Watch Trailer

Pokkiri Raja (2010) Sinhala Subtitles | සත්ගුණවත් මැර රජෙක් [සිංහල උපසිරැසි]

Pokkiri Raja (2010) Sinhala Subtitless ආයුබෝවන් අද පොඩි වෙනසක් කලා. හැමදාම අළුත් චිත්‍රපට ගේන්න ඕනෙ නෑනෙ. ආයෙමත් මමපරණ චිත්‍රපටයක් කරන්න අත ගැහුවා. මේක කරන්න ඉල්ලීමක් ආපු නිසා තමයි කලේ. මලයාලම් චිත්‍රපට කර් මාන්තයේ ස්වර් ණමය යුගය ලෙස හඳුන්වන්නෙ 1985-2000 අතර කාලය. ඒත් ඊට පස්සෙ උදා වෙන්නෙ මලයාලමේ අඳ…

Pokkiri Raja (2010) Sinhala Subtitless

ආයුබෝවන් අද පොඩි වෙනසක් කලා. හැමදාම අළුත් චිත්‍රපට ගේන්න ඕනෙ නෑනෙ. ආයෙමත් මමපරණ චිත්‍රපටයක් කරන්න අත ගැහුවා. මේක කරන්න ඉල්ලීමක් ආපු නිසා තමයි කලේ. මලයාලම් චිත්‍රපට කර් මාන්තයේ ස්වර් ණමය යුගය ලෙස හඳුන්වන්නෙ 1985-2000 අතර කාලය. ඒත් ඊට පස්සෙ උදා වෙන්නෙ මලයාලමේ අඳුරුතම යුගයක්. ඉතා අවර ගණයේ ගුණාත්මක බවින් තොර ලෝ බජට් චිත්‍රපටි, බී ග්‍රේඩ් මල්ලු චිත්‍රපට ලෙස ප්‍රචලිත වැඩිහිටියන්ට සීමා වූ චිත්‍රපටි මිසක් සැලකිය යුතු ගුණාත්මක චිත්‍රපටයක් මේ කාලෙ බිහි වෙන්නෙ කලාතුරකින්. බොහෝ අධ්‍යක්ෂක වරුන් දමිළ චිත්‍රපට රැල්ලට නතු වෙලා හිටපු කාලයක් මේ. මේ තත්වය නිමා වෙලා මලයාලි සිනමාවෙ නව යුගයක් ඇරඹෙන්නෙ 2011දි. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා සේරම දන්නවා.

මේ චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2010 වසරෙදි. වාණිජමය චිත්‍රපටයක් වන මේක ඒ වසරේ වැඩිම ආදායමක් උපයා ගන්නා චිත්‍රපටය වෙනවා. (ඉන්දියානු රුපියල්කෝටි 20ක්). හරියට දිගින් දිගටම පාඩු ලැබූ මලයාලම් සිනමාවේ ඉඩෝරයට පොද වැස්සක් උනා කිව්වොත් නිවැරදියි. කොහොම උනත් මේකත් දමිළ සිනමාවෙ ආභාෂයෙන් නොමිදුනු එහෙත් මලයාලම් අනන්‍යතාවක් තියෙන ඒ කාලෙ හැටියට අළුත්ම තේමාවක් රැගත් චිත්‍රපටයක්. මේක දෙමළ කොපියක් නොවෙයි කියන්න ලොකුම හේතුව ඒක දෙමළ බසින් හඬ කවා තමිල්නාඩුවේත් ඒ වගේම ප්‍රති නිර්මාණ දෙකක් හිංදි (බොස්) සහ තෙළිඟු (බායි) බිහි වීම. ඒ නිසාම මේක මලයාලි අඳුරු යුගයෙ බිහිවුන සුවිශේෂ චිත්‍රපටයක් හැටියට නම් කරන්න පුළුවන්. 

ඉතිං කතාව කිය වෙන්නෙ සහෝදරයන් දෙන්නෙක් ගැන. පියාගෙ වරදක් තමන් මත පටවාගෙන දඬුවම් විඳ පසුව පියාගෙන්ම ප්‍රතික්ෂේප වන තරුණයෙක් අවසානයේ නවතින්නෙ මැර නායකයෙක් වෙලා.  කෙසේ වෙතත් විශාල කරදරයකට මුහුණ පාන ඔහුගේ බාල සහෝදරයා බේරා ගැනීමට ඔහුට නැවත පැමිණෙන්න වෙනවා. ඉතින් ඒ කතාව තමයි ඇක්ෂන් සහ කොමඩි එක්ක දිගටම විකාශනය වෙන්නෙ.

මේක අධ්‍යක්ෂණය කරන්නෙ වයිසාක් විසින්. චිත්‍රපට කීපයක්ම අධ්‍යක්ෂණය කර තිබෙන ඔහුගෙ ප්‍රමූඛතම චිත්‍ර්පටය තමා වසර කිහිපයක් තිස්සේ ආදායම් වාර්තා තබා ගෙන සිටි පුලිමුරුගන්.මේකෙ sequal එකක් ඔහු  විසින්ම 2019 දි මධුර රාජා නමින් නිපදවනවා. මේකෙ ප්‍රධාන නළු යුගලය මම්මුටි සහ ප්‍රීතිවිරාජ්. සුරාජ් වෙන්ජාරමුඩු, ශ්‍රියා සරන්, නෙඩිමුනි වේණු, සිද්දික්, විජයරාඝවන් සහ සලීම් කුමාර් මෙහි අනිත් චරිත රඟපානවා. ටිකක් පරණයි තමයි. ඒත් පොඩි වෙනසකටත් එක්ක ඇක්ෂන් කොමඩි බලන අයට මේක හොඳයි.

ඉදිරියටත් උප සිරැසි නැති පැරණි එහෙත් සුවිශේෂ මලයාලි චිත්‍රපට කීපයකම උපසිරැසි ගෙන එන්න අදහස් කරනවා. එහෙම චිත්‍රපට තිබෙනවා නම් යෝජනා කරන්න. පිටපත් සොයා ගැනීමේ හැකියාව මත එවැනි චිත්‍රපට වලට උපසිරැසි ගෙන එන්නම්.

නැවත හමුවෙමු. ආයුබෝවන්.

Pokkiri Raja (2010) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය DVDRIP  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,446 downloadsDownload POKKIRI-RAJA-2010.zip65 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Pokkiri Raja Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

1,446 downloadsDownload Subtitles65 KB

6 comments

  1. Oshada Eranga

    අප්පා.. මරු ඈ.. සුපිරියක්!

  2. Arawinda Sunimal

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    A S H

  3. md

    Please give us a place to download this.

  4. Hemantha De Silva

    ස්තුතියි බන්දුල.
    අපි බලමු අපි අද ගොඩක් ආස අය ඒ කාලෙ කෙහොමද කියල.
    ස්තුතියි බයිස්.

  5. Isuru

    Supiri puluwannam Detective (2007) Malayalam film ekatath sub denna

  6. namika

    මචං මේ වගේ ඒවා පට්ට. මේ වගේ කාලේ ආපු ගොඩාක් ෆිල්ම්ස් පට්ට. මේක ගෙනාවාට අනේක වාරයක් ස්තුතියි මචං. තව මේ වගේ පරණ සෙට් එකේ ඒවා දෙන්න . ආසයි බලන්න.