Watch Trailer

PM Narendra Modi (2019) Sinhala Subtitles | ලොව හෙල්ලූ තේ කඩකාරයා. [සිංහල උපසිරසි]

“හා, මං තේ වෙළෙන්දෙක් තමයි, මගේ තේ තමයි මං විකුණ්ණෙ, එයාලා වගේ මගේ රට නෙමෙයි.” සුභ දවසක්, බයිස්කෝප්වාසී මිත්‍රවරුනි, අද දින මගේ පස්වන උපසිරසි නිමවුමෙන් ඔබ වෙත ගෙන එන්නේ එක්තරා දීප්තිමත් චරිතයක කතා පුවතක්, ඔබ හොඳින්ම දන්නා පරිදි ඒ අන් කිසිවෙක් නොව, අප අසල්වැසි භාරතයේ 14වන අග්‍රාමාත්‍ය, ගරු නරේන්ද්‍ර…

“හා, මං තේ වෙළෙන්දෙක් තමයි, මගේ තේ තමයි මං විකුණ්ණෙ, එයාලා වගේ මගේ රට නෙමෙයි.”

සුභ දවසක්, බයිස්කෝප්වාසී මිත්‍රවරුනි, අද දින මගේ පස්වන උපසිරසි නිමවුමෙන් ඔබ වෙත ගෙන එන්නේ එක්තරා දීප්තිමත් චරිතයක කතා පුවතක්, ඔබ හොඳින්ම දන්නා පරිදි ඒ අන් කිසිවෙක් නොව, අප අසල්වැසි භාරතයේ 14වන අග්‍රාමාත්‍ය, ගරු නරේන්ද්‍ර දාමෝදර්දාස් මෝදි ශ්‍රීමතාණන් පිළිබඳවයි. දාමෝදර්දාස් මූල්චාන්ද් මෝදි නම් සිය පියාණන්ටත්, හිරාබින් මෝදි නම් තම මවටත් දාව, ගුජරාටයේ වඩ්නගර් නම් කුඩා ගම්මානයක අහිංසක තේ පැන් හලකින් ඔහු තම ජීවිත කතාවට අතපොත් තබන්නේ උපන් රට කෙරෙහි අනුපමේය ආදරයකින් බැඳි, දඟකාර, කටකාර කොලු ගැටයෙකු ලෙසයි, සිය ගුරුවරුන් විස්තර කරන අන්දමට පාසලේදී සාමාන්‍ය මට්ටමේ ශිෂ්‍යයෙකු වුවත්, විවාදයට හා රංග කලාවට හෙතෙම රුසියෙකි. කවදත් වාගේ පාසල් යන්නට ප්‍රථම කුඩා මෝදි ගේ රාජකාරිය වූයේ අලුයම වඩ්නගර් ඉස්ටේසමේ හැල්මේ යමින් තාත්තා හදා දෙන තේ ටිකක් විකුණා පනමක් දෙකක් සරිකර ගැනීමයි. කුඩා කාලයේ පටන් ලොකු-වැඩ-කරන්නට, ලොකුවට-හිතන්නට ආශා කළ ඔහුගේ අනාගත බලාපොරොත්තුව වූයේ හමුදා භටයෙකු වීමටය, නැතිනම්, රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංඝයේ (RSS) ස්වෙච්ඡා සේවකයෙකු වීමටය, එසේත් නොමැතිනම්, බ්‍රහ්ම ඉගැන්වීම් ප්‍රකාරව දිවියේ එළැඹීමට නියමිත සන්‍යාසී සමයේදී, හිමාල අරණෙහි වස් වසමින් සාධුචර්‍ය්‍යාවෙහි නියැලීමටය…

ඉතිං යාළුවනේ මුලින්ම මම සමාව ඉල්ලා හිටිනවා මගේ අතින් සිද්දවුණු ප්‍රමාදයට. කැම්පස් එකේ පැවරුම්, විභාග සහ ඒ සම්බන්ධ වෙනත් වැඩ කටයුතුත්, අලුත ගෙනාව Lenovo V15 Gen 11 ලැප් එකෙත්, මාස 5කට පස්සේ ඒකෙ පවට ඒක වෙනුවට ගෙනාව Asus B1500 Gen 11 ලැප් එකෙත් පිට පිට ආපු SSD පලහිලව් (අනේ වනේ වන හතුරෙක්වත් මේ කාලෙ බ්‍රෑන්ඩ් නිව් ලැප්ටොප් හොයන්න එපා, හෙව්වත් මේ සම්ම ජාතියකට Intel IRIS Xe ඒවනම් වැද්දගන්න එපා, කිසිම කොලිටියක් නෑ, Graphic Rendering බෑ, Acceleration නෑ, Sound Driver අන්ත සවුත්තුයි, SSD තිබුණත් ඇති වේගයක් නෑ, 8GB රැම් තිබුණත් වැඩකරද්දි ඉන් බාගයක් නෑ!!!) නිරාකරණය කරගන්න දවසින් දවසට බම්බලපිටිය‌ට දුව දුවා නටපු යුද්දත් නොසෑහෙන්න ප්‍රමාණයක් අහවර වෙලා නිවාඩු පාඩුවේ ඉන්න මට ලැබුණු මේ සති කීපයක කාලය ඇතුළත මොන දානෙකින් හරි ඉවර කරනවයි හිතලා අද රෑ තමයි ඔන්න වැඩේ අහවර වුනේ…

අමුතුවෙන් අටුවා ටීකා ඔ්න වෙන්නෑ 2019යේ මැයි 24 වෙනිදා නරේන්ද්‍ර මෝදි තිරගත වෙනකන් (නෙමෙයි, කොපියක් බාගන්න ලැබෙනකල්) මමත් ඇඟිලි ගැන ගැන හිටපු තරම් ගැන කියන්න. ප්‍රධාන චරිතය වෙන මෝදි ගේ චරිතයට සුපිරි නළු විවේක් ඔබරෝයි විසින් පණපොවන මේ සලරුවේ අති පුළුල් පාත්‍ර වර්ගයා අතරින් අපිට සුරේශ් ඔබරෝයි, මනෝජ් ජෝෂි, දර්ශන් කුමාර්, බෝමන් ඉරානි, කිශෝරි ශහානේ සහ ප්‍රශාන්ත් නාරායන් යනාදී අනර්ඝ නළු නිළියන් කැළක් විශේෂයෙන් දැකබලා ගැනීමට අවස්ථාව ලැබෙනවා. මෝදිගේ චරිතය රඟ දැක්වීමට අමතරව විවේක් ඔබරෝයි අනිරුධ් චව්ලා සහ හර්ෂ් ලිම්බාචියා සමගින් මෙහි පිටපත් රචනයටත් දායක වෙනවා. IMDb වෙබ් අඩවියේ පරිශීලකයන් 8 000කට ආසන්න පිරිසකගෙන් ලකුණු 3.0ක ම්‍ධ්‍යන්‍යයකට හිමිකම් කියන මේ සලරුව අමෙරිකානු ඩොලර් මිලියන 3කට අධික Box office ආදායමක් උපයා තිබෙනවා. කොහොම වුණත්, මගේ කෝණයෙන් බලන කල සුළු අතිශයෝක්තියක් සහ මුල් මිනිත්තු කිහිපය තුළදී දකින්නට ලැබෙන එතරම්-සාර්ථක-නොවන සජීවීකරණ ස්තර යෙදවුම් කීපයක් හැරුණුකොට මිනිත්තු 136ක් පුරාවට පවුලේ හැමෝම එක්ක නොඅඩුව රසවිඳින්න කිසිදු බාධාවක් නෑ.

සුපුරුදු පරිදී නැවතත් මගේ ප්‍රණාමය ලශේන් ද මැල්, “විමා”, සිසිල ප්‍රසාද්, සහ Harvey O’Brian සොහොයුරන්ට, එහෙනම්, තවත් අලුත් උපසිරසියකින් හමු වෙමු, ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි UNTOUCHED -WEB පිටපත් සඳහා අදාළ වේ.

2,237 downloadsDownload PM-Narendra-Modi-2019.zip68 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ දුවිඳු තරින්ද පෙරේරා” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-04-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

විතානගේ දුවිඳු තරින්ද පෙරේරා

Subtitles

2,237 downloadsDownload Subtitles68 KB

14 comments

  1. විමා

    උපසිරසට බොහොම ස්තුතියි සහෝ.
    පරක්කු වෙන එක නෙමෙයි වැඩේ, කොහොමහරි උපසිරැසිය අරගෙන එන එක තමා වැඩේ. :)

  2. Kushan

    Sub akta thanks

  3. Naveen

    උපසිරසියට තුති

  4. Anonymous

    Thanks for sub

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    පරක්කු වුනාට කමක් නෑ බ්‍රෝ... කොහොම හරි සබ් එකක් ගෙනාවෙ එක ලොකු දෙයක්..
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. Duwindu Tharinda

      බොහොම ස්තුතියි ඒ වචන ටිකට

  7. Anonymous

    Brahmastra subplz baiscope

  8. Madusanka

    කතාව nm තාම baluwe නැහැ . Description eka maruvata ලියල තියෙනවා

  9. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ලක්ෂාන් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  10. Pheonix

    සබට තුති මචෝ. වැඩි වැඩියෙන් හින්දි වලට වගකියන්න ලැබේවා..

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!