ඔන්න යාලූවනේ, මම තවත් උපසිරැසි නිර්‍මාණයක් අරන් ආවා. වෙනදා වගේම මම දැන් පුරුදුව සිටින්‍නේ දෙමල චිත්‍රපට සදහා උපසිරැසි ලබා දෙන්‍නයි. ඒ හින්‍දා මේ පාරත් මම අරන් ආවේ ලස්‍සන, අමුතු කතාවක් රැගත් චිත්‍රපටයක්. ම…

ඔන්‍න යාලූවනේ, මම තවත් උපසිරැසි නිර්‍මාණයක් අරන් ආවා. වෙනදා වගේම මම දැන් පුරුදුව සිටින්‍නේ දෙමල චිත්‍රපට සදහා උපසිරැසි ලබා දෙන්‍නයි. ඒ හින්‍දා මේ පාරත් මම අරන් ආවේ ලස්‍සන, අමුතු කතාවක් රැගත් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය සදහාත් මේ වන තුරු අන්‍තර්ජාලයේ කිසිදු භාෂාවකින් කිසිදු උපසිරැසියක් නිකුත් වී නොමැත. ඒ හින්‍දා අසා ලිවීමක් තමා කරන්‍න උනේ මේකට උපසිරැසි ගන්‍වද්‍දි. කොහොම උනත් මේක මම ආශාවෙන් බාරගත්‍තු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය සදහා නම් මේ පාර කාල රාමු නිර්මානය කලේ හසන්‍ත අයියා විසිනුයි. දැන් ඉන්‍න තත්‍වේ අනුව එයා අයියා කෙනෙක් නෙවේ.
හරි, දැන් අපි චිත්‍රපටය දෙසට හැරෙමුකෝ. මේකේ නම Pizza 2-villa. ඔයාලා ගොඩ දෙනෙක් මේකේ පලමු චිත්‍රපටය බලලා ඇති. ඒකේ නම pizza (2012). ඒකේ උපසිරැසිය අපේ අඩවියේ පලවෙලා හියෙනවා. පලමු එක නොබැලුවා කියා මේක නොබලා ඉන්‍න එපා. මොකද පලමු එකත් එක්‍ක කිසිදු සම්‍බන්‍ධයක් මේකේ නැහැ. මේක මුලුමනින්‍ම වෙනස් කතාවක්.
කතාව ගැන කිව්‍වොත් මෙන්‍න මෙහෙමයි ගලා යන්‍නේ. ජෙබින් ගේ තාත්‍තාගේ අවමංගල්‍ය උත්‍සවේකින් තමා කතාවට සම්‍බන්‍ධ වෙන්‍නේ. ඒ එක්‍කම ජෙබින් ගේ සියලු දේපලත් ක්‍රමක් ක්‍රමයෙන් ගිලිහෙමින් පවතිනවා. මෙයා පොතක් රචනා කරලා ඒක ප්‍රකාශයට පත් කරගන්‍නත් බැරුව ගොඩාක් අසරන වෙලා ඉද්‍දි, මෙයාගේ ලෝයර් අංකල් කියනවා පාන්‍ඩිචේරි කියන නගරේ මෙයාගේ නමින් විල්‍ලා(ලොකු ගෙයක්) එකක් තියෙනවා කියලා. පස්‍සේ මෙයා එහෙ ගිහින් ගේ බලලා ඒක විකුන්‍න ලෑස්‍ති වෙනවා. එතකොට ඒකෙන් එන සල්‍ලි වලින් මෙයාට පොත ප්‍රකාශයට පත්‍කරන හැකි නිසා. නමුත් මෙයාගේ පෙම්‍වතිය වන ආර්තී මෙයාට මේ ගේ විකුනන්‍න දෙන්‍නේ නෑ. පස්‍සේ ජෙබින් මේ ගෙදර ගිහින් පදිංචි උනාට පස්‍සේ මෙයා දකිනවා රහස් කාමරයක අස්‍සේ හංගලා තිබ්‍බ චිත්‍ර වගයක්. මේ චිත්‍රවල සදහන් දෑ දැකීමෙන් ජෙබින් බියට පත් වෙනවා. එක් චිත්‍රයක දැක් වෙන්‍නේ කාන්‍තාවක් කාර් අනතුරකින් මරනයට පත්‍වී සිටින ආකාරය. එතකොට ජෙබින්‍ට මතක් වෙනවා තමංගේ මව මැරුනෙත් මේ ආකාරයට කියලා. මෙහෙම මේ ගෙදර ඉද්‍දි මේ චිත්‍රවල තියෙන ආකාරයට එක එක දේවල් සිද්‍ද වේගෙන එනවා. ජෙබින් මේ දේවල් වෙන්‍න හේතුව මොකක්‍ද කියලා හොයා ගත්‍තාද? ජෙබින් ගේ තාත්‍තා මේ විල්‍ලා එකක් තියෙන විත්‍තිය ජෙබින් ගෙන් හැංගුවේ ඔකටද ජෙබින්‍ට අවසානයේ මොකක් වෙයිද? ආර්‍ති ඇත්‍තටම ජෙබින්‍ටද ආදරය කලේ?
මේ සෑම එකටම පිලිතුරු මේ චිත්‍රපටය අවසානය තෙක් නැරබුවොත් සොයාගත හැකියි. විශේෂයෙන් ආදරය කරන කොල්‍ලන්‍ට හොද නැණවත් යහපත් පණිවිඩයක් චිත්‍රපටයේ අවසානා හරියේදී ලබා දීලා තියෙනවා. විශේෂයෙන් කෙල්‍ලන් ගේ ස්‍වභාවය ආදීය. ඒ අය අනිවා මේක නරඹන්‍න. යන ගමන් ඔයාලගේ පුංචි හෝ අදහසක් දාගෙන යන්‍න. වෙච්‍ච මහන්‍සියට අප ලබන එකම සතුට ඔයාලගේ අදහස් තමයි. සැමට ජය වේවා. බයිස්‍කෝප් එකටත් ජයෙන් ජයම වේවා!
3,843 downloadsDownload Pizza.II_.Villa_.2013.baiscopelk.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
45 comments
නලින්
වරුණ රංගජිත් (වරූ)
ජය වේවා.....
සබට තුතිsy
thankzzzzzzzzzzzzzzzzzzzzzzz elazz
gayan
niyamai saho. movie 1 mage laga tibba. sub neti handa beluwe ne. thax
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
හොදයි හොදයි..එහනම් දුන්නා නේද?
කලින් ඒකනම් බලල නැහැ...ඒත් විස්තරේ කියවද්දී මේකනම් බලන්න ආසා හිතුනා..
බොරු කියන්න ඕනේ නැහැ, මමනම් මේක බාන්නේ නැහැ..
අපේ දෙමළ ෆිල්ම් පිස්සුවෙන් වගේ බලන හාදයෙක් ඉන්නවා..පොර ඉතිං මේක අනිවා බානවා තමා.
පොරගෙන් උස්සගෙන ඇවිත් බලනවා..
එහනම් ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් අහලා කරලා මේක ගෙනාවට..
තව ලස්සන එව්වා ගේන්න..ජය වේවා..කේ.යූ.ජී. උදාර
කලින් එක මාත් බැලුවා. ඒක උපරිමයි..........
මේකෙ විස්තරේ හැටියට මේකත් හොඳ මට්ටමක ඇති කියල හිතෙනවා.
එහෙනම් මාත් සබ ගන්නවා. බොහොම ස්තූතියි සහෝ...........Thisara Buddhika (තිසර නියෝ)
වැරදුනා. සමාවෙන්න ඕනා කලබලේට
නියමයි
:P
උපසිරැසියට තුති……. :)sisiya
ela enakn unne
රාම් රාජ්
ස්තූතියි සබ් එකට.මේකේ පලුමු එක ටිවී එකෙන් බැලුවා.
Chaminda Lakruwan
ස්තුතියි මචන් හොද එකක් වගේ අනිවා බාගෙන බලන්නම් ......
ඒ වගේම දෙමළ ෆිල්ම් එකක් තියෙනවා අරුන්දතී (2009)කියලා අනේ මචන් පුළුවන්ම් ඒකට සබ් එක දාල දෙන්න ලොකු උදව්වක් මචන් නියම ෆිල්ම් එකක් ඒක...dushan
thanks for the sub
dinesh
obage mahansiya apa lada lokuma sathutai
Ishara
thanks sho sub ekata
“චූටී මල්ලි”
මේකෙ පලමු
එකට සබ දුන්නෙ දිදුල සහෝ මට
මතක හැටියට
මේකත් එලටම ඇති
එල සිරාජ් සහෝ
සබට තුති
ඔබට ජය............Pri
Thanks a lot brother
Tharindu Perera
Niyamai machannn.....
fatta kathavak vageee machann......
danma banava bn mekaa...
thanks machan sub ekatahhh...Ayesh
Thank You
HiMeShZoRo
පලමුවෙනි එකනම් ෆහරක් තමය් කියල වැඩක් නෑ.මේකත් එහෙමය් කියල හිතල බාන්න දානව.. ;)
susa
Thanks macho
vishwa
thanks mchn vidyum munn eketh sub1 dapanko machn puluwannam
මහේෂ් රත්නායක
නියමායි තොල්ලො...
ජයවේවාලක්ෂාන් නිලංක
එල මචන්...ඉස්සර පලවෙනිඑකනම් බැලුවා...ඒකට වැඩිය මේක හොදයි වගේ.....සබට බොහොම තුති...එහෙනම් බෑවා....
liyanage
ඇත්තම කියන්නම් අනිවා මේක බලනවා. ඉස්සරහටත් දෙමල films ම දෙන්න. මොකද සුපිරි වැඩ තියෙන්නේ ඒවල තමයි.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Kulanjana Maduranga
pattai ahhhhhh.denakm unne.aniwa bamak thama.subata thanks SIRAJ saho.digatama sub demu.jaya wewa....
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාන්නේ. බලමු එහෙනම් බලන්න මොකක්ද මේ අභිරහස කියලා. ජය෴෴ :P :P
Aditha Praween
නියම චිත්‍රපටියක් වගේ
දිගටම මේ වගේ සබ් දෙමු.
සුභ පතනවා !
:DChethiya
Good luck
Thankssathish chamika
elllllzzzz..... niymai bro
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ,ජයවේවා.
mr.ඒලියන්.
ෆිල්ම් එක බලන්නේ නැතිව හිටියා මාසයක් විතර වෙනකං..... සබ් තිබුණෙ නෑනේ....!!! මට ඒත් හිතුණා බය්ස්කෝප් එකෙන් සිංහල සබ් ඉක්මනටම දෙය් කියලා......!!! හිතුවා වගේම මෙන්න බොලේ දීලා.......!!! තෑන්ක්ස් මචං......................................................!!!!!!!!!!!!!!!!!!!!!!!! පුළුවන්නම් Philips and the Monkey Pen (2013) කියන ටැමිල් ෆිල්ම් එකටත් සබ් දෙන්නකෝ.. පුළුවන්නම් විතරක්..................!!! එළ මචං.......................!!!!!! තෑන්ක්ස්..........................................................!!!!
Menu
Thank you very much!
sujith
niyamaaaaaaaaaaaiiiiiiiiiiiiiii
Chamoud
tnx yalu...palaweni eka wagema mekath pattai
Ishan
good luck...thanks
isuru
your the best and no 1 subtitles web site in sri lanka...... i love you ummmmmmmmmmmmmmmmmma
Tamjeed Elahi Khan
I am searching for ENGLISH SUBTITLES for Pizza 2 The Villa from a very long time. If anyone has its link please share the same.
sisiya
පීසා පළමුවැන්න තරම් ගති නැති වුනත් හොඳයි... පළමු කොටස තරම් භීතියෙන් මුසපත් නොවුනත් මෙහි අවසානය ඉතාම ප්‍රබල මට්ටමක පවතිනවා... ඔක්කොටම හරියන්න අන්තිම ටික තියෙනවා කිව්වොත් හරි... අවසානයක් නොමැති අවසානයක්...
සිරාජ් ප්‍රියන්ත බොහොම ස්තූතියි මේ වගේ අපිට උපසිරැසි නොලැබෙන දමිළ සිනමා නිර්මාණවලට මහන්සි වී උපසිරැසි යොදනවට... හැබැයි එක දෙයක් කණගාටුවෙන් වුණත් කියන්න ඕනේ... චිත්‍රපටය මැද්දේ නම යනවා වැඩි... එක උද්වේගකර අවස්තාවක මුළු තිරයම වැහෙන පරිදි ඔබගේ නම ප්‍රදර්ශනය වුණා.. මම දැන් ඉවත් වෙයි දැන් ඉවත් වෙයි කියලා බලන් හිටියත් විනාඩි ගණනක් යනකම් ඉවත් වුනේ නැහැ... පසුව උපසිරැසි ඉවත් කරලා මට ඒ කොටස නැවතත් නරඹන්නට සිදුවුණා.. අන්න ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.. තව දෙයක් මම හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා ඔබ ලියන හැම චිත්‍රපටය හැඳින්වීමේ ලිපියම වෙබ් පේජ් එකේ අගටම යනවා... ඒ ඇයි? මොනා වුණත් ඔයාගේ සබ් නැත්තන් මට මේක කොහොමටවත් බලන්න වෙන්නේ නැහැ... ආයෙත් ඒ සබට මගෙන් තුති.Mahesh
sub ekata than x sahooo
sujith
thanks a lot!!!
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Manjula Kumara Gamage
බොහොම ස්තුතියි.. :)
PRASAD
සුපිරියි මචන්...මේක බලන්නත් ගොඩාක් ආසාවෙන් හිටියේ.ජයවේවා
Anonymous
Not working
Ravindu Heshan - Admin
Dan wada saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි සිරාජ් සහෝ
ජය වේවා!