සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ Porinju Mariam Jose (2019) මලයාලම් සිනමා නිර්මාණයට. 2019 අගෝස්තු 23 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම නිර්මාණය Action/ Drama කාණ්ඩ යටතේ වර්ග වෙලා තියෙනවා. 6.8/10 IMdb 92% G…

සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ Porinju Mariam Jose (2019) මලයාලම් සිනමා නිර්මාණයට.
2019 අගෝස්තු 23 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම නිර්මාණය Action/ Drama කාණ්ඩ යටතේ වර්ග වෙලා තියෙනවා.
6.8/10 IMdb
92% Google Users
3/5 Times of India
2.5/5 Behindwoods
3/5 thenewsminute
ලබා ගන්න සමත් උන මේ නිර්මාණය Joshiy ගේ අධ්‍යක්ෂණයක්. Abhilash N. Chandran තිර රචනයක් වන මෙහි සංගීත නිර්මාණය Jakes Bejoy ගේ.
මෙම සිනමා නිර්මාණය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භක සති අන්තයේ (අගෝස්තු 23 – 25) දර්ශන වාර 39 කින් ඩොලර් 309,267 ක් ද සති තුනක් තුල ඩොලර් 541,287 ක් ද උපයන්න සමත් උනා. තවද එක්සත් ජනපදයේ ආරම්භක සති අන්තයේ (සැප්තැම්බර් 20 – 22) දර්ශන වාර 7 කින් ඩොලර් 8,133 ක් උපයා සමත් වෙලා තියෙනවා. 2019 වසරේ Lucifer, Kumbalangi Nights, Uyare සහ Virus වලින් පසුව සිනමාහල් වල දින 100 ක් සාර්ථකව තිරගත උන 5 වන සිනමා නිර්මාණය බවට Porinju Mariam Jose (2019) පත් උනා.
Joju George – පොරින්ජු ලෙස
Nyla Usha – මරියම් ලෙස
Chemban Vinod Jose පුතෙන්පල්ලි ජෝස් ලෙස
Vijayaraghavan – අයිප් ලෙස
Rahul Madhav – ප්‍රින්ස් ලෙස
Sudhi Koppa – පුතෙන්පල්ලි බාබු ලෙස
Salim Kumar – බීඩි ජෝයි (පොරින්ජුගේ පියා) ලෙස
TG Ravi – ඇන්තනී (ජෝසෙගෙ පියා)
Sarasa Balussery – ජෝසෙගේ මව ලෙස
Nandhu as අල්පට්ට වර්ගිෂ් (මරියම්ගේ පියා) ලෙස
Swasika as ලිසී ජෝස් ලෙස
Malavika Menon ලිලී ලෙස
ප්‍රධාන වශයෙන් චරිත නිරුපණය කරන අතර මීට අමතරව විශාල නළු නිලි පිරිසක් මේ වෙනුවෙන් දායක වෙලා තියෙනවා.
කතාව ගැන පොඩ්ඩක් කියනව නම් 1965 අවුරුද්දේ ත්‍රිෂුර් වලින් තමයි මේ කතාව පටන් ගන්නේ. කතාවේ ප්‍රධාන චරිත තුනක් තියෙනවා. ඒ පොරින්ජු, මාරියම්, ජෝස්. මේ තුන් දෙනා එක පන්තියේ ඉන්න යාළුවො තුන්දෙනෙක්. පොරින්ජු, ජෝසෙ කියන්නේ දුගී පවුලක් කොල්ලෝ දෙන්නෙක්. ඒත් මරිය කියන්නේ ත්‍රිෂුර් වල ලොකුම පොලී මුදලාලි, අලපට්ට වර්ගිෂ්ගේ දුව. ඒ දෙගොල්ලන්ගේ පවුල් අහසට පොලොව වගේ උනාට පොරින්ජු එක හිතින් මරියට ආදරේ කරනවා. මරියගේ ආදරෙත් කිසිම වෙනසක් නැතිව පොරින්ජුට ලැබෙනවා. ඒත් ඉස්කෝලෙදි, හෙඩ් මාස්ටර් පවුල් වල තත්වේ බලල ළමයින්ට සලකන හින්දා පොරින්ජු තමන්ගේ ඉගෙනීමට තිත තියනවා. එතකොට පොරින්ජුගේ ප්‍රාණ සමාන මිත්‍රයා ජෝසෙ තමන්ගේ මිත්‍රත්වයේ නාමයෙන් පොරින්ජුගේ තීරණේට ගරු කරලා එයත් එයාගේ ඉස්කෝලේ ගමනට ආයුබෝවන් කියනවා.
මේ විදියට ගලායන එයාලගේ ජිවිතේ යොවුන් වියට එළඹුනාම පොරින්ජු එක්ක මරියා තමන්ගේ ජිවිතේ බෙදා ගන්න තීරණය කරනවා. ඒත් දුවගේ හිතුවක්කාර තීරණේ එක්ක අලපට්ට වර්ගිෂ් එකඟ වෙන්නේ නෑ. අන්තිමේ හිතුවක්කාර තීරණයක් ගන්න මරිය හින්ද අල්පට්ට වර්ගිෂ්ට එයාගේ ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. තමන් හින්ද මේ වෙච්ච වැරැද්ද හින්ද හිතින් විඳවන මරියා තමන්ගේ ආදරේ හිතේ තියාගෙන තනිකඩ ජීවිතයක් ගෙවනවා. තනියම ජීවත් උනාට මරියා කියන්නේ කාටවත් බය නැති යක්ෂ ගෑනියෙක්. මේ දේවල් එක්ක ජිවත් උන පොරින්ජු අන්තිමේ ගමේ ලොකුම සල්ලිකාරයා අයිප්ගේ දකුණු අත වගේ ඉන්න මැරයෙක් වෙනවා. අයිප් තමන්ගේ දරුවන්ට වඩා පොරින්ජුට සෙනෙහසක් දක්වනවා. එතකොට ජෝසෙ තමන්ගේ යාළුවා මරිය එක්ක අඩියක් ගහල ඩිස්කෝ ඩාන්ස් එකක් දාල ජොලියේ ඉන්නවා. මේ අතරෙදි අයිප්ගේ පවුලේ මුනුබුරෙක් හින්ද මේ මරියගෙයි ජෝසෙගෙයි පොරින්ජුගෙයි ජීවිත උඩු යටිකුරු වෙනවා.
අන්තිමේ මොකද වෙන්නේ? මරියම්ගේ පොරින්ජුගෙයි ආදරේ එකතු වෙයිද? එතකොට ජෝසෙ, ලේ බැඳීමකට එහා ගිය මිත්‍රත්වයේ බැඳීම හින්ද ජෝසෙ මොනව කර ගනියිද? කන්න දුන්න අත හපා කෑවේ නැති පොරින්ජුට, අයිප් එට්ටා ‘වතුරට වඩා ලේ ගනකම්’ කියලා ලොකු පාඩමක් උගන්නයිද?
මේක අනිවාර්යෙන්ම බලන්න ඕනේ මලයාලම් මැජික් එකක්. මට නම් ඇත්තටම හිතට ගොඩක් දැනුණු නිර්මාණයක්. කවුද කියන්නේ රිදී තිරයේ පෙම්වතා තරුණ, කඩවසම් කෙනෙක් වෙන්න ඕනේ කියල. දිව්‍යාංගනාවක් වගේ ලස්සන කෙල්ලෙක්ට මැදි වයසට ලං උන ගොරහැඩි, බේබදු පෙම්වතෙක් ලැබෙන්නත් පුළුවන් (ෆිල්ම් වල විතරක්ද මන්ද නේද). අනිවාර්යෙන්ම මේ නිර්මාණයත් රස විඳින්න කියලා ඔයාල හැමෝටම මං අරාධනා කරනවා.
Stay Home – Stay Safe

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
4,331 downloadsDownload www.1TamilMV.net-Porinju-Mariyam-Jose-2019.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
18 comments
Isirajanith
Harry Potter
Thanks sub ekata supiri ela magic film pluwanman kiyanna Rocky Marathi movie 2019 release Karalada kiyanna pluwanman
Chandika
Thnkyou
Hashan M. Priyadarshana
තෑන්ක්ස් සබ් එකට :)
Achi
බොහොම ස්තුතියි සබ් එකට....
මේ වගේ ෆිල්ම් වලත් අමුතු රසයක් තියේ...
පුලුවන් නම් Full Speed 2016 ෆිල්ම් එකට සබ් කරන්නHashan M. Priyadarshana
Valayam (2020) Telugu film එකටත් සබ් දෙන්න :)
Nethini123
Thank you
deshan
supiriyqk sthuthi sahodari
rangika Kariyawasam
බෝම ස්තුතියිිි සහෝදරි.දිගටම මලයාලම් කරන්න.ජයින් ජයම වීවා
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!indika75
thanks..
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..!
Little gihan
elama
Kavinu
මේක නම් බලන්නම ඕනෙ එකක්!
සබ නියමෙටම තිබුණා
ජය වේවා!Kavishna
thnx sis...
palitha
thankyou very much....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Porinju Mariam Jose (2019) Sinhala Subtitle | පොරින්ජු මාරියම් ජෝස්! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/Porinju-Mariam-Jose-2019.jpg)

Thanks sub ekata supiri ela magic film pluwanman kiyanna Rocky Marathi movie 2019 release Karalada kiyanna pluwanman