිවා අනිත් ගොන් දෙමල ෆිල්ම් වගේ නෙමේ මේක නම් පහරක්ම තමා. මේ වගේ එකක් සබ් එක්ක දුන්න එකට මෙන්න මගෙ ස්තූතීය
sualakshana
hodi aiye...thnkzzzzz ane plz Lovely (2012) menna me theligu film eke sub dennako...
quik
thanks
rusuru | රුසිරු
සුපිරි මචං දිගටම සබ් දෙන්න හොද ෆිල්ම්ස් වලට
was
අනිවා මේ වගේ එකක් මං දෙමල බලල නැද්දම කොහෙද,එහෙව් එකේ අනිවා බලනවා.. ජයම වේවා
lasanatha!!!!!!
බොහොම පින්
ositha
niyama paharakne sub akkama deela thiyenne thx
ranga
dwn wenna damma thx boss
Dilan-
supiri supiri
fii
jaya wewa baiscoep
g-a-n-d-u
සුපිරි වැඩක් මචෝ :)
ccnp
Thanks
elakiri
එල එල එලම කිරි මචෝ මෙන්න ෆිල්ම්ස්
kalinga
නියම ෆිල්ම් එකක් වගේ. වෙනකටත් එක්ක අනිවා බලනව. බොහොම තුති දිදුල සහෝ !
samaith4
පට්ට දෙමල නම් :)
zumo man
DOWNLOADING........... THXZ LOT :-)
aruna
ela baiscope dena akata oyalata thanks
කැළුම්
එල නේ.... මේක නම් අනිවා බලනව. ජය
f_live
ජයම වේවා සහෝලට
Bandula
elazzzzzz thnxzzzzzzzzzzzzzzzzzzzz
pubudu
uparimai macho
-HacKrisH-
තෑන්ක්ස්. බාන්න ඕන...
Janaka
elama kolloek ne machan
Kasun
Tnx Machoooooo
අසංක
බාන්න දැම්ම. දිදුල කියනවා නම් නොබලා කොහොමද.... :)
Maleesha
ela ela...machan oya supiri.....film ekath supiri.........
lk
මෂ්ෂ්ෂාආආආආආආආආ
hiru
niyamai saho horror film patta
sub walatath thanksසිංහලයා
නියමා,,,,යි බලන්න ඕනි
Lakshan Nilanka jayasuriya
thank you saho didula sahodaraya geenema patta filmane
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි දිදුල සහෝ.. මේ කතාව ලඟදී ටීවී එකේ ගියා වගේ මතකයි..
Ashan herath
patta lokko neuama film ekak thavath me vage patta evata sub denna
uda
ඇයි හත්තිලව්වේ මේක නොබල කෝමෙයි...?
බලන එක බලනවාමයි. හැබැයි බලන්ඩ කලින් පීසා එකකුත් ගෙනාගත්තොත් හොදයි වගේ! :Pමොකද මේක බලලා කන්ඩ වෙන්නෙ හොල්මන් ද? පීසා ද? කියන එක දැන්ම හිතාගන්ඩ බෑ මට. බලපන්කො ඉතින් සරල සිද්ධියක්නෙ කතාවට මුල් කරගෙන තියෙන්නෙ. හරිම සරලයි: හොල්මන් ගෙයක්! ලංකාවෙත් ඕනි තරම් මෙහෙම සිද්ධි නැතුව ද? ඒ එකකින් ඇට මිදුලු හිරි වැටෙන ජාතියෙ කතාවක් ලියාගන්ඩ බෑනේ මුන්ට! ෆිල්ම් හදන්ඩ ඕනි තරම් සිද්ධි තිබුණට වැඩ තියේයැ එහෙමකොට! නැද්ද?
මම ආශම ජාතියෙන් හන්ද අතෑරල බෑ... හිහික්... :D
thusitha
මරු මචෝ
mudiya / මුදියා
හප්පේ දැන් ඉතිං බලහල්ලකො දත කට පූට්ටු කරන්.එහෙම කියල අතඅරින්න පුළුවන්ද අපේ දිදුලයා දුන්නම.ඕං එහෙනම් බානවෝ.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!
waruna
thx
කැලුම් ගුණසේකර
සුපිරි ෆිල්ම් එකකට සුපිරි තරුවක් උපසිරැසි දීලා නේ? ස්තුතියි දිදුල සහෝ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Pizza (2012) – Sinhala Subtitles | අභිරහස් හොල්මන් බංගලාව [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/03/Pizza-2012.jpg)
සුපිරි දෙමල එකක් වගේ. අනිවා බලන්න ඕනේ. :)