ආයුබෝවන් කට්ටියටම, ඔන්න මටත් හිතුනා නිකන් කාලේ කන වෙලාවේ මොකාක් හරි වැඩක් කරන්න ඕනි කියලා. ඉතින් ඔන්න මාත් උපසිරැසක් හදලා බයිස්කෝප් එකට එකතු වුනා. මේකම තමා මගේ පළවෙනි උපසිරැසී නිර්මාණයත්. මුලින්ම කියන්න ඕනි එකක් තියනවා. ඒ තමයි මං මෙච්චර දවසක් හිතන් හිටියේ උපසිරැසක් හදන එක හෙන සිම්පල් වැඩක් කියලා. හ…
ආයුබෝවන් කට්ටියටම, ඔන්න මටත් හිතුනා නිකන් කාලේ කන වෙලාවේ මොකාක් හරි වැඩක් කරන්න ඕනි කියලා. ඉතින් ඔන්න මාත් උපසිරැසක් හදලා බයිස්කෝප් එකට එකතු වුනා. මේකම තමා මගේ පළවෙනි උපසිරැසී නිර්මාණයත්. මුලින්ම කියන්න ඕනි එකක් තියනවා. ඒ තමයි මං මෙච්චර දවසක් හිතන් හිටියේ උපසිරැසක් හදන එක හෙන සිම්පල් වැඩක් කියලා. හැබැයි කරන්න ගියාම තමයි තේරුනේ වැඩේ ටිකක් අමාරු බව. මෙච්චර දවසක් මං කරේ ඉතින් අපේ සහෝලා ටික දෙන උපසිරැස දා ගෙන ෆිල්ම් එක් බලපු එකනෙ ,ඉතින් මට ඕකේ අමාරුවක් තේරෙනවයි . නේද? කොහොමහරි වැඩේ කරලා ඉවර උනාම නම් මාරම සතුටක් හිතට ආවේ. මට වැඩේට ගොඩාක් උදව් කරපු කෙනෙක් තමයි හසන්ත අයියා. එයාට මුලින්ම ස්තූතියි කියන්න ඕන. මේක මගේ පළවෙනිම උපසිරැස හින්දා වැරදි නම් ගොඩාක් ඇති. ඒවටත් සමාවෙන්න හොදද?
හරි එහෙනම් මං චිත්‍රපටිය ගැන කියන්නම්කෝ…
මං මුලින්ම දෙන එකට තෝර ගත්තේ 2010 වසරෙදි තිරගත වුන හිංදි ෆිල්ම් එකක්. ඇත්තටම ගොඩාක් හොද ෆිල්ම් එකක්. ඔන්න එහෙනම් කතාවෙන් පොඩ්ඩක්…….
කට්ටියම බලලා ඇතිනේ Doom , Don එහෙම. මේකෙත් ප්‍රධාන චරිතේ ඒවයි වගේම හොරෙක්. නම ප්‍රින්ස්. ප්‍රින්ස් කියන්නේ නිකන් හොරෙක් නම් නෙවෙයි ලෝකෙන්ම ඉහළ තාක්ශණික වෘතිමය හොරෙක්. හැබැයි මේකේ දුෂ්ඨයා අරවයි වගේ පොලීසියම නම් නෙවේ. මේ කතාවේ දුෂ්ඨයා තමා සාරාන්ග් කියන දකුණු අප්‍රිකාවේ විශාලතම අපරාධකාරයා.කතාව පටන් ගන්නේ ලොකූ දියමන්ති කොල්ලයකින්. හැබැයි ඊළගට අපේ කොල්ල උදේ නැගිටිනවා තමන් කවුද කියලවත් නොදැන. අහ් කියන්න අමතක වුනානේ, ප්‍රින්ස් ගේ සහකාරිය නැත්නම් කෙල්ල තමයි මායා. ප්‍රින්ස්ට හැමදේම අම්තක උනාට පස්සේ ඔහුට හම්බ වෙනවා මායා කියලා කෙල්ලෝ 3ක්ම. ඒ අය ප්‍රින්ස්ට එක එක විදියේ කතා 3ක් කියනවා. මෙහෙම තමයි කතාව යන්නේ. බලන අපිටවත් හරි මායා කවුද? ප්‍රින්ස් ඇත්තටම කවුද? ප්‍රින්ස් ගේ මතකෙට මොනවද උනේ? කියලා අන්තිම වෙනකන් හිතා ගන්න බෑ. තව කිව්වොත් කතාවේ රස නැති වෙනවනේ. ඒ හන්දා ෆිල්ම් එක බාගෙනම බලන්න.
අහ් තව කියන්න ඕන සටන් ජවනිකා තියන අධි තාක්ශණික දේවල් තියන ෆිල්ම් බලන්න කැමති අයට බලන්න ආස හිතෙන ෆිල්ම් එකක් හොදයි එහෙනම් ඉස්සරහට වෙලාව තියන විදියට උපසිරැසක් අරන් එන්නම්කෝ… එතකන් ඔයාලට ජයෙන් ජය!… මම බුද්ධි සේනානායක.
690 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 032a3ce7db13c6a772c8f57ad772475d1dc9dba3 900 MB (DVD) කොපිය මෙතනින් බාගන්න ee9835f62e823bb42bd67f6db25180d2a1829374 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,338 downloadsDownload Prince-2010-www.baiscopelk.com-1.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/බුද්ධි-සේනානායක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධි සේනානායක (ලසා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධි සේනානායක
Subtitles
54 comments
චතුරංග සුරාජ් පෙරේරා
බුද්ධි සේනානායක
බොහොම ස්තූතියි සහෝ..
yasas
palamu wadeyta suba pathum 2 kath demu
බුද්ධි සේනානායක
බොහොම ස්තූතියි සහෝ..
isuru
suba pathum!!!
ශාන් විමුක්ති [ විමා]
පලවෙනි වැඩේට සුබපැතුම් මචෝ
නැගී එන තරුණ පරපුරට අතහිත දෙන අපේ අංකල්ටත් බොහොම ස්තුතියි :p
මේ විදියට හරි මග කියාදෙනවට
මෙතනින් නවතින්නේ නැතිව පනහක් සියක් වෙනකම්ම යමු නේද කොල්ලෝ ;)බුද්ධි සේනානායක
බොහොම ස්තූතියි සහෝ..
අනිවා අනිවා...
jack
පලවෙනි වැඩේට සුබ පැතුම් මචෝ. දිගටම සබ් දෙන්න.
බුද්ධි සේනානායක
බොහොම ස්තූතියි සහෝ..
tharanga
නියමයි අලුත් සහෝ එහෙනම් දිගටම හොද ඒවාට සබ් දෙමු
බුද්ධි සේනානායක
බොහොම ස්තූතියි සහෝ..
ositha
niyamayi kollo
බුද්ධි සේනානායක
බොහොම ස්තූතියි සහෝ..
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
වැඩේ කියන්නේ මම මේ ෆිල්ම් එක බලල නැහැ නොවැ බොලව්...
ඒත් මට හොදහැටි මතකයක් නම් තියේ මේකේ තිබ්බ එක සිංදුවක් නම් දහස් වතාවක් විතර බලල තියේ කියලා..
එහෙනම් ඒ මතකෙත් එක්කම බලමුකෝ මේ ෆිල්ම් එකත් නේද..
ජය වේවා කොල්ලෝ..
මුල්ම උපසිරසියට සුභ පැතුම් මචෝ..
ඉක්මනට තව එකක් අරගෙන එන්න..බුද්ධි සේනානායක
බොහොම ස්තූතියි සහෝ..
was
බයිස්කෝප් වෙබ් අඩවියට සාදරයෙන් පිලිගන්නවා
දිගටම සබ් දෙන්න
ජය!
vee
iassarama baluwa tikak mathakai aniwa balanwa mokada mmeyka maxxama maxxa akak
kalana
thnxsssss machan palamu akata suba pathum!
upali
ela ela ela
kalinga
සුභ පැතුම් දිගටම දෙන්න සබ්ස්
wow
wow,,, maru :D
jana
grttzzzzz machan
shalana
subapetum machan.....
dimuth
niyamayi... palamu wedeta jayawewa...digatama sub demu...
නලින්
බුද්ධි ගේ පළමු නිර්මාණයට සුභ පතනවා!
දිගටම බයිස්කෝප් අඩවිය එක්ක රැදෙන්න
ජය වේවා!
mudiya / මුදියා
එල බුද්ධියා එල.
පළවෙනි එකට මගේ උණුසුම් සුභ පැතුම්.
මේ වගේ ෆිල්ම් එකක් ගැන දැනගෙනවත් හිටියෙ නෑ මං.
අනිව බෑමක් තමයි ඉතිං.
දිගටම සබ් දෙමු කොල්ලො.
ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!#ChalinduDeshan (කිනා)
ලසා... ලෙසටම පලවෙනි එක බස්සලා සුපිරිම එකක් ඈ..
ලෙසටම එල එල...
හැබැයි අර හසන්ත අයියා නෙමෙයි, හසන්ත අංකල් ඈ :P :P
ඉක්මනටම අනිත් එකත් දෙමු මචං.
සුභ පැතුම්.
ජයවේවා!බුද්ධි සේනානායක
බොහොම ස්තූතියි සහෝ..
“චූටී මල්ලි”
ගොඩක් අය එහෙම තමා හිතන්නෙ
නමුත් කරන්න ගියාම තමා ඇඩෙන්නෙ
පලමු එකට ජය
තව දෙමු සබ්
සබට තුති
ඔබට ජය.................රොයිලි
බොහොම ස්තූතියි බුද්ධි සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Pushpa Kumara
ela kiri macho ikmanatama deweni ekath denna
namal
ela ela
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
siraj
පලමු උපසිරැසි එකට සුභ පැතුම්. දිගටම සබ් දෙන්‍න බලන්‍න.
මම මේක කලින් බලල නම් තියෙනවා.
දැන් නම් සිංහල උපසිරැසි එක්‍ක ආයෙත් බලන්‍න පුලුවන්.
ගොඩාක් ඉස්‍තූතියි සබ් එකට.............saman
maru maru mamath ba gannawo
හර්ෂ ලහිරු
ජයවේවා ලසා තව එකක් දෙමු :D
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,ජයවේවා.
madusanka
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa....pinsiduweewa..wasanaweewa..බුද්ධි සේනානායක
කමන්ට්ස් දාපු ඔක්කොටම බොහොම් ස්තූතියි....
Kasun.D
ela film ekak... thanx for the subs sahoo
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
සමීර චතුරංග
බොහෝම තුති සහෝ..තව එකක් ඉක්මණට දෙමු.
nimo
සබ් එකට බොහොම පින්. මේක සිරා බයිස්කෝප් එකක්. කොල්ලනේ බාගනිල්ල...........
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Menu
Thank you bro !!!
DYNAMO
thanks..
Thisara Neo (තිසර නියෝ)
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)RP
wow..... supiri film eka bro... Thawath mewage film ekak denna.. Puluwannam need for speed movie eka denna.... thnkzzzzzzzzz...........
P.K
Congrads for your first task...Keep it up...thanx for the sub saho...
nidi
Buddhi, oyage palamu subs deema beluwe langadi. hondai. thanks! digatama subs denna rasikaya wenuwen.
dulaj
Suba patum bro athtatama hoda wedak
sangeethsrimal
MAxxa bn
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පලමු උපසිරසට සුබ පතනව දිගටම සබ් දෙමු !!!
ජයවේවා සහෝ ! :)